මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එකනේ බන් මමත් 2013 join උනේ. තාමත් තිබ්බා වගේමයි. :dull:
    ලෝකය දිනෙන් දින වෙනස් වන බැවින් කිරියත් වෙනස් විය යුතුයි කියා මගේ නම් අදහස :rolleyes:

    :sorry::sorry::sorry:
    ඉස්සර මේකට මෙම්බර්ස් ල ජොයින් වෙලා තියෙන්නේ සින්දු බාන්න ..
    මං මේකට ජොයින් උනේ multiplayer game සර්වර්ස් හින්ද ..

    අද වෙනකොට ඔය දෙකම නෑ .. :lol: එතකොට අද වෙද්දී වැදගත් මිනිහෙක්ට මේකට ජොයින් වෙන්න හේතුවක් නැතුවයි තියෙන්නේ .. වැල කතා වැල ත්‍රෙඩ් කුණුහරප විතරක් මේකේ යන හින්ද වර්තමානේ ගොඩක් උන් ජොයින් වෙන්නේ තමන්ට කුණුහරප බලන්න සහ කියන්න තියෙන අසාවට . :dull:

    කුණුහරප කිව්වට කමක් නෑ බන් .. මමත් කියනවා කියන්න ඕනේ තැනට .. ඒ උනාට තැනක් නොතැනක් නැතුව හැම ත්‍රෙඩ් එකේම කියවන උන් තමයි මේක කන්නේ .. :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලියලා තියන විදිහට බොක්කෙන්ම ලියලා කියලා තේරෙනවා මචං. මේ වගේම ත්‍රෙඩ් එකක් අපේ පොල්වත්ත සහෝදරයත් දැම්මා. ඒ වගේම තව කීප දෙනෙකුත් දැම්මා.
    මේකෙන් කුණුහරුප වචන තුරන් වෙනවනම්, බාගෙට හෝ නිරුවත් රූප දාන ත්‍රෙඩ් නැති වෙනවනම්, හිටපු ගමන් ඉන්න සාමාජිකයන්ව එක්ස්පෝස් කරන්න දගලන ත්‍රෙඩ් නැති වෙනවනම් මාත් ගොඩක් කැමතී. ඒත් මචං මේව කියන උඹ හෝ මම GTRZ ගේ තැන හිටියත් මේ හැම දෙයක්ම පාළනය කරන්න ලේසි නෑ. හිතමුකෝ ඕවා කියන උන්ව බෑන් කරා කියලා, උන් තව එකව්න්ට් හදාගෙන එනවා. බෑන් කරන්න බැන් කරන්න ආයි එනවා. ඒකත් හරියට බොන එක නවත්තන්න ලංකාවේ බාර් ඔක්කොම වහන්න උත්සාහ කරා වගේ වෙනවා.
    ටිකක් හිතන්න දැන් ලංකාවේ සමාජය සහ ඔන්ලයින් එන අයගේ තත්වේ. අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ කොටසක් තමයි මෙතන ඉන්නේ. ඒ අයගේ ඇත්ත හැගිම් තමයි මෙතනදි එලියට එන්නේ. මේවගේදි හරි නම් වෙන්න ඕනේ තමන්ව ස්වාං පාලනය කර ගැනීමක්. ඒත් එහෙම වෙන්නෙ නැති එක ගැනයි කණගාටු. මමත් උඹ වගේම මේකේ එකව්න්ට් එක ලියාපදිංචි කරන්න ගොඩ කාලෙකට කලින් ඉදලා මේ සයිට් එකට ආ ගිය එකෙක් තමයි.
    මේකේ මොන මොන මත දරන අය හිටියත් ඕනි වෙලාවක තමන් නොදන්න දෙයක්, තමුන්ගේ ප්‍රශ්ණයක් කියලා ත්‍රෙඩ් එකක් දාපංකෝබලන්න මේකේ ඉන්න එව්න් ඒක නොසලකා හරිද කියලා. අඩුම තරමේ බම්ප් එකක් හරි දාලා යනවා. අධ්‍යාපන ෆෝරම් කියලා ඇරගෙන ඉන්න පොඩි පොඩි ෆෝරම්වල ඉන්න සාමාජිකයෝන්ගේ හැසිරීමයි මේකේ අයගේ හැසිරීමයි බලපංකෝ. ඒ අතින් මේකේ ඉන්නේ ගොඩක් ගොඩක් හොද සාමාජික පිරිසක්.
    අනිත් එක මචං උඹ කියලා තියනවා කොටු වැඩි කර ගන්න හැටි දන්නවා කියලා. ඒ ටික දැක්කම නම් මට උඹ ගැන දුක හිතුනා. මොකද මොකද මේකේ වැඩි රෙප් පවර් එකක් තියන පරණ සාමාජිකයෝ බහුතරයක් ඒ වගේ 2.50 හේ ත්‍රෙඩ් දාන එව්න්ට රෙප් දිදී උන්ගේ කොටු පුරවන්න මහන්සි වෙන්නෙ නැ. හොද ත්‍රෙඩ් දැම්මොත් කොටු පිරෙනවා ආයි රෙප් ඉල්ලන්න ඕනි නෑ.
    උඹලා මචං රෙජිස්ටර් වෙලා මේක බල බල විතරක් ඉදලා මේක යහපත් තැනක් කරන්න බෑ. තමන් දන්න දේවල් වලින් ත්‍රෙඩ් දාලා මේකට යමක් දීපං. පුලු පුලුවන් වෙලාවට මේකට ඇවිල්ලා ත්‍රෙඩ් වලට අඩුම තරමේ බම්ප් එකක් වත් දාපං. යන හොද ත්‍රෙඩ් කියවලා කමෙන්ට් කරපං. ඒවගෙන් තමයි ෆෝරම් එකක පැවැත්ම හොද වෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    31,999
    113
    එහෙම ගත්තොත් නම් මගේ මුල්ම එළකිරි account එක create කලේ 2007 දී ඒත් ඒකෙ user name අමතකයි බං. :(
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    රටක සමාජයක මානව සම්පත ඉතා වැදගත්. එලකිරි ඔන්ලයින් සමාජයේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැනුමෙන් හා අත්දැකීම් වලින් පරිපූර්ණ පිරිසක් සිටිනවා.

    අපි හුගක් වෙලවට ඕනම ප්‍රශ්නයක් මුලින්ම අරගෙන යන්නේ යාලුවෙක් ගාවට. ඇත්ත සමාජයේ අපේ ගැටලුවට අදාලව උදව්වක් ගන්න දැනුමක් හෝ හැකියාවක් තියෙන යාලුවෙක් නැතිවෙන්න පුලුවන්. ඒත් එලකිරිය වගේ තැනකින් ඒ උදව්ව ගොඩක් ලේසියෙන් ගන්න පුලුවන් වෙන්නේ මේකෙ දියුණු මානවසම්පතක් තිබෙන නිසා. විශේෂයෙන්ම මේක ගොඩක් වටිනවා පිටරටක ජීවත්වෙන කෙනෙක්ට.

    කාලෙන් කාලෙට ප්‍රවීනයෝ වෙනස් වෙනවා නමුත් කවුරුන් හෝ රැදිලා හිටීවි.
    මේ ටික මට මතක් වෙන විදියට කියන්නේ.

    1. මේකෙ සෑහෙන්න ඉන්නවා වෛද්‍යවරු, වෛද්‍ය ශිෂ්‍යයන්. මොකක්හරි සෞඛ්‍ය ගැටලුවකදි උපදෙස් වගේම සෑහෙන උදව්වක් කරන්න පුලුවන් අය ඉන්නවා.
    2. දත් කිබුලා වගේ අය මේකෙ සෑහෙන දෙනාට උදව් කරනවා දන්ත සෞඛ්‍ය පිලිබද ගැටලු වලදී. ඒ විතරක් නෙමෙයි කටට රහට කෑම වට්ටෝරුවක් එහෙමත් කියලා දෙනවානේ.
    3. ඉංජිනේරු ක්ෂේත්‍රයේ ගොඩක් දෙනා ඉන්නවා. නම් විදියට මතක නෑ, නමුත් ගෙයක් හදන්න සිවිල් ඉංජිනේරු සහය, යන්ත්‍ර සූත්‍ර පිලිබද යාන්ත්‍රික ඉංජිනේරු සහාය වගේ ගොඩාක් දේවල් මේකෙන් ලැබෙනවා.
    4. පොල්වත්තලා, රත්තරංලා, IDGලා වගේ අයගෙන් වාහන ගැන කොච්චර දේවල් ඉගෙන ගන්නවාද?
    5. වාහනයක් ගෙන්නගන්න ඕනනම් ක්‍රීඩ් වගේ අයගේ උදව් තියනවා.
    6. තනුජකලා වගේ අය නීතිය පැත්තෙන් සෑහෙන උපදේස්, උදව් දෙනවා.
    7. IT,computer, phone, electronics අනංමනං හැම මගුලක් ගැනම , ඕනම ප්‍රශ්නෙකදි මේකෙ සෑහෙන පිරිසක් ඉන්නවා උදව් කරන්න.
    8. O/L හෝ ඊට පහල පන්තිවල ප්‍රශ්න, වැම්පයර් සොම්බි ගැන ප්‍රශ්න ඕන එකක්දී මාර්ක්හැලොස් :P

    ඉතින් මේ දැම්මේ මට මතක්වෙච්ච කිහිපයක් විතරයි. තව මේකෙ කොච්චරනම් වටිනා සාමාජිකයෝ ඉන්නවාද? ඉතින් දේශපාලනය හෝ වෙන කරුණු කාරණාවලට නිකරුනේ මේකෙ රංඩුවෙලා අපි මේ වටිනා සමාජය කාගන්න ඕන නෑ නේද? මේක ඇතුලේ කුනුහරුප වැපිරුවාම ඉස්සරහට වැදගත් මනුස්සයෙක් මේකෙ රැදෙන එකක් නෑ. නිකන් බොරුවට රණ්ඩු වෙන්න, කුනුහරුප අහගන්න තමන්ගේ කාලය නාස්තිකරගන්නේ නෑනේ. ඉතින් ඒකෙ පාඩුවත් අපිටම තමයි. අපි අපේ හැදියාව සංයමය හදාගත්තානම් අපිට එලකිරිය තුල මීටවඩා අර්ථාන්විතව ජීවත් වෙන්න පුලුවන් වෙයි.

    මාත් එක්ක මේ සංවාදෙට බොහෝ දෙනා එකතු වුනා. සෑහෙන වටින අදහස් එකතු කලා. හුගක් අය රෙප් දීල තියෙනවා. මේ ත්‍රෙඩ් එකෙන් වටිනා යමක්, අදහසක් මතු වුනානම් ඒක මට ලොකු සතුටක්. හැම දෙනාටම බොහොම ස්තූතියි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,877
    113
    -~උලක් උඩ-~
    :sorry::sorry::sorry:
    ඉස්සර මේකට මෙම්බර්ස් ල ජොයින් වෙලා තියෙන්නේ සින්දු බාන්න ..
    මං මේකට ජොයින් උනේ multiplayer game සර්වර්ස් හින්ද ..

    අද වෙනකොට ඔය දෙකම නෑ .. :lol: එතකොට අද වෙද්දී වැදගත් මිනිහෙක්ට මේකට ජොයින් වෙන්න හේතුවක් නැතුවයි තියෙන්නේ .. වැල කතා වැල ත්‍රෙඩ් කුණුහරප විතරක් මේකේ යන හින්ද වර්තමානේ ගොඩක් උන් ජොයින් වෙන්නේ තමන්ට කුණුහරප බලන්න සහ කියන්න තියෙන අසාවට . :dull:

    කුණුහරප කිව්වට කමක් නෑ බන් .. මමත් කියනවා කියන්න ඕනේ තැනට .. ඒ උනාට තැනක් නොතැනක් නැතුව හැම ත්‍රෙඩ් එකේම කියවන උන් තමයි මේක කන්නේ .. :dull:
    ඒක එක එක්කෙනාගෙ අදහස.. මම විශ්වාස කරනවිදිහට කුනුහරුප කියන්න ඕනෙ කරන තැනක් තියෙන්න විදිහක් නැහැ.(මම මේ කියන්නේ සීරියස් විදිහට කියන අය ගැන ) කුනුහරුප කියැවෙන්න එකම හේතුව තරහා යෑමයි. වෙන හේතු නැහැ. එයින් ගම්‍යය වෙන්නේ ඔබ විසින් කුනුහරුප කියන්නට හේතු පුද්ගලයා ඔබ තරහ ගස්සවා ඇති බවයි.ඉතින් කුනුහරුප කීමෙන් ඔබ අන්‍යන්ගේ බලපෑම් වලට පහසුවෙන් නතු වන බව අනුන්ට පෙනෙන්නට සලස්වනවා සේම ෆෝරම් එකත් අප්‍රිය තැනක් කරනවා
    :)oba kiwwe robin hood wage ekekuta neweyi podhuwe siyalu dhenaata
     
    Last edited:

    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    රටක සමාජයක මානව සම්පත ඉතා වැදගත්. එලකිරි ඔන්ලයින් සමාජයේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැනුමෙන් හා අත්දැකීම් වලින් පරිපූර්ණ පිරිසක් සිටිනවා.

    අපි හුගක් වෙලවට ඕනම ප්‍රශ්නයක් මුලින්ම අරගෙන යන්නේ යාලුවෙක් ගාවට. ඇත්ත සමාජයේ අපේ ගැටලුවට අදාලව උදව්වක් ගන්න දැනුමක් හෝ හැකියාවක් තියෙන යාලුවෙක් නැතිවෙන්න පුලුවන්. ඒත් එලකිරිය වගේ තැනකින් ඒ උදව්ව ගොඩක් ලේසියෙන් ගන්න පුලුවන් වෙන්නේ මේකෙ දියුණු මානවසම්පතක් තිබෙන නිසා. විශේෂයෙන්ම මේක ගොඩක් වටිනවා පිටරටක ජීවත්වෙන කෙනෙක්ට.

    කාලෙන් කාලෙට ප්‍රවීනයෝ වෙනස් වෙනවා නමුත් කවුරුන් හෝ රැදිලා හිටීවි.
    මේ ටික මට මතක් වෙන විදියට කියන්නේ.

    1. මේකෙ සෑහෙන්න ඉන්නවා වෛද්‍යවරු, වෛද්‍ය ශිෂ්‍යයන්. මොකක්හරි සෞඛ්‍ය ගැටලුවකදි උපදෙස් වගේම සෑහෙන උදව්වක් කරන්න පුලුවන් අය ඉන්නවා.
    2. දත් කිබුලා වගේ අය මේකෙ සෑහෙන දෙනාට උදව් කරනවා දන්ත සෞඛ්‍ය පිලිබද ගැටලු වලදී. ඒ විතරක් නෙමෙයි කටට රහට කෑම වට්ටෝරුවක් එහෙමත් කියලා දෙනවානේ.
    3. ඉංජිනේරු ක්ෂේත්‍රයේ ගොඩක් දෙනා ඉන්නවා. නම් විදියට මතක නෑ, නමුත් ගෙයක් හදන්න සිවිල් ඉංජිනේරු සහය, යන්ත්‍ර සූත්‍ර පිලිබද යාන්ත්‍රික ඉංජිනේරු සහාය වගේ ගොඩාක් දේවල් මේකෙන් ලැබෙනවා.
    4. පොල්වත්තලා, රත්තරංලා, IDGලා වගේ අයගෙන් වාහන ගැන කොච්චර දේවල් ඉගෙන ගන්නවාද?
    5. වාහනයක් ගෙන්නගන්න ඕනනම් ක්‍රීඩ් වගේ අයගේ උදව් තියනවා.
    6. තනුජකලා වගේ අය නීතිය පැත්තෙන් සෑහෙන උපදේස්, උදව් දෙනවා.
    7. IT,computer, phone, electronics අනංමනං හැම මගුලක් ගැනම , ඕනම ප්‍රශ්නෙකදි මේකෙ සෑහෙන පිරිසක් ඉන්නවා උදව් කරන්න.
    8. O/L හෝ ඊට පහල පන්තිවල ප්‍රශ්න, වැම්පයර් සොම්බි ගැන ප්‍රශ්න ඕන එකක්දී මාර්ක්හැලොස් :P

    ඉතින් මේ දැම්මේ මට මතක්වෙච්ච කිහිපයක් විතරයි. තව මේකෙ කොච්චරනම් වටිනා සාමාජිකයෝ ඉන්නවාද? ඉතින් දේශපාලනය හෝ වෙන කරුණු කාරණාවලට නිකරුනේ මේකෙ රංඩුවෙලා අපි මේ වටිනා සමාජය කාගන්න ඕන නෑ නේද? මේක ඇතුලේ කුනුහරුප වැපිරුවාම ඉස්සරහට වැදගත් මනුස්සයෙක් මේකෙ රැදෙන එකක් නෑ. නිකන් බොරුවට රණ්ඩු වෙන්න, කුනුහරුප අහගන්න තමන්ගේ කාලය නාස්තිකරගන්නේ නෑනේ. ඉතින් ඒකෙ පාඩුවත් අපිටම තමයි. අපි අපේ හැදියාව සංයමය හදාගත්තානම් අපිට එලකිරිය තුල මීටවඩා අර්ථාන්විතව ජීවත් වෙන්න පුලුවන් වෙයි.

    මාත් එක්ක මේ සංවාදෙට බොහෝ දෙනා එකතු වුනා. සෑහෙන වටින අදහස් එකතු කලා. හුගක් අය රෙප් දීල තියෙනවා. මේ ත්‍රෙඩ් එකෙන් වටිනා යමක්, අදහසක් මතු වුනානම් ඒක මට ලොකු සතුටක්. හැම දෙනාටම බොහොම ස්තූතියි.

    must add "Radioactive" to this list.
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    ලියලා තියන විදිහට බොක්කෙන්ම ලියලා කියලා තේරෙනවා මචං. මේ වගේම ත්‍රෙඩ් එකක් අපේ පොල්වත්ත සහෝදරයත් දැම්මා. ඒ වගේම තව කීප දෙනෙකුත් දැම්මා.
    මේකෙන් කුණුහරුප වචන තුරන් වෙනවනම්, බාගෙට හෝ නිරුවත් රූප දාන ත්‍රෙඩ් නැති වෙනවනම්, හිටපු ගමන් ඉන්න සාමාජිකයන්ව එක්ස්පෝස් කරන්න දගලන ත්‍රෙඩ් නැති වෙනවනම් මාත් ගොඩක් කැමතී. ඒත් මචං මේව කියන උඹ හෝ මම GTRZ ගේ තැන හිටියත් මේ හැම දෙයක්ම පාළනය කරන්න ලේසි නෑ. හිතමුකෝ ඕවා කියන උන්ව බෑන් කරා කියලා, උන් තව එකව්න්ට් හදාගෙන එනවා. බෑන් කරන්න බැන් කරන්න ආයි එනවා. ඒකත් හරියට බොන එක නවත්තන්න ලංකාවේ බාර් ඔක්කොම වහන්න උත්සාහ කරා වගේ වෙනවා.
    ටිකක් හිතන්න දැන් ලංකාවේ සමාජය සහ ඔන්ලයින් එන අයගේ තත්වේ. අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ කොටසක් තමයි මෙතන ඉන්නේ. ඒ අයගේ ඇත්ත හැගිම් තමයි මෙතනදි එලියට එන්නේ. මේවගේදි හරි නම් වෙන්න ඕනේ තමන්ව ස්වාං පාලනය කර ගැනීමක්. ඒත් එහෙම වෙන්නෙ නැති එක ගැනයි කණගාටු. මමත් උඹ වගේම මේකේ එකව්න්ට් එක ලියාපදිංචි කරන්න ගොඩ කාලෙකට කලින් ඉදලා මේ සයිට් එකට ආ ගිය එකෙක් තමයි.
    මේකේ මොන මොන මත දරන අය හිටියත් ඕනි වෙලාවක තමන් නොදන්න දෙයක්, තමුන්ගේ ප්‍රශ්ණයක් කියලා ත්‍රෙඩ් එකක් දාපංකෝබලන්න මේකේ ඉන්න එව්න් ඒක නොසලකා හරිද කියලා. අඩුම තරමේ බම්ප් එකක් හරි දාලා යනවා. අධ්‍යාපන ෆෝරම් කියලා ඇරගෙන ඉන්න පොඩි පොඩි ෆෝරම්වල ඉන්න සාමාජිකයෝන්ගේ හැසිරීමයි මේකේ අයගේ හැසිරීමයි බලපංකෝ. ඒ අතින් මේකේ ඉන්නේ ගොඩක් ගොඩක් හොද සාමාජික පිරිසක්.
    අනිත් එක මචං උඹ කියලා තියනවා කොටු වැඩි කර ගන්න හැටි දන්නවා කියලා. ඒ ටික දැක්කම නම් මට උඹ ගැන දුක හිතුනා. මොකද මොකද මේකේ වැඩි රෙප් පවර් එකක් තියන පරණ සාමාජිකයෝ බහුතරයක් ඒ වගේ 2.50 හේ ත්‍රෙඩ් දාන එව්න්ට රෙප් දිදී උන්ගේ කොටු පුරවන්න මහන්සි වෙන්නෙ නැ. හොද ත්‍රෙඩ් දැම්මොත් කොටු පිරෙනවා ආයි රෙප් ඉල්ලන්න ඕනි නෑ.
    උඹලා මචං රෙජිස්ටර් වෙලා මේක බල බල විතරක් ඉදලා මේක යහපත් තැනක් කරන්න බෑ. තමන් දන්න දේවල් වලින් ත්‍රෙඩ් දාලා මේකට යමක් දීපං. පුලු පුලුවන් වෙලාවට මේකට ඇවිල්ලා ත්‍රෙඩ් වලට අඩුම තරමේ බම්ප් එකක් වත් දාපං. යන හොද ත්‍රෙඩ් කියවලා කමෙන්ට් කරපං. ඒවගෙන් තමයි ෆෝරම් එකක පැවැත්ම හොද වෙන්නේ.

    එකගයි.

    මම රෙප් කතාවෙන් මේකෙ හොද රෙප් පවර් එකක් තියාගෙන ඉන්න කිසි කෙනෙක්ට අපහාස කෙරුවේ නෑ. වැදගත් යමක් දැම්මොත් ඒකට ලැබිය යුතු සැලකිල්ල අනිවා ලැබෙයි. මම අදහස් කලේ ඒක නෙමෙයි.

    මම අර කිව්ව විදියට රෙප් පවර් එකක් හදාගන්න උත්සාහ කරන අය හුගක් වෙලාවට කරන්නේ ප්‍රතිවිරුද්ද දේශපාලන මතයක් ආපු ගමන් ඒකට ගහන එක. හුගක්ම වෙලාවට ඕක දකින්නේ දේශපාලනය ගැන ආපු ත්‍රෙඩ් වලදී.අන්න එහෙම තේරුමක් නැති විදියට මේක පාවිච්චි කිරීමයි මම අදහස් කලේ. හොද දේට හොදයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් පාවිච්චි කලයුතු දේ අවභාවිතයක් වීම අවාසනාවක්.

    ඇත්ත. අපෙන් මීට වඩා දායකත්වයක් ලැබිය යුතුයි. අපි උත්සාහ කරමු හැකි සෑම වෙලාවකම අර්ථාන්විත යමක් මේකට එකතු කරන්න.

    ස්තූතියි අදහසට..!!
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,877
    113
    -~උලක් උඩ-~
    must add "Radioactive" to this list.
    ඔව් එයා පරිඝනක ටෙක්නිකල් ප්‍රශ්න වලට වෙනම ත්‍රෙඩ් එකක් දාලා තියනවා දැක්කා. එයා විතරක් නෙවේ තව අය ඉන්නවා අයි පෝන් වල, ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල එහෙම ප්‍රශ්න වලට ඵොටෝග්‍රැපි වලට ඒවගේම ඉලෙක්ට්‍රොනික් වලට ත්‍රේඩ් දාගෙන උදවු කරන්න මහන්සි උනු.එක සහෝදරයෙක් මන් දැක්කා යූටියුබ් හරහා එලකිරියෙ උදවියට ඉලෙක්ට්‍රොනික් උගන්වන:)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒක එක එක්කෙනාගෙ අදහස.. මම විශ්වාස කරනවිදිහට කුනුහරුප කියන්න ඕනෙ කරන තැනක් තියෙන්න විදිහක් නැහැ.(මම මේ කියන්නේ සීරියස් විදිහට කියන අය ගැන ) කුනුහරුප කියැවෙන්න එකම හේතුව තරහා යෑමයි. වෙන හේතු නැහැ. එයින් ගම්‍යය වෙන්නේ ඔබ විසින් කුනුහරුප කියන්නට හේතු පුද්ගලයා ඔබ තරහ ගස්සවා ඇති බවයි.ඉතින් කුනුහරුප කීමෙන් ඔබ අන්‍යන්ගේ බලපෑම් වලට පහසුවෙන් නතු වන බව අනුන්ට පෙනෙන්නට සලස්වනවා සේම ෆෝරම් එකත් අප්‍රිය තැනක් කරනවා
    :)

    :yes::yes::yes: පිලිගන්නවා .. එත් එළකිරියේ දේශපාලන ත්‍රෙඩ් එකකට ඇවිල්ල පොඩ්ඩක් කතා කරන්න ට්‍රයි එකක් දීල බලපන් මචන් :) අනිවා තරහ යනවාම තමයි .. :sorry: තරහ යන්නේ අන්‍ය මතයක් ඉවසන්න බැරි හින්ද නෙවෙයි .. දෙයක් කිව්වම rep/quote වලින් කුණුහරප කියල දින්න්නන්න හදන මිනිස්සු හින්ද .. තරහ ගියත් ගොඩක් දුරට එළකිරියේ සීනියර් මෙම්බර්ස් ල එකිනෙකා කුණුහරප කියෝගන්නවා අඩුයි (සිරා) .. ෆේක් උන්ට තමයි ගොඩක් වෙලාවට හැමෝම වගේ බනින්නෙත් .. එහෙම නැතුව උන් එක්ක හොදින් කතා කරන්න හැකියාවකුත් නෑ බන් :sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,877
    113
    -~උලක් උඩ-~
    :yes::yes::yes: පිලිගන්නවා .. එත් එළකිරියේ දේශපාලන ත්‍රෙඩ් එකකට ඇවිල්ල පොඩ්ඩක් කතා කරන්න ට්‍රයි එකක් දීල බලපන් මචන් :) අනිවා තරහ යනවාම තමයි .. :sorry: තරහ යන්නේ අන්‍ය මතයක් ඉවසන්න බැරි හින්ද නෙවෙයි .. දෙයක් කිව්වම rep/quote වලින් කුණුහරප කියල දින්න්නන්න හදන මිනිස්සු හින්ද .. තරහ ගියත් ගොඩක් දුරට එළකිරියේ සීනියර් මෙම්බර්ස් ල එකිනෙකා කුණුහරප කියෝගන්නවා අඩුයි (සිරා) .. ෆේක් උන්ට තමයි ගොඩක් වෙලාවට හැමෝම වගේ බනින්නෙත් .. එහෙම නැතුව උන් එක්ක හොදින් කතා කරන්න හැකියාවකුත් නෑ බන් :sorry:
    ඔව් එතන ප්‍රශ්නයක් තියනවා තමයි:yes:.. ඒ නිසා තමයි මම වැඩිය දේශපාලන ත්‍රේඩ් වලට නො එන්නෙ.:nerd:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    31,999
    113
    මම නම් කියන්නේ ලොකු අයිය කරන දේ හරි. එයා දන්නව සමාජ ජාලයක් උනාම මේකෙ එක එක මිනිස්සු ඉන්න ඕන කියල. නැත්නම් පොඩ්ඩක් හිතපන් හැමෝම එකම විදිහි සමාන නූල් මේකෙ දැම්මොත් කොහොම තියේද? මේකෙ හැම කෙනෙක්ම ඉන්න ඕන අනික වචන භාවිතය එයාලට අවේනික උනාටත් කමක් නැහැ. හොඳ නරක තේරුම් ගන්න බැරි එකෙක්වත් නැහැනෙ මේකෙ. :dull:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    මම උබ තරම් නම් පරණ නෑ එළකිරි එකේ.. එත් මම ආව කාලෙටත් වඩා දැන් මේකේ පොස්ට් දාන විදිය පිරිහිලා තමයි.. මම මේ සයිට් එකෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගත්ත නිසා මේක පිළිවෙලකට තියනවා නම් මමත් හෙන ආසයි.. ගොඩක්ම මේක සවුත්තු කරන්නේ කිහිපදෙනෙක්.. fake ගොඩක් හදාගෙන ගොඩක් එවුන් වගේ පෙනුනට ඉන්නේ ටිකයි.. තවමත් මේකේ වැදගත් දේවල් තමයි ගොඩක් තියෙන්නේ.. අඩුම තරමේ ඒ ටික අඩු නොවී තියගන්නවත් පුළුවන් නම් ලොකු දෙයක්.. :(
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    මන් මේකේ රෙජිස්ටෙර් උනේ අද...
    ඒත් අවුරුදු ගානක් ඉදන් මේකේ සිද්ද උණු දේවල් මන් දන්නවා...;)
    2011 වගේ ඉදන්...:yes:
    ඕන් දැන් කවුරු හරි එකෙක් කියන එයි මන් මේකේ හිටපු එකෙක්ගේ ෆේක් එකක් කියලා..ලොල්...:lol::lol:
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඕනෑම රටක මොනවා තහනම් කලත් කරන එකා ඒ දේ කරනවා... එළකිරියේ උනත් කරන්න එපා කිවුවෝතින් ඒ දේ කරනවා... ඒත් මෙහෙම කලෝතින් හොඳයි කිවුවට කරන්නේ කීයෙන් කී දෙනාද... ඕනෑම ප්‍රශ්නකදී එකමුතු වෙන එක මම ගොඩක් දැකල තියෙනවා, මගේ මල්ලිගේ බබාගේ ප්‍රශ්නෙදි සියලු දෙනාම විහිලුවකට ගන්නේ නැතිව මට උදවු කළා ත්‍රෙඩ් එකේදී... අපිට මිල මුදලින් කරන්න බැරි උනත්, සමාජෙට දෙන්න පුළුවන් දෙයක් තියේනම් අපේ අමිහිරි/මිහිරි අත්දැකීම් වලින්, ඒ දේ දීල වරදට යොමු වන කෙනෙක් ඉන් මුදවාගන්න එක තමයි වටින්නේ....
    ඉස්සර අපේ පොඩි කාලේ වගේ නෙවි දැන්, මොන්ටිසෝරි යන්න කලින් ඉඳලම ඌ කියන්නේ කුණුහරුප.. ඉතිං ඒ ගතිය මෙතන කියල වෙනසක් නැහැ.... බෑන් කලෝතින් වෙන අකවුන්ට් එකක් හදාගෙන එයි... ලෝකේ හැම කොනෙන්ම මෙහෙට එන නිසා පුද්ගලිකව උපදෙස් දෙන්න බැහැනේ... කරන්න පුළුවන් එකම දෙයයි, වැදගත් ත්‍රෙඩ් බම්ප් කර කර උඩට ගන්න එක...
    එහෙම නැතිව සෙක්ස් වගේ එවුවට බැනල හරි කොමෙන්ට් කලෝතින් දැන හො නොදැන කරන්නේ වැදගත් ත්‍රෙඩ් වලට වරදක්.... එතකොට කොහොමත් හොඳ එවුව යට යනවා, ඒ ත්‍රෙඩ් දාන අයට එපා වෙනවා...