මරණ_දඬුවම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මරණ දඬුවම දී වැළලුනු මිනිසත්කම යළි ඇති කළ හැකිද?



150327184052_buddha_statue_kuala_lumpur_512x288_afp.jpg


නහි වේරේන වේරානී වෛරයෙන් වෛරය නොසන්සිඳේ - ගෞතම බුදුන් වහන්සේ.


"නහි වේරේන වේරානී (වෛරයෙන් වෛරය නොසන්සිඳේ)"- ගෞතම බුදුන් වහන්සේ
"ඇසට ඇසක් ඉල්ලීම මගින් සමස්ත ලෝකයම අන්ධයන් කෙරෙනු ඇත" -මහත්මා ගාන්ධි
මම මහත්මා ගාන්ධි හෝ මාටින් ලූතර් කිං හෝ නෙල්සන් මැන්ඩෙලා නොවූවත්, දේශපාලනයේදී තමා අතින් දැනුවත්ව වරදක් සිදු වී නැතැයි එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මා සමඟ පැවසුවේ පසුගිය දෙසැම්බරයේදී බීබීසී සංදේශය වෙනුවෙන් සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේ.
ඉන් සති කිහිපයකට පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක පදවියට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා ගාල්ලේ දී පළ කළ මේ අදහස දැනුවත්ව හෝ නොදැනුවත්ව එවැනි බරපතල වරදක් කිරීමට යත්න දැරීමක්ද?
"මම මරණ දඬුවමට විරුද්ධ නෑ."


150906160357_mahatma_gandhi_624x351_getty.jpg


ඇසට ඇසක් ඉල්ලීම මගින් සමස්ත ලෝකයම අන්ධයන් කෙරෙනු ඇත - මහත්මා ගාන්ධි


පස් හැවිරිදි සේයා සදෙව්මි බක්මීදෙණිය දැරිය දූෂණය කොට ඝාතනය කළ අපරාධකරුට මරණීය දණ්ඩනය පැනවිය යුතු බවට ශ්‍රී ලංකාවේ ප්‍රබල ජනමතයක් ගොඩ නැගෙමින් පවතින බව සැබෑවකි.
උතුරේදී විද්‍යා යෝගේෂ්වරන් පාසල් දැරිය දූෂණය කර මරා දැමීමත්, දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණත් හමුවේ මරණීය දණ්ඩනය යලි ක්‍රියාත්මක කළ යුතු යයි රටේ අති බහුතර ජනකායක් විශ්වාස කරන බව ජාතික මානව හිමිකම් කොමිසම පැවැත්වූ සමීක්ෂණයකදී ද හෙළි වී තිබේ.
සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු ජනමතයට හිස නැමිය යුතු සැබෑවකි.
උදාහරණයක් ලෙස ලක්ෂයක ජනකායක් අන්තර්ජාල පෙත්සමකට අත්සන් තැබූ විට ඒ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට බ්‍රිතාන්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.


150714163845_maithripala_sirisena_624x351_bbc_nocredit.jpg


මනුෂ්‍යත්වය විනාශ වූ රටක මනුෂ්‍යත්වය යළි උදා කළ නායකයා ලෙසින් ඉතිහාසයට එක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට කදිම අවස්තාවක් උදා වී තිබේ

එනමුත් ජනතාව ඉල්ලා සිටින්නේ රටේ හෝ ජනතාවගේ යහපතට තුඩු දෙන්නක්ද, නොඑසේනම් රට දශක ගණනාවක් ආපස්සට ගෙනයන්නක්ද යන්න තීරණය කිරීමේ ධෛර්යයද පාලකයකුට තිබිය යුතුමය.
පාලකයා සැබෑ නායකයකු වන්නේ එවිටය. එම ජනමතය පසුගාමී නම්, අන්තවාදී නම්, මනුෂ්‍යත්වය විනාශ කරන්නක් නම් යථාර්ථය පහදා දී එයට එරෙහිව ජනමතයක් ගොඩ නැගීමටද පාලකයකුට ශක්තිය සහ ධෛර්යය තිබිය යුතුය.
ජනමතය හඹා යනු වෙනුවට නායකයා ජනතාවට මග පෙන්වන පෙර ගමන් කරුවකු විය යුතුය.
ශ්‍රී ලංකාව යනු නිදහසින් පසුව ගතව ගිය දශක හය ඇතුලත උතුරේත්, දකුණේත් තමන්ගේම දරුවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ම්ලේච්ඡ ලෙසින් ඝාතනය කළ රටකි; දකුණේ දරුවන් පණ පිටින් ටයර් සෑයේ දැවූ ඝාතකයන් සිටින රටකි; උතුරේ දැරියන් සිය ගණනින් දූෂණය කළ රටකි. (ඒ බව කියන්නේ මා නොවේ - එක්සත් ජාතීන්ගේ වාර්තාවයි); දකුණේ ශිෂ්‍ය නායකයන් පරාලවල ඇණ ගසා වද බන්ධන පැමිණ වූ රටකි; ඒ එකදු ඝාතකයකු හෝ දඬුවම් නොලැබූ රටකි. කොතරම් තිත්ත වුවත් සත්‍යය එයයි.
එසේ සිය ආත්මය විනාශ කරගත් රටකට දැන් අවශ්‍යව තිබෙන්නේ මරණ දඬුවමද?


150916184812_lanka_war_624x351_bbc.jpg


නිදහසින් පසුව ගතව ගිය දශක හය ඇතුලත උතුරේත්, දකුණේත් තමන්ගේම දරුවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ඝාතනය කළ රටක්

විශේෂයෙන්ම දශක තුනක යුද ගැටුම හා සමගාමීව එවක පාලකයන් බලහත්කාරයෙන් ජනතාව මත පැට වූ යුද මානසිකත්වය මනුෂ්‍යත්වයේ පිරිහීමට හේතු වූ බව නොරහසකි.
එසේ විනාශ කරුණු ආත්මය පිරිසිදු කරනු වෙනුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ උත්සාහ කරන්නේ කුණු වූ ආත්මයකට පණ පෙවීමටද?
ජනපතිවරයා බීබීසී යට පැවසූ ප්‍රකාර, ඕනෑම කරුණක් සම්බන්ධයෙන් රට තුල විවෘත සංවාදයකට අවකාශය විවෘත කිරීම පිළිබඳව ඔහුට කෘතඥතාවය හිමි විය යුතුය.
සමාජ සේවා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, මා මිත්‍ර රන්ජන් රාමනායක පිළිබඳවද මෙහිදී යමක් සඳහන් කළ යුතුය.
විශේෂයෙන්ම මැද පෙරදිග සේවය කරන ශ්‍රී ලාංකීය කාන්තාවන් වෙනුවෙන් ලාභ ප්‍රයෝජන නොතකා කලක් මුළුල්ලේ සමාජ සේවයක යෙදී සිටින නියෝජ්‍ය අමාත්‍යවරයා ශාරියා නීතිය දැඩි විවේචනයට ලක් කරන්නෙක් බව රහසක් නොවේ.


150915160805_daham_ranjan_624x351_prasadpurnimaljayamanne.jpg


ශාරියා නීතියට එරෙහි රන්ජන්, ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාවට නැගිය යුතු බවට කරන උද්ඝෝෂණය දෙබිඩි ප්‍රතිපත්තියක් නොවන්නේද?

ඒ රටවල ක්‍රියාත්මක වන ශාරියා නීතියට එරෙහි රන්ජන්, ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාවට නැගිය යුතු බවට කරන උද්ඝෝෂණය දෙබිඩි ප්‍රතිපත්තියක් නොවන්නේ කෙසේද?
සවුදි අරාබියට වැරදි දේ ශ්‍රී ලංකාවට සාධාරණ වන්නේ කෙසේද? මුළු ලෝකයම මානව හිමිකම් ක්ෂේත්‍රයේ ඉදිරියට යද්දී, ශ්‍රී ලංකාව ආපස්සට ගමන් කළ යුත්තේ ඇයි?
ජනාධිපතිවරයා ගාල්ලේ දී තවත් විශේෂ සඳහනක් කළේය.
"ඇමෙරිකාව, චීනය වගේ සංවර්ධිත රටවලත් මරණ දඬුවම ක්‍රියාත්මක වෙනව."
මරණ දඬුවමට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉතා විශාල උද්ඝෝෂණයක් පවතින බව ජනාධිපතිවරයා නොදන්නේද?


130826055605_martin_luther_king_jr_624x351_getty_nocredit.jpg


'අන්ධකාරයට අඳුර දුරු කළ නොහැක්කේය; එය කළ හැක්කේ ආලෝකයට පමණි. වෛරය, වෛරය දුරු නොකරයි'

බටහිර ඇතුළු බොහෝ රටවලින් සියලු කුණු කන්දල් භාර ගන්නා ශ්‍රී ලංකාවේ අපි, ඒ රටවලින් යහපත් දේ උකහා ගන්නට උත්සාහ නොකරන්නේ ඇයි?
ඇමෙරිකාව හෝ චීනය වැනි රටවල ක්‍රියාත්මක සියල්ල යහපත් දේ නම්, අමෙරිකාවේ මෙන් ශ්‍රී ලංකාවේද ගිනි අවි භාවිතය නීතිගත කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ අනුමැතිය පතන්නේද?
මේ සියල්ලෙන් මා අදහස් කරන්නේ මිනීමරුවන්ට, ළමා අපයෝජකයන්ට හෝ ස්ත්‍රී දූෂකයන්ට දැඩි දඬුවම් නොපැනවිය යුතුය යන්න නොවේ. ඔවුන්ට උපරිම දඬුවම් ලබා දිය යුතු බවට කිසිදු තර්කයක් නැත.
එහෙත් රාජ්‍යයට හෝ අධිකරණයට හෝ වෙනත් ඕනෑම කෙනෙකුට තවත් කිසිවකුගේ ජීවිතයක් විනාශ කිරීමට අයිතියක් නැත යන්න බෞද්ධයකු ලෙසින් මම තරයේ අදහන්නෙමි.


140824170848_victor_ivan_512x288_victorivan.jpg


ශ්‍රී ලංකාවේ මිනිසත්කම උදා කිරීමට අසමත් වූ නායකයා ලෙසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉතිහාසයට එක්වනු ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ විග්‍රහයයි

ඒ තර්කය ඔබ නොපිළිගත්තද, මරණ දඬුවම පැණවීම මගින් අපරාධ අඩු කර ඇති බවට ලොව කිසිදු සාක්ෂියක් නැති බව ජනාධිපති බරක් ඔබාමා මෙන්ම මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, නාතාෂා බාලේන්ද්‍ර ඇතුළු මෙරට ළමාරක්ෂක ක්‍රියාධරයෝද දිගින් දිගටම පෙන්වා දෙති.
කළ යුතුව තිබෙන්නේ බුදුන්ගේ ධර්මය සුරැකිව පවතින බව පැවසෙන දේශයේ මිනිසත්කම යළි ඇති කිරීමයි.
එල්ටීටීඊ යට එරෙහි යුද්ධය දිනාගැනීමට සමත් වූ නමුත්, ශ්‍රී ලංකාවේ මිනිසත්කම උදා කිරීමට අසමත් වූ නායකයා ලෙසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉතිහාසයට එක්වනු ඇති බව රාවය නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ලීවේ වරක් දෙවරක් නොවේ.


150917211916_sp_obama_papa_624x351_afp_nocredit.jpg


මනුෂ්‍යත්වය විනාශ වූ රටක මිනිස්කම යළි උදා කළ නායකයා ලෙසින් ඉතිහාසයට එක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට කදිම අවස්තාවක් උදා වී තිබේ.
ඒ මහඟු අවස්ථාවෙන් ඵල නෙලා ගනිමින් ශ්‍රී ලංකාවේ මනුස්සකම යළි උදා කරන්නේද?, නො එසේනම් දශක හතරකට පසුව රටේ යලිත් මරණ දඬුවම ක්‍රියාවට නගා මිනිස්කම විනාශවීමට ඉඩ දුන් නායකයා ලෙසින් ඉතිහාසයට එක්වන්නේද යන්න තීරණය කිරීම ඔහුට භාරය.
මාටින් ලූතර් කිං ගේ ප්‍රකාශයකින් මේ සටහන අවසන් කරමි.
"අන්ධකාරයට අඳුර දුරු කළ නොහැක්කේය; එය කළ හැක්කේ ආලෝකයට පමණි. වෛරය, වෛරය දුරු නොකරයි; එය කළ හැක්කේ සෙනෙහසට පමණි. වෛරය, වෛරය පතුරවන අතර, ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වය පතුරවන්නේය."

 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පොස්ට් ඉස්සුවට කමක් නෑ පොන්ස් ..සෝර්ස් දාපන්
    ලොකු ටෝක් ධර්මේ ගැන .එත් ඉස්සුවේ කොහෙන්ද කියලවත් දන්නේ නෑ කුහක කමට . පන්සිල් පද පහවත් අඩු ගානේ රකින්න බලපන්

     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    :frown: නහි වේරේන වේරානී කියලා බුදු හාමුදුරුවෝ බිම්බිසාර අජාසත් රජවරුන්ට කිව්වේ නෑ මරණදඬුවම නවත්වන්න කියලා.
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    මරණ දඬුවම නවත්තන්න කලින් ඔක්කොටම කලින් පුක කහගන්න නියපොත්ත නැති එවුන් නෙදර්ලන්තේ යනවා ඉවොක් ගන්න යනවා හර්ලේ ඩේවිඩ්සන් ගෙන්නන වගේ බොරු කතා දාල මිනිස්සුන්ව අන්දන හදන එවුන්ගේ පුක පලන්න ඕනේ.. :angry::angry::angry::angry:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,864
    9,615
    113
    උඹේ ළමයෙක්වත් කවද හරි මොකෙක් හරි රේප් කරොත් උෟට මෛත්‍රී කරපං.උෟව පොලිසියටවත් අල්ලල දෙන්න ඵපා උන් ගැහුවොත් පව්නේ.
     
    • Like
    Reactions: malakadss

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උඹේ ළමයෙක්වත් කවද හරි මොකෙක් හරි රේප් කරොත් උෟට මෛත්‍රී කරපං.උෟව පොලිසියටවත් අල්ලල දෙන්න ඵපා උන් ගැහුවොත් පව්නේ.

    :lol:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උඹේ ළමයෙක්වත් කවද හරි මොකෙක් හරි රේප් කරොත් උෟට මෛත්‍රී කරපං.උෟව පොලිසියටවත් අල්ලල දෙන්න ඵපා උන් ගැහුවොත් පව්නේ.

    :lol::lol::lol::lol:

    අදත් ඉවරායි
     
    • Like
    Reactions: malakadss

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ශරියා නීතිය ඕන නෑ. ඒත් ළමා අපචාරකයන්ට මරණ දඩුවම ගේන්න ඕන. ඒක ගෙනාව කියල මේව නැතිම වෙලා යන්නෙ නෑ. ඒත් පොඩි දරුවෙක් දූශනය කරල මරන්න හිතෙන බල්ලො තියල වැඩක් නෑ
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ශරියා නීතිය ඕන නෑ. ඒත් ළමා අපචාරකයන්ට මරණ දඩුවම ගේන්න ඕන. ඒක ගෙනාව කියල මේව නැතිම වෙලා යන්නෙ නෑ. ඒත් පොඩි දරුවෙක් දූශනය කරල මරන්න හිතෙන බල්ලො තියල වැඩක් නෑ

    Aniwa machan. unta jeewath wenna denna hoda naa
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    මරණ දඬුවම නවත්තන්න කලින් ඔක්කොටම කලින් පුක කහගන්න නියපොත්ත නැති එවුන් නෙදර්ලන්තේ යනවා ඉවොක් ගන්න යනවා හර්ලේ ඩේවිඩ්සන් ගෙන්නන වගේ බොරු කතා දාල මිනිස්සුන්ව අන්දන හදන එවුන්ගේ පුක පලන්න ඕනේ.. :angry::angry::angry::angry:


    Sirawata :frown:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේකෙ මරන දඬුවම ඕන කියන උන්ගෙ පවුලෙ එකෙක් බොරුවට මැරුනම ඇත්ත තේරේවි
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේකෙ මරන දඬුවම ඕන කියන උන්ගෙ පවුලෙ එකෙක් බොරුවට මැරුනම ඇත්ත තේරේවි

    රේප් කේස් වලටනේ බන් මරණ දඩුවම ඕනේ කියන්නේ..එවලදී වැරදි කාරය හරියටම හොයාගන්න පුළුවන් නේද සාමාන්යෙන්? ගහල කරලා බලෙන් ඇඟට නොදැම්මොත් මිසක? දන්නැති නිසයි අහන්නේ..:dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මු කියන කතාවෙ පොඩි ඇත්තක් තියනව, මෙ මිනිහව මැරුවයි කියල හරියන්නෙ නෑ බන්, මේ යකා එහෙම්පිටින්ම මානසික ලඩෙක්. ගෑනු නිදාගෙන ඉන්නකොට හොරෙන් බලන් ඉන්නව, මල මිනී වලට හු&නව, පොඩි ළමයින්ට &&&&, තව කොච්චර මානසික ආබාද තියනවද දන්නෙ නෑ ඔකට. මුව මානසික රොහලකට දාන්න ඕනෙ, මානසික තත්වය සාමන්ය කරන්න උත්සාහ කරන්න ඕනෙ, මුව හොද කරගන්න පුලුවන් උනොත් එක ලොකු ජයග්‍රහනයක් psychology/medical science පැත්තෙන්.
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මු කියන කතාවෙ පොඩි ඇත්තක් තියනව, මෙ මිනිහව මැරුවයි කියල හරියන්නෙ නෑ බන්, මේ යකා එහෙම්පිටින්ම මානසික ලඩෙක්. ගෑනු නිදාගෙන ඉන්නකොට හොරෙන් බලන් ඉන්නව, මල මිනී වලට හු&නව, පොඩි ළමයින්ට &&&&, තව කොච්චර මානසික ආබාද තියනවද දන්නෙ නෑ ඔකට. මුව මානසික රොහලකට දාන්න ඕනෙ, මානසික තත්වය සාමන්ය කරන්න උත්සාහ කරන්න ඕනෙ, මුව හොද කරගන්න පුලුවන් උනොත් එක ලොකු ජයග්‍රහනයක් psychology/medical science පැත්තෙන්.


    If the product has a defect it should be immediately taken out of the shelf and discarded. Then we can look at the production line and tweak things to make the new products better.

    So I'm all in for implementing this !

    :D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹේ ළමයෙක්වත් කවද හරි මොකෙක් හරි රේප් කරොත් උෟට මෛත්‍රී කරපං.උෟව පොලිසියටවත් අල්ලල දෙන්න ඵපා උන් ගැහුවොත් පව්නේ.


    :rofl::rofl::rofl: