EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    11348050_10206717304392058_1381709009_o.jpg


    එලකිරි ඔෆිස් ටෝල්ක් ත්‍රෙඩ් එකට හැමෝවම සාදරයෙන් පිළිගන්නවා. මොකක්ද මේ එලකිරි ඔෆිස් ටෝල්ක් කියන්නේ?


    එලකිරි එකේ ඉන්න සාමාජික සාමාජිකාවන්ගෙන් බාගෙට බාගයක් කුමන හෝ රැකියාවක නිරත වෙනවා. රජයේ හෝ පුද්ගලික අංශයේ වෙන්න පුලුවන්.. ස්වයං රැකියාවක් වෙන්නත් පුලුවන්. ඒ හැමෝම ගත කරන දවසින් බාගෙට බාගයක් ගත කරන්නෙ තමන්ගෙ රස්සාවත් එක්ක. ඔෆිස් එකක පැය 8 ක් වැඩ කරාට දවසම ඉවරයි ඉතින්.


    උදෙන්ම වැඩට එනවා. රෑ වෙලා ගෙදර යනවා. දවසෙ වැඩි හරියක් ඔෆිස් එකේ. සතියට දවස් 5 ක් හෝ 6 ක් වැඩ. මාසෙට දවස් 20 ක් -25 ක් වැඩ. අවුරුද්දට දවස් 200 කට වඩා වැඩ.
    ඉතින් අපි අපේ ජීවිතෙන් වැඩි කොටසක් ගත කරන අපේ ඔෆිස් එක.. අපේ වැඩ කරන තැන සමහරුන්ට ගෙදර වගේ. තවත් සමහරුන්ට හිර ගෙයක් වගේ. තවත් සමහරුන්ට කෝළම් මඩුවක් වගේ. තවත් සමහරුන්ට විනෝද උයනක් වගේ. ඒ වගේ කෙනෙක් තමයි අර කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන කියල සින්දුවක් ලියල තියෙන්නෙ..



    ඉතින් අපිට මේ ඔෆිස් එකේ ගත කරන කාලය විවිධ අත්දැකීම් වලට මුහුන දෙන්න සිද්ද වෙනවා. ඔෆිස් එකේ බොසාලා :dull: , පියන්ල, කාන්තා පාර්ශවේ අය ;) , රිසෙප්ෂන් දැරිවි :P , ලොක්කට පන්දම් අල්ලන එකාලා :angry:

    මේ හැම එකාම අඩුවක් නැතුව ඔෆිස් වල ඉන්නව අපේ කරුමෙට.. :baffled: ඉතින් ඒ උන්ට බයිට් කරන එක, කඩේ යවන එක, බොසාලට බයිල ගහන ඒවා ඒ එකී නොකී හැම දෙයක්ම ජීවිතේට අපූරු පාඩම්.
    ඉතින් ඒ පාඩම් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න එක් වෙන්න අපිත් එක්ක.

    එන්න.. මේ එලකිරි ඔෆිස් ටෝල්ක්
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලස්.. කතන්දරනන් ගොඩයි ඔෆිස් එකේ.. ඔහෙන් වාඩි වෙයන්කො. හෙමින් කියන්නන් එකින් එක..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලස්.. කතන්දරනන් ගොඩයි ඔෆිස් එකේ.. ඔහෙන් වාඩි වෙයන්කො. හෙමින් කියන්නන් එකින් එක..

    රස කතා ගොඩාරියයි වගේ... ;)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    8 පාස් නැති උන්ට තනතුරු ලැබිලා... උන් ලොක්කන්ටත් වඩා ලොක්කෝ වෙලා... උන්ට අපේ ලොක්කොත් පදිරි වෙලා අපි බජිරි ගානට වැටෙන එක තමයි මරන් කන්න හිතෙන තරම් අවුල...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රිසෙප්ෂන් දැරිවි :love:

    උඹේ මනමාල කතා ස්ටයිල් එකෙන් පේනවා උඹලගේ ඔෆිස් එකේ රිසෙප්ෂන් දැරිවි හෙන සුකොමල, ලාලිත්‍යෙයන් හෙබි අගර දගර බඩ්ඩක් කියල.. කියමු බලන්න විස්තර අපිටත් දැනගන්නත් එක්ක.. :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කියාපං ඩෝ එහෙනම් තොරණේ විස්ථරේ... :cool:
    මං Neo Electronic කියලා කොම්පැණියක වැඩ බං..
    කැපිලි අනං මනං මොකුත්ම නෑ..
    සුපිරි කොල්ලො ටිකක් ඉන්නවා..
    ගෙදර වගේ තමා..
    මෙච්චර කාලෙකට එකෙක් එක්කවත් වලි දාගෙන නෑ, තරහ වෙලා නෑ..
    ෆුල්ම ෆන්..

    පොඩ්ඩක් නිදහස අඩුයි.. එච්චරයි අවුලකට තියෙන්නෙ..
    :(

    බොසා ඉතින් මාමණ්ඩි නෙ.. :baffled:
    බොස් උනාට ඒක එයාගෙ නෙමෙයි.. අයිතිකාරයා චීනෙක්..:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    8 පාස් නැති උන්ට තනතුරු ලැබිලා... උන් ලොක්කන්ටත් වඩා ලොක්කෝ වෙලා... උන්ට අපේ ලොක්කොත් පදිරි වෙලා අපි බජිරි ගානට වැටෙන එක තමයි මරන් කන්න හිතෙන තරම් අවුල...

    එක්කො සල්ලි බලේ, නැත්නන් ගෑණු බලේ... :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    8 පාස් නැති උන්ට තනතුරු ලැබිලා... උන් ලොක්කන්ටත් වඩා ලොක්කෝ වෙලා... උන්ට අපේ ලොක්කොත් පදිරි වෙලා අපි බජිරි ගානට වැටෙන එක තමයි මරන් කන්න හිතෙන තරම් අවුල...

    :baffled:
    හැමෝටම පොදු ලෝක ධර්මතාවයක් සහෝ..