කපුගේ ගායන ශිල්පියා ජීවතුන් අතර සිටියා නම් ඊයේ දිනට වයස අවුරැදු 70කි.
වර්ෂ 1945 අගෝස්තු මස 07 වැනි දින ගාලු දිස්ත්‍රික්කයේ මිරිස්වත්ත නම් වූ පිටිසර ගම් පියසේ උපත ලැබීය. ඔහුගේ නම ඇල්ලමුල්ල කපුගේ ගුණදාස ය. මූලික අධ්‍යාපනය ගාල්ල ඒරමුල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන්ද අනතුරුව ද්විතීක අධ්‍යාපනය කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන්ද හදාළ ගුණදාස කපුගේ ශිෂ්‍යයාට සංගීත විෂයට අත්පොත් තැබුණේ ඩබ්ලිව්. චුලරත්න හා එන්. ඩී. ප්‍රේමසිරි යන ප්‍රවීණයන් වෙතිනි. මේ අතර විදුහල්පතිවරයකු හා දක්ෂ සංගීත ශිල්පියකු වූ එස්. එඩ්මන්ඩ් නම් වූ සිය මාමා සමඟ ප්‍රදේශ රැසක එකල පැවැත්වූ වේදිකා හා ටීටර් නාට්‍ය සඳහා ගායනයෙන් හා වාදනයෙන් දායක වීමේ දුර්ලභ අවස්ථාවද අප කථානායකයාණන්ට හිමි විය.
උපන් ගෙයිම හිත හොඳ උතුම් මිනිසෙකු වූ අප කථානායකයාණන් අතිධාවනකාරී, බද්ධසාරි අගනුවර ජීවිතය තුළ ඒ “ හොඳ” දියකර හැරියේ නැත. ඒ හේතුවෙන්ම සිය වෘත්තීය හා පෞද්ගලික ජීවිතයේ ඉතා අමිහිරි අත්දැකීම් රාශියකට මුහුණ දීමට ඔහුට සිදු විය. ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමේ අරමුණින් තමා එල්බ ගත් මතවාදයන්ට දැඩිසේ පහර එල්ල වන අවස්ථාවන්හිදී බොහෝ මිනිසුන් වෙතින් දක්නට ලැබෙන්නේ තමාගේ මතවාදය වෙනස් කර ගැනීම හෝ ඉවත් කර ගැනීමයි. එසේ වුව කපුගේ නම් වූ සොදුරු කලාකරුවාණන් බාධා හේතුවෙන් කිසිම විටෙක තම යහපත් අරමුණු පසෙකින් තැබුවෙකු නොවිය. කලාවට සාහිත්‍යයට, සංගීතයට පමණක් නොව මියෙන තෙක්ම මිනිසුන්ටද ආදරය කළ මේ සොඳුරු මිනිසා වෙනුවෙන් හෙට ලියැවෙන මහා වංශයේ පරිච්ඡේද ගණනාවක් වෙන්වෙනු ඇත. එවන් ශ්‍රේෂ්ඨ චරිතාපදානයක ගුණසුවඳ මතින් තව තවත් සැබෑ කලාකරුවන්ට නිදහසේ අදීනව විකසිත වීමට ඉඩහසර සැලසීම “ කපුගේ “ නාමයට කළ හැකි ශ්‍රේෂ්ඨතම උපහාරය වනු ඇත.
** මේ මස 11 වන දින BMICH හිදී මෙතුමාගේ ගුණානුස්මරණ වැඩසටහනක් සහ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන බවට පොඩි තොරතුරක් ලැබුණා. පුලුවන් අය ඒ් ගැන ටිකක් හොයල යන්න.