ඔන්න මචන්ලා මේක කියවල නිකන් කට පියාගෙන ඉන්න බැරි නිසා මමත් කියන්නම් කතාවක්. හැබැයි මේක මට වෙච්ච දෙයක් නම් නෙවෙයි, වුනේ දැනට අවුරුදු දෙකහමාරකට තුනකට විතර කලින් කඩුවෙල කඩවත හයිවේ අවුට සර්කල් එකේ වැඩ පටන්ගත්ත කාලේ, හංවැල්ලේ තමා නකයාමා ක්‍රෂර් එක හයි කලේ, අපේ කම්පැණි එකත් ඒකේ සබ් කන්ට්‍රැක්ටර් කෙනෙක් විදිහට වැඩ කළා. එතන ඔෆිස් හදන්න ගෙනාපු මේසන් බාස්ලව අපි නැවැත්තුවේ ඒ කිට්ටුවම, කඩුවෙල හංවැල්ල පාරේ තියෙන ටිකක් ලොකු පරණ වලව්වක. ප්‍රධාන පාර අයිනෙමයි තියෙන්නේ උඹල ඒ පැත්තේ යනවනම් දැකලත් ඇති, මේකේ හොඳට ඉඩ කඩ තියෙන නිසා බාස්ල ටික ඉතින් වලවුවේ හාමුලා වගේ අතපය දිගෑරලා එක එක කාමර වලයි, සොල්දරෙයි ආතල් එකේ ඉන්නවලු. ඉතින් බාස්ලව නවත්තල ටික දවසක් යද්දී මුන් දවසක් දැකල තියෙනවා කොන්ඩේ දිග, කළු පොඩි කොල්ලෙක් ගේ ඇතුලේ ඉන්නවා, මුන් ගණන් අරන් නැහැ, ඊට පස්සේ රෑ නිදාගන්න ගියහම එකෙක් දැකලා තියෙනවා කළු, කොන්ඩේ දිග කොල්ලෙක් බිත්තිය දිගේ නගිනවා, ඒ පාර බාස් කෑ ගහල "ඒයි ඒයි කොහෙද ඔය නගින්නේ, වැටෙයි" කියල, එතකොටම අර කොල්ල අනික් පැත්ත හැරිලා බිත්තිය දිගේ බඩගාගෙන ඇවිත් අරුගේ බෙල්ල මිරිකලා, අරූට හෙල්ලෙන්නවත් බැරි වෙලා, කෑගැහුවට සද්දේ පිටවෙලත් නැහැ, පස්සේ දගලද්දී අනිත් එවුන් එනකොට කොල්ල අතුරුදහන්ලු. එදා ඉඳන් මුන් ටික ඒ ගෙදර ඉන්න බැහැ කියල නහයෙන් අඬනවා, පස්සේ වෙන ගෙයක් හොයල දෙනකන් කට්ටියම එකට ගුලිවෙලා තමා රෑට නිදාගෙන තියෙන්නේ, ඔන්න ඕකයි කතාව. දැන් ඉතින් මේක කියවලා බය වෙලා මගේ රේප් එහෙම කපනවා නෙවෙයි ඕන්.