ගුණදාස_කපුගේ

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
කපුගේ ගායන ශිල්පියා ජීවතුන් අතර සිටියා නම් ඊයේ දිනට වයස අවුරැදු 70කි.

hqdefault.jpg


වර්ෂ 1945 අගෝස්තු මස 07 වැනි දින ගාලු දිස්ත්‍රික්කයේ මිරිස්වත්ත නම් වූ පිටිසර ගම් පියසේ උපත ලැබීය. ඔහුගේ නම ඇල්ලමුල්ල කපුගේ ගුණදාස ය. මූලික අධ්‍යාපනය ගාල්ල ඒරමුල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන්ද අනතුරුව ද්විතීක අධ්‍යාපනය කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන්ද හදාළ ගුණදාස කපුගේ ශිෂ්‍යයාට සංගීත විෂයට අත්පොත් තැබුණේ ඩබ්ලිව්. චුලරත්න හා එන්. ඩී. ප්‍රේමසිරි යන ප්‍රවීණයන් වෙතිනි. මේ අතර විදුහල්පතිවරයකු හා දක්ෂ සංගීත ශිල්පියකු වූ එස්. එඩ්මන්ඩ් නම් වූ සිය මාමා සමඟ ප්‍රදේශ රැසක එකල පැවැත්වූ වේදිකා හා ටීටර් නාට්‍ය සඳහා ගායනයෙන් හා වාදනයෙන් දායක වීමේ දුර්ලභ අවස්ථාවද අප කථානායකයාණන්ට හිමි විය.

උපන් ගෙයිම හිත හොඳ උතුම් මිනිසෙකු වූ අප කථානායකයාණන් අතිධාවනකාරී, බද්ධසාරි අගනුවර ජීවිතය තුළ ඒ “ හොඳ” දියකර හැරියේ නැත. ඒ හේතුවෙන්ම සිය වෘත්තීය හා පෞද්ගලික ජීවිතයේ ඉතා අමිහිරි අත්දැකීම් රාශියකට මුහුණ දීමට ඔහුට සිදු විය. ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමේ අරමුණින් තමා එල්බ ගත් මතවාදයන්ට දැඩිසේ පහර එල්ල වන අවස්ථාවන්හිදී බොහෝ මිනිසුන් වෙතින් දක්නට ලැබෙන්නේ තමාගේ මතවාදය වෙනස් කර ගැනීම හෝ ඉවත් කර ගැනීමයි. එසේ වුව කපුගේ නම් වූ සොදුරු කලාකරුවාණන් බාධා හේතුවෙන් කිසිම විටෙක තම යහපත් අරමුණු පසෙකින් තැබුවෙකු නොවිය. කලාවට සාහිත්‍යයට, සංගීතයට පමණක් නොව මියෙන තෙක්ම මිනිසුන්ටද ආදරය කළ මේ සොඳුරු මිනිසා වෙනුවෙන් හෙට ලියැවෙන මහා වංශයේ පරිච්ඡේද ගණනාවක් වෙන්වෙනු ඇත. එවන් ශ්‍රේෂ්ඨ චරිතාපදානයක ගුණසුවඳ මතින් තව තවත් සැබෑ කලාකරුවන්ට නිදහසේ අදීනව විකසිත වීමට ඉඩහසර සැලසීම “ කපුගේ “ නාමයට කළ හැකි ශ්‍රේෂ්ඨතම උපහාරය වනු ඇත.


** මේ මස 11 වන දින BMICH හිදී මෙතුමාගේ ගුණානුස්මරණ වැඩසටහනක් සහ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන බවට පොඩි තොරතුරක් ලැබුණා. පුලුවන් අය ඒ් ගැන ටිකක් හොයල යන්න.
 

Dineth1990

Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ඇත්තටම සිංහල සංගීතය පෝෂණය කර අද්විතීය ගායකයෙක්...
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0

    3-6 dawas tike mama BMICH ake indiye bn ahema aranchiyak nam awe ne Book fair ekak nam thiyenawa neh

    මගේ ප්‍රියතම ගායකයා... ශ්‍රී ලාංකීය සංගීතයේ අමරණීය සලකුණ :yes:

    ඇත්තටම සිංහල සංගීතය පෝෂණය කර අද්විතීය ගායකයෙක්...

    bump
    still listening his songs.

    11 වන දින BMICH හිදී මෙතුමාගේ ගුණානුස්මරණ වැඩසටහනක් තිබේ.. මාත් යනවා. එන උන් වරෙව්




    මගෙත් ප්‍රියතම ගායකයා

    ලාංකීය සමාජය වෙනුවෙන් අවියාජ ගඩක් නැගු සැබෑ ජනතා කලාකරුවා:(:(

    tickets kiyada?:frown::frown: aniwa yanawa

    Thanks All. . . !! :D:D
    Rep Back . . :):)
     
    • Like
    Reactions: EK_SheSH

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ගුණදාස කපුගේ ශිල්පියා සහ ඒතුමාගේ මව
    z_p13-Gunadasa3.jpg
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    කපුගේ ගායන ශිල්පියා තම සංගීත දිවියේ ලබා අැති සම්මාන,

    ස්වර්ණ සංඛ සම්මානය – හොඳම කටහඬ (1996)
    විශ්ව ප්‍රසදිනී සම්මානය සරසවි සම්මානය – හොඳම කටහඬ (1996)
    රස සන්ගීත සම්මානය – හොඳම ගායකයා (1997)
    ජනාධිපති සම්මානය – හොඳම ඉදිරිපත්කිරීම් ගයකයා (1997)
    සරසවි සම්මානය – හොඳම කටහඬ (1997)
    OCIC සම්මානය – නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය(1997)
    ජනාධිපති සම්මානය – හොඳම ගායකයා (1998)
    සරසවි සම්මානය – ප්‍රසාද පූජා සම්මානය (1999)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමත් මාර ආස කරන් ගායකයෙක්..:yes:
    කියපු හැම සින්දුවකම වගේ හොඳ තේරුමක් තියෙනව වගේම සැඟවුන ලොකු කතන්දරයකුත් තියෙනවා...:love:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ

    අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
    ගිණි ඇවිලුනා කැනිමඬලට අපෙ නිවසේ
    එක පත අනා එකටම කෑ පෙර දවසේ
    මං අමතද නුඹ රජ වූ අද දවසේ

    අම්මා එක්ක දබරව පැද ගිය වත්තේ
    ලැම දා ගියා බත හිර වුනි කුස ගින්නේ

    දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ
    වී පෑලකට ඇයි උබ විරසක වෙන්නේ

    ඉරට සැපක්දෝ නියඟය දළුලෑම
    සඳට සැපක්‍දෝ ඝණ දුර පීදීම
    නුඹට සැපක්දෝ අපි තනිකර යෑම

    මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම
     

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    • Like
    Reactions: zl1