ඉස්සර බත හැඳුනු හැටි

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඉස්සර බත හැඳුනු හැටි

    මේ රොබට් නොක්ස් දුටු ලංකාවේ තුන් වැනි පරිච්චේදය.මේකනම් වැදගත්ම පරිච්චේදයක්.ඉස්සර ලංකාවේ බත හැඳුනු හැටි තමයි තියෙන්නේ.බලද්දී හිතෙනවා මෙහෙම හිටපු මිනිස්සු නේද අද පක්ෂ නිසා මරා ගන්නේ කියලා... :no: හොඳනම් අනිත් අයට බලන්න බම්ප් එකක් දාන්න.. :cool: පරිවර්තනය කලේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් පමණක් බවක් මේ පොත සඳහා මාගේ කිසිම අයිතියක් නැති බවත් කරුණාවෙන් සළකන්න. :lol:

    ඔවුන් ළඟ සහල් වර්ග කිහිපයක් ඇත.ඵල නෙලන්නට යන කාලය අනුව ඒවාට විවිධ නම් ඇත. (Some will require seven Months before it come to maturity, called Mauvi; some six, Hauteal; others will ripen in five, Honorowal; others in four, Henit; and others in three, Aulfancol) ඒවායේ රසය විවිධ වේ.නමුත් සෑම බතකම මිල එක වේ. ඉක්මනින් ඵල දරන බතෙහි රසය වැඩි නමුත් අස්වැන්න අඩුය. වැඩිම කාලයක් ගත වන ලාභය වැඩි හාල් පමණක් නොවවන්නේද හේතුවක් ඇතිව වේ. මේ හාල් වලට වතුර අත්‍යවශ්‍ය වේ. බිමේ වතුර ඉතිරි කර ගැනීමටත් පොකුණු ගංගා වල ඇති ජලය තම බිමට ගෙන ඒමටත් මොවුන්ට විශාල ශ්‍රමයක් වැය කිරීමට සිදු වේ. ඔවුන් ඒ අතින් අතිශය බුද්ධිමතුන් වේ. වගා බිම තන පිට්ටනියක් මෙන් සුමුදුව සකස් කරන්නේ වතුර සෑම තැනකටම එක සේ ගලා යන පරිදිය. කඳු බෑවුම් වල වගා කිරීමේදී පඩි පෙළක් ආකාරයට සුමුදුව වගා බිම සාදයි. වතුර උඩ සිට පහලට ගලා එන්නේ එක් බිමකට අවශ්‍ය වතුර විසිරුණු පසු අනෙකට යන පරිදිය. ඔවුන් වගා කරන සහල් වර්ගය තීරණය කරන්නේ වතුර සැපයුම කොපමණ කාලයක් පවතීදැයි ගණන් බැලු පසුව වේ. එක් ගොවියෙකු වගාව නෙලා ගත පසු ඔහුට තම හරක් කුඹුරට මුදා හැරීමේ අයිතිය තිබේ. එවිට අන් අයගේ කුඹුරු වලට හානි සිදු වන නිසා විවිධ කාලවල වගා කලත් එකම කලකට ඵල නෙලිය හැකි ලෙස වගා කිරීමට ඔවුන් වග බලා ගනිති. එහෙම නොවන්නේ තාමාගේ බිමක් වෙනම වෙන් කරගෙන ආවරණය කර ගතහොත් පමණි.

    උතුරුකරයට ලඟා වන විට නිතරම වතුර නැති නිසා ඔවුන් වැහි වතුර ඉතිරි කර ගනී. මේ පොකුණු බොහෝ විට C අකුරේ හැඩය හෝ අඩ හඳෙහි හැඩය ගනී. හැම නගරයකටම පොකුණක් බැගින් ඇත. මේවා ඉදි කිරීම අතීතයේ ජිවත් වුවන්ට ලේසි කරුණක් නොවූ බව පෙනේ. සමහර ඒවා අඩි 18 කට වඩා ගැඹුරු අතර සැතපුම කට වඩා දිග වේ. සමහර ඒවා පොඩි ය.ප්‍රමාණය විවිධ වේ. වතුර අවශ්‍ය වූ විට ඒවායේ විවරයක් සාදා වතුර ටික ටික ලබා ගනියි. වියලි කාලයට මේවා ඉක්මනින් හිඳී යයි. එසේම කුඩා කිඹුලන්ද මෙහි වාසය කලයි. මිනිසුන්ට අනතුරක් නොකලත් මොවුන් යම් පමණකින් භයානක වේ.එසේම මෙම කලාපයේ වැඩියෙන් වවන්නේ ඉක්මනින් ඵල දරන සහල් වේ. ඒ වතුර හිඟ කම නිසාය. පොකුණේ වතුර හිඳී ගිය කල මොවුන් එහිද සහල් වගා කරති. වතුර එතරම් නැතිව වැඩිය හැකි සහල් වර්ගයක් තිබුනත් එහි රසය හා සුවඳ අනෙක් ඒවාට වඩා බොහෝ වෙනස් වේ.

    සාමාන්‍යයෙන් ඔවුන් වගා කරන්නේ ජුලි සහ අගෝස්තු වල වන අතර ඵල නෙලන්නේ පෙබරවාරි වල වේ. නමුත් හොඳින් වතුර ඇති ප්‍රදේශයකනම් මුළු වසර පුරාම වගා කරයි. ඔවුන් පොළොව අස් වද්දදී මෙන්ම ඵල නෙලිමේදීද මුළු නගරයම එකට එක් වී එකිනෙකාට උදව් කර ගනී. ඔවුන් සි සාන්නේ වලමිටක් වැනි ලී කැබැල්ලක් යොදාගෙන වේ. එය මිනිසෙකුගේ අතකට වඩා ලොකු වේ. ලී කැබලි තුනක් හෝ හතරක් එකට යකඩ කැබැල්ලකින් සම්බන්ද කර ඇත. මිනිසෙකුට අල්ලා තද කිරීමට කඳක්ද ඇත. එය පොළොවට තද කර මිහරකුන් ලවා අද්දවයි. බිම් කොටස් කුඩා නිසා මෙම සැහැල්ලු නගුල් මෙම රටේ ප්‍රසිද්ධ වේ. බර නගුල් වලින් ඔවුන්ට ප්‍රයෝජනයක් නොමැත.

    ඔවුන් සහල් වගා කිරීමට පෙර දෙසැරයක් පමණ සි සෑම සිදු කරයි. මුලින් වතුර දමා පොළොව මෘදු කරන අතර පලවෙනි සි සෑමෙන් පසු නියර සකස් කරයි. නැත්තම් දෙවෙනි වතාව වන තුරු සිටියහොත් නියර සකස් කිරීමට පොළොව මෘදු වැඩි වේ. මේ නියර මිනිසුන්ට ගමන් කිරීමට මෙන්ම වතුර රඳවා තබා ගැනීමටද අත්‍යවශ්‍ය වේ. මෘදු බිත්තියක් සේ සාදන මේවා අඩියකට වඩා උස නැත. සි සෑමෙන් පසු හරකුන් ලවා මඩවා තවත් පොළොව මඩ කරයි. සමහර විටදී දෙවරක් සි සෑම නොකරම හරකුන් ලවා මඩ කරන අවස්ථා ඇත.

    qRtDkTQ.png


    බිම සකස් කල පසුද එහි වතුර පුරවා තබන්නේ වල් පැල සහ තණකොළ දිරාපත් වීමටයි. මුලින් ඔවුන් ඔවුන්ගේ ධාන්‍ය වතුරේ පොඟවා රැයක් තබයි. ඉන් පසු වලඳක බහා කොළ පැහැති කොළ වලින් වසා දවස් 5 ත් 6 ත් අතර ප්‍රමාණයක් තබයි. ඉන් පසු නැවතත් එලියට ගෙන වතුරේ දමා නැවත වසා තබයි. මෙසේ කරන විට ධාන්‍ය වල මුල් පැමිණි විට වගා කිරීමට කාලය වේ. එම කාලය තුල නැවත මි හරකුන් ලවා ලැල්ලක් බිම දිගේ අදවන්නේ පොළොව තවත් සුදුමු වීමටත් ධාන්‍ය පොළොව හා හොඳින් සම්බන්ධ වීමටත් කුඩා ගොඩැලි ඇත්නම් ඉවත් වීමටත් වේ. ධාන්‍ය වගා කිරීමට කාලය පැමිණි විට පොළොවේ වතුර සියල්ල ඉවත් කර අප මස් වලට ලුණු දමනවා සේ ධාන්‍ය විසුරවයි.
    නියර වල වතුර බැස යාමට සෑදු හිඩැස් වසා දමන්නේ ධාන්‍ය වලට පෝෂණයක් වීමට මෙන්ම වල් පැල මිය යාමටයි. ධාන්‍ය වියතක් පමණ උසට වැඩුණු පසු කාන්තාවන් පැමිණ වැඩි තැන් වලින් ගලවා අඩු තැන් වල සිටවීම සිදු කරයි. එම නිසා ඵල නෙලන තුරු කුඹුර පිරි පවතී. ඔවුන් පොහොර යොදන්නේ නැත.ඒ පොළොව සාදන ක්‍රමය නිසා පොහොර අවශ්‍ය නොවන බැවිනි.

    ඵල නෙලීමේදී ඔවුන්ගේ හොඳම ගුණාංගය ඉස්මතු මේ. නගරයේ සියළු දෙනා එකතු වී එක් අයෙකුගේ ඵල නෙලෙයි. ඉන් පසු තවත් අයෙකුගේ ඵල නෙළයි. එලෙස සෑම අයෙකුගේම බිම් කොටස් අවසන් වන තුරු ඵල නෙලීම සිදු කරයි. කාන්තාවන්ගේ කටයුත්ත වන්නේ නෙලන ධාන්‍ය එක් රැස් කිරීමයි. ඔවුන් ගොයම් පෑගීම සිදු කරන්නේ හරකුන් මගිනි. හරකුන් දුසිම් භාගයකින් දවසට ධාන්‍ය බුසල් 40 ත් 50 ත් අතර ප්‍රමාණයක් රැස් කර ගත හැක.ඉන් පසු කෙටීමට පෙර පොත්තත් සමග තම්බා ගනී.නැත්තම් කෙටිමේදී පිටි වේ.

    gqASu4G.png


    බත් හැරුණු විට අනෙක් ප්‍රධානතම ධාන්‍ය වන්නේ කුරක්කන් වේ. තව මුන් , Tanna , Omb , Boumas සහ තෙල් සැදීමට තල ඇටද භාවිතා කරයි.



    අතීතයේ ලන්කාව හැඳින්වීම
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොම හිටපු සිඞහලයොද අද එකාට එකා නැති වෙලා ඉන්නේ :(
    +14
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රොබට් නොක්ස් දුටු ලංකාව කියන්නෙත් එදා හෙලබිම කියන පොතමද?නැත්නම් වෙන එකක්ද?