Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම එකට චන්දේ දෙන්න තීරණේ කලා...ඒ මෙන්න මේ හේතු උඩ...

    රනිල් කියන්නෙ දේශපාලනයේ ඉන්න පිරිසිදුම මිනිහා...කිසිම කෙනෙක් රනිල්ට කිසිම දේශපාලන වේද්කාවක හොරෙක් කියලා නෑ....මොකද හොරෙක් කියන්න බෑ...හොරකම් කරලා නැති නිසා...

    රනිල් කියන්නෙ බුද්ධිමත් ඩිග්‍රියක් තියෙන දේශපාලකයෙක්..

    රනිල් ගේ ආර්ථික ප්‍රතිපත්ති හොඳයි....ජි එස් පි සහනය ලංකාවට ආයෙ ඕන...ජී එස් පි සහනය නැති උන එකෙන් ලංකාවෙ තිබ්බ ගාමන්ට් කීයක් නම් වැහුනද....? ගම් වල මිනිස්සුන්ගේ ජොබ් නම් කීයක් වැහුනද...( ජී එස් පි සහනය කියන්නෙ ඇමරිකාවට අපි අපනයනය කරන භාන්ඩ ඇමරිකාවට ඇතුලු වෙනකොට තීරු බදු ගෙවිමක් නොකර අපනයනය කිරිමට හැකි වීම )

    ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන රබර් ටයර්, ප්ලාස්ටික් ඇසුරුම් උපකරණ, රබර් අත්වැසුම්, සක්‍රීය කාබන්, කොහු නිෂ්පාදන සහ පිඟන් භාණ්ඩ වර්ග ආදිය සඳහා මෙම ජී.එස්.පී. සහනය ලැබුනොත් රටට හොඳ ආදායමක් ලැබෙයි....මේ සහනය එක්ක වැඩි වශයෙන්ම ලංකාවෙන් අපනයනය කරේ නිමි ඇඳුම්...මේ සහනය නැති වුන එකෙන් වුනේ අපේ බඩු වල මිල යුරෝපා වෙලඳ පොලේ ඉහල මිලකට අලෙවි වෙන එක...එතකොට ගැනුම්කරුවන් නැති වෙලා ගිහින් ලංකාවෙ ගාමන්ට් ෆැක්ටරි වැහිලා ගියා....

    මෑත කාලයේ අධ්‍යාපණය වෙනුවෙන් ඉහලම සේවයක් කල කෙනෙක් තමා රනිල්...රට හදන්න කලින් මිනිස්සු හදලා ඉන්න ඕන ( මිනිසුන් හදා රට හදමු - මඩිහේ පඤ්ඤාසිහ මහ නාහිමියන්) රටක් හදන්න මිනිස්සු හදන්නෙ කොහොමද ?? මිනිස්සුන්ට නිසි අධ්‍යාපනයක් ලැබෙන වැඩපිළිවෙලක් තියෙන්න ඕන....රටේ එහෙම සම්පත් නැත්නම් ඒවා ඇති කරන්න ඕන...විශ්ව විද්‍යාල වලට නොතේරෙන සිසුන්ට නිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕන...ස්වයං රැකියා කරන මිනිස්සුන්ට ඒ සඳහා අධ්‍යාපන වැඩපිලිවෙලක් දියත් කරන්න ඕන...හැබැයි මහින්ද එහෙම වැඩපිළිවෙලකට කරේ මිනිස්සුන්ට අමුද්‍රව්‍ය දුන්නා...නමුත් ඉගෙන ගන්න අවස්ථා ඇති කලේ නෑ...

    අද කාලේ ජොබ් එකක් නැතුව ඉන්න කොල්ලො කෙල්ලො කී දෙනෙක් ඉන්නවද....? ප්‍රධාන වශයෙන්ම හේතුව වෙලා තියෙන්නෙ නිසි සුදුසු කමක් නැති එක...මම නම් කියන්නෙ පුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕන...අපිට තොරතුරු තාක්ෂනයට තියෙන එකම අභියෝගය තමා ඉන්දියාව...ඉන්දියන් උන්ගේ තොරතුරු තාක්ෂන දැනුම සාපේක්ෂව ඉහලයි...අපිත් ඒ තැන් වලට යන්න ඕන...එහෙම උනාම තමා මිනිස්සුන්ට රස්සවල් ලැබෙන්නෙ....රස්සවල් ලැබුනොත් තමා සල්ලි එන්නෙ...විදේශ සමාගම් වල ශාකා ලංකාවට අවශ්ය්යයි.....කවුරු කොහොම බැන්නත් මම නම් හිතන්නෙ රනිල් කරපු වැඩ වලින් අද ලංකාවට මෙහෙම හරි අවස්ථාවල් ලැබිලා තියෙනවා...හොඳම උදාහරණය තමා ඉන්ටර්නෙට් සහ ජංගම දුරකථනය....ඉන්ටර්නෙට් ගත්ත දකුණු ආසියවෙ පලවෙනි රට උනේ ලංකාව....මේ රනිල් කරපු මෙහෙයන් වලින් ටිකක්....(Copy Paste)

    ජයවර්දන රජයෙහි ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස තේරීපත් වුනු රනිල් වික්‍රමසිංහයන් නියෝජ්‍ය විදේශ ඇමති ලෙස පත් වීම් ලද අවස්තාවේ තම හැකියාවන් ප්‍රදර්ශනය කරමින් විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්වා ගනිමින් නව තාක්ශනය මෙරටට ගෙන්වාගනිමින් කල මහගු මෙහෙවර හේතුවෙන්ම තරුණ කටයුතු ඇමතිවරයා ලෙස කැබිනට මන්ඩලයට ඇතුලත් වන්නේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා වෙමිනි. එහිදී ලාංකික තරුණ ප්‍රජාවට අදටත් නොමැකෙන් සේවයක් කල එතුමන් ජාතික තරුණසේවා සභාව ඇතිකරමින් තරුන තරුනියන්ට වෘත්තීය පුහුනුව ලබා ගැනීමට හා කැලයෙහි පිපී කැලයෙහිම පරවෙන්නට තීබූ කලා හැකියාවන් ගෙන් යුත් තරුණ තරුණියන්හට ජාතික තලයට පැමිනීමට කදිම මාවතක් විවර කර දුනි. අද වන විට ජාතික තරුන සේවා සභාව හරහා බිහිවූ වෘත්තිකයින් රට පුරා උසස් වෘත්තීන්හි නියැලෙන අතර ජාතික තරුණ සේවා සභාව හරහා කල එලි බසින ලද කලාකරුවන් ගනන මෙතෙකැයි කියානිමකල නොහැක. අදටත් ජාතික තරුන සේවා සභාවෙන් තම ජීවන ගමන හැඩ කරගන්නා තරුණ තරුණියන් ගනන අති විශාලය. බේල්වුඩ් කලා නිකේතනය ආරම්භ කල රනිල් වික්‍රමසිංහයන් කලාකරුවන්ට තම දක්ශතා එලිදැක්වීමට හා ඔප්නැංවීමට කදිම තෝතැන්නක් සකස් කර දුනි. ඉන් අනතුරුව J.R. ජයවර්දන රජයේම අද්‍යාපන අමාත්‍යවරයා ලෙස මෙරට අද්‍යාපන ක්ශේත්‍රයට නොමැකෙන සේවයක් කිරීමට ඉඩ ලැබෙන රනිල් වික්‍රමසිංහයන් එම අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් මෙරට එතෙක් පැවති දේශපාලන හිතවත් කම් මත ගුරුවරුන් බදවාගැනීමට තිත තබමින් සුදුසු කම් ඇති අයට පමනක් ගුරු පත්වීම් ලබා ගත හැකි ක්‍රමයක් ඇති කරන ලදී. විද්‍යාපීට මෙරටට හදුන්වාදුන් රනිල් වික්‍රමසිංහයන් නිසාවෙන් මෙරට දිදුලුනු ගුරු තරු ගනන අපමනය. ජාතික අද්‍යාපන ආයතනය ඇති කිරීමටද මූලික වූ එතුමන් විදිමත් අද්‍යාපනයක් ලාංකීය සිසු දරු දැරියන් වෙත ලබා දීමට කල මෙහෙය කියා නිමකල නොහැක නොමිලේ පොත් බෙදා දීමේ ව්‍යාපෘතිය තවත් පුලුල් කල එතුමානන් රට පුරා පාසල් ඉදි කරමින් මෙරටෙහි ජනතාවට අද්‍යාපනයෙහි අයිතිය ලබාදීමට කල මෙහෙවරද සදා අනුස්මරනීයය. බුදු දහමට විශාල ගැටලුවක්ව පැවති තරුන භික්ශූන් සිවුරු හැර යාම වැලැක්වීම සදහා ඉසුරුපායේ ආද්‍යාපන අමාත්‍යංශයට පිරිවෙන් සදහා ඒකකයක් එක් කල රනිල් වික්‍රමසිංහයන් එවකට දුර්වලව පැවති පිරිවෙන් අද්‍යාපන ක්‍රමය යලි නගාසිටුවමින් රට පුරා පිරිවෙන් අද්‍යාපන මද්‍යස්තාන ඉදිකරමින් භික්ශූන් වහන්සේලා සදහා විදිමත් අද්‍යාපනයක් ලබා දීමට ගත් පියවරද සදා අනුස්මරනීය වේ. එමෙන්ම 1989 වසරෙහිදී ආරක්ශක අංශ ශක්තිමත් කරලනු වස් Sri Lanka National Guard ලංකාවට හදුන්වා දෙන එතුමන් විසින් හමුදා සේවයේ දියුනුව වෙනුවෙන් කල තවත් අපමන ක්‍රියාවන් දැන් ගැනීමට යුද හමුදාවට 50 වසරක් පිරීම නිමිතිකොට ගෙන පොදුපෙරමුනු රජය යටතේ එලි දැක්වුනු පොත පරිශීලනය කිරීම ප්‍රමානවත්ය එම පොතෙහි යුද හමුදාවට විශාල සේවයක් කල එක දේශපාලකයෙකුගේ නමක් සදහන් වෙයි ඔවු ඒ රනිල් වික්‍රමසිංහයන් ගැනයි. නමුත් හොදක් කරන්නට යන මිනිසුන්ට භාදක අපමනයි යන්න සනාත කරමින් ප්‍රතම වතාවට රනිල් වික්‍රමසිංහයන්ට එරෙහිව විශ්වාසභංගයක්ද ගෙන ඒමට මන්ත්‍රීවරුන් ක්‍රියා කලේ ගෙස්ට් හවුස් ගුරු පත්වීම ක්‍රමය නවත්වා විදිමත් ආකාරයට තරග විභාග මගින් ගුරු පත්වීම් ලබාගත හැකි ක්‍රමයක් ඇති කල වරදටය.


    1989 වසරේදී සමානුපාතික ක්‍රමයට පැවති පාර්ලිමේන්තු මැතිවරනයට මුහුන දෙන රනිල් වික්‍රමසිංහයන් මනාප 86477 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත්වන අතර එම පාර්ලිමේන්තුවේ සභානායක වරයා මෙන්ම කැබිනට් ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කිරීමට රනසිංහ ප්‍රේමදාස ජනාදිපතිවරයා යටතේ වරම් ලබා ගනියි එමෙන්ම රනසිංහ ප්‍රේමදාස රජයේ කර්මාන්ත කටයුතු පිලිබදව අමාත්‍යවරයා ලෙස බියගම නිදහස් වෙලද කලාපය ඇති කරමින් එයට විදෙස් ආයෝජකයින් ගෙන්වාගනිමින් රැකියා විරහිත සුවහසක් ජනයාට රැකියාඅවස්තා ලගාකරදීමේ පුරෝගාමීසේවයක් ඉටු කරනු ලබන්න්නේද රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරයා විසිනි.ඉක්බිතිව රනසිංහ ප්‍රේමදාස රජයේ කර්මාන්ත විද්‍යාහා තාක්ශන කටයුතු අමාත්‍ය දූරයට පත් වන රනිල් වික්‍රමසිංහයන් විසින් තොරතුරු තාක්ශනය හා ජන්ගම දුරකතනය මෙරටට හදුන්වා දෙන්නේ එය අනවශ්‍ය දෙයක් බවට විපක්ශය විසින් ගෙනයන දහසකුත් භාදාකිරීම් මද්‍යයේය. 1991 වසරේ එතුමන් විසින් රටෙහි පැවැත්වුනු කර්මාන්ත ප්‍රදර්ශනය කාහටවත් අමතක නොවන මතකයන් එකතු කල තැනක් විය. අන්තර්ජාලය ලොවට හදුන්වාදී වසරක් ගත්වීමටත් පෙරටුව මොරටුව විශ්වවිද්‍යාලය හා එක්ව අන්තර්ජාලය භාවිතා කරන දකුනු ආසියාවේ ප්‍රතම රට බවටත් ආසියාවේ අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමුඛතම රටක් බවටත් පත්කර්ලීමට රනිල් වික්‍රමසිංහයන් ගත් උත්සාහයට අන්තර්ජාලය භාවිතා කරමින් දැනුම ලබා ගන්නා සියලුම ලාංකික පුරවැසියන් එතුමන්ට ණයගැතිය. එමෙන්ම විපක්ශයේ හා කාටූන්ශිපීන්ගේ දහසකුත් අපවාද මැද ජංගම දුරකතනය අප රටට හදුන්වාදීමේදී එතුමන් කියූ සෑම් මිනිසෙකු අතම ජංගම දුරකතනයක් තිබෙන යුගයක් බිහිවන කතාව එදා විහිලුවක් වුවද අද සත්‍යක් නොවන්නේද?තම පක්ශයේම ප්‍රභල පුද්ගලයින් දෙදෙනෙකු වන ගාමිනීදිසානායකයන් සහ ලලිත් ඇතුලත්මුදලි විසින් රනසිංහප්‍රේමදාස ජනාදිපතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව හමුවේ තම නායකයා ආරක්ශා කර ගැනීමට රනිල් වික්‍රමසිංහයන් ගත් ක්‍රියාමාර්ගයන් එකල එජාපය බේරාගැනීමටත් තම නායකයා ආරක්ශා කර ගැනීමටත් මහගු පිටුවහලක් වූබව කාටත් නොරහසකි.එමෙන්ම 1993 ප්‍රේමදාස ජනාදිපතිවරයානන් කොටි ත්‍රස්තවාදීන් අතින් ගාතනයට ලක්වූ අවස්තාවේදී සභා නායකවරයා ලෙස එම ගැටලුවට පුද්ගලිකව මැදිහත් වී රට අරාජික වීමෙන් වලක්වා ගනිමින් සහ රටේ අගමැතිවරයා ඇතුලු අනෙකුත් පුද්ගලයින්ගේ ආරක්ශාව ගැන පුද්ගලිකවම සොයා බලමින් කල මෙහෙවර සියලුම දෙනාගේ පැසසුමට ලක්වූවකි.


    එවකට අගමැතිවරයාව සිටි D.B. විජේතුන්ගයන් විධායක ජනාදිපති ලෙස දිවුරුම් දීමට සලස්වා විධායක ජනාදිපති වරයෙකු ගාතනයට ලක් වූ පලමු අවස්තාවේදී එතුමන් නීතිගරුකව සම්ප්‍රදායන්ට ගරු කරමින් කටයුතු කල ආකාරය සැබවින්ම විශ්මයජනකය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු සම්ප්‍රදානුකූලව අග්‍රාමාත්‍යදූරයට පත්වන රනිල් වික්‍රමසිංහයන්ගේ එකම බලාපොරොත්තුව වූයේ කොටි ත්‍රස්තවාදයෙන් මවුබිම මුදාගැනීමත් එවකට රටෙහි පැවති තත්වය අනුව ආර්තික අතින් කඩා වැටෙමින් තිබූ රට යලි නගාසිටුවීමත්ය. එතුමන් විසින් අග්‍රාමාත්‍යදූරය දැරූ වසරක කාලයතුල (1993-1994) රටෙහි ආර්තික අරබුදයටද පිලියම් යෙදූ එතුමා නැගෙනහිර ප්‍රදේශය සම්පූරනයෙන්ම ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගෙන පුනරීන් අලිමන්කඩ කිලිනොච්චි හා මුලතිවු වැනි ප්‍රදේශද කොටි ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට රනවිරුවන්ට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබා දුන්නේ එදා මෙදාතුර විධායක ජනාදිපතිවරයෙකු යටතේ බිහිවූ ක්‍රියාශීලීම අගමැතිවරයා යන නාමය තම නම ඉදිරියේ සනිටුහන් කරගනිමිනි. 1994 දී එක්සත් ජාතික පක්ශය මහමැතිවරනය පරාජයට පත්වුවද කොලබ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරනයට ඉදිරිපත්වූ රනිල් වික්‍රමසිංහයන් මනාප 291194 ක් ලබා ගනිමින් මනාප ලයිස්තුවේ ප්‍රතමස්තානයට පැමිනීමට සමත්විය. මහ මැතිවරනය පරාජය ව්මෙන් අනතුරුව පැය 24ක් තුල අරලියගහ මන්දිරයෙන් ඉවත්වී මැතිවරනය ජයග්‍රහනය කල පාර්ශවයට ආන්ඩුව පිහිටවීමට අවශ්‍ය පසුබිම සකසා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු බව ලොවටම විද්‍යාමානකරමිනි. ප්‍රේමදාස මහතාගේ අභාවයත් සමගම පක්ශය වෙනුවෙන් තමන් විසින් ඉටු කල යුතු යුතුකම් ඉටුකිරීමට පෙරමුන ගන්නා රනිල් වික්‍රමසිංහයන් පක්ශය හැරදා ගිය ගාමිනී දිසානායකයන් නැවතත් පක්ශයට කැන්දාගෙන ඒමේ කාර්යභාරයට D.B. විජේතුන්ග ජනාදිපතිවරයා සමගින් පෙරමුන ගත් අයුරු සැබවින්ම අගය කල යුතුය. රනිල් වික්‍රමසිංහයන් ගාමිනී දිසානායකයන් නැවත්ත එක්සත් ජාතික පක්ශය සමගින් එක් කර ගන්නේ පක්ශයට ඇති ඇල්ම නිසාමය. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ශ මන්ත්‍රීවරුන් අතරෙහි පවත්වන ඦන්ද විමසුමෙන් විපක්ශ නායක දූරය ඦන්ද 2 කින් අහිමි වුවත් විපක්ශ නායකත්වයට පත්වන ගාමිනී දිසානායකයන් හා එක්ව පක්ශය යලි ජයග්‍රාහී මාවතට ගෙන ඒම සදහා අපමන වෙහෙස වෙමින් කටයුතු කල ආකාරය කාටත් ආදර්ශයක් සපයයි. 1994 වසරේදී පැවැත්වෙන ජනාදිපතිවරනයට D.B. විජේතුංග ජනාදිපතිවරයා ඉදිරිපත් නොවන බව දැන්වීමත් සමගම ජනාදිපතිවරන අපේක්ශකත්වයට නම් වන ගාමිනීදිසානායකයන් සමග එක්ව එක්සත් ජාතික පක්ශය දිනවීම සදහා කටයුතු කරන රනිල් වික්‍රමසිංහයන් ගාමිනී දිසානායක ඇතුලු පක්ශයේ ප්‍රභලයින් රැසක් ගාතනය වූ තොටලග බෝම්බ ප්‍රහාරයට පෙර ජනතාව අමතා රැස්වීම් භූමියෙන් ඉවත්ව ගිය හේතුව නිසා නොවන්නට රනිල් වික්‍රමසිංහයන්ද අප රටට අහිමිවන්නට ඉඩ තිබුනි.


    ගාමිනී දිසානායක මහතාගේ අභාවයෙන් පසුව රනිල් වික්‍රමසිංහයන් හට ජනාදිපතිවරනයට ඉදිරිපත්වීමට අවස්තාව ලැබුනත් ගාමිනීදිසානායකයන්ගේ බිරිද වන ශ්‍රීමා දිසානායක හට එම අවස්තාව ලබාදෙනු ලබන්නේ තමන් බලලෝභී පුද්ගලයෙකු නොවන බව ක්‍රියාවෙන්ම ඔප්පු කරමිනි. ඉන් අනතුරුව ශ්‍රීමා දිසානායකගේ කෙටි කාලීන ඦන්ද සටනට හැකි උපරිමයෙන් සහය දෙන රනිල් වික්‍රමසිංහයන් ශ්‍රීමා දිසානායකයන් පරදා චන්ද්‍රිකා බන්ඩාරනායක ජය ගත් පසුව ශ්‍රීමා දිසානායකයන් දේශපාලනයෙහි රැදීමට අදහසක් නොමැති බව දැනගෙන එජාප නායකයා බවටත් විපක්ශ නායකයා බවටත් තනතුරු ලබාගනු ලැබීය. එකල්හි රට පුරා පැතිරුනු මඩ ප්‍රචාරයක් වූයේ භීශන සමයේ ක්‍රියාත්මක වූ බටලන්ද වදකාගාරයට රනිල් වික්‍රමසිංහයන්ගේ සම්බන්දයක් පිලිබදවයි ඒ සදහා පත් කෙරුනු ජනාදිපති කොමිසමට හා නඩු විභාගයන්ට ඉදිරිපත්වූ රනිල්වික්‍රමසිංහයන් තමාගේ නිර්දෝශීභාවය ඔප්පු කරලීමට සමත් විය. ඉක්බිති කැඩුනු එජාපය නිසා එකතුවූ පැල්ලම්, ත්‍රස්තවාදය නිසා එජාපයට අහිමිවූ නායකයින් නිසා ඇතිවූ හිස්තැන්, සමහර නායකයින් නිසා එජාපයට ඇලවුනු කොටි ලෙබල්, J.V.P. භීශනය මර්දනය කල ක්‍රමය හේතුවෙන් රට තුල එජාපයට ඇතිවූ කලු පැල්ලම් හැකිතාක් ඉවත් කරමින් එජාපය දිනවීමේ කාර්‍යභාරය කරපින්නාගෙන එජාපය දිනවීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහයන් ඇපකැපවී වැඩ කල අයුරු නායකයකු වීමට පෙරුම්පුරනා සැමට ආදර්ශයක් සපයයි.


    1995 යනු එජාප නායක හා විපක්ශ නායක රනිල් වික්‍රමසිංහයන්ට මංගල සීනු හැඩවුනු වසරයි එතුමානන්ගේ අතිනත ගත් මෛත්‍රී වික්‍රමසිංහ වත්මනෙහි කොලබ විශ්ව විද්‍යාලයෙහි ඉංග්‍රීසි අංශයේ අද්‍යානාංශාධිපතිනිය වන අතර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගේ පියා සෙනෙවි B. වික්‍රමසිංහ හා මව ශිරානි බන්ඩාරතිලක


    1999 වසරේදී නියමිත කාලයට කලියෙන් ජනාදිපතිවරනයක් කැදවන චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාදිපතිවරිය බෝම්බ ප්‍රහාරයකටද ලක්ව අනුකම්පා ඦන්ද බලයෙන් සහ බොරු දේශප්‍රෙමයට රැවටුනු ජනතාවගේ බලයෙන් රනිල් වික්‍රමසිංහයන් ජනපතිවරන සටනින් පරදවනු ලැබුවද එම අවස්තාවේදී රනිල් වික්‍රමසිංහයන් වෙනුවෙන් කැමැත්ත පල කොට මෙරටෙහි ඦන්දය භාවිතා කල ප්‍රමානය 3602748 ක් විය. චන්ද්‍රිකා බන්ඩාරනායක රජය තුල පැවති පලමු පාර්ලිම්න්තු මැතිවරනය පැවැත්වෙන්නේ 2000 වර්ශයේදීය එහිදී කොලබ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන එජාප නායකහා විපක්ශ නායක රනිල් වික්‍රමසිංහයන් මනාප 363668 ක් ලබා ගෙන පාර්ලිමෙන්තුවට තේරී පත්වන නමුත් පක්ශය ජයග්‍රහනය කිරීමට අසමත් වේ. නමුත් එවකට තිබුනු ආර්තික අවපාතයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා රනිල් වික්‍රමසිංහයන් විසින් වසරක් ඇතුලත් පත්වූ ආන්ඩුව ගෙදර යවන්නේ ආන්ඩු පක්ශ මන්ත්‍රීවරුන් (පක්ශ මහ ලෙකම් ඇතුලු) 11 දෙනෙකුන් පමන විපක්ශයට කැන්දා ගනිමිනි. ජනතා රැල්ලක් ඇතිකරනු වස් කඩා වැටෙන ආර්තිකයට එරෙහිව ජනබල මෙහෙයුම සන්විදානය කරනුයේ ගාමිනී අතුකෝරාල මැතිදුන් ලබා දුන් යෝද ශක්තියත් සමගිනි.


    ඉන් අනතුරුව 2001 වසරෙහිද පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්වීමට සිදුවන අතර එම මැතිවරනයෙන් රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුක එජාපය ජයග්‍රහනය කරනුයේ එදාමෙදාතුර ජනතාවරමකින් පත්වූ විධායක ජනාදිපතිවරයෙකු යටතේ විරුද්ද පක්ශයක් බලයට පත්වූ ප්‍රතම සහ එකම අවස්තාව සනිටුහන් කරමිනි. කඩා වැටුනු ආර්තිකයකින් යුත් යුදමය වශයෙන් අසරනව සිටි රජයක් බාරගත් රනිල් වික්‍රමසිංහයන් ජනතාවගෙන් සිවුවසරක් ඉල්ලා සිටියේ වසර හතරකින් කඩා වැටුනු ආර්තිකය ගොඩ නන්වා යුද බිය තුරන් කරවා සැමට නිදහසේ ජීවත් විය හැකි ආර්තික අතින් සමුර්දිමත් රටක් බිහි කිරීමටයි. පාලන බලය ලබා ගෙන මාස තුනක් ඇතුලත රටෙහි පැවති යුද ගිනි දැල් නිවා දමමින් සාම සාකච්චා සදහා කොටි සන්විදානය කැමති කරවා ගත් රනිල් වික්‍රමසිංහයන් එදා වන තුරු දවසක් ගානේ හැඩූ කදුලින් සිටි දකුනේ මෙන්ම උතුරේ දෙමාපියන්ගේද හද ගිනි දැල් නිවාලීය. ආර්තික සම්බාදක පනවමින් නැවු හා ගුවන් භාන්ඩ සදහා රක්ශන අධිභාරයක් පනවමින් පැවති කාලය නිමා කල රනිල් වික්‍රමසිංහයන් අකාර්‍යක්ශමව පැවති රජයේ සේවකයින් සදහා විශ්‍රාම ක්‍රමයක් හදුන්වා දෙමින් සහ රජයට කිසිදු සේවකයකු බදවා නොගනිමින් ජනප්‍රිය නොවූ නිවරදි තීන්දු ගනු ලැබුයේ ඉතිහාසයේ ප්‍රතම වතාවට ආර්තික වර්දන වේගය සෘන වූ සහ මහා බාන්ඩාගාරය හිස්වූ දිනකට පැය 12ක් පමන විදුලි කප්පාදුවක් පවතින රටක ආර්තිකය ගොඩ නැංවීමට සිදුවූ නිසාය එම නිවරදි තීන්දු වලට පින් සිදු වන්නට සහ ජාත්‍යන්තරයෙහි පිලිගැනීමක් තිබූ රනිල් වික්‍රමසිංහයන්ගේ හැකියාවට පින්සිදු වන්නට ඉතාමත් කෙටි කලකින් රට නිවරදි මාවතට ගෙන ඒමට එතුමන්ට හැකිවිය. එවකට ලොව ඕනෑම පුරවැසියකු ජාත්‍යන්තර යුද අධිකරන වලට ඉදිරිපත් කල හැකි ලෙස ඉදිරිපත් කල රෝම ප්‍රඥප්තිය අත්සන් කිරීම ප්‍රතික්ශේප කල රනිල් වික්‍රමසිංහයන් නිසාවෙන් කිසිදු ලාංකීය පුරවැසියෙකු ජාත්‍යන්තර යුද අධිකරනයට ගෙන යෑමේ හැකියාව ඇහිරුනි. යොවුන් සේනාන්ක නමින් රට පුරා ආයතන බිහිකරමින් නව යොවුන් තරුණ තරුණියන්ට නායකත්ව පුහුනුව,ජාත්‍යන්තර භාශා දැනුම,තොරතුරු තාක්ෂනය ලබාගෙන නව ලොවට සාර්තකව මුහුදීමේ ක්‍රමයක් ඇතිකළා පමනක් නොව ඔවුන්ට දීමනාවක්ද ලබා දීමට කටයුතු කරමින් රනිල් වික්‍රමසිංහයන් හෙටට ඔබින යොවුන් පරපුරක් අද නිර්මානය කිරීමට වෙහෙස වූ ආකාරයද අගය කල යුතුමය. කොටි සන්විදානය සතුව තිබූ ජාත්‍යන්තර ජාලය බිද වට්ටමින් හමුදාවට නවීන යුදෝපරන මිලදි ගනිමින් කරුනා අම්මාන් වැනි කොටි ප්‍රභලයින් ත්‍රස්ත සංවිදානයෙන් කඩා ඉහිරවමින් සාමය පතුරුවමින් යුද ගිනි දැල් නිවා දමන ආකාරයද. "යලිපුබුදමු ශ්‍රී ලංකා" මගින් රට ගොඩ නගන ආකාරයද ක්‍රියාවෙන්ම ඔප්පු කරනු දුටු චන්ද්‍රිකා බන්ඩාරනායකයට සහ ජනතා මුදල් හොරකම් කරමින් ජීවත් වන්නට වෙර දරන දේශපාලුවන්ට දෙලෝ රත්වන්නට ඇත. එම අවස්තාවේදී රට යන අත ගැන පැහැදුනු ලෝක ප්‍රජාව ඇමරිකානු ඩොලර් බිලියන 45ක ණය ආදාර යලි පුබුදමුවැඩසටහන සදහා ලබාදීමට එකගව පැවතුනි. එමෙන්ම එතුමන්ගේ පාලන කාලයෙහි නිවරදි ආර්ථික පිළිවෙත් අනුගමනය කරමින් ඉන් පෙර -1.5% ක් ව පැවති දළ ජාතික නිශ්පාදනය 4% දක්වා නංවාලීමට සමත් විය. එසේම එය ඊළඟ අවුරුදු වළදී 5.9% ක් හා 5.4% මට්ටමකට ඔහු එය පත් කළේය. එසේම ඔහු පාලන සමය තුළදී උද්දමනය 10% කට පහළින් තබා ගැනීමට සමත් විය. එය 2%, 3% වැනි සාමාන්‍ය අගයක් ගැනීම නිසා මහජනතාවට ජීවන බරක් නොදැනෙන තරම් විය. තම දක්ශ තාවයෙන් උපරිම ප්‍රයෝජන ගත් රනිල් වික්‍රමසිංහයන් විසින් රටෙහි අරබුද එකින් එක නිරාකරනය කරනු බලාගෙන හිදිනු නොහැකිව චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාදිපතිනිය රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමීමට අමාත්‍යංශ තුනක් පවරා ගන්නේ රනිල් වික්‍රමසිංහයන් ඇමරිකානු ජනාදිපතිවරයා හමුවීම සදහා ගොස් සිටින අවස්තාවකදීය. ඉන් අනතුරුව ජනතාවිමුක්ති පෙරමුන හා සන්දානගතවන චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාදිපතිවරිය රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමුවද වත්මනෙහි එතුමිය ප්‍රකාශ කරන පරිදි එතුමිය දේශපාලන ජීවිතය තුල කරන ලද විශාලතම වැරැද්ද එයයි. එහිදී සිහිපත් කලයුතු වැදගත් කරුනක් වනුයේ නිදහසින් පසු මෙරට සහලින් ස්වයන් පෝශිත වූ එකම යුගයද රනිල් වික්‍රමසිංහයන්ගේ යුගය බවය.


    2004 පාර්ලිමෙන්තු මැතිවරනයට ඉදිරිපත්වන රනිල් වික්‍රමසිංහයන් කොටි හිතවාදියෙකු ලෙස කරනු ලැබූ මඩ ප්‍රචාර හා බලයට කෑදර රට ගොඩනගනාවට අකමැති සන්දාන හමුවේ කොලබ දිස්ත්‍රික්කයෙන් මනාප 329524ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ මනාප ලාභීන් අතර පලමු තැනට පත් වුවද එජාප රජයක් පිහිටුවීමට අසමත් වේ. ඉන් අනතුරුව 2005 ජනාදිපතිවරනය සදහා ඉදිරිපත්වන රනිල් වික්‍රමසිංහයන් හට බියවන කොටි සංවිදානය එජාපයට වඩා වාසිදායක උතුරු නැගෙනහිර ඦන්ද භාවිතය වලක්වාලන පසුබිමක් තුලදීද එජාපය තුලම සිටින එජාප ජයග්‍රහනය නොපතන පිරිස් වෙතින් ගෙනයන ලද එජාප ආන්ඩුවක් තුල සමුර්දිකරුවන් පට්ට ගසනවා වැනි කතන්දර තුලින්ද කඩා වැටෙන ඦන්ද හමුවේ රනිල් වික්‍රමසිංහයන් මහින්ද රාජපක්ශ හමුවේ පරදින්නේ ඦන්ද 180000 කිනි. රනිල් වික්‍රමසිංහයන් විසින් එතුමන් විසින් පක්ශය භාරගන්නා මොහොතෙහි එජාප ඦන්ද පදනම වූ 2715283 (35.91%) 2005 වසර වන විට 4706366 (48.43%) දක්වා වර්දනය කරගෙන තිබුනි. එතැන් පටන් පක්ශය තුලින්ම එන කුමන්ත්‍රනද විදායක ජනාදිපති දූරයක් හොබවන මහින්ද රාජපක්ශ ජනාදිපතිවරයා සරත් ෆොන්සේකා මහතා සමග එක්ව යුද ජයග්‍රහනය ලබා ගැනීමත් සමග දේශප්‍රේමයෙන් අන්දව යන ජනතාවට දුර නොපෙනීම හේතුකොට ගෙන වර්තමානය වන විට රනිල් වික්‍රමසිංහයන් කල මෙහෙය ජනතාවට අමතක කරවන වටපිටාවක් ගොඩ නැගී ඇත. එම අවස්තාවෙදී උපක්‍රමශිලී වන රනිල් වික්‍රමසිංහයන් 2010 ජනාදිපතිවරනයට ඉදිරිපත් කරවන්නේ යුද ජයග්‍රහනය සදහා අයිතිය ඇති සරත් ෆොන්සෙකා මැතිතුමාය නමුත් එතුමන්ද එම ඦන්දය පරාජය වනුයේ ආතතිය සෑදී මැතිවරන කොමසාරිස්වරයා ආගිය අතක් නොමැති වටපිටාවක් තුල හා අදටත් එතුමන් තරග කල ලකුන වන හංසයා ලකුන සලකුනු කරන ලද වලංගු ඦන්ද පත්‍රිකා පාලම් යටින් බෝක්කු යටින් හමුවන වාතාවරනයක් තුලදීය. යුද ජයග්‍රහනයෙන් ඔද වැඩී කලගුන සලක මිත්‍යාවෙන් වැසී සිටි ජනතාව හමුවේ රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුක එජාපය 2010 මහ මැතිවරනය පරාජය වුවද එතුමන් කොලබ දිස්ත්‍රික්කයෙහි මනාප ලයිස්තුවේ එජාප ප්‍රතමයා වෙමින් මනාප 232957 ක් ලබා ගැනීමට සමත් වෙයි.
    වත්මනෙහි දේශපාලන ක්ශේශ්ත්‍රය තුල සිටින දේශපාලකයින් අතුරෙන් රට වෙනුවෙන් රනිල් වික්‍රමසිංහයන් කල වැඩ කොටසින් බාගයක් වත් ඉටුකල අයෙකු නොමැති බව සක්සුදක් සෙ පැහැදිලිය. එමෙන්ම ජනප්‍රිය නොවූවත් රට වෙනුවෙන් ගත යුතු නිවරදි තීන්දු ගනිමින් රට නිවරදි මාර්ගයට ගැනීමට සමත් එකම පුද්ගලයා ඔහු බවද ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. එතුමන්ට රැක්මට දරු මල්ලන් නැත. ආර්තික අතින් ගොඩ් දැමිය යුතු සහෝදර සහෝදරියන් නැත. කිසිම දිනෙක හොරෙකු වන්චාකාරයෙකු ලෙස චෝදනා එල්ලවී නොමැත. එදාමෙදා තුර ලංකා ඉතිහාසයේ ලාංකීය විශ්වවිද්‍යාලයකින් උපාදියක් ලද අග්‍රාමාත්‍ය දූරයට හෝ පත්වූ එකම පුද්ගලයාද ඔහුය. තමා කල කීදෙය කියවමින් යන වාචාලයෙක් නොවීමේ වරදට රට වෙනුවෙන් අපමන වැඩ කර ඇති රටට තවත් වැඩ ගත හැකි රනිල් වික්‍රමසිංහ නම් වන උගත් බුද්දිමත් පලපුරුදු ලොවක් පිලිගත් රාජතාන්ත්‍රිකයා ගෙන් වැඩක් ගැනීමට ඇති අවස්තාව පැහැර නොහරිමු.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    wow. excellent description. this is really i want to say. no one can understand ranil is the man who want to this country at the moment. we have to face huge international troubles in near future.
    who can protect my little srilanka from those? ms, mr .. no one can.
    think wise my dear friends. you may be a ranil hater for some reason,
    but Your country need him. so protect your country,
    dont go behind useless logics.
     
    • Like
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අනිවාර්‍යෙන්ම මචං....මහින්ද රට සංවර්ධනය කලා පිළිගන්නවා ඒත් ජනතවට අනාගතය වෙනුවෙන් වැඩක් කලේ නෑ...රටක් කොච්චර සංවර්ධනය වුනත් වැඩක් නෑ මූලික අවශ්‍යතා සංවර්ධනය නොකර....ජනතාවගේ මූලික අවශ්‍යතා සංවර්ධනය කරන්නෙ නැතුව පාරවල් වරායවල් හැදුවොත් කවදා හරි ණය ගෙවන්න සල්ලි නැති වෙනවා...මිනිස්සුන්ට ඒවා පාවිච්චි කරන්න නම් සල්ලි ඕන...සල්ලි එන්න නම් ජොබ් ඕන..ජොබ් ඕන නම් සුදුසුකම් ඕන...සුදුසුකම් ඕන නම් යටිතල පහසුකම් ඕන...මේක සරලවම චේන් එකක්...එක පුරුකක් වැඩ නැති උනොත් පද්ධතියම අවුල් යනවා....

    දැන් ග්‍රීසියට වෙලා තියෙන දේ කවදා හරි ලංකාවට වෙනවා....පුළුවන් තරම් විදේෂ ආයෝජකයොන්ට සහන දීලා ගෙන්න ගන්න ඕන..එහෙම වුනොත් තමා ලංකාවට සල්ලි ලැබෙන්නෙ....මහින්ද ප්‍රමුඛ රජය කරේ විදෙස් ආයෝජකයින්ගෙන් අති විශාල කොමිස් එකක් ගන්න එක...මම නම් කියන්නෙ ලංකාවට කැසිනෝ තිබ්බා කියලා වරදක් නෑ...කැසිනෝ ගහන්නෙ සල්ලි කාරයෝ.....ලමයි ඒකට ඇබ්බැහි වෙනවා නම් අම්මලා තාත්තලා දැන ගන්න ඕන ලමයි හදන්න ඒ විදියට...දැඩි නීති පද්ධතියක් මත කැසිනෝ තිබ්බම හරි....ගොඩක්ම ඉන්දියානුවෝ කැසිනෝ ගහන්න ඕෂ්ටේලියා සින්ගපූරු යනවා...අපේ රටට ගෙන්න ගත්තා නම් සල්ලි තමා...ආගම පැත්තෙන් බැළුවොත් දුරාචාරයක් අපචාරයක් තමා...

    සිංගප්පූරුව වගේ රටවල් ක්ෂණිකව දියුනු වුනේ සල්ලි කාරයෝ ඇදලා ගත්ත ක්‍රමවේදය නිසා....අපේම මිනිස්සු කොයි තරම් ශොපින් වලට සිංගප්පූරු යනවද...එයාර් ටිකට් එකේ ඉඳලා ටොපි කොලේට වෙනකන් උන් මිනිස්සු ඇදලා ගත්තා රටවල් වලට...
     
    • Like
    Reactions: Hustler

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    http://www.sundaytimes.lk/150621/ne...months-nears-the-whole-year-limit-154336.html


    The Sri Lankan Government spending is running out of control with local and foreign borrowings soaring to more than Rs 1.7 trillion during the first four months of this year – an amount approaching the full year’s borrowing limit, Finance Ministry figures reveal.

    The total amount of loans taken by the Government in little over 120 days (upto April) is around 96 per cent of the total borrowing limit of the 2015 budget, a senior Finance Ministry official said, adding that some of the relief measures for people have been implemented even without the additional revenue, and it was borne mainly from existing taxes and debt.

    According to Finance Ministry data submitted to Cabinet this week by Minister Ravi Karunanayake, the total loans taken by the Government during the first four months of this year was Rs. 1.71 trillion as against Rs.1.78 trillion which is the approved amount of loans for 2015.

    Spending has skyrocketed while revenue has decreased owing to the delay in the implementation of revenue proposals, the public sector pay hike and slashing of prices of essential commodities and fuel. Last week the Business Times reported that delays in presenting three finance bills to impose the controversial Super Gains Tax (SGT), Mansion Tax and a casino levy had held up a projected Rs. 54 billion in tax revenue.

    These unplanned and unforeseen problems had forced more borrowing from the local market through Treasury Bills and Bonds and loans which were now nearing the approved limit of local borrowing for the whole year, he disclosed.

    reasury Bills and Bonds issued locally within the first four months of this year reached Rs.83.6 billion and Rs. 811.7 billion, respectively. A Finance Ministry official said the Government would continue to borrow through Treasury Bills to meet its expenditure.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හොටෙල් කරන මිනිස්සුන්ගෙන් අහලා බලන්න...සුද්දෝ කොච්චර ලංකාවට ආවත් උන් කෑම බීම වලට වියදම් කරන්නෙ නෑ ඉස්සර වගේ...ගමන් බිමන් යන්නෙ බස් වල ට්‍රේන් වල...කැම එහෙම ගොඩක්ම උන් කන්නෙ අඩුවෙන්...මෙහේ ජීවන බර වැඩියි...වැඩිකල් රැඳෙන්නෙ නෑ...උන්ට මොනවා හරි පහසුකමක් සලසන්න ඕන...

    පහු ගිය කාලේ වගේ ගියොත් අනිවාර්‍යෙන්ම ලෝක බැංකුව කියයි රජයට ජනතාව හිර කරන්න කියලා...තෙල් මිල විදුලිය වතුර ජිවන වියදම වැඩි කරලා ණය ගෙවන්න කියලා...එහෙම වුනොත් තෙල් එහෙම රුපියල් 200 ට විතර යන්න ඉඩ තිබ්බා...ලයිට් බිල් වතුර බිල් දැක්කම කලන්තෙ හැදෙන්න ඉඩ තිබ්බා....මේ ක සල්ලි කාරයන්ට වලංගු නොවුනත් එදා වේල හම්බ කරන් කන මිනිස්සුන්ට සෑහෙන්න විදියට බලපානවා...ජීවන වියදම වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සු ලමයි හදන්නෙ නෑ....විනෝද වෙන්නෙ නෑ...සල්ලි වියදම් කරන්නෙ නෑ....ඒක බිස්නස් වලට බලපානවා...සෘජුවම රටට බලපානවා ඒක....

    ඔය අස්සෙ චීණා සල්ලි ටික ඉල්ලුවම දෙන්න විදියක් නැති වුනොත් ????
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    හොටෙල් කරන මිනිස්සුන්ගෙන් අහලා බලන්න...සුද්දෝ කොච්චර ලංකාවට ආවත් උන් කෑම බීම වලට වියදම් කරන්නෙ නෑ ඉස්සර වගේ...ගමන් බිමන් යන්නෙ බස් වල ට්‍රේන් වල...කැම එහෙම ගොඩක්ම උන් කන්නෙ අඩුවෙන්...මෙහේ ජීවන බර වැඩියි...වැඩිකල් රැඳෙන්නෙ නෑ...උන්ට මොනවා හරි පහසුකමක් සලසන්න ඕන...

    පහු ගිය කාලේ වගේ ගියොත් අනිවාර්‍යෙන්ම ලෝක බැංකුව කියයි රජයට ජනතාව හිර කරන්න කියලා...තෙල් මිල විදුලිය වතුර ජිවන වියදම වැඩි කරලා ණය ගෙවන්න කියලා...එහෙම වුනොත් තෙල් එහෙම රුපියල් 200 ට විතර යන්න ඉඩ තිබ්බා...ලයිට් බිල් වතුර බිල් දැක්කම කලන්තෙ හැදෙන්න ඉඩ තිබ්බා....මේ ක සල්ලි කාරයන්ට වලංගු නොවුනත් එදා වේල හම්බ කරන් කන මිනිස්සුන්ට සෑහෙන්න විදියට බලපානවා...ජීවන වියදම වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සු ලමයි හදන්නෙ නෑ....විනෝද වෙන්නෙ නෑ...සල්ලි වියදම් කරන්නෙ නෑ....ඒක බිස්නස් වලට බලපානවා...සෘජුවම රටට බලපානවා ඒක....

    ඔය අස්සෙ චීණා සල්ලි ටික ඉල්ලුවම දෙන්න විදියක් නැති වුනොත් ????

    Sira kathawa. mage travel agency ekata ena ewunuth ehemai patta low budget illanne awillath thawa adu krnnalu :angry::angry::angry::angry::angry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,693
    10,768
    113
    Sherwood වගේ තැනක
    රනිල් හොරා නෙවෙයි කියන්නේ කවුද ? රනිල් හොරෙක් ... වෙනසක් නෑ මහින්ද වගේම තමයි ... නැත්තන් ඉතින් බැඳුම්කර වංචා සිද්දිය ඔච්චර මග ඇර ඇර ඡන්දේ වෙනකන් කල් දාන්නේ මොකටද ? ඌත් එච්චර තමයි .. :dull:

    කවුද කියන්නේ රනිල්ට හොරු සම්බන්ද නෑ කියල .. අපේ ගෙවල් පැත්තේ ඉන්න ලොකුම මැරයෙක් ගේ , කුඩු බිස්නස් කාරයාගේ දෙවියා තමයි රනිල් .. සමහර විට මම ඉපදුනු පරිසරයේ උබල ඉපදිලා නැති හින්ද මේක උබලට තේරෙයි ද දන්නේ නෑ .. එත් මේ පැත්තේ ඉන්න ලොකුම කුඩු බිස්නස් කාරයගේ පක්ෂ කාර්යාලේ open කරන්නේ හැමදාම රනිල් .. ඒ වගේම තමයි ඒ කුඩු බිස්නස් කාරය එජාපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ... :lol::lol::lol: අනේ ඉතින් උබලත් දන්න රනිල් :lol::lol::lol:

    රනිල් ගේ ආර්ථික ප්‍රතිපත්ති හොඳයි ? :lol::lol::lol::lol:

    ඔව් ඔව් ඒවා හොඳයි දැනට සල්ලි හම්බ කරන ඉන්න පෝසත් උන්ට .. නැතුව සල්ලි නැති මුඩුක්කු වල ඉන්න උන්ට පෝසත් වෙන විදිහක් ඒ ආර්ථික ප්‍රතිපත්තියේ නෑ ..

    එජාපෙ සහ රනිල්ගේ හැමදාම ගහන ගේම වුනේ රටේ සල්ලි තියෙන පාර්ශවය තමන්ට නම්මගෙන ඒ හරහා දුප්පත් මිනිස්සුන් ගේ ඉල්ලීම් සීමා කරන එක .. උදාහරණයක් විදිහට මුඩුක්කු වල ඉන්න මිනිහව එතනින් අයින් කරලා අලුත් ගෙයක් හදල දෙන්න රනිල්ට ඕන නෑ .. හැබැයි රනිල් උන්ව ඒ මුඩුක්කු වලම තියෙල උන්ට කන්න බොන්න ටික නං සපයල දෙයි .. එතකොට උන්ගෙන් කිසි කරදරයක් නැතුව කටවල් වහන් ඉන්න නිසා .. :lol::lol::lol:


     
    • Like
    Reactions: Rasika212