වී මත්තල

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩෝ මාර බෑමක්නෙ බන් ප්ලේන් බාන්නේ මත්තලට..මේකෙ වී ගබඩා කරන එක ජාතික අපරාදයක් නේන්නම්..:lol::lol::lol:

    ඔව් බන්. ලෝකේ අංක 1 ෆ්ලයිට් බෑමෙන් අපේ මත්තල. ලන්ඩන් හීත්‍රෝ, ඩුබායි, හොන්කොන් එයාර් පෝට් කැලේ. :lol::lol::lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පොඩි එකෙක් හුජ්ජ කරපු චූ පාරක් දැකල මේතන විශාල ගගක් හැදෙනවා
    ඒක නිසා පාලමක් හදන්න ඔනි කියල පාලමක් හැදුව වගේ එකක් තමයි ඔකත්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    ඔව් බන්. ලෝකේ අංක 1 ෆ්ලයිට් බෑමෙන් අපේ මත්තල. ලන්ඩන් හීත්‍රෝ, ඩුබායි, හොන්කොන් එයාර් පෝට් කැලේ. :lol::lol::lol::lol:

    අඩෝ මාර බෑමක්නෙ බන් ප්ලේන් බාන්නේ මත්තලට..මේකෙ වී ගබඩා කරන එක ජාතික අපරාදයක් නේන්නම්..:lol::lol::lol:

    අහ්හ් ලොග් වෙලා තියෙන්නේ ඔයා . උදේ ඉඳන් ෆේක් වලින් ලොග් වෙලා ඉඳල මහන්සි ඇතිනේ
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    මට මෙහෙම අදහසක් කියන්න තියෙනවා

    මත්තල airport එක මහින්ද හැදුව කියමුකෝ.
    එක පාඩුයි තමයි ඇත්තටම
    ඒත් ඔය airport අදහස ඇත්තටම මහින්දගේ නෙවෙයි.
    ඔය අදහස රනිල් වික්‍රමසිංහගේ
    හැබැයි රනිල් ඕක හදන්න යෝජනා කලේ වැල්ලවායේ.
    මහින්ද තමයි ඒක මත්තලට ගෙනිච්චේ.


    අපි හිතමු බැරි වෙලාවත් රනිල් ඔය airport එක වැල්ලවායේ හැදුවා කියල 2005 ජනාධිපතිවරණය දිනලා.
    වැල්ලවායේ ඕක හැදුවනම් plain එයිද ?

    ඇත්තටම කරන්න ඕන AC කරපු තැනක හාල් ගබඩා කරන එකට වැඩ ඔය පැත්ත දියුණු කරලා airport එක වැඩක් ගන්න ගන්න එකයි.
    මොකද වී ගබඩා කරලා එන ආදායමින් ඔය ණය ගෙවන්න බැහැ .
    හද්ද කැලයක් විදියට තියෙන මත්තල වතුර ටිකක් ගෙනියල ට්‍රාන්ස්පෝර්ට් සේර්විචෙස් හැම පැත්තටම දාල මිනිස්සු ටිකක් පදිංච කරවල ටිකෙන් ටික දියුණු කරා නම් ඔය airport එකත් වැඩක් ගන්න පුළුවන්.
    ප්‍රභාකරන් ඉරණමඩු වල airport එකක් හදන්න පටන්ගට්ටේ plane එනවා කීවට නෙවෙඉනෙ කවදාහරි ඌ උතුර ගත්තොත් plane ගෙන්නන්න හිතගේනනේ ඔය ඉරණමඩුත් හද කැලයක්

    මත්තලත් මහා කැලයක්
    මාර රස්නෙයි
    plain එකෙන් බහින එකා ට කොහේටවත් යන්න වාහන නැ
    CTB ටිකක් තියෙනවා නවත්තල.
    එත් උන් ඔතන බහින එකෙක් දාගෙන මාතර යයිද?
    නෑනේ
    වෙන private වාහන නැහැ එකක්වත් hire කරන්න අඩුම තරමින් 3weel එකක්වත්
    එකම කඩයක්වත් නැහැ(පෙට්ටි කඩයක්වත්)
    තිබහට වතුර එකක් බීම එකක් ගන්න
    ඉතින් ඔය airport එක ජනප්‍රිය උනේ නැහැ
    නවතින්න කැලේ ගස් යට තමයි ඉතින්.
    ඉතින් ඔය ප්‍රශ්න අඩු වැඩි වශයෙන් වැල්ලවායේ ඕක හැදුවත් එනවා
    ඔකේ වී නොදා airport එකක් විදියටම දියුණු කලානම් තමයි ඉතින් හොද



     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එදා මත්තල මොකද වුනේ? ගුවන් යානය ගොඩබෑමේ පසුබිම් කතාව



    පසුගිය දිනවල වී ගබඩා කරපු ලෝකේ පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගැන ආයෙත් කතාබහ පටන් අරගෙන.


    ඒ පසුගිය 16 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලන්ඩනයේ සිට පැමිණි යූ. එල්. 504 එයාර් බස්‌ ගුවන් යානය හදිසියේ මත්තලට ගොඩබැසීමෙන් පස්‌සේ.


    මේ ගුවන් යානය 15 වැනිදා ලන්ඩනයේ වේලාවෙන් දහවල් 10.50 ට පමණ ශ්‍රී ලංකාවට එන්න ගුවන්ගත වුණේ ලන්ඩනයේ පැයක පමණ ප්‍රමාදයකට පස්‌සේ .


    මේ යානය 4 R ALN නමැති ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු නවීනතම ගුවන් යානය. ධාවනයට එක්‌වෙලත් තවම මාස කීපයක්‌ විතරයි ගතවුණේ. යානය පැදෙව්වේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉන්න පළපුරුදු වගේම දක්‌ෂ ගුවන් නියමුවන් තිදෙනෙක්‌. ඒ කපිතාන් ජනක විඡේතිලක, ඉසුරු ගුණවර්ධන, තරිඳු අරවින්ද අල්විස්‌.


    යානයේ මගීන් 244 ක්‌ ගමන් කළා, කුඩා දරුවන් කීපදෙනෙක්‌, රෝද පුටුවලින් ගමන් කරන රෝගී කීපදෙනෙක්‌ ඒ අතරේ සිටියා. නියමුවන් ඇතුළු ගුවන්සේවා කාර්ය මණ්‌ඩලය 17 ඇතුළුව සියලු දෙනා 261 ක්‌.


    යානය ශ්‍රී ලංකාවට එන්න නියමිතව තිබුණේ 16 වැනිදා දවල් 1.20 ට.


    ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන දීර්ඝ වෙහෙසකර ගමනක්‌. පැය දොළහකට වැඩි කාලයක්‌ ඒ සඳහා ගතවෙනවා. ගුවන් තොටුපළේ ඉන්න කාලයත් එක්‌ක ගත්තොත් සේරම පැය පහළොව පනිනවා . ඉතින් මගීන් ඉන්නේ කොයි මොහොතේ යානයෙන් එළියට යනවද කියන බලාපොරොත්තුවෙන්.


    යානය නියමිත පරිදි කිසිම බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට නියමිත විදිහට පැමිණියා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබස්‌වන්න අවසරත් ගත්තා...


    එතෙක්‌ අඩි 39,000 ක්‌ හතළිස්‌ දහසක්‌ පමණ උඩින් ධාවනය වූ යානය නියමිත පරිදි ගොඩබාන්න නියමුවන් ක්‍රමයෙන් ගුවන් යානය පහතට ගත්තා. ගුවන් යානය ගොඩබාන්න දැන් සියල්ල සූදානම් ...


    එතන ඉඳලා දැන් තමයි නියම කතාව පටන් ගන්නේ ...


    ගුවන් යානයේ ලෑන්ඩින් ගියර්ස්‌ පවා දැම්මා. ගුවන් යානයේ රෝද එළියට ගත්තා. යානය තවත් පහළට ගත්තා. පොල්ගස්‌ පෙනෙන ගානට අඩි අටසීයක්‌ දහසක්‌ පමණ පහළට ගත්ත ගුවන් යානය ගොඩ බාන්න ගිය ගුවන් නියමුවන්ට තරු පෙනුනා. ගුවන් තොටුපළේ ධාවන පථය පෙනුනේ හරියට වතුර වළක්‌ වගේ. ඒ මදිවට දරුණු විදිහට සුළං හමන්නත් පටන් අරන් තිබුණා.


    මේ විදිහට ධාවන පථය පේන්නෙ නැතුව ගොඩබස්‌සන්න බැහැ. ඒක අතිශය භයානක වගේම අවදානම් සහගත ක්‍රියාවක්‌. ගුවන් නියමුවන් ක්‍ෂණික තීරණයක්‌ ගත්තා. පොළව මට්‌ටමට අඩි අටසියයක්‌. දහසක්‌ තරම් පහළින් තිබූ යානය එක්‌වරම නැවත උඩට ගත්තා. එක්‌වරම යානය අඩි අටදහසක්‌, දසදහසක්‌ පමණ උසට ගමන් කළේ ත්‍රාසජනක චිත්‍රපටියක්‌ සිහිගන්වමින්. යානය උඩට ගියේ හරියට රොකට්‌ එකක්‌ උඩට යනවා වගේ එකපාරට. මගීන්ට දැනුනේ රෝල කෝස්‌ටරයක එක්‌වරම ගමන් කරනවා වගේ. සමහර මගීන් කලබල වුණා. සමහරු කෑගැහුවා නෙමෙයි. ඉබේටම කෑගැහුනා. පුංචි ළමයි බයවෙලා කෑගැහුවා.


    නියමුවන් තත්ත්වය පැහැදිලි කළා. ගුවන් යානය අයහපත් කාලගුණය නිසා ගොඩබෑම කළ නොහැකි වූ බවත් තවත් එක්‌ වතාවක්‌ පමණ උත්සහකර ගොඩබෑම කළ නොහැකි වුවහොත් යානය ආසන්නයටම ඇති වෙනත් ගුවන්තොටුපළක්‌ වෙත ගොඩබස්‌සන බව ගුවන් නියමුවන් මගීන්ට දැනුම් දුන්නා ....


    කුමකින් කුමක්‌ වෙනවා දැයි සිතා ගන්නට බැරිව හිටපු ගුවන් මගීන්ට යන්තම් පියවි සිහිය ලැබුණේ ඒ කතාවෙන් පස්‌සේ. මේ වන විට මගීන් අස්‌වසමින් ඔවුන් සන්සුන් කරන්නට ගුවන්සේවා කාර්ය මණ්‌ඩලය වහාම පියවර ගත්තා. නැවත විනාඩි ගානක්‌ ඉහළ අහසේ සැරිසරපු ගුවන් යානය ගොඩබාන්න හැකිදැයි ගුවන් නියමුවන් බැලුවා. ගිය සැරේ තරමටම පහළට නොගත්තත් යම් උසක සිට කටුනායක ගුවන්තොටුපළ ඔවුන් නිරීක්‌ෂණය කළා. ඒත් ඔවුන් නැවත දුටුවේ ධාවන පථය වෙනුවට වතුර වළක්‌. ඒ වගේම තද සුළං.


    එම යානය එදා මත්තල දී ඒ අවස්‌ථාවේ ගුවන් ගමන් පාලකවරුන් සමග සාකච්ඡා කරපු නියමුවන් මේ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන ගියා. යානය නිරුපද්‍රිතව මත්තලට ගොඩබස්‌සන්න නියමුවන් කටයුතු කළා. ඒ සවස 2.00 ට විතර.


    ඒ වෙනකොට ගුවන් යානයේ මගීන් සඳහා ආහාර අවසන් වෙලයි තිබුණේ. මගීන් සිටියෙත් බඩගින්නේ. මත්තල ගුවන් තොටුපළේ ශ්‍රී ලංකන් කේටරින් අංශයේ ඉන්නේ දෙතුන් දෙනයි. එතරම් ගුවන් යානා නොපැමිණෙන නිසා ඔවුන් ඒ සඳහා සූදානම්ව සිටියේත් නැහැ. ඒත් ඔවුන් මගීන් සඳහා කෑම විනාඩි ගණනක්‌ තුළ පිළියෙළ කළා. යානය ගොඩබාලා විනාඩි විස්‌සක්‌ ඇතුළත සැන්විචස්‌, කේක්‌, රෝල්ස්‌ වහාම මගීන් වෙත සැපයුනා. බඩගින්නේ බයවෙලා හිටපු මගීන්ට එය මහමෙරක්‌ වගේ වුනා ..


    කොහොම හරි දැන් වැඩේ සන්සුන්. කටුනායක කාලගුණ තත්ත්වයත් ක්‍රමයෙන් යහපත් වුණා. ඒත් බදාදා දිනවල හවස පැය කීපයක්‌ කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා පැමිණෙන්නේ නැහැ. ඒ එක්‌කම ජාත්‍යන්තර ගුවන් ගමන් නීති රීති අනුව ගුවන් නියමුවකුට ගුවන් යානාවක්‌ ධාවනය කරවිය හැකි උපරිම කාලයක්‌ තිබෙනවා. ඒ කාලය මේ වනවිට අවසන්ව තිබුණා. ඒ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වහාම එයාර් ටැක්‌සි යානයකින් ගුවන් නියමුවන් දෙදෙනෙක්‌ මත්තල ගුවන් තොටුපළට කටුනායක සිට යෑව්වා. ඒ ගුවන් නියමුවන් වන රජින්ද රණතුංග සහ ජානක පෙරේරා.


    මේ වන කොට ගුවන්යානය මත්තල ගුවන්තොටුපළේ පැය තුනක්‌ පමණ නවතා තැබුණා. හැබැයි මගීන්ට ගුවන් යානයෙන් පිටතට එන්න දුන්නේ නැහැ.ඒත් යානයේ පිරිසිදු කිරීම් මත්තලදී සිදුකෙරුණා.


    කටුනායකින් මත්තලට ගිය නියමුවන් දෙදෙනා යූ.එල්. 504 ගුවන්යානය නැවත කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආවා. මත්තලින් සවස 4.30 ට පිටත්වුණු යානය කටුනායක ගුවන්තොටුපළට සවස 5.10 වෙන කොට ආවා , ඔන්න එතකොට තමයි යන්තම් මගීන් සැනසුම් සුසුම් හෙළුවේ...


    මේ අතරේ ඔන්න දැන් රටේ මිනිස්‌සු ආයෙත් කියන්න පටන් අරන් මත්තල තියෙන එක හොඳයි කිsයලා.


    මත්තල අපට නොතිබුණා නම් අපිට යන්න වෙන්නේ ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළට. ඒක විශාල දුරක්‌ වගේම විශාල වියදමක්‌. රටකට දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ අත්‍යවශ්‍යයි. මේ ගැන දේශපාලන කෝණයකින් නොබලා මත්තල දියුණු කරන්නට නව රජය පියවර ගත යුතුයි. අලුත් ආණ්‌ඩුවේ ඉන්න දක්‌ෂයෝ කරන්න ඕන මත්තල නිවැරදි ව්‍යාපාරික මධ්‍යස්‌ථානයක්‌ බවට පත්කරලා, ඒ ගුවන්තොටුපළ දියුණු කරන එක. එක තමයි දක්‌ෂතාවය විය යුත්තේ. ඒවා නිවැරදි ලෙස කළමනාකරණය කරලා දියුණු කළොත් වාසිය රටට. කවුරු හැදුවත් මත්තල හදන්න චීනෙන් ගත්තු ණය අපි රටක්‌ විදිහට ගෙවන්න වෙනවා. ඒක නිසා මත්තල දියුණු කරලා ඒ ආදායමෙන් ණය ගෙවනවා හැර මත්තල ගැන විවේචනය කරකර ඉන්න එක නෙවෙයි...


    එහෙම නැතිනම් ගුවන්යානා අලුත්වැඩියා කරන මධ්‍යස්‌ථානයක්‌, ගුවන්යානා පුහුණු පාසලක්‌ එහෙමත් නැතිනම් ගුවන් හමුදාවේ මධ්‍යස්‌ථානයක්‌ ලෙස මත්තල පවත්වාගෙන යා යුතුයි. එහෙම නැතුව වී ගබඩාවක්‌ ලෙස මත්තල භාවිත කරන එක අපේ රටේ සාමාන්‍ය බුද්ධියක්‌වත් තියෙන ජනතාවවත් අනුමත කරන එකක්‌ නැහැ.


    ජනිත සෙනෙවිරත්න
     
    • Haha
    Reactions: waca