අපොයි එහෙමද? බැංකුවෙන් අයින් උනේ වෙන හොඳ ජොබක් සෙට් උනාද?
වෙන මොනවද මචං පාට් ටයිම් කරන්න පුලුවන් හොඳ කෝසස් තියෙන්නේ ජොබ් එකකට යන්න?
නැහැ මචන් මම කොහොමත් ඒ සක්කරවට්ටමෙන් අයින් වෙන්න හිටියේ, අයින් වෙලා වැඩි දුර ඉගෙන ගන්න..මට තාම 21 යි..ඉගෙනගන්න ආසයි..බැංකුවේ ඉද්දි ඉගෙනගන්න එක නං අමාරුයි....අයින් වෙන්න ලියුම දුන්න දවසෙම මට කැම්පස් එකෙන් ලියුම ආව...මම ඊට පස්සේ කැම්පස් එකේ බන් දැන් ඉන්නේ..ගිය පෙබරවාරි මාසේ මම අයින් වුනේ...
උඹ කිව්වා වගේ ග්රැෆික් පැත්තෙන් පුළුවන් නම් ඉස්සරහට යමන්...උඹ කැමති පුටුවක වාඩි වෙලා කම්පියුටර් එක ඉස්සරහට වෙලා කරන වැඩ වලටද??? නැත්තන් දාඩිය දාන වැඩ වලටද??? එහෙම කැමති නම් Mechanical වගේ කොස් එකක් කරලා තමන්ගේම කියල ගරාජ් එකක් වගේ දාගන්න (A/C Repairing වගේ)...මම ඉස්සර නම් හිතුවේ ඔය වගේ තැන්වල බිස්නස් නැහැ කියල..ඒ වුනාට උන්ට හොඳට හම්බ කරන්න පුළුවන්...
මොන දේ කරත් කමක් නැහැ ඉල්ලක්කයක් තියාගනින් මම මෙන්න මේ වයස වෙනකොට මෙන්න මේ දේවල් ටික කරනවා කියල...උත්සාහය අතාරින්න එපා...කට්ට කාගෙන යමන්..මුල කටුකයි අග සොඳුරුයි...තාම වයස 25 යි නේ...ජීවිතෙන් තාම 1/3 යි ජීවත් වෙලා තියෙන්නේ..තව 2/3 ක් ඉතුරුයිනේ...ඒ නිසා සැලෙන්නේ නැතුව ජීවිතේ ඉතුරු 2/3 සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදියට වැඩේ කරපන්..
උඹට ඉන්ටනෙට් තියෙනවා කම්පිය්ටර් එකක් තියෙනවා එකෙන් වැඩක් ගනින්..ඉන්ටනෙට් කියන්නේ දැනුම සාගරයක්...
තව එකක්..සල්ලි කොච්චර තිබුනත් වැඩක් නැහැ සතුටක් නැත්තන්...හිතේ සතුට වෙනුවෙනුයි කන්නයි බොන්නයි නේ බන් අපි ජීවත් වෙන්නේ...ඒ නිසා උඹ තෘප්තිමත් වෙන විදියේ ජොබ් එකකට පලයන්...මම බැංකුවෙන් අයින් වෙනකොට කවුරුත් කැමති වුනේ නැහැ..එත් මමනේ මගේ ජීවිතේ ගෙනියන්නේ...මමනේ සතුටින් ඉන්න ඕනේ..ඒ නිසා මම අයින් වුනා..මට තාමත් දුකක් නැහැ බැංකුවෙන් අයින් වුන එක ගැන...
සුබ පතනවා...උඹ කරන්නේ බොරුවක් නෙමෙයි නම් උඹට සුබ පතනවා...උඹ කරන්නේ බොරුවක් නම් එකේ පාපය එන්නෙත් උම්බටමයි...ඒ නිසා මට ප්රශ්නයක් නැහැ..




හොඳ නමගිය කම්පැනීස් එහෙම අවුට් සෝස් කරන්නෙත් නෑ. 
