ඇස්_වලට_කඳුළු_ආවා.............

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇස්_වලට_කඳුළු_ආවා.............

    මට මේක හම්බුනේ බුකියේ කරක් ගහනකොට..... මේක කියෝනකොට මටනම් මහා පුදුම වේදනාවක් ආවා.... ඇස් වලට කඳුලුත් ආවා........ :(:(


    11866362_921999961222457_5838346141041055846_n.jpg


    මටත් කලින් උඹ ගියාද..
    දන්නෙ නැහැනෙ ඒ වග මම.
    ඉස්සර නම් කන්තෝරුවෙ ලඟම තිබුන මේස දෙකේ රටේම තොරතුරු
    බෙදගත්තා.. අපි දෙන්නා
    ඒ විතරද..
    පුංචි වුන්ගෙ දඟ වැඩ ගැන
    මහත්තයගෙ සැර වැර ගැන
    දාහක් දේ කතා කරලා
    ගෙවිලා ගියපු කාලය මොනතරම් දිගද..
    දරු මල්ලොත් දීග දීලා
    පැන්ෂොන් පෝලිමෙත් එකට
    ක්ලිනික් ගියෙත් අපි එකටම..
    පසු ගියදා ක්ලිනික් එකට උඹ ආවේ නැති වුනාම හිතුනෙම නෑ මිතුරියෙ මට මෙහෙම දෙයක් ගැන නම්
    දැන් කව්රුද අපිට කියන්නේ පණිවිඩ..
    මට ටික දවසකට කලින් පැන්ෂන් ගිය උඹ
    මේ ගමනත් ඒ වගේම මටත් කලින් යන්න ගිහිං...
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,781
    6,358
    113
    ගග අද්දර
    අපිටත් දවසක ඔහොම වේවි බන්,
    මාත් උබේ මරණ දැන්වීම ගාවට ඇවිත් හිතනවා කිරියේ අපි පොස්ට් දාපු හැටි.
    මන් උබට කලින් ගියොත් උබ මගේ මරණ දැන්වීම දිහා බලන් එහෙම හිතපන්.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :(:(
    :(:(
    :(:(
    :(:(
    අපිටත් දවසක ඔහොම වේවි බන්,
    මාත් උබේ මරණ දැන්වීම ගාවට ඇවිත් හිතනවා කිරියේ අපි පොස්ට් දාපු හැටි.
    මන් උබට කලින් ගියොත් උබ මගේ මරණ දැන්වීම දිහා බලන් එහෙම හිතපන්.
    හ්ම්ම්.... මේකේ මහා ගොඩක් වචන නෑ.. තියන වචන වලින් හැමදේම තේරුම් ගන්න පුළුවන්.... මුළු ජීවිතේම...... :(:(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :( :(

    අපිටත් ඕකමයි වෙන්නෙ බං.. ඒක ජිවත් වෙන්නයි ඕනෙ..
    (ගොඩක් මිනිස්සුන්ට ඉන්න හැටි දැක්කම ඕක මතක නෑ)
     
    • Like
    Reactions: dinuka rukshan

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මැරෙද්දි ගෙනියන්නේ කර්මය විතරයි... ඒ නිසා පුළුවන් තරම් අකුසල් අඩුවෙන් හා කුසල් වැඩියෙන් ගෙනියන්න අද සිට ඉටා ගන්න..!!!
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක් මචං....
    අද හිනා වෙලා කතා කරලා, හෙට උදේ බලද්දී එයා අපිව දාල ගිහිං.....
    රජ මැදුරක හිටියත් පුංචි පැල්පතක හිටියත් මාරයා ඇවිත් යන් කියල කිවුව ගමන් හිත හිත ඉන්න වෙන්නේ නැහැ...
    යන්න වෙනවා...
    කාගේ මොන බලෙත් එතෙන්දි පරාදයි....
    ඉන්න ටික කාලේදී වැඩකට ඇති දේවල් වටිනා කියන දේවල් කරන කෙනා මැරුණම නම රක ගන්නවා...
    මෙතන සීන් එක ගොඩක් දුකයි....
    තමන්ටත් කොයි වෙලේ හො මෙහෙම වෙයි නේද කියල හිතේ පොඩි දුකක් ඇති වෙන්න ඇති...
    ආස කරන අය සේරම දාල යන්න වෙනවනේ....