ඔබත්_ඇබ්බැහිවෙලාද????

r runner

Member
May 12, 2015
2,396
780
0
ඔබත්_ඇබ්බැහිවෙලාද????

ඇබ්බැහි වීම...


upload img

ඇබ්බැහිවිම් තුලින් අපට අතපසුවන දෑ පිළිබදව ඔබ කෙදිනක හෝ සිතුවාද...

මේ කථාව කියවල ඉවර වුනාම සමහර විට ඔබට ඒ ගැන හිතෙන්න ගනීවි...

ඔන්න එක පාසැල් ගුරැවරියක් හිටියා .. එයාගෙ ස්වාමිපුරැෂයත් ලොකු ව්යාාපාරිකයෙක්... මේ ගුරැතුමි දවසක් පාසල ඇරෙන්න කිට්ටුව ළමයින්ට අපුරැ පැවරැමක් දුන්න.. ඒ තමයි දෙවියන් තමන්ට වරයක් දුන්නොත් තමුන් ඉල්ලන වරය වෙන වෙනම පොත්වල ලියන්න කියන එක.. ඉතින් පාසැල ඇරෙන්න කිට්ටුව නිසා පොත් සියල්ල එකතු කරගත්තා නිවසෙදි බලන්න ... ඉතින් රැ වෙලා මේ පොත් ටික බලද්දි එක ළමයෙක් හරි අපුරැ දෙයක් ලියලා තිබ්බා.. ඒ තමයි දෙයියො තමන්ට වරයක් දුන්නොත් එයා කැමතියි TV එකක් වෙන්න කියලා .. එහෙම ලියල තිබ්බ එයා ඒකට හේතුත් මෙහෙම ලියලා තිබ්බා.. " ‍අපේ අම්ම වැඩිපුරම කැමති ටිවි එක ළග ඉන්න එයා ඒක ළග ඉන්න කොට මම ළගට යනවටවත් කැමති නැහැ ..අසනීපයක් උනත් වැඩිපුරම ඉන්නෙ ටිවි එක ළග... තාත්තත් එහෙමයි එයා ඔපිස් එකෙන් ආව වෙලේ ඉදන් ටිවි එකේමයි.. ඉතින් මම ටිවි එකක් උනාම එයාලා දෙන්න හැමදාම මං ළග ඉදිවි... මේක කියෙව්ව එතුමියගේ ඇස්දෙකට කදුලු ඉනුව ඇත්තටම හරිම ආත්මානුකම්පාවෙන් ඇඩුවා... ඒක දැක්ක එතුමියගේ ස්වාමිපුරැෂයත් හේතුව අහල ඒ දරැවගෙ අම්මට තාත්තට දොස් කිව්වා.. ‍ඒත් ඒ අම්ම කිව්ව දෙයින් ඒ තාත්තගේ පපුවම හිරිවැටිල ගියා... " ඒක ලියලා තියෙන්නෙ අපේ පුතා ජයේ...." මේ ගුරැවරි‍යගේ පුතා හිටියෙත් එතුමිය උගන්වන පාසලේ එතුමිය භාර පංතියෙමයි...

ඉතින් මෙන්න මේ වගේ අපිවත් නොදන්න අපිටම නොතේරෙන සමහර ඇබ්බැහිවීම් නිසා අපේ ආදරනීයන් අපෙන් ඈත්වෙලාද කියල බැලුවොත් නරකද යාලුවනේ...

මොබයිල් පෝන්... ටිවි සිරියස්... FB.. VIDEO GAMES... එලකිරියම නෙවෙයි නේද ජිවිතේ.... හිතන්න... ආදරනීය දෙවලුත් විදින්න ටිකක්...

අමාරැවෙන් කෙටුවෙ ඉස්සුවෙ නැහැ කොහෙන්වත්... මේකෙ සමහර කරැනු පාන්දර ගිය ධර්ම දේශනාවකින් ඇහුවේ... බම්ප් එකක් දැම්මත් ඇති හොදේ....:yes::yes::yes::D

r runner
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ගේම් ගැන නං නොදනී බං ටීවී එක නම් මහ කාලකන්නි භාණ්ඩයක් :sorry: :sorry:
මං දන්න ගෙදරක් තියෙනව ගෙදර අය 6.30ට නේ කොරියන් කතාව යන්නෙ ? ඕක බලන්න ඉඳගත්තට පස්සෙ සුවප්නා මේහ් ආදරයයි ඉවර වෙනකංම ටීවි එක ලඟ :sorry: :sorry:
ඉස්සර රන් දෙපැය කියල එකක් ගියා රන් දෙපැය පටං ගන්න කලිනුත් නාට්ටි දෙකක්ද තුනක්දත් බලනව, ඒක ඉවර වෙනකංමත් බලනව.. බලල 10ට ප්‍රවෘතිත් බලල තමා නැඟිටින්නෙ :sorry: :sorry:
ගෙදර අයගෙ ජීවිතේ ගෙවුනෙම ටීවි එක ඉස්සරහ.. :sorry: :sorry:
උඹලට කිව්වට විශ්වාස කරන එකක් නෑ සිඞ්හලු ඒගෙදර ලමය 7 වසරට යනකනුත් සිඞ්හල අකුරු කියවන්න ලියන්න බෑ :confused: :confused:
ගෙදර අයට කියා දෙන්න උවමනාවක් තිබ්බෙත් නෑ අපි ගිය වෙලාවට බලෙන් වගේ අඬගහල කියා දුන්න ඒ කියා දෙනකනුත් මහ උන් නාට්ටි බලනව :angry: :angry: