“මම” තුනී කර හැරීම
කාලයක් බටහිර රටක ජීවත්වන විට බටහිර සංස්කෘතික අභාෂයෙන් මිදීමට නොහැකිිය. මම ඉන් මිදී සිටීමට සිතා මතා උත්සාහයක්ද නොගත්තෙමි. එහි ගැලීමටද උත්සාහයක් නොගත්තෙමි. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් පැහැදිලිවම මා තුල යම් සංස්කෘතික වෙනස්කම් සිදුවී ඇත. මට ඒ වෙනස්කම් යම් පමණකට අවබෝධ කරගැනීමට හැකිවූයේ යලි ලංකාවට පැමිණ මෙහි මාස හතරක් පහක් ජීවත්වීම තුලිනි. මා කථා කරන්නේ එහෙන් මෙහෙන් ඇහිඳගත් සංස්කෘතික කෑලි ගැන නොවේ. වැඩිකල් නොගොස් ඒ කෑලි ඉබේටම හැලෙනු ඇත. නමුත් ස්වීයත්වයේ පිට කට්ට විනිවිද ගිය ඇතැම් ආකල්ප හා පුරුදු හැලීමට කල් ගත වනු ඇත. ඒවා නොහලන තාක් කල් මට ලංකාවේ ජීවත්වීමද දුෂ්කර වනු ඇත. කඩයකට ගියත් වෙන වැඩකට කාර්යාලයකට ගියත් පෝලිමේ ඉන්ඩ සිදුවේ. ඇමෙරිකාවේද එසේමය. නමුත් එහි මිනිසුන් පෝලිමේ සිටින විට එකිනෙකා අතර පරතරයක් තබා ගැනීමට වග බලා ගනිති. ලංකාවේ එසේ නැත. පෝලිමේ සිටින ගැහුණු මිනිස්සු සියල්ලෝම පාහේ සිටගන්නේ එකිනෙකාගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන ගානටය. ඔවුන්ට තවකෙක් ඇඟේ ගෑවුනද ගානක් නැත. විටෙක ඔවුන් මගේ කර උඩින් අත යවා කවුළුවේ සිටින තැනැත්තෙකුට යමක් දෙයි. තවත් විටෙක මගේ අතේ ඇති යම් ලිය කියවිල්ලක් දෙස ඇස් යොමාගෙන සිටියි. වරක් මා ඉදිරියේ සිටින තැනැත්තාට පියවරක් පමණ පසු පසින් මා සිට ගෙන සිටියේ පෙර පුරුද්දටය. එසේ සිට ගැනීමට එහි ඕනෑතරම් ඉඩ තිබිනි. හදිසියේම පසු පසින් පැමිණි කාන්තාවක් මොහොතක් කල්පණා කරමින් සිට පෝලිමෙහි මා ඉදිරියෙන් සිට ගත්තාය. එසේත් නැත්තම් පෝලිම පැන්නාය. නිසැකවම මාත් මා ඉදිරියේ සිටි පුද්ගලයාත් අතර ඉඩ ඈට සාපේක්ෂව වැඩිවූ නිසා මා පෝලිමේ නොසිටි අයෙකැයි ඈ සිතන්නට ඇත.
ලංකාවේ විශ්ව විද්‍යාලවල පවා පිිරිමින් තව පිරිමින් ගේ කර මත අත යවමින් අත් අල්ලා ගනිමින් සිටිනු දැකීම (දැන් එය තරමක් අඩුය) සුලබ දසුනකි. ගැහැනුන් ද එසේය. නමුත් ඇමෙරිකාවේ එසේ ගැවසීම කැප වන්නේ සම ලිංගිකයින්ට පමණි. පර්සනල් ස්පේස් නැත්තම් පුද්ගලික අවකාශය ගැන බටහිර ළමයින්ට කියා දෙන්නේ මොන්ටිසෝරි පංතියේදීමය. පුද්ගලික අවකාශයට ගරු කිරීම ඇමෙරිකාවේ ඉතා තදින් අනුගමණය කරන සමාජ පිළිවෙතකි. එවැනි පුරුද්දක් නොතිබුනු මට එහි ගිය මුල් අවධියේදීම ඊට අනුගතවන්නට සිදුවන්නට ඇත්තේ එසේ නොවුනේනම් මට ඒ සමාජයේ සාමාජිකත්වය නොලැබෙන බැවිනි.
පුද්ගලික අවකාශය ඉබේ පහලවුවක් නොව පුද්ගලිකත්වය සාමූහිකත්වයට ඉහලින් තැබීම හා සම්බන්ධ ආකල්පයකි. "මම" ගොනු කර මහත් කිරීමේ ප්රතිඵලයකි. අපට අවශ්‍ය "මම" තුනී කර විහිදා දැමීමටය. අපිදු වැඩිකල් නොගොස් පුද්ගලික අවකාශය මොන්ටිසෝරි පංතියේ කියා දෙන තරමට පුද්ගලිකත්වය උතුම් කොට සලකන තැනකට (දැනටමත් එතැනදැයි මට සැකය) පැමිණෙනු ඇත. පුද්ගලිකත්වය උතුම් නොවී සමාජයක් දියුණුවිය හැකි බව කෙසේ හෝ අපි අවබෝධ කරගත යුතුවෙමු.
ඇමෙරිකාවේ ජීවත්වූ කාලය තුල අපි අවුරුද්ද සැමරුවේ නැත. මුලදී අවුරුදු චාරිත්‍ර කිරීමට යම් උත්සාහයක් ගත්තද පසුව එය අල්ලා දැමුවේ බොරු කල හැකි වුනද පෙනි පෙනී තමන්ට බොරු කර ගන්නේ මොකටදැයි සිතුනු බැවිනි. මොන එහෙකටද? කවදා හෝ ලංකාවට පදිංචියට යමි යැයි සිතා ගෙන සිටි බැවින් අවුරුදු නොකර සිටීම අපහසු නොවිනි. මෙවර අවුරුද්ද මට වැදගත්වූයේ මේ වටපිටාව තුලය.
පැහැදිලිවම ලංකාවේ අවුරුදු සංස්කෘතිය වෙනස්වී ඇත. මා දකින ආකාරයට එය පිරිහීමකි. එසේ වුවද නැති අවුරුද්දකට වඩා ඇති අවුරුද්ද හොඳය. ඇමෙරිකාවේ බොහෝ දෑ මෙන් අවුරුද්දද තමන්ට සහ තමන්ගේ පවුලට සීමාවුනු එකකි. එහි වැදගත් වන්නේ මමය "මම" සහ මගේ පවුලය. නමුත් අඩු පාඩු ඇතිවද තවමත් සිංහළුන්ගේ අවුරුද්ද අඩු තරමින් පවුලෙන් එපිට ගොස් ලඟම නෑදෑයන් තරමට හෝ විහිදුනු සංස්කෘතික අංගයකි. ඇමෙරිකාවේ සිංහලුන්ගේ අවුරුද්දට සාපේක්ෂව ලංකාවේ අවුරුද්දේ "මම" තරමක් දුරට තුනී වී විහිදී ඇත. නමුත් මීට දශක දෙකකට ඉහතදී තත්වය ඊට වෙනස් විය. එදා අවුරුද්ද යාළු මිත්‍රාදීන් ඇතුළු ගමේ අනිත් අයවලුන් තරමටම විහිදී තිබිනි. එදා නගරබද ප්‍රදේශවල පවා තිබුනු අවුරුදු උත්සව අද වෙනවිට දකින්නට නැත. එදාට සාපේක්ෂව අද "මම" මහත්වී හැකිලී ඇත.
සංස්කෘතිකව අප අද ඉන්නා තැන පැහැදිලිය. අප යන අතද පැහැදිලිය.
වංශපුර දේවගේ ජානක
yuthukama

මේ කිසි දෙයක් තවමත් මට රුස්සන්නේ නැති බව මා කියන්නේ ආඩම්බරයෙන් නොවේ. වැඩි කල් නොගොස් මා මෙහි සංස්කෘතියට හැඩ ගැසෙනු ඇත. එහි ප්‍රශ්ණයක් නැත. නමුත් අද මා දවටා ඇති මෙවැනි බටහිර සංස්කෘතික ආකල්ප වැඩි කල් නොගොස් අප සමාජයටද පුරුදු වෙන බව දකින විට නම් මට දැනෙන්නේ දුකකි. ඒ අකල්ප ඊනියා මිනිස් පරිණාමයක් හෝ දියුණුවේ අංගයක් ලෙස හෝ ගතානුගතිකත්වයෙන් මිදීමක් හෝ ඊනියා වැඩවසම් ක්‍රමයෙන් මිදීමක් ලෙස හුවා දක්වන බටහිර ගැති පඬියන් ගැන නම් මට ඇති වන්නේ තරහකි.