Breaking News: ජනපති

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ජනවාරි අට පැරදුනු මහින්ද යළිත් පරදිනවා - ජනපති

    150714120446_president_maithreepala_sirisena__640x360_bbc_nocredit.jpg

    ජනවාරි අට වැනි දින ජනපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයේදී යළිත් පරාජයට පත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

    ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්.

    හිටපු ජනපතිවරයා දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ සිටියේ නම් දින සියයේ වැඩසටහනට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ තිබුණු බවද ජනාධිපතිවරයා පැවසීය.

    ගතව ගිය දින කිහිපය තුල 'දුෂ්ටයා, පාවා දෙන්නා' යනුවෙන් තමන්ට තරම් වෙනත් කිසිදු ජනපතිවරයකුට අපහාස එල්ල නොවූ බව පවසන ජනපති සිරිසේන, එවැනි චෝදනා එල්ල කිරීමට පවා වාතාවරණය උදා වූයේ තමන් බලයට පත්වීමෙන් අනතුරුව උදා කළ මාධ්‍ය නිදහස හේතුවෙන් බව පෙන්වා දුන්නේය.

    විවේචකයන් තමන්ට එරෙහිව භාවිත කරන එවැනි වචන ජනවාරි 08 වැනි දිනට පෙර භාවිත කළේ නම් ඔවුන්ට සිදු විය හැකිව තිබුණු දේ තමන් හොඳින්ම දන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.
    මහින්ද රාජපක්ෂ පරිපාලනය තුල මාධ්‍යවේදීන් කිහිප දෙනකුම ඝාතනයට ලක් වූ අතර, භාෂණයේ නිදහස දරුණු ලෙසින් සීමා කරන බවට රාජපක්ෂ පරිපාලනයට චෝදනා එල්ල විය.
    පොද්දල ජයන්ත, කීත් නොයාර් සහ නාමල් පෙරේරා ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවකට ප්‍රහාර එල්ල විය. එමතු නොව ජනපතිවරණය සමයේදී සිය ජීවිතයට පවා තර්ජන එල්ල වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බීබීසී සංදේශයට කියා සිටියේය.

    තවත් විස්තර ඉක්මනින්.

    Source: http://www.bbc.com/sinhala/sri_lanka/2015/07/150714_sp_president_statement
     
    Last edited:
    • Like
    Reactions: kkr

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පව් මේ මනුස්සයා. ඇත්තටම හැදුවේ තමන් දුන්නු පොරොන්දු ටික ඉටු කරන්න. කුරහන් සාටකයාගේ අනාතයෝ සෙට් එක හැම වෙලේම බැලුවේ කරන වැඩ බකල් කරන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පව් මේ මනුස්සයා. ඇත්තටම හැදුවේ තමන් දුන්නු පොරොන්දු ටික ඉටු කරන්න. කුරහන් සාටකයාගේ අනාතයෝ සෙට් එක හැම වෙලේම බැලුවේ කරන වැඩ බකල් කරන්න.

    :(අඩුම ගානේ අවුරුදු දෙකක් කරගන්න දුන්නද..තමන්ගේ පක්ෂේ අයට ඔහොම නම් වෙන පක්ෂ වල අයට කොහොම හිටියිද.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පව් මේ මනුස්සයා. ඇත්තටම හැදුවේ තමන් දුන්නු පොරොන්දු ටික ඉටු කරන්න. කුරහන් සාටකයාගේ අනාතයෝ සෙට් එක හැම වෙලේම බැලුවේ කරන වැඩ බකල් කරන්න.

    යූැඅැන්පී කාරයොනේ කකුලනේ අැද්දෙ? සන්ධානේ උන් මොනාද කලේ කියපන්?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පව් මේ මනුස්සයා. ඇත්තටම හැදුවේ තමන් දුන්නු පොරොන්දු ටික ඉටු කරන්න. කුරහන් සාටකයාගේ අනාතයෝ සෙට් එක හැම වෙලේම බැලුවේ කරන වැඩ බකල් කරන්න.
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    මේ මැතිවරණයේදීත් මහින්ද පැරදෙනවා - ජනපති

    ( . . ) 2015-07-14 18:12:29
    Comments - 0 Views - 329

    (Update)
    මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් තමා සම්පුර්ණයෙන්ම විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපති කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේබව පැවසීය.
    ජනාධීපතිවරයා මේවනවිට ප්‍රකාශය සිදුකරමින් පවතී. ජනවාරි 08 පැරදුනා වගේම මේ මැතිවරණයේදීත් මහින්ද පැරදෙනවා
    සමහරු මට පක්ෂ නායකත්වය ගැන දොස් කිව්වා. ආණ්ඩුව කළ සියලු වැඩ සාර්ථකව කරගත හැකිවුණේ මම පක්ෂ නායක ලෙස කටයුතු කළ නිසයි.
    මම තරු දිහා බලලා අනාවැකි කියන්නේ නැහැ. නමුත් ඉතිහාසය දිහා බලලා අනාවැකි කියනවා.
    මට ඉල්ලා අස්වීමේ උවමනාවක් නැහැ. ඉල්ලා අස්උනානම් මහාන්දට ඔන හැමෝටම නාමයෝජනා දෙනවා.
    මේ සති දෙකට මට තරම් දෝශාරෝපනය කළ කිසිම ජනාධිපතිවරයෙක් නැතුව ඇති. පක්ෂය කුමක් උවත් ජනවාරී 08 දා පොරොන්දු වු දෙය දිය හැකි පාර්ලිමේන්තුවක් මට අවශ්‍යයි.
    මහින්ද රාජපක්ෂත් එක්ක මගේ කිසිම ගණුදෙනුවක් නැහැ. මහින්ද රාජපක්ෂට මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා
    මහින්ද දිනුවත් නිදහස් පක්ෂයේ ඕනැතරම් ජේෂ්ඨයෝ ඉන්නවා අගමැති තනතුරට පත්කරන්න
    මහින්ද රාජපක්ෂ දැන් අනිත් අයත් අගමැති වීම වලක්වන්න හදනවා. මම මේ මැතිවරණයේදී තදින්ම ඉන්නවා
    සන්ධානයෙන් නොලැබුණානම් මහින්ද වෙන පක්ෂයකින් ඉල්ලනවා සහතිිකයි
    මහ බැංකු අධිපති ඉවත් උනොත් හොදයි කියලා මම රනිල් වික්‍රමසිංහට කිව්වා
    ජනවාරී 08 දා දුන් පොරොන්දුව මම රකිනවා. මම සටන්වැද ලබා දුන් ප්‍රජාත්‍රන්තවාදය වැරදියට භාවිතා කරන්න එපා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මේබව පැවසීය.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:

    ow ow ban oya hari. hikz. wena mokuth kiwwa kiyala wadak naha. aparade mage wachana.