1)මචන් ටික දවසක් කියන්නෙ කොච්චර කල් මේක තියෙනවද?(මාසයක් Peritol බීලා තියෙනවා කියන්නේ Peritol බෝන හෙතුවත් කෑම අරුචියද නැත්නම් වෙන හෙතුවක්ද?එහෙමනම් කොච්චර කල් කෑම අරුචිය තියෙනවද?)
2)කෑම අරුචිය මිසක් ගිලීමේ අපහසුවක් නෑනේ.
3)බර අඩුවීමක් තියෙනවද? නත්නම් ඉස්සරත් මේ වගේම බර අඩුද? නැත්නම් මහත් වෙන ගතියක් තියෙනවද?
4)කම්මැලිගතියක් ,නිදිමත ගතියක්,පෙරට වඩා ඉක්මණින් වෙහෙසට පත්වීමක් හෝ ක්ලාන්තවීමක් වෙලා තියෙනවද?
5)වෙන මොනවත් රෝග ලක්ෂණ තියෙනවද?(දිගු කල් පවතින කැස්ස, මලපහ කිරීමේ වෙනසක්-වාර ගණන/පාට /ස්වභාවය ,බඩේ වේදනාවක්/ගැස්ට්‍රයිටිස් ,උණ ,ඇස් කහ පාට වීමක්, මුත්‍රාවල වෙනසක්,ඇග කැසීම,හිසරදය,තැල්මක් ඇති වු ස්ථානවල දම් පැහැවීමක් හො වෙනත් )
6) වෙන මොනවත් අසනීප තියෙනවද?
7)මේක පටන් ගන්න කාලේ ජිවීතයෙ මොනවත් වෙනසක් වුනාද?
8)කෑම කන්නේ ගෙදරින්ද?කඩෙන්ද ? වෙනත් තැනකින් කනකොටත් කෑම අරුචිය තියෙනවද? නැත්නම් එක තැනකට විතරද මේක බලපාන්නේ?
9) මොනවත් මානසිකව වදදෙන දෙයක් තියෙනවද? නැතිනම් නිතරම කණගාටු ස්වභාවයකින් පසුවෙනවද?
මචන් කෑම අරුචියට ගොඩක් හේතු තියෙනවා.ඉතින් මොකක් හරි හේතුවක් තියෙනවනම් හෙතුවට පිලියම් කිරීම තමයි වෙන්න ඕනේ.ඒක නිසා කෑම අරුචියට බෙහෙතක් කියලා විශේෂ මොනවත් කියන්න බෑ.මීට කලින් මේකට බෙහෙත් අරගෙන හෝ පරික්ෂණ කරලා තියෙනවද?
BMI - 15.7 කියන්නේ නම් බර මදි.
ඔයාජොබ් එකක් කරනවද? නැත්නම් තාම ඉගෙන ගන්නවද? බොහෝවිට ස්ට්‍රේස් එකටත් මෙහෙම වෙන්න පුලුවන්.
නැත්නම් ඔයා එක තැනකටම වෙලා ඉන්න කෙනෙක්නම් එකත් කෑමරුචියට බලපානවා.ටිකක් ඇක්ටිව් වෙන එකෙනුත් කෑමරුචිය වැඩිවෙනවා.
ඊට අමතරව කෑම අරුචිය ඇතිවන අවස්ථා තමයි තයිරොක්සීන් ඌනතාවය,ආහාර මාර්ගයේ රෝග,ලන්කාව වගේ රටවල්වල ක්ෂය රෝගය, වකුගඩු රෝග,අක්මාවේ රෝග තත්ත්වයන් සහ සමහර රුධිර රෝග තත්ත්ව.(බය වෙන්න එපෝ මේ වගේ දෙවල්වල්දිත් මෙහෙම වෙන්න පුලුවන් කියන්න මේ ටික ලිව්වේ)
කෑම අරුචිය නිසාත් සමහර ප්‍රශ්න එන්න පුලුවන් රක්තහීනතාවය,විටමින් ඌනතාවයන් වගේ. එහෙම ප්‍රශ්නයක් නැත්නම් සප්ලෙමන්ට්ස් විශේෂයෙන් ගන්න අව්ශ්‍යතාවයක් නෑ.
උඩින් අහලා තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න.ඊට පස්සෙ බලමු මොකද්ද කරන්න පුලුවන් කියලා.