කිසිම ආධුනික ගතියක් දැනෙන්නේ නැහැ මේ රේඩියෝ වැඩසටහනේ... එකෙන්ම 100% ක් තරින්ද වැඩේ සුපිරියටම කරනවා...
FM රේඩියෝ කලාව ලංකාවට හඳුන්වා දෙන්නත් කලින් ඉඳන්ම මම රේඩියෝ අහන්න ආසයි.. නිමල් ලක්ෂපති ආරච්චි ප්රමුක වෙච්ච FM කලාව ලංකාවට හඳුන්වල දෙන්න කලින් අපි FM එකේ ඇහුවේ city FM විතරයි.. එත් සිරස FM ලංකාවට හඳුන්වල දීමත් එක්ක සිදුවෙච්ච මහා රේඩියෝ පෙරලිය ශ්රවනය කරපු කෙනෙක් විදිහට නිමල් ලක්ෂපති ආරච්චි ඒ හඳුන්වල දීපු රේඩියෝ කලාව ඇතුලේ එදා තිබ්බ සංයමය, ආචාරධර්ම, අද වෙද්දී හොයාගන්නම නැති තරම්...නිමල් ලක්ෂපති ආරච්චි කිංස්ලි රත්නායක, රොෂාන්, සුරංගි ද අල්විස්, ප්රියන්ත විජේසිංහ ඇතුළු ඒ කාලේ හිටපු නිවේදකයින් ලස්සන කරපු ඒ රේඩියෝ කලාව අද වෙද්දී පිස්සන් කොටුවක් වෙලා..කිසිම අර්ථයක් නැතුව ගිරව් වගේ කියවන නිවේදක පිරිසයි ජෝකර්ලයි රේඩියෝව මිනිස්සුන්ට අහන්න එපා කරවන තැනට පත් කරලා ඉවරයි...
තරින්දගේ රේඩියෝවේ මම දකිනවා පරිනත රේඩියෝ නිවේදකයෙකුගේ තියන සංයමය සහ හඬ... එත් එක්කම මම මුලටම රේඩියෝ අහපු එක්දහස් නවසිය අනූව දශකයේ මුලට යනවා කිව්වොත් තමයි හරි... ඒ කාලේ මගේ bedroom රේඩියෝ සෙට් එක රෑ එලිවෙනකල්ම නොනවත්වා වැඩ...