hopper koththu.

Meglow

Banned
Jun 11, 2015
596
43
0
yimg_13_B5_XW_640x456.jpg


අපි ඇණවුම් කරපු ආප්ප කොත්තුව දුම් දදා මේසෙට ආවෙ තව චිලී පේස්ට් එකකුයි සෝස් එකකුයිත් එක්ක. තව මොනව බල බල ඉන්නද, ගෑරප්පු දෙකයි හැඳි දෙකයි අතට අරගෙන යාළුවයි මායි කොත්තුවට වැඩේ දෙන්න පටන් ගත්තා. චීස් ගොඩක් දාලා තිබුණ නිසා කොත්තුවෙ සැර ගතිය නම් ටිකක් අඩු‍ වෙලා. චීලී පේට්ස් ටිකකුත් එකතු කරගෙන සැර ගතිය හදා ගත්ත අපි දෙන්නා එක දිගටම කොත්තුව ගිලගෙන ගිලගෙන ගියා. රම්පෙ, කරපිංචා අඩුවෙන් දාලා හදල තිබුණ කොත්තුවෙ බැදපු කුකුල් මස් වල නම් කිසිම අඩුවක් තිබුණෙ නෑ. පොඩි කෑලි වලට කැඩිලා තිබුණට ආප්ප වල රස නම් නියමෙට දැණුනා. චීස් නිසා ආප්ප කෑලි පෙඟිලා එකට ඇලිලා. ආප්ප කොත්තුවෙ තිබුණ ප්‍රණීත රස නිසාම අපිට ඒකට වග කියන්න විනාඩි 10ක් වත් ගියේ නෑ.
 

Meglow

Banned
Jun 11, 2015
596
43
0
yimg_Dec4g3_640x426.jpg


කොත්තුව කාලා ඉවරවෙනෙකාට මම ඉල්ලපු කුකුල් මස් බර්ගර් එක අපේ මේසෙට ඇවිල්ල තිබුණා. කොත්තුව කාලා ඉවර කරපු අපි දෙන්නා බර්ගර් එක දෙකට බෙදාගෙන කන්න පටන්න ගත්ත. කියල වැඩක් නෑ, බර්ගර් එක කද්දි කට දෙපැත්තෙන් චීස් බේරෙන තරමට චීසුත්, ලොකු ග්‍රිල් කරපු කුකුල් මස් කෑල්ලකුත් මැද්දෙන් තියලා බී ළූණු පෙති ටිකකුයි සලාද කොළ ටිකකුයි දාලා තමයි මේක හදල තිබුණෙ. ඇත්තටම බර්ගර් එකේ නම් තිබුණෙ දිව විතරක් නෙවෙයි හිතත් පිරෙන නියම රසක්.
 

Meglow

Banned
Jun 11, 2015
596
43
0
yimg_5_YJv1n_640x378.jpg


විනාඩි 10කට විතර පස්සෙ කුකුල් මසුයි චීසුයි පිරිච්ච සබ්මැරින් එක අපේ මේසෙට ආවා. ඇත්තටම ඒක කන්න පටන් ගන්නෙ කොහෙන්ද කියල නම් අපිට හිතා ගන්න බැරිවුණා. මොකද තට්ටු දෙක තුනකට දාල තිබුණ කුකුල් මසුයි චීසුයි බනිස් එකෙනුත් එළියටත් පැනල තමයි තිබුණෙ. යාළුවට නම් ඒක දිහා වැඩි වෙලාවක් බලාගෙන ඉන්න බැරිවුණා. අත දාපු ගමන් සබ්මැරින් එකෙන් කෑල්ලක් අරගෙන පුළුවන් තරම් කට ඇරලා ඇතුලට දාගත්ත යාළුව ඒක හපන කොට කට වටේටම චීස් ගෑවිලා තිබුණා. මම අනිත් කෑල්ල අරගෙන යාළුවටත් වැඩිය කට ඇරලා සබ්මැරින් එකෙන් ලොකු කෑල්ලක් කඩාගෙන හපන්න පටන් ගන්න කොට මටත් වුණේ යාළුවට වුණු දේමයි. හොඳට මිරිස් දාලා හදලා තිබුණ කුකුල් මස් කෑලි මැදි කරලා දෙපැත්තට චීස් පෙති ගොඩක් දාලා ඊට උඩින් සලාද කොළත් දාලා හදල තිබ්බ සබ්මැරින් එකේ බනිස් එක බටර් ගාලා පොඩ්ඩක් විතර කර කරලා තිබුණා. ඇත්තටම සබ්මැරින් එක නම් නියමයි. අපි දෙන්නා සබ්මැරින් එක කාගෙන කාගෙන ගියේ පිස්සුවෙන් වගේ.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    9YEAEN3.jpg


    මම කිචන් එකේ වැඩ කරන්නෙ.. මේ උඹලට කුකුල් මස් බර්ගර් එක හදන ගමන් ගනිපු පිංතූරයක්..:)