අපි ඇණවුම් කරපු ආප්ප කොත්තුව දුම් දදා මේසෙට ආවෙ තව චිලී පේස්ට් එකකුයි සෝස් එකකුයිත් එක්ක. තව මොනව බල බල ඉන්නද, ගෑරප්පු දෙකයි හැඳි දෙකයි අතට අරගෙන යාළුවයි මායි කොත්තුවට වැඩේ දෙන්න පටන් ගත්තා. චීස් ගොඩක් දාලා තිබුණ නිසා කොත්තුවෙ සැර ගතිය නම් ටිකක් අඩු වෙලා. චීලී පේට්ස් ටිකකුත් එකතු කරගෙන සැර ගතිය හදා ගත්ත අපි දෙන්නා එක දිගටම කොත්තුව ගිලගෙන ගිලගෙන ගියා. රම්පෙ, කරපිංචා අඩුවෙන් දාලා හදල තිබුණ කොත්තුවෙ බැදපු කුකුල් මස් වල නම් කිසිම අඩුවක් තිබුණෙ නෑ. පොඩි කෑලි වලට කැඩිලා තිබුණට ආප්ප වල රස නම් නියමෙට දැණුනා. චීස් නිසා ආප්ප කෑලි පෙඟිලා එකට ඇලිලා. ආප්ප කොත්තුවෙ තිබුණ ප්රණීත රස නිසාම අපිට ඒකට වග කියන්න විනාඩි 10ක් වත් ගියේ නෑ.




