ජනවාරි අට පැරදුනු මහින්ද යළිත් පරදිනවා - ජනපති
ජනවාරි අට වැනි දින ජනපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයේදී යළිත් පරාජයට පත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්.
හිටපු ජනපතිවරයා දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ සිටියේ නම් දින සියයේ වැඩසටහනට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ තිබුණු බවද ජනාධිපතිවරයා පැවසීය.
ගතව ගිය දින කිහිපය තුල 'දුෂ්ටයා, පාවා දෙන්නා' යනුවෙන් තමන්ට තරම් වෙනත් කිසිදු ජනපතිවරයකුට අපහාස එල්ල නොවූ බව පවසන ජනපති සිරිසේන, එවැනි චෝදනා එල්ල කිරීමට පවා වාතාවරණය උදා වූයේ තමන් බලයට පත්වීමෙන් අනතුරුව උදා කළ මාධ්‍ය නිදහස හේතුවෙන් බව පෙන්වා දුන්නේය.
විවේචකයන් තමන්ට එරෙහිව භාවිත කරන එවැනි වචන ජනවාරි 08 වැනි දිනට පෙර භාවිත කළේ නම් ඔවුන්ට සිදු විය හැකිව තිබුණු දේ තමන් හොඳින්ම දන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.
මහින්ද රාජපක්ෂ පරිපාලනය තුල මාධ්‍යවේදීන් කිහිප දෙනකුම ඝාතනයට ලක් වූ අතර, භාෂණයේ නිදහස දරුණු ලෙසින් සීමා කරන බවට රාජපක්ෂ පරිපාලනයට චෝදනා එල්ල විය.
පොද්දල ජයන්ත, කීත් නොයාර් සහ නාමල් පෙරේරා ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවකට ප්‍රහාර එල්ල විය. එමතු නොව ජනපතිවරණය සමයේදී සිය ජීවිතයට පවා තර්ජන එල්ල වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බීබීසී සංදේශයට කියා සිටියේය.
තවත් විස්තර ඉක්මනින්.
Source: http://www.bbc.com/sinhala/sri_lanka/2015/07/150714_sp_president_statement

Last edited: