සොවින් පිරි මගේ හදවත තුළින් මතුවෙවී පිටවන
හැඟුම් කැටිගැසී ගෙනදෙයි සිතට වේදනා
සුවෙන් මා එදා සැතපුණු යහන් මත මහත් විෂ කටු
තිබෙන්නා වු ලෙසට දැනෙයි ගතට වේදනා
ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බර වී
දෙනෙත් අධම වී තිබුණත් ඉනුත් නැහැ සුවේ
කණත් බිහිරි වී නැතිමුත් අමුත්තක් වෙලා නැහැ කිසි
එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නෑ ඇසී
මෙතෙක් නැහැ ඇසී
දෙඅත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි
කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී
මිහිරි යන වඳන පමණක් අසා ඇති නමුත් ඒ තුල
ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නෑ ඇසී
මෙතෙක් නැහැ ඇසී
--
මා හද අසපුව කුසුමින් සැරසුව ඒ මල්බර දෑතයි
ජීවන මහ මඟ කැල්මෙන් හෙලිකල ඒ නිල්මිණි දෑසයි
දකින තුරු සිත දැඩි අවිවේකයි
සෙනෙහස බොඳි බැඳ හිසින් දරා
සැනසෙමි පිණි දිය රැගෙන පෙරා
සැතපෙන කුටියක ඇය ආ අන්දම
සුවඳ සිහිනයකි භවය පුරා
මුවින් අමුධ බිඳු බිඳු වෑහේ
සිතුම් පැතුම් එකිනෙක පෑහේ
දායාදය ලෙස අබැටක් නොපතමි
ඇගෙ නොකැළැල් හද මට සැහේ










