http://www.elakiri.com/forum/showthread.php?t=134250
මම මේකට සම්බන්ධ වෙන්නේ 2007 ඒ සින්දු බාගන්න , ඊලගට 2008 තමයි මේ නමින් පොස්ට් දාන්න පටන් ගන්නේ.
මේකේ හොඳම කාලය 2009-2011 වගේ. සුපිරි පොරවල් ටිකක් හිටියා ඒ දවස් වල. කවිකාරයෝ , කතන්දර කාරයෝ, මමත් ඉස්සර කවි කාරයෙක් , අපි තරගෙට කවි ලිව්වා. මගේ නමින් පරණ ත්‍රෙඩ් ටිකක් බලපන්. ඒදවස් වලනම් මාරයි. දේශපාලනය කතාකලත් පොයින්ට් එකට තර්ක කරන්නේ, දැන් මම ත්‍රෙඩ් එකක් දැම්මොත් අමු කුණුහරුප තමයි අහන්න වෙන්නේ.
පටන් ගත්තේ මේකෙන්
Code:http://www.elakiri.com/forum/showthread.php?t=134250
මතකය අලුත් කලා වගේ....![]()
මට මතකයි ඒ කාලේ සුපිරි කවි කාරයො හිටියා. කවියෙන්මයි බැන ගන්නෙත්.![]()
කවි මඩු, කවි කතා වගේ දේවලුත් ගියා. ඒ කාලේ මෙහෙම බැනගත්තේ නෑ. අපහාස උපහාස නියම ක්‍රමේට කෙරුවා.
RapidShare accounts කොච්චරනම් මේකෙන් බෙදන්න ඇත්ද?![]()



mod lawa hadagaththanam oka adu wenawa ban eth GT kemathi nethuwa athi power denna wena kenektatin tin vithara mama dakina active mod kenekta inne GT erenna
මම මේකට සම්බන්ධ වෙන්නේ 2007 ඒ සින්දු බාගන්න , ඊලගට 2008 තමයි මේ නමින් පොස්ට් දාන්න පටන් ගන්නේ.
මේකේ හොඳම කාලය 2009-2011 වගේ. සුපිරි පොරවල් ටිකක් හිටියා ඒ දවස් වල. කවිකාරයෝ , කතන්දර කාරයෝ, මමත් ඉස්සර කවි කාරයෙක් , අපි තරගෙට කවි ලිව්වා. මගේ නමින් පරණ ත්‍රෙඩ් ටිකක් බලපන්. ඒදවස් වලනම් මාරයි. දේශපාලනය කතාකලත් පොයින්ට් එකට තර්ක කරන්නේ, දැන් මම ත්‍රෙඩ් එකක් දැම්මොත් අමු කුණුහරුප තමයි අහන්න වෙන්නේ.
පටන් ගත්තේ මේකෙන්
Code:http://www.elakiri.com/forum/showthread.php?t=134250
ගතවුනු අවසාන වසර කිහිපය තුල මම එලකිරිය තුල මහා පිරිහීමක් දැක්කා. පොඩි එකෙක් ත්රෙඩ් එකක් සම්පූර්ණයෙන් කියෙව්වොත් ඌ ලංකාවේ පාරිභාෂික සියලූම කුනුහරුප උක්ත ආඛ්‍යාත සහිතවම ඉගෙන ගන්න තත්වයක් අද තියෙන්නේ. කිසීම හිරිකිතයක් නැතුව අම්ම අප්පා මුත්තා කිරිකිත්තා දක්වා මතක් කරලා අමු කුනුහරුප වැල් ඇදලා අරිනවා.
සම්පුර්ණ ඇත්ත මචන්..
උඹ කිව්ව කාල පරාසය අනුව 2011 පස්සේ මේක ගූ වෙන්න ඇති .ඔව් මගෙත් අදහස මෙයිට සමාන දෙයක් .ඒක එළකිරි එක සම්බන්ධයෙන් නෙමේ .අනෙකුත් සෑම සමාජජාලයක් සම්බන්ධයෙන්ම වලංගුයි. ඒ තමා 2012 න් පස්සේ තමා මේ ජෝගි කරළියට ඇවිල්ලා අවුට් ඔෆ් කොන්ට්‍රොල් වෙලා තියෙන්නේ .ඩි එස් එල් ආර් සංස්කෘතිය ,සෙල්ෆි සංස්කෘතිය ,බැච් පාර්ටි ,හොලි පාර්ටි ඔව්වායෙන් කිහිපයක් විතරයි .
මෙව්වා කරන එකේ වැරැද්දක් නැහැ කිසිම .ඒත් මේවා හරහා සමාජයේ පවතින හරපද්ධතීන් හයිජැක් වෙලා ඉවරයි .දැන් අවුට් ඔෆ් කොන්ට්‍රොල් වෙලා තියෙන්නේ .
දේශපාලනය ගැන කිව්වොත් මම නම් මේ වෙනකන් කාගෙවත් රෙප් කපලා නැහැ .මතේට මතෙකින් ගැහැව්වා මිසක් එළිපිට .ඒකත් කුණුහරප වලින් නම් නෙමේ .ඒත් සමහරක් අපතයොන්ට අපේ සීලේ නිවට කමක් .අන්න ඒ වෙලාවට එහෙන් මෙහෙන් කුණුහරපයක් දීලා උන්ව මර්ධනය කරනවා .ඒත් පුරුද්දකට වගේ කිය කිය යන්නේ නැහැ .ඇත්තම කිව්වොත් මමත් සැහෙන්න දේවල් එළකිරි එකෙන් ඉගෙන ගත්තා සහ ඉගෙන ගන්න දැනගන්න බලාපොරොත්තු වෙනවා .මම විතරක් නෙමේ ගොඩක් එවුන් එහෙමයි .හැබැයි එවැනි තත්වෙක මේක තිබ්බොත් හොඳයි ඉස්සරහට .




මේක කොච්චර දුරට සාධාරණද කියල නම් මම දන්නේ නැහැ,
ඒත් එළකිරියේ ඇඩ්මින්ට මගේ අදහසක් ඔන්න කියන්නම්...
අඩුම තරමේ නිල් කොටු 11 වත් නැතිව පින්තුර ඇඩ් කරන්න බැරි තත්වයක් එළකිරියේ තියේනම් හොඳයි... නිල් කොටු 11ක් තියෙනවා කියන්නේ එයා ගොඩක් පොස්ට් වලට ගිහිං.... නැත්නම් වැදගත් ත්‍රෙඩ් දාපු කෙනෙක්, එතකොට එයා කවදාවත් නරක දෙයක් දාන්න පෙළඹෙන්නේ නැහැ.....
රතු කොටු තියෙන කට්ටිය රතු වෙන්න ඇත්තේ අනවශ්‍ය දෙයක් කරන්න ගිහිං කියල ඕනෑම කෙනෙක්ට තේරෙනවනේ... එතකොට පිටින් එන කෙනෙක් උනත්, බලන්නේ වටිනා කියන දේවල්....
කුණුහරුප කියන අය හොය හොයා දඬුවම් දෙන්න ගියෝතින් ඇඩ්මින්ට වෙන වැඩක් නැති වෙයි.. ඒ දඬුවම දෙන්න ඕන කිරියට ආදරේ කරන සාමාජිකයෝ පිරිස තමයි...