2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සස්ලිත් ... අපේ පුංචි කාලේ ගැන අලුත් පරම්පරාවට ඇඟවීමක් කරන එක ගැන ස්තුතියි...

    ගෙදර අදීක්ෂණයෙන් එහාට යන්න අවසර නැති කාලේ ඉස්කෝලේ ඇරිලා ඇවිත් බට තුවක්කු හදාගෙන හොරා පොලිස් කරන්න ගම පුරා දිව්වා හැටි, දුනු ඊතල හදාගෙන රොබින්හුඩ් කරපු හැටි, සෙල්ලම් කාර් හදාගෙන ගම පුරා කොල්ලෝ කුරුට්ටෝ එක්ක සෙල්ලම් කරපු හැටි, දෙපැත්තට බෙදිලා ක්‍රිකට් ගහපු හැටි, TV එකක් තියන එකම එක ගෙදරට එකතු වෙලා නයිට් රයිඩර්, රොබින් හුඩ්,, අඹ යාළුවො බලපු හැටි මතක් වෙද්දී අද කාලේ ඒ වයසේ දරුවෝ ගැන දැනෙන්නේ කනගාටුවක්...

    ගෙදර අදීක්ෂණයෙන් මිදුනයින් පස්සේ උසස්පෙළ කරපු කාලේ ගෙදරට හොරෙන් මුහුදේ නාන්න ගිය හැටි, පාඩම් කරන්න සෙට් වෙලා රෑට හොරෙන් කුරුම්බා කඩපු හැටි, සෙට් එකේ එකෙක් ට්‍රයි කරන කෙල්ලට ට්‍රයි කරන අනික් කොල්ලෝ එක්ක ගහමරා ගත්තු හැටි මතක් වෙද්දී අද දැනෙන හැගීම හරිම සුන්දරයි.. එදා ගහමරාගත්තු අපි අද ෆේස්බුක් යාළුවො...අද ඒ වයසේ ළමයි ගැනත් කනගාටුවක් තමයි දැනෙන්නේ... ළමයි සම්භාන්ධකම් නැති හැගීම් නැති කොට්ටාශයක් කරන්න අපිත් නිල නොවෙන මට්ටමින් දායක උනාද මන්ද...

    පරිඝනකය, පරිඝනක ක්‍රීඩා ,අන්තර්ජාලය, දරුවන්ගේ ළමාකාලය විනාසකරලා දැම්මද පවතින ආර්ථිකය සහ අද්‍යාපනික තරඟය නිසා එකිනෙකා අතර සම්භන්ධකම් පවත්වන්න වර්තමාන දෙමාපියන් සහ දරුවන් උනන්දුවක් නැතිද කියන එක ගැන හිතන්න වෙනවා...
    :sorry::sorry::sorry::sorry::dull::dull::dull:

    අපෙ ළමාකාලෙ සුන්දරයි... දැන් ළමාකාලෙ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ ලමාකාලය සුන්දර කරපු ටයිටස් තොටවත්ත කියන මේ සුන්දර මනුස්සය ගැන අමතක කරොත් අසාධාරණක් වෙයි..

    Titus-Thotawatte-photo-courtesy-biography-by-Nuwan-Nayanajith-Kumara.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වාව් ඉල්ලුවා විතරයි සින්දුව හම්බුනා...බොහොම පින්...නියම රේඩියෝ ටීම් එකක් තමයි...එලකිරි!!!:cool::cool::cool:
    4719011.jpg

    එළකිරි රේඩියො... හැමදාම පට්ටය


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


     
    • Like
    Reactions: ijay

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සෙරෙප්පු කපල රෝද හදාගෙන ලොරි, කරත්ත හදපු හැටි තවම මතකයි. දැන් නම් ගෙදර සෙරෙප්පු සපත්තු හංගන්නේ බල්ලො උස්සයි කියල. ඒත් ඉස්සර ඒව හැංගුවේ අපෙන්