රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    68 වන කොටස

    7Q4ADZS.png


    Xgz6HKR.jpg


    oKmKk0H.jpg

    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
    ඔබෙන් මට උරුම වූ වේඳනා කඳුළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

    සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනෙක
    ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
    සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
    ගලා යයි අතීතේ මියඇදුණු සොහොන ළඟ

    ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සදාකල් රැඳෙණු ඇත
    සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
    මගේ මළඟම දාට ඇවිත් යන්නට එන්න
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මේ ලොව යම් කිසිවකු..
    මා හට පෙම් කළ බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඬින් මට කියාවි
    මා මළ පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනවි..

    නන්නාදුනනා ඔබගේ..
    අත් අකුරින් ලියනු මැනවි..
    දුක් ගීයක් ලියනු මැනවි..

    අඩ සඳ බැස යන සඳ
    සීතල අඳුරු ‍රැයක..
    අඩ සඳ බැස ගෙන යන සඳ
    රෑයි හඬන ‍රැව් අතරේ..

    එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි..
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙළා හස රැහැනින්
    පෙළයි මා මුදා සුව දැහැනින්

    සයුරු ඉම රත් සිතිජ රේඛාවේ
    මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
    තළා මා සිත පලා ගිය ඔබ
    දවයි මා අද තනි වෙනා මොහොතින්

    උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
    යදින්නම් ඔබ මැකී යනු මතකින්
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක්
    හිත යටට වෙලා දුක් විඳින තරම්
    ඒ කඳුළ වුණත් නෙතු අඟට ඇවිත්
    යළි ඔබේ පයට පෑගෙනවා නම්

    එක මලක් තනන්නට රුවට රුවින්
    ගහවැල දුක් ගින්දර විඳින තරම්
    ඒ පිපෙන මලක් කළු දෙඹරු ඇවිත්
    විශ තුඩින් පෙලා රිදවනවා නම්

    දස මසට වඩා පුරනා පෙරුමන්
    ලොව හදන වඩන මව්වරුනි උතුම්
    මට කියාදෙන්න ලොව ඇතිද ඉතින්
    වෙන අරුතක් මේ ජීවිතය තරම්
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    රටා තියලා ඇමඳපු මගෙ හිත් මළුවේ
    අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ
    යන්න ගිහින් කල් ගෙවුණට හොර රහසේ
    තාමත් හැඩිවෙලා මගේ හිත වැලපේ

    නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා
    ලියන්න බැරි තරමට පන්හිඳ ගෙවිලා
    අතරින් පතරට සුදු වන කෙස් දැකලා
    තුරුණු හිතට තනිකම ගැන දුක හිතුණා

    පණ තරමට පෙම් කළ නුඹ කෝ කියලා
    අසයි සරඳමට මිණිසුන් හිඳහිටලා
    අපේ මතක රැඳවුණු තැන් අතහැරලා
    යන්න හිතෙනවා මට ගම රට දාලා

    --

    නියගලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ
    ආදරෙයි කියා මගේ හිතට සිසිල ගෙනාවේ
    කොයිතරම් රුවැති මල් පිපුණත් නෑ මා පැතුවේ
    නියගලා මලේ රුව විතරයි මා නම් දුටුවේ

    මුළු හදින් එදා මට පෙම්කල අහිංසකාවී
    මගෙ සෙනෙහෙ අරන් යන්න ගියා කොහෙදෝ සැඟවී
    හිත හදාගන්න බෑ මට නම් හැඬුවත් වැලපී
    ජීවත් වන හැම මොහොතක ඉපදෙනවා මැරි මැරී

    ලස්සන දුටුවත් පෙරදා මා නියගලා මලේ
    විශ සඟවාගෙන ඉන්නා බව නම් නෑ සිතුවේ
    ඔබ ගිණි අවුලා අළු කරදා මගේ ආදරේ
    හැරගිය දා සිට සැනසීමක් නෑ මගේ හිතේ
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    සොවින් පිරි මගේ හදවත තුළින් මතුවෙවී පිටවන
    හැඟුම් කැටිගැසී ගෙනදෙයි සිතට වේදනා
    සුවෙන් මා එදා සැතපුණු යහන් මත මහත් විෂ කටු
    තිබෙන්නා වු ලෙසට දැනෙයි ගතට වේදනා

    ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බර වී
    දෙනෙත් අධම වී තිබුණත් ඉනුත් නැහැ සුවේ
    කණත් බිහිරි වී නැතිමුත් අමුත්තක් වෙලා නැහැ කිසි
    එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නෑ ඇසී
    මෙතෙක් නැහැ ඇසී

    දෙඅත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි
    කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී
    මිහිරි යන වඳන පමණක් අසා ඇති නමුත් ඒ තුල
    ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නෑ ඇසී
    මෙතෙක් නැහැ ඇසී

    --

    මා හද අසපුව කුසුමින් සැරසුව ඒ මල්බර දෑතයි
    ජීවන මහ මඟ කැල්මෙන් හෙලිකල ඒ නිල්මිණි දෑසයි
    දකින තුරු සිත දැඩි අවිවේකයි

    සෙනෙහස බොඳි බැඳ හිසින් දරා
    සැනසෙමි පිණි දිය රැගෙන පෙරා
    සැතපෙන කුටියක ඇය ආ අන්දම
    සුවඳ සිහිනයකි භවය පුරා

    මුවින් අමුධ බිඳු බිඳු වෑහේ
    සිතුම් පැතුම් එකිනෙක පෑහේ
    දායාදය ලෙස අබැටක් නොපතමි
    ඇගෙ නොකැළැල් හද මට සැහේ
    ​