මිනිසාට-සමාන-නව-සත්ත්ව විශේෂයක්....
මිනිසාට සමාන නව සත්ත්ව විශේෂයක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනේ....
අපේ ආදිතමයන් පිළිබඳ නව සංකල්පයක් බිහි කරමින් මිනිසාට සමාන නව සත්ත්ව විශේෂයක සලකුණු දකුණු අප්‍රිකාවෙන් හමුවී තිබෙනවා. දකුණු අප්‍රිකාවේ ලෙනකින් මෙම මානව විශේෂයේ ඇටසැකිලි 15 ක් හමු වී ඇති බවයි වාර්තා වන්නේ. මීට වසර මිලියන 3කට පෙර ජීවත් වූ බව සැලකෙන මෙම මානවයා අවමංගල්‍ය චාරිත්‍ර පැවැත්වූ බවට ද ලකුණු හමුවී ඇති බව සඳහන්. මිනිසා අයත් හෝමෝ වර්ගයට අයත් වන මෙම සත්ත්ව විශේෂය නම් කර ඇත්තේ නලෙඩි ලෙසයි. ඒ අනුව, නව මානවයා හෝමෝ නලෙඩි ලෙස හැඳින්වෙනු ඇති. වඩාත් ප්‍රාථමික මානවයන් සහ නූතන මිනිසා අතර මෙතෙක් සොයා ගැනීමට නොහැකිව තිබූ පුරුක හොමෝ නලෙඩි විය හැකි බවයි මෙම ගවේෂණය මෙහෙයවූ මහාචාර්ය ලී බර්ගර් ප්‍රකාශ කළේ.