Amazing Israel Part 5 - Yom Kippur War !!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මුස්ලිම්වරු මේ තරම් ඊශ්‍රායලයට අකමැති හේතුව දැන් ඔයගොල්ලො දන්නවා….අරාබිකරයේ තියෙන එකම මුස්ලිම් නොවන පුංචි ඊශ්‍රායලය,
    ඉස්ලාමීය අන්තවාදයට විරුද්ධව කරපු අපූරු සටන් ගැන අපි කලින් කතා
    කළා.

    මේ කියන්න යන කතාව හොඳට තේරෙන්න නං [1 ලිපිය] කියවලා එන්න වෙනවා :)

    6py5511j02dtdfxzg.jpg


    හැබැයි ඒ හැම යුද්ධයකදීම ඊශ්‍රායලය යුදෙව්වන් උපරිම සූදානමින් හිටියා. ඒත් මෙදාපාර නං වැඩේ ගැස්සුනා :shocked:

    කලින් පාරවල් වල තමන්ට වෙච්ච නස්පැත්තිය නිසා, අවුරුදු ගණනාවක් මහන්සි වෙලා හොඳ යුධ සැළසුමක්
    හදන්න අරාබීයො සමත් වෙනවා.

    6 Day War එකේදි ඊශ්‍රායලය විශාල අරාබි රටවල් 4 ක හමුදා දවස් 6 කින් පරාද කරපු හැටි අපි කලින් කතා
    කළා. මේකෙදි අරාබි රටවල හමුදා බුරුතු පිටින් ඝාතනය වුණා. අරාබි ගුවන් හමුදා නැත්තටම වාගේ නැති
    වුණා. ඊජිප්තු හමුදා නායකයා සියදිවි නසාගත්තා. ඊජිප්තු ජනාධිපති heart attack එකකින් මැරුණා.

    ඉතිං අඩුම තරමේ, අරාබි Air Force එක ආපහු හදාගන්නකං වත්, තවත් attack එකක් එයි කියල ඊශ්‍රායලය
    හිතුවෙ නැහැ. ඒත් ඊජිප්තුවෙ අලුත් ජනාධිපති (Anwar Sadat), මේ තරම් කල් මුස්ලිම්වරු ආභරණය විදිහට
    තියාගත්තු මොළේ කියන එක හොඳට පාවිච්චි කරන්න ගත්තා.

    flc7d0kc91mblcpzg.jpg

    අවුරුදු 6 කට පස්සෙ එන Yom Kippur සටනේ, අරාබි planes තිබුණෙම නැති තරම් !

    මෙයා කපටි උපක්‍රම පාවිච්චි කරලා ඊශ්‍රායල බුද්ධි අංශ (Mossad) නොමඟ යවලා විශාල සේනාවක් සුවස් ඇළෙ ඊජිප්තු ඉවුරට රැස් කරගන්නවා.
    හැබැයි 6 Day එකේදි කාපු කෑම නිසා මේ පාර ඊජිප්තුවත් එක්ක එකතු
    වෙන්නේ සිරියාව විතරයි.

    ඊශ්‍රායලය කියන්නෙ මිනිස්සු අඩු, ලංකාවටත් වඩා පුංචි රටක්. රටේ යුද්ධ වලට යන්නෙත් සිවිල් වැසියොම
    තමයි. ඉතිං ඒ නිසා යුධ පෙරමුනට එකට යන්න නං Mossad එකෙන් අඩුම තරමේ පැය 48 warning එකක් වත් ලැබෙන්න ඕනෙ.

    ඒත් මේ පාර ලැබෙන්නෙ පැය 6ක warning එකක් විතරයි !

    ඒ වෙලත් 6 Day එකේදි වගේ, ඊශ්‍රායලට මුලින්(pre-emptive) පහර දෙන්න මේ පාර බෑ .
    මොකද මේ පාරත් එහෙම කළොත් ඇමරිකාවෙ support එක ඊශ්‍රායලයට නැති වෙන්න ඉඩ තිබ්බා.

    ඉතිං ඔක්තෝබර් 6 වෙනිදා..යුදෙව්වන්ගේ ශුද්ධ වූ Yom Kippur දිනයේ ම ඊජිප්තුවත් සිරියාවත් දෙපැත්තෙන්
    දැඩි ප්‍රහාර එල්ල කරන්න ගත්තා…….

    wumcuqx4y28ff1qzg.jpg


    ඒත් සූවස් වගේ ලොකු ඇළක උස ඉවුරු උඩින් ඊජිප්තු යුධ ටැංකි Sinai වලට එගොඩ කරන්නේ කොහොමද ?....
    මේකට හරි ලස්සන උත්තරයක් තරුණ ඊජිප්තු ඉංජිනේරුවෙක් හොයාගෙන තිබුණා. :yes:


    අපි දන්නවා වැලි ගොඩකට හෝස් එකකින් වතුර විදිනකොට වැලි හේදිලා දෙපැත්තට යනවා. මේ ක්‍රමය පාවිච්චි කරලා
    සූවස් ඇළෙන්ම වතුර අරගෙන high pressure එකෙන් කඳු වැටි වලට එල්ල කරලා පාරවල්
    කපන්න මේ අය සමත් වුණා.

    dcxpw4ad3q60pc0zg.jpg


    මේ කපපු පාරවල් දිගේ ආපු ඊජිප්තු යුධ ටැංකි සහ හමුදා, Sinai වල ඊශ්‍රායල හමුදා වලට එළව එළව පහර දෙන්න ගත්තා.

    මේ attack එකට මුහුණ දෙන්න ඊශ්‍රායලය ගුවන් හමුදා planes (IAF) Sinai වලට ඉක්මණින් එන්න ගත්තා.
    හැබැයි මේ දේ ඊජිප්තුවෝ කල් තියා දැකලා තිබුණා. Planes වලට පහර දෙන්න අලුත්ම භාණ්ඩයක්
    රුසියාවෙන් දීලා තිබුණා.

    ඒ තමයි SAM (Surface to Air Missile) . Sinai ඉවුරට ගොඩ බැහැපු සියලූම ඊජිප්තු හමුදා, යුධ ටැංකි හිටියේ, ඉවුරෙන් එහා පැත්තේ(ඉජිප්තු ඉවුරේ) තිබුණු
    මේ SAM sites වල cover එක යටතේ.

    176d0ghedd7i11kzg.jpg


    ඒ නිසා ඊජිප්තු හමුදා වලට attack කරන්න ආපු ගොඩක් ඊශ්‍රායල planes වලට SAM වලින් බැට කන්න සිද්ධ වුණා.
    ඊශ්‍රායල යේ අන්තිම රුම්පුව තමන්ගේ යුධ ටැංකි සේනාව ඉදිරියට යවන එක විතරයි. හැබැයි මේ දේත් ඊජිප්තුවෝ දුර තියා හිතලා තිබුණා.
    මේ අය ගාව රුසියාවෙන් ගත්තු නවීනතම portable Anti-Tank missiles
    (Sagger) තිබුණා.

    මේක මනුස්සයෙක් ට උණත් බෑග් එකක එල්ලගෙන ගිහිල්ලා ඕනෑම තැනක deploy කරලා. launch කරන්න පුළුවන් portable මිසයිලයක්..

    4jrri8haav8f982zg.jpg


    ඉතිං මේ Sagger missile එක ඊශ්‍රායලය යුධ ටැංකි වලට හිතාගන්න බැරි විනාශයක් කරනවා.

    සිරියාව පැත්තෙත් ත්ත්වය ඒ තරම් සතුටුදායක වුණෙ නැහැ.
    සිරියාවට රෑටත් දකින්න පුළුවන් නවීනතම night visions රුසියාවෙන් දීලා තිබුණා. ඒත් ඊශ්‍රායලයට මේ මුකුත්
    තිබුණෙ නැහැ. මේ ගැන අපි මුල්ම ලිපියෙ කතා කළා මතකත් ඇති.

    Sinai වගේ නෙවෙයි, Golan Heights තිබුණෙ ඊශ්‍රායලය නගර වලට ගොඩාක් ලඟින්. ඉතිං මෙහේදී
    තමන්ගේ යුධ ටැංකි වලට අල්ලගෙන ඉන්න බැරි උනොත්. පරාද වෙලා ආපහු යන්න රටක් තමන්ට ඉතුරු
    වෙන්නෙ නැහැ.

    i77bh5fibx7p76qzg.jpg


    ඉතිං රුසියන් ආයුධ එක්ක වෙන කවදාටවත් වඩා දරුණු තර්ජනයක් එල්ල කරන්න අරාබීන් සමත් වෙනවා.

    ඊශ්‍රායලයට මේ වළෙන් ගොඩ එන්න නං අලුතින්ම හිතන්න සිද්ධ වුණා. ඒත් නිර්මාණශීලීව හිතන එක
    යුදෙව්වොන්ගේ ලේ වලටම කිඳා බැහැලා තිබුණු දෙයක්.

    සිරියාවට කොයි තරම් තාක්ෂණයෙන් උසස් ආයුධ තිබුණත් ඊශ්‍රායලීය ටැංකි සෙබලු ගොඩාක් කාර්‍යක්ශම සහ
    accurate උනා. ඒ වගේම හිතේ ලොකු ගැම්මක් මේ අයට තිබුණා. මේ තියෙන්නෙ ඊශ්‍රායලීය යුධ ටැංකියක
    කොටලා තිබුණ වැකියක්.

    n26p2pbylqhj53nzg.jpg


    මේ වෙලාවෙ front දෙකක සටන් කරනවට වඩා තමන්ට වඩාත්ම ලඟින් තිබුණු Golan Heights සටනට වැඩි බරක් දෙන්න
    ඊශ්‍රායල නායකයෝ තීරණය කරනවා.


    තමන් ඉන්න යුධ ටැංකි විනාශ වෙන වාරයක් වාරයක් පාසා පිළිස්සුම් තුවාලත් එක්කම ප්‍රතිකාර අරගෙන නැවත නැවත front එකට ඇවිල්ලා
    ටැංකි 6 ක විතර මාරු වෙවී එක දිගට යුද්ධ කරපු ඊශ්‍රායල සෙබලුත් හිටියා.

    (Zvika Greengold)

    ඉතිං මේ හයියත් එක්කම සිරියානු හමුදා තල්ලු කරගෙන ඉස්සරහට යන්න ඊශ්‍රායලය සමත් වුණා. එහෙම
    ඇවිල්ලා සිරියාවේ අගනුවරට(Damascus) Shell වෙඩි වරුසා වස්සවන්න ගත්තා. Damascus බේරගන්න ඉරාක වගේම ජෝර්දාන යෙන් පවා සේනා ගෙන්නන්න වුණා.
    හොඳටම බය වෙච්ච සිරියානු නායකයා
    (Assad), තමන්ව බේරගන්න කියලා ඊජිප්තුවට ආයාචනා කරන්න ගත්තා.

    ඉතිං තමන්ගේ සගයව බේරගන්න කියලා SAM Coverage එකෙන් ඉදිරියට ඇවිල්ලා සටන් කරන්න. ඊජිප්තුවට සිද්ධ වෙනවා.
    සිය ගණනක් ඊජිප්තු යුධ ටැංකි දූවිළි කාගෙන ඊශ්‍රායලය පැත්තට එන්න ගත්තා. ඒ

    එන යුධ ටැංකි SAM වල ආරක්ශාවෙන් එළියට ආපු හැටියෙම අඳුන ගන්න ඊශ්‍රායල නායකයොන්ගෙ උකුසු
    ඇස් වලට පුළුවන් වෙනවා.

    තමන්ට ලැබුණු chance එකෙන් ඉක්මණටම ප්‍රයෝජන ගන්න ගොදුර ඩැහැගන්න එන රජාලියෙක් වගේ IAF එක විදුලි වේගයෙන් එනවා


    fv448mz84mf5bv1zg.jpg

    (illustrative photo)

    ඉතිං මේ විදිහට එළියට ආපු ඊජිප්තු සේනා ඊශ්‍රායල ගුවන් ප්‍රහාර, යුධ ටැංකි ප්‍රහාර වලින් ඇඹරිලා පොඩි වෙලා
    යන්න පටන් ගන්නවා. ඊජිප්තු ටැංකි 260ක් පැය ගණනක් ඇතුලත විනාශ වෙද්දි ඊශ්‍රායල ටැංකි 20 ක් නැති
    වෙනවා.

    ඊශ්‍රායලය ආක්‍රමණය (offensive) කරන්න හිතාගෙන සටනට ආවත්, මෙතනින් එහාට තමන තමන්ගේ පණ බේරගෙන්න හැටි හිතන්න(defensive)
    ඊජිප්තුවටයි සිරියාවයට සිද්ධ වෙනවා.


    ඊශ්‍රායල ඉතිහාසයේ බිහිවුණ හොඳම යුධ සැලසුම් ශිල්පියෙක් වෙන Ariel Sharon ගැන අපි කතා කළා.
    කොහොමත් ඉගෙනීමට ලැදි යුදෙව්වෙක් වගේ මෙයත් Army එකෙන් retire වෙලා උපාධියක් හදාරමින් තමයි හිටියේ.

    c63by89kv7aq4n9zg.jpg


    මීට කලිනුත් දෙපාරක්ම (1956 වගේම 1967... 6 Day War) Sinai ආක්‍රමණය කරලා ඊජිප්තුවට දොඹෙන් යන්න
    දුන්න කෙනෙක් තමයි මේ.

    ඉතිං ඊශ්‍රායල රජයේ ඉල්ලීම නිසා ඉගෙන ගන්න එක පැත්තක දාලා මෙයා ආපහු ගේමට බහින්න තීරණය
    කළා. ගෙයින් එලියට බහිනකොට මෙයාගෙ යාළුවෙක් අහනවා “Sharon.. අපි කොහොමද මේකෙන් ගොඩ
    එන්නේ ? “ මෙයා උත්තර දෙනවා

    "You don't know? We will cross the Suez Canal and the war will end over there."

    මේ කියන දේ ගැන, කියවන ඔයාලා වගේම ඒ යාළුවටත් ඒවෙලෙ තේරුනෙ නැහැ. ඒත් එලියට බහිද්දිම
    කරන්න ඕනෙ මොකක්ද කියලා Sharon ගාව අමුතුම plan එකක් තිබුණා.
    මොන තරම් අවදානම් උනත් සිවිල් කාර් එකෙන් වැඩි ආරක්ශාවක් නැතුවම ඉක්මණට Sinai front එකට
    යනවා.

    SInai front එක අල්ලගෙන හිටපු ඊජිප්තු ටැංකි ඔක්කොම එක්ක ඊශ්‍රායලයට හැප්පෙන්න අමාරුයි. මේකට අපූරු විසඳුමක් තිබුණා.

    ඊජිප්තු සේනා අතරේ gap එකක් හොයාගන්න ඊශ්‍රායලිකයෝ සමත් වෙනවා. මේක තමයි Sharon බලාගෙන හිටපු chance එක.
    කෙලින්ම ඊජිප්තු ටැංකි එක්ක හැප්පෙනවා වෙනුවට මේ gap එකෙන් රිංගලා සූවස් ඇළ

    cross කරලා උතුරටයි දකුණටයි විහිදිලා ගිහිල්ලා SAM sites විනාශ කරන හැටි ගැන හිතන්න ගන්නවා.

    031478z1bx9ms68zg.jpg


    ඒත් මේ gap එක හරහා හමුදාවක් එගොඩ කරන්නෙ කොහොමද ?
    ඔය ප්‍රශ්නය ඊශ්‍රායල නායකයෝ ඔය ප්‍රශ්නය විසඳලා තිබුණෙ මීට අවුරුද්දකටත් කලින්

    මේ වෙනකොටත් ඊශ්‍රායලයේ ඉඳන් මෙන්න මේ අමුතු භාණ්ඩයක්, යුධ ටැංකි උඩින්, Suez ඉවුර දිහාවට
    එමිනුයි තිබුණෙ.

    q2l92badis84athzg.jpg


    මේක mobile පාලමක්. කවදාහරි ඊජිප්තුවත් එක්ක යුද්ධෙකදී තමන්ට සුවස් ඇළ cross කරන්න වෙන බව
    මේ අය දුර තියා දැකලා තිබුණා. ඒ නිසාම අවුරුද්දකට කලින් මේ mobile bridge හදලයි තිබුණේ.

    ඉතිං ටික දවසකට පස්සේ Sharon ලා අල්ලගත්තු gap එක හරහා පාලම හයි කරපු ඊශ්‍රායලය, තමන්ගේ
    හමුදා සෙට් පිටින් සූවස් ඇළෙන් එහා පැත්තට එවන්න පටන් ගන්නවා.

    BxUaun-Aalsm7V970Nen3og-189F4rBC1hCPPj8hINhnBLCJag7dcAtt7XHXlLduLPiaoElh9zMa-0GCoOxPiDmaQRr4P6Xg3WDEBmEcbOFnjxvqInnjpAYkVmhMaJajIVo=s1600



     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙහෙම ආපු සේනා, උතුරටයි දකුණටයි විහිදිලා ගිහිල්ලා ඊජිප්තු ඉවුරේ SAM Sites විනාශ කරලා දානවා. ඒ
    එක්කම ඊශ්‍රායල planes (IAF) වලට ආපහු තමන්ගෙ වැඩ කිඩ දාන්න අවස්ථාව ලැබෙනවා.

    ඉතිං IAF එක ඊජිප්තු සේනාංක වගේම පොළොව යටින් යන communication lines බෝම්බ වලින් සුනු විසුනු
    කරලා දානවා. මේ නිසා තමන්ගෙ හමුදා වලට Radio Messages වලින් අණ දෙන්න ඊජිප්තුවට සිද්ධ වෙනවා

    ඉතිං ඇන්ටනාවකින් transmit කරන මෙන්න මේ Radio තරංග හසුකරගෙන ඒවයෙ රහස් කේත විසඳලා
    පණිවිඩයට කන් දෙන්න (intercept) ඊශ්‍රායල බුද්ධි අංශ වලට පුළුවන් වුණා. මේ නිසා ඊජිප්තුවන්ගෙ movements,
    plans සෑහෙන්න තරමක් ඊශ්‍රායලිකයො කලින්ම දැනගෙන හිටියා.


    ඔන්න දැන් ඊජිප්තුවට ත් හීන් දාඩිය දාන්න පටන් ගන්නවා. 6 Day War එකේදි වත් ඊශ්‍රායලය සූවස් වලින්
    එහාට ආවෙ නැහැ. මේ එන ඒමේ හැටියට තමන්ගේ අගනුවරත් ඊශ්‍රායලිකයෝ අල්ලගනී දෝ….. කියන බය
    දැනෙන්න ගත්තා. ඉතිං සුපුරුදු විදිහට මේ අය රුසියාවට, ඇමරිකාවට UN එකට කියලා සටන් විරාමයක්
    ගන්න හැදුවා.

    ඊජිප්තු අගනුවර කයිරෝව අල්ලගන්න ගියොත් ඇමරිකානු pressure එනවා. ඒ නිසා Sharon ලා, ඊජිප්තුවට
    නහය රතු වෙන්න පාඩමක් උගන්නන්න මෙන්න මේ වැඩේ කරනවා ……….

    nx15a4z3u21nbpszg.jpg


    SAM site විනාශ කරපු ඊශ්‍රායල හමුදා ඊජිප්තු ඉවුරෙ පහල කොටස් අල්ලගන්නවා. ඉතිං “ඊජිප්තු ඉවුරෙනුත්”
    Sinai වලත්,... ඉන්න ඊශ්‍රායල හමුදාවට, ජිජිප්තු 3rd Army එක සම්පූර්ණයෙන්ම කොටු වෙනවා..
    මේ විදිහට සීඝ්‍රයෙන් අල්ලගන්න Sharon ගෙ plans, ground troops maneuvers ගොඩාක් උදව් වෙනවා

    ඉතිං මේ නිසා මිනිස්සු 45 000 ඊජිප්තු සේනා කන්න බොන්න නැතුව Sinai ඉවුරේ කොටු වෙනවා.

    ඉතිං මේ වෙච්ච අකරතැබ්බය නිසා ඊශ්‍රායලය පසු බැස්සේ නැත්නං තමන්ගේ සේනා ඊජිප්තුවට එවන බවට
    රුසියාව නැවතත් තර්ජනය කරන්න ගත්තා. ඉතිං ඇමරිකාවෙන්, ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වුණ දැඩි
    බලපෑම නිසා ඒ අයව නිදහස් කරන්න ඊශ්‍රායලට සිද්ධ වුණා. UN එක සටන් විරාමයක් ගෙනාවා.

    එහෙම නොවෙන්න මුළු ඊජිප්තු සේනංකයම ඊශ්‍රායලියො අතින් සමූලඝාතනය වෙන්න ඉඩ තිබුණා.

    ඉතිං මේ විදිහට 3 වෙනි වතාවටත් පුංචි ඊශ්‍රායලය මැදපෙරදිග පතාක අරාබි රටවල් දණගස්සනවා.
    අරාබීන්ගෙ අවුරුදු ගණනක සැළසුම් ඊශ්‍රායලිකයන්ගෙ තැනට සුදුසු නුවණ ඉස්සරහා කෑලි කෑලි වලට කැඩිලා
    යනවා

    Sharon ආපහු ඊශ්‍රායලයට එනකොට “King of Israel” කියල නමක් පටබැඳිලා තිබුණා.
    මෙයා බැන්ඩේජ් එකක් ඔලුවේ ඔතාගෙන front එකේ අණ දෙන හැටි, කාන්තාර වැලි පොළොවෙ තියාගෙන යුධ සැළසුම් හදන හැටි
    ඊශ්‍රායල හමුදා පරාක්‍රමයේ සංකේතයක් බවට පත් වුණා.


    5f3xzl3vlnrf7c5zg.jpg

    (එක ඇහැක eye patch එකක් Sharon ට පිටිපස්සෙන් ඉන්නෙ කවුද කියල දැන් දන්නවා ඇති නෙ ? ;) )

    Ariel Sharon පස්සෙ කාලෙක ඊශ්‍රායලයේ නායකයා (අගමැති) පවා වෙනවා.

    ඔහොම්මම ගිහිල්ලා තමන් දන්න hardcore මුස්ලිම් යාළුවෙක්ට “Sharon” කියන නම කියලා බලන්න ………...
    දැන් තේරෙනවා ඇති නේ ? ලංකාවේ ඉන්න මුස්ලිම්වරු පවා අරාබීන් මෙයාගෙන් කාපු කෑම ගැන දන්නවා !

    ඊශ්‍රායලිකයෝ 3000 ක් විතර මේ සටනෙදි දිවි දුන්නා. කාපු කෑම සැර වැඩි නිසා ඊජිප්තුව සහ සිරියාව
    කවදාවත් තමන්ගෙ casualties ගණන හෙළි කලේ නැහැ.


    ඊජිප්තුවේ Anwar Sadat කියන්නෙ ටිකක් practical නායකයෙක්. මේ තරම් ගේමක් දීලත් ඊශ්‍රායලය
    පරද්දන්න බැරි නං, කපන්න බැරි අත ඉඹින එක හොඳයි කියලා මෙයා තේරුම් ගත්තා.
    Sadat පස්සෙ කාලෙක ඊශ්‍රායලය පාර්ලිමේන්තුවට (Knesset) පවා ඇවිල්ලා ඊශ්‍රායලය පිළිගන්න තමන් සූදානම්
    කියලා ප්‍රකාශ කරනවා.
    මීට කලින් වෙන කිසිම අරාබි නායකයෙක් Knesset එකට ඇවිල්ලා තිබුණෙ නැහැ !

    vtbsqawqwmyc5mlzg.jpg


    මුළු මැදපෙරදිගින් ම ඊශ්‍රායලය, රටක් විදිහට පිළිගත්තු පළවෙනි රට බවට ඊජිප්තුව පත් වෙනවා.
    හැබැයි මේ වැඩේ නිසා මෙයාට හතුරො ගොඩාක් ඇති වෙනවා.

    ඊශ්‍රායලය ත් මේ සාම වෑයමට හොඳින් ප්‍රතිචාර දක්වනවා. කොයි තරම් පුංචි, තෙල් නැති රටක් උනත්, තමන්
    ලේ හලලා අල්ලගත්තු, විශාල සහ තෙල් වලින් පොහොසත් Sinai කුට්ටියම ආපහු ඊජිප්තුවට බාරදෙනවා.

    හැබැයි සිරියාව, සාමය පැත්තක තියලා දිගින් දිගටම Golan Heights ඉල්ලලා තර්ජනය කරනවා.

    අදටත් ඊශ්‍රායලය Golan Heights ආපහු දෙන්නෙ නැහැ……….!

    මුළු ලෝකෙම මුස්ලිම්වරුන්ට ඕනෙ ඕනෙ විදිහට නැටුවත්… ඊශ්‍රායලය එක්ක ඒ සෙල්ලම් හරියන්නෙ නැහැ.

    ඔය අතරේ හමුදා සංදර්ශනයකට ගියපු Anwar Sadat, ඊජිප්තු තුවක්කු කරුවෙක් අතින් අවාසනාවන්ත විදිහට
    ඝාතනය වෙනවා.

    Yom Kippur යුද්ධය තමන්ගේ අවසාන බිල්ලත් එක්ක මේ විදිහට නිහඬ වෙනවා………..

    එදා ඉඳන් අද වෙනකං අවුරුදු 40 කින් කිසිම අරාබි රටක් ඊශ්‍රායලයත් එක්ක ආපහු හැප්පෙන්න ඇවිල්ලා
    නැහැ !

    යුද්ධය පුරාවටම රුසියාව... ඊජිප්තුවට, සිරියාවට සහ ඉරාකයට ආයුධ එවනවා. සිරියානු අගනුවරට හැතැප්ම
    10 තරම්ම ලඟට ඊශ්‍රායල එද්දි, ඒක බේරගන්න රුසියානු හමුදාව පවා එවන්න හදනවා. අරාබීන් ගේ සැළසුම්
    ගැස්සෙන කොට රුසියානු අගමැති පවා ඊජිප්තුවට ඇවිල්ලා කරුණු හොයලා බැලුවා.

    ඊශ්‍රායලයට උදව් කළොත් තෙල් දෙන්නෙ නෑ කියල අරාබින්, යුරෝපයට කලින්ම තර්ජනය කරලා තිබුණා. මේ නිසා
    බ්‍රිතාන්‍යයි ප්‍රංශයයි පවා UN එකත් එක්ක එකතු වෙලා ඊශ්‍රායලය ට විරුද්ධව ක්‍රියාමාර්ග
    ගන්නවා.

    ඇමරිකාව මුලදි ඊශ්‍රායලයට ආයුධ එවන්නෙ නැහැ.. මේ නිසා කට්ට කපටි ඊශ්‍රායලය තමන්ගේ Nuclear
    Warheads ඇමරිකානු සැටලයිට් වලට ලේසියෙන්ම පේන විදිහට එලිපිට පණගන්වනවා. මැදපෙරදිග
    න්‍යෂ්ටික අවි වලින් වැනසිලා යයි කියන බයට ඇමරිකාව ඉක්මණින් ඊශ්‍රායලයට ආයුධ එවන්න පටන්
    ගන්නවා.

    අරාබීන් ගෙ තර්ජනයට බයේ, ඇමරිකාවෙ ඉඳන් ඊශ්‍රායලයට ආයුධ අරන් එන planes වලට ඉන්ධන
    දෙන්න(refuel) වත් යුරෝපා රටවල් ගොඩක් කැමති වෙන්නෙ නැහැ. (නෙදර්ලන්තයයි පෘතුගාලයයි හැර)

    මීට අමතරව ඇල්ජීරියාඅව, කියුබාව, උතුරු කොරියාව, පකිස්තානය, ලිබියාව, සවුදි අරාබිය, කුවේටය,
    මොරොක්කො, ටියුනීසියාව, ලෙබනනය, සුඩානය, පලස්තීනය පවා ඊශ්‍රායලයට එරෙහිව සටනට පුළුවන්
    විදිහට උදව් කළා .

    මෙච්චර සපෝට් එක තිබිලත්, හිච්චං ඊශ්‍රායලයට ගහගන්න අරාබීන්ට බැරි වුණා. ඉතිං ඕකට හේතුවක් විදිහට,
    ඊශ්‍රායලයට ඇමරිකාව කරන උදව් ගැන මුස්ලිම්වරු කෑ-මොර තියන ඒවා විතරයි අපි අද දන්නෙ.

    “මේවා ඉතිං කොයි කාලෙ වෙච්ච වලි ද ?” ඕවයින් දැන් වැඩක් තියෙනවද ? කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.
    ඒත් මේ හැමදෙයක්ම මිනිහෙක් ගෙ ජීවිත කාලයකදි වුණ දේවල්


    මේ ඉන්නෙ ඊශ්‍රායලයේ කලින් හිටපු ජනාධිපති (Shimon Peres). ලඟකදි තමයි retire උනේ.

    599tvnk756n3paszg.jpg


    කාන්තාරයේ දූවිලි ගොඩින් ඊශ්‍රායලය බිහිවුණෙ මෙයාට අවුරුදු 25ක් වෙද්දි. එතන ඉඳන් ආපු යුද්ධ 3 ටම මෙයා සහභාගි වෙලා තියෙනවා.
    එ හැම දෙයක්ම ඇහින් දැකලා ඒ කතාව කියන්න මෙයා අදටත්
    (2015-09-26) පණපිටින් ඉන්නවා.


    ඉතිං මෙන්න මේ විදිහට තමයි පුංචි ඊශ්‍රායලය මුළු අරාබිකරයත් එක්කම හැප්පිලා තමන්ගෙ රට 3 පාරක් ම
    බේරගත්තේ
    .
    ඊශ්‍රායලය කියන්නෙත් batsman කෙනෙක් වගේ. මුළු ලෝකයම පුදුම කරමින් එක පාර එන අරාබි බෝල 4-5
    කට උනත් මුහුණ දීලා 6යේ 4රේ පාරවල් ගහන්න අද වෙනකං මේ අය සමත් වුණා. ඒත් දැවී යන්න ඕන
    වෙන්නෙ එකම එක බෝලයක් විතරයි.

    අරාබිකරයෙන් එළ්ල වෙන අභියෝග අදටත් නැවතිලා නැහැ. අති විශාල දැඩි ඉස්ලාමීය රාජ්‍යක් වෙන
    ඉරානය ත් අද military එක අතින් ඉන්නෙ ඉතාම ඉහල තැනක. ලඟදිම මේ අය න්‍යෂ්ටික බලයත් ගනීවී

    x23c8xmvgvmqum0zg.jpg

    (ඉරානය න්‍යෂ්ටික මිසයිල අත්හදාබලන අවස්ථාවක්)

    අනෙක් අතින් ISIS……..(ISIS හැදුවේ ඊශ්‍රායලයයි ඇමරිකාවයි කියලා විලාප තියන අයට මං කලින් උත්තර දීලා ඇති)

    9ai0vb6i77h0937zg.jpg


    අරාබි රටවල ඕනෙ තරම් හමුදා කුමණ්ත්‍රන වලින් ජනාධිපතිලා පුටුවෙන් පහවෙලා තියෙනවා. එකම ජනාධිපති අවුරුදු ගණං පුටුවේ ඉන්නවා.

    ඒත් රටේ හැමෝම හමුදා සෙබලු වෙලත්, ඊශ්‍රායලයේ කවදාවත් කුමණ්ත්‍රන වෙලා නැහැ. තමන්ගේ රටම වැනසිලා යන්න පුළුවන් යුද්ධ ආවත්
    මේ වෙනකං එක දිගටම,
    හරියටම අවුරුදු 4 න් 4 ට ඊශ්‍රායලයේ ඡන්දෙ
    තියලා මිනිස්සු කැමති නායකයාව පත් කරගන්නවා.

    ඇමරිකාවෙ, බ්‍රිතාන්‍යයේ පවා ලෝක යුද්ධ කාලෙ මැතිවරණ කල් ගිහිල්ලා තියෙනවා.

    මැදපෙරදිග කියන්නෙ, ඉස්ලාම් ආගමේම Shiite, Sunni වෙනසට පවා මරාගන්න. Gay අයව එල්ලන,
    අන් ආගම් ජාතීන් වලට මාරාන්තික, ප්‍රජාතන්ත්‍රවාදය තැනක් නැති තැනක්.

    කොටින්ම සවුදියේ කාර් එලවන ගැහැණුන්ට වඩා ඊශ්‍රායලයේ ගෑනු Fighter Jet pilots ලා ඉන්නවා !

    ඉතිං මේ වගේ ආගමෙන් උමතුවුණ මුස්ලිම් රටවල් රැසක් මැද. ඉස්ලාමීය පූජකයෝ අතේ Nuclear Detonators තියෙන රටවල් ගොඩක් මැද්දේ,
    ජාත්‍යන්තරයේ විවේචනත් එක්ක ඉන්න තමයි ඊශ්‍රායලට සිද්ධ
    වෙලා තියෙන්නේ.

    z9p4390h5tpbp63zg.jpg


    මුස්ලිම් රටවල් තම තමන් මරාගන්න අතරේ ඊශ්‍රායලයටත් මිසයිල එවනවා. Gulf යුද්ධයේදී කුවේටය ආක්‍රමණය කරන ගමන්,
    සදාම් හුසේන් Scud Missiles වරුසාවක් එව්වා. විෂ වායු බිය නිසා ඊශ්‍රායලය පොඩි
    මුස්ලිම් රටවල් තම තමන් මරාගන්න අතරේ ඊශ්‍රායලයටත් මිසයිල එවනවා. Gulf යුද්ධයේදී කුවේටය ආක්‍රමණය කරන ගමන්,
    සදාම් හුසේන් Scud Missiles වරුසාවක් එව්වා. විෂ වායු බිය නිසා ඊශ්‍රායලය පොඩි
    අයට පවා Gas Mask ඇඳගෙන ඉන්න උනා.

    ආරක්ශක විධි විධාන වල හපන්කම නිසාම ඊශ්‍රායලිකයෝ කවුරුත් මේකෙන් මැරුනෙ නෑ. ඒත් මේ
    මිනිස්සුන්ගෙ මහන්සියෙන් හදපු ගෙවල්, දේපල, කර්මාන්තශාලා අළු වෙලා යනවා.

    ybibj4a3ns6j4jzzg.jpg


    ඒ කරපු විනාශෙටවත් ප්‍රතිප්‍රහාර එළ්ල කරන්න ඇමරිකාව, ඊශ්‍රායලයට ඉඩ දෙන්නෙ නැහැ !

    ඇමරිකාව වාර්ෂිකව ඩොලර් බිලියන ගණනින් ඊශ්‍රායලයට ආධාර දෙනවා. ඒත් අරාබි රටවල් තෙල්
    විකුණලා ඊට වඩා ආදයමක් ගන්නවා.

    ඊශ්‍රායලය මේ හැම දෙයක්ම කළෙ ඇමරිකාව සහ UN එක ඒ අයගේ අත් යදම් වලින් බැඳලා තියෙද්දියි.
    එහෙම නොවෙන්න අරාබි රටවල් ගොඩක අගනුවරල් වල ඊශ්‍රායල කොඩිය ලෙළදෙන්න ඉඩ තිබුණා.
    මේ කාගෙ අතින් හරි හෙට ඊශ්‍රායලයේ අවසානය සිද්ධ උනත්, ඊශ්‍රායලිකයොන්ගෙ අරාබීන්ට අමතක නොවෙන පාඩමක් උගන්නලා ඉවරයි.
    මේ අය විද්‍යාවට තාක්ෂණයට කලාවට සාහිත්‍යයට දායාද කරපු දේවල් තව අවුරුදු දහස් ගණනකට ලෝකයේ
    හැමෝටම පිහිටවේවි.

    මුස්ලිම්වරුත් ඒ නිපැයුම් පාවිච්චි කරන ගමන් Death to America, Death to Israel කියාවි !

    v6t1dl7ep4awszezg.jpg


    ඉතිං ඊශ්‍රායල යුද්ධ ගැන ලිපි ටික මෙයින් අවසාන වෙනවා. :D

    ඒත් ඊශ්‍රායලය මුළු ලෝකයම පුදුම කරවන එක මෙතනින් නතර වුණෙ නැහැ !

    ඇමරිකාවටවත් කරන්න බැරි උන Mission Impossible ජාතියේ විශ්මිත මෙහෙයුම් රැසක් ඊශ්‍රායලය කරලා
    තියෙනවා.
    ඒ ගැන අපි පහුවෙලා කතා කරමු

    බලාගෙන ඉන්න බැරි නං Entebbe Raid ගැන හොයාගෙන කියවන්න. Film වල අපි දකින ගොතපු කතා
    වලට වඩා ඊශ්‍රායලයොන්ගේ missions කොයි තරම් සිරා ද කියන එක ඔයාලටම වැටහේවි.

    Thread එක Rate කරන්න. rep වලින් වැඩක් නෑ !

    ඊශ්‍රායල ලිපි ඔක්කොම පිළිවෙලට බලන්න ඕනෙ නං මගේ Blog එකට එබිලා යන්න ;)

    ~ The Other side (click) ~

    Copyrights:- ඕනෑම කෙනෙකුට කර්තෲ අවසරයකින් තොරව ගෙඩිය පිටින් උස්සගෙන paste කිරීමට අවසර ඇත. ලිපියේ අරමුණ දැනුවත් කිරීම විනා, නම කොටාගැනීමට නොව.
    (කොහොමත් මගේ ඇත්ත නම Zeus නෙවෙයිනෙ). ඒත් පුළුවං නම් මේ thread එකේ link එකත් සඳහන් කරන්න.
    ඒ නැතත්. අනේ කමක් නැත.
     
    Last edited:
    • Like
    Reactions: unicornx

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    2006 ලෙබනන්-ඊශ්‍රායෙල යුද්ධය ගැනත් දාපන් අන්තිමට පුලුවන් නම්. +
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩේ මෙන්න දාල :baffled: :baffled:
    කියවන්න කලින් කමෙන්ට් කල්ල යන්න ආව නැත්තං සෙනඟ පිරුණාම කමෙන්ට් කරන්න අමාරුයි :baffled: :baffled:

    වෙලාවට කලින් ආවයෑන් පලවෙනි පිටුවෙම කමෙන්ට් කරන්න පුළුවන් වුනා :baffled: :baffled:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    2006 ලෙබනන්-ඊශ්‍රායෙල යුද්ධය ගැනත් දාපන් අන්තිමට පුලුවන් නම්. +

    Articles 5 ක්ම දැම්මනෙ බං. මෙතනින් එහාට උණ තියෙන උං හොයාගෙන කියවයි.
    මුකුත්ම නොදැන හිටපු අයට kick-start එකක් දෙන්න විතරයි ඕනෙ උනේ
     
    • Like
    Reactions: N♥K_forever

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Articles 5 ක්ම දැම්මනෙ බං. මෙතනින් එහාට උණ තියෙන උං හොයාගෙන කියවයි.
    මුකුත්ම නොදැන හිටපු අයට kick-start එකක් දෙන්න විතරයි ඕනෙ උනේ

    අවුලක් නෑ.

    උඹේ ලිපි ටික ඩෑන් ස්නෝගෙයි පුතාගෙයි ඩොකියුමන්ටරි ෆිල්ම්(20th Century Battlefields) ටික එක්ක හොඳට ගැලපෙනවා.බලමු උන් දෙන්නා වත් ලෙබනන්-ඊශ්‍රායෙල යුද්ධය ගැන ඩොකියුමන්ටරියක් කරන්නේ නැතැයි.:)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩේ ඒකත් ඉවරයි :( :(
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් එකක් ඉවර වුනා වගේ දැනෙන්නෙ :( :(
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    hamadam wage sira thread eka :)


    PS :

    "man selling Arab brains for $150 a pound and Jewish
    brains for $2 a pound. Asked why the Arab brain was so
    expensive, he says, "Because it's hardly been used."

    meka thibbe By Way of Deception kiyana book eke (uba ethin kiyawla tiynewa ney ;) )
    monawa unath atta kathawa , Muslim un nam kawadawath oluwa pawichi karla weda karana un nemie :P
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    වාර්තා චිත්‍රපටියක් බැලුව වගේ ,
    පට්ටම විදිහට ලියල තියනවා