cosmos කියන tv series එක බලන්න. විශ්වය, විද්‍යාව ගැන ගොඩක් දේවල් ලස්සනට පැහැදිලි කරලා දෙනවා.
දැම්මා ඩවුන්ලෝඩ් වෙන්න 1080P එක...65 GB



cosmos කියන tv series එක බලන්න. විශ්වය, විද්‍යාව ගැන ගොඩක් දේවල් ලස්සනට පැහැදිලි කරලා දෙනවා.



එතකොට මචං ඉලෙක්ට්‍රෝනයක් ආලෝකයේ වේගයට කිට්ටු වුණොත් මොකද වෙන්නෙ ?
ෆෝටෝනයකට ස්කන්ධයක් නැති නිසා ආලෝකයේ වේගයෙන් ගියත් ඒකට අවුලක් නෑ..![]()
ඕනම ස්කන්දයක් ආලොකයේ වේගයෙන් යන නම් ශක්තිය අනන්තයක් දෙන්න ඕන. so it's impossible.

හ්ම් හ්ම්.. ඉලෙක්ට්‍රෝනයකට පවා නේද...![]()

ඒ වුනාට උඹල දන්නවද නලීන්ද සිල්වා ෆෝටෝනයකටත් ස්කන්ධයක් පණවනව![]()
![]()

ඇයි එයා මොකද කියන්නෙ ?
මිනිහත් හෙන මොලකාරයෙක් තමා..![]()

දැන් ටිකක් කල් වෙනව ලිපිය කියවල මතක විදිහට නලීන් ද සිල්වා කියනව ෆ්‍රේම් එකකට සාපේක්ෂව ෆෝටෝනයකට ස්කන්ධයක් තිබිය හැකියි කියල.. ලිපිය හොයනව හම්බවුනොත් දාන්නම්![]()
![]()
තැන්කියු මචං... තැන්කියු මචං...
කවුරුහරි නලින් ද සිල්වා කියල තියෙන දේවල් ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාපල්ලකො
මාත් ඒ මනුස්සයගෙ ලිපි කියවල තියෙනව විදුසර පත්තරේ.. නෙට් එකෙත් තියෙනව වෙබ් සයිට් එක..
http://www1.kalaya.org/
නලින් ද සිල්ව ව සමහරක් උන්ට අල්ලන්නෙ නෑ.. හරි කමක් නෑ.. අපිට වැදගත් ඒ මිනිහ කියන දේවල්




නලීන්ද සිල්වගෙ ෆෝටෝනයට ස්කන්ධය පැනවීම ගියෙ මතක විදිහට විදුසරේ මේ අවුරුද්දෙ අප්‍රේල් විතරද කොහෙද. කලය.org වල ජනවාරි වලිං පස්සෙ ඒව නෑ![]()
අල්ලන්නැත්තෙ නලීන්ද සිල්වගෙ දේශපාලන මතවාද තමා![]()
මෑන් භෞතික විද්‍යාවෙ තියරි ගැන කියන දේවල් බොහෝ දුරට හරි තමා ඉතිං අපේ මිනිශ්ශු නලීන්ට පිස්සු කිව්වට.. පොඩ්ඩක් කියන විදිහෙ වෙනසක් තියෙනව මූනටම ගහන්න වගේ කියන නිසා..
භෞතික විද්‍යාවෙ උපකල්පන කීයක් නම් පාවිච්චි කරනවද.
කව්ද දන්නෙ ඔය උපකල්පන 100%ක්ම නිවැරදිද කියල.
නිව්ටන් උපකල්පනය කලා කාලය නිරපේක්ෂයි කියල.
අන්තිමට නිව්ටෝනියන් තියරි කඩං වැටුනනෙ..
අන්න ඒකයි pure maths වල හොඳේ
කවදාවත් හොයාගත්තු දෙයක් බොරු වෙන්නෑ.
නලින්ද සිල්වා කියන්නේ ලංකාවේ අංක එකේ මොළ කාරයෙක්. අපේ සර්ලා කියන විදිහට කැම්පස් යන කාලේ බාටා දෙකක් දාගෙන සිලිසිලි බැග් එකක පොත් ටික දාගෙන යන සරල මිනිසෙක්. එක්සැම් වලට පරක්කු වෙලා ඇවිත් පැය බාගෙන් පේපර් ලියල දීල යනවලු.
මට තියෙන අවුල එතුමා කියන විදිහට විද්‍යාව කියන එක පෙරදිග බටහිර කියල වෙන් කරන්නේ කොහොමද කියලයි. හරියට ජාතිවාදයක් වගේ. විද්‍යාව හැදිලා තියෙන්නේ ලෝකය පුරාම මිනිසුන් සොයාගත්තා දැනුමෙන් නේ.



ඔව් අපරාදෙ ඒ වගේ මොලයක් දේශපාලනේට නිකරුනේ නාස්ති වෙනව![]()
නලීන්ද සිල්වගෙ දේශපාලන දැක්ම නිසා තමා බහුතරයක් එතුමා විද්‍යාව ගැන ලියන දේවලුත් පිළිගන්න සූදානම් නැත්තෙ![]()
නලීන්ද සිල්වනම් වෙන් කරන්න සාධාරනීකරනයෙන් බං. පෙරදිග තිබ්බ ක්‍රම වල ගණං වල වුනත් බොහෝ විට සාධාරණීකරනය කලේ නෑ![]()
ඒ වුනාට අපි දැන් ඉගෙන ගන්න ගණිතය එහෙම් පිටිංම වෙනස්නෙ බං. සියල්ල සාධාරණව ඔප්පු කරනව.. සොභාදහමෙ සිදුවෙන සියල්ල තියරි හදල භෞතික විද්‍යාවෙන් සාධාරණීකරනය කරනව.
නලීන් ද සිල්ව කියන්නෙ පෙරදිග එහෙම කලේ නෑ කියල ඒ නිසා සියල්ල සාධාරණීකරනය කරන එක බටහිර ක්‍රමේ ඒ නිසා දැන් තියෙන්නෙ බටහිර විද්‍යාව ගණීතය කියල..
මොකක්ද බං සාධාරණීකරණය කියන්නෙ ?
ඔය ගණිතයේ එහෙම ඔප්පු කිරීම් කරන්නෙ බං. සාදාරණ අවස්ථාවක් ගන්නව, සාධාරණ දිගක් ගන්නව, ඊට පස්සෙ ඒ සාධාරණ අවස්ථාවට ඔප්පු කරල සියළූම අවස්ථා යටතේ ඒක සත්‍යයි කියනව.

ආ මං ඉස්සර උඹට විහිලු කරනව සාධාරණ අවස්ථාවක් අරං අසාධාරණ කතාවක් කියනව කියල
ඒ කියන්නෙ බටහිර වද්‍යාව = ගණිතය

