2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    රොබින් හුඩ්
    රොබින්සන් අන්දරය
    මාය බන්ධන
    ඕශන් ගර්ල්
    තන්ඩර්ස්ටෝන්
    යන්ග් හර්කියුලීස්
    සීනා
    හා හා හරි හාව
    දිස්තර හොද හිත
    පන් පසිදුවන්
    ගලිවර් සහ ලිලිපුට්ටන්

    එකී මෙකී නොකී ඔක්කොම පට්ට..හ්ම්ම්ම්

    :yes::yes:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    නෑ බන්. . . ඔය දෙකම බැලුවේ පස්සෙ කාලෙක හොයාගෙන . .

    11.gif
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රොබින් හුඩ්
    රොබින්සන් අන්දරය
    මාය බන්ධන
    ඕශන් ගර්ල්
    තන්ඩර්ස්ටෝන්
    යන්ග් හර්කියුලීස්
    සීනා
    හා හා හරි හාව
    දිස්තර හොද හිත
    පන් පසිදුවන්
    ගලිවර් සහ ලිලිපුට්ටන්

    එකී මෙකී නොකී ඔක්කොම පට්ට..හ්ම්ම්ම්

    මතක් කරන්න එපා ඔ්වා. . . හෙටම ගේමක් දෙනවා ජා.රූ.ස. වට
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සස්ලිත් ... අපේ පුංචි කාලේ ගැන අලුත් පරම්පරාවට ඇඟවීමක් කරන එක ගැන ස්තුතියි...

    ගෙදර අදීක්ෂණයෙන් එහාට යන්න අවසර නැති කාලේ ඉස්කෝලේ ඇරිලා ඇවිත් බට තුවක්කු හදාගෙන හොරා පොලිස් කරන්න ගම පුරා දිව්වා හැටි, දුනු ඊතල හදාගෙන රොබින්හුඩ් කරපු හැටි, සෙල්ලම් කාර් හදාගෙන ගම පුරා කොල්ලෝ කුරුට්ටෝ එක්ක සෙල්ලම් කරපු හැටි, දෙපැත්තට බෙදිලා ක්‍රිකට් ගහපු හැටි, TV එකක් තියන එකම එක ගෙදරට එකතු වෙලා නයිට් රයිඩර්, රොබින් හුඩ්,, අඹ යාළුවො බලපු හැටි මතක් වෙද්දී අද කාලේ ඒ වයසේ දරුවෝ ගැන දැනෙන්නේ කනගාටුවක්...

    ගෙදර අදීක්ෂණයෙන් මිදුනයින් පස්සේ උසස්පෙළ කරපු කාලේ ගෙදරට හොරෙන් මුහුදේ නාන්න ගිය හැටි, පාඩම් කරන්න සෙට් වෙලා රෑට හොරෙන් කුරුම්බා කඩපු හැටි, සෙට් එකේ එකෙක් ට්‍රයි කරන කෙල්ලට ට්‍රයි කරන අනික් කොල්ලෝ එක්ක ගහමරා ගත්තු හැටි මතක් වෙද්දී අද දැනෙන හැගීම හරිම සුන්දරයි.. එදා ගහමරාගත්තු අපි අද ෆේස්බුක් යාළුවො...අද ඒ වයසේ ළමයි ගැනත් කනගාටුවක් තමයි දැනෙන්නේ... ළමයි සම්භාන්ධකම් නැති හැගීම් නැති කොට්ටාශයක් කරන්න අපිත් නිල නොවෙන මට්ටමින් දායක උනාද මන්ද...

    පරිඝනකය, පරිඝනක ක්‍රීඩා ,අන්තර්ජාලය, දරුවන්ගේ ළමාකාලය විනාසකරලා දැම්මද පවතින ආර්ථිකය සහ අද්‍යාපනික තරඟය නිසා එකිනෙකා අතර සම්භන්ධකම් පවත්වන්න වර්තමාන දෙමාපියන් සහ දරුවන් උනන්දුවක් නැතිද කියන එක ගැන හිතන්න වෙනවා...