‘මහණෙනි! දෙමාපියන්ගේ පුත්ර සෙනෙහස තම සිවිය සිඳගෙන හමේ නතර වෙනවා. හම සිදුරු කරගෙන මස්වල නතර වෙනවා. මස් සිඳගෙන නහරවැල නතර වෙනවා. නහර සිඳගෙන ඇටකටුවල නතර වෙනවා. ඇට සිඳගෙන ඇට මිදුලුවල නතර වෙනවා.
ලෝකයෙහි ඇත්ත ඇති සැටියෙන් සියල්ල දක්නා නුවණින් දුටු ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මව්පිය සෙනෙහස ඉතා අර්ථවත්ව හේතු සාධක සහිතව මිනිස් සමාජයේ මහා බලයක්ව පවතින බව අපට හමුනොවන බුද්ධියට ගෝචර නොවන පැතිකඩක් ඉතා පැහැදිලිව පෙන්වා දුන්හ. අප දරුවන් වශයෙන් මේ ගැන සිතා විමසා බලා දෙමව්පියන් ගේ ගුණ ගැන සිතා මානුෂිකත්වයෙන් වටහා ගත යුතුයි. දරුවන් සම්බන්ධව ඇති මව්පිය ස්නේහය තම නහර ඇටමිදුලු වල කිඳාබැස ගෙන ඇතිබව නිසාම මහා බ්රහ්ම ගුණ දෙමව්පියන්ට ඇත.
මහණෙනි, මෙලොව අප දකින මහා බ්රහ්මයා මව්පියන්ය. ඉතාමත් පැහැදිලිව බුදුපියාණන් වහන්සේ මව්පියන්ට සැලකීම මෙසේද අවධාරණය කරනවා.
මව්පියන් දරුවන්ට කළ සැලකිල්ලට උපස්ථානයට ණය ගෙවන්න ඒ දෙදෙනා උරහිස තබා මුළු ජීවිත කාලයම කැප කරලත් බැරි බව දේශනා කළහ.
වතුරුගම ගම්පහ සිරි සීවලී හිමි
https://www.facebook.com/path.nirvana/posts/880336505367006:0