කොණ්ඩයාගේ අළුත්ම එක..
දැන් කොණ්ඩයා අපේ රටේ සුපර් හිට් කෙනෙක්. එහෙම කලේ පොලිසිය. ඔක්කොම හිතාගෙන ඉන්නේ කොණ්ඩයා කරපු පාපෝච්චාරණයෙන් මිනිහම තමයි වැරදිකාරයා කියලා.
.
.
.
.
.
.
.
.
.
මුළින්ම කියන්න ඕනෙ මේ පාපෝච්චාරණ ලියාගන්නේ පොලිසිය. ලියාගන්නවා නෙමෙයි ලියන්නේ, පොලිසිය. ප්‍රායෝගිකව බොහෝ වෙලාවට වෙන්නේ සැකකාරයට පොලිසිය හොඳටම නෙලුවට පස්සේ උගෙන් කට උත්තරයකට හරි පාපෝච්චාරණයකට අත්සන් ගන්නවා. කෙලින් ඉන්නවත් බැරි තරමට ගුටිකාපු මිනිහා තව ගහයි කියලා බයට පොලිසිය කියන ඕනෙම දේකට අත්සන් කරනවා. ඊට පස්සේ අර මිනිහා, මෙහෙම කිවුවා, එහෙම කිවුවා කියලා මිනිස්සු කුලප්පු කරවනවා....
මම පුංචි උදාහරණයක් කියන්නම්. මගේ පුතාට අවුරුදු 2 ක් විතර කාලෙදි, පුතාත්, බිරිඳත් මගේ වාහනයේ සිටිද්දී කඩුවෙල, වැලිවිට පාරෙදි මෝටර් සයිකලයක් මගේ මෝටර් රථයේ ගැටෙනවා. මම ගිහිල්ලා අතුරුගිරිය පොලිසියට අනතුර සම්බන්ධව පොලිසියට ප්‍රකාශයක් ලබා දෙනවා, මම කියපුවා මා ඉදිරිපිටදීම පොලිස් නිලධරියා ලියාගන්නවා, මට ඒ නිලධාරියගේ අකුරු කියවන්නත් බෑ, මා ඉදිරිපිටදී මා කියූ දේම ලියුවයි කියලා සද්භාවයෙන් විශ්වාස කරලා අත්සන් කරනවා. පසුව ඒ ලබාදුන්නු ප්‍රකාශයේ සහතික පිටපතක් අරගෙන බලනකොට තමයි දන්නේ ඒකෙ තියෙන්නේ රටේ නැති කුණුහරුප කියලා.
මා මිත්‍ර එක්තරා නීතිඥවරියක් පානදුර මහාධිකරණයේ ස්ත්‍රී දූෂණ නඩුවකට පෙනී සිටිනවා, නමුත් නඩුවේ brief එක බලලා නඩු විභාගය සඳහා මට පෙනී සිටින ලෙස ඉල්ලා සිටිනවා, ඒකෙ පැමිණිල්ලේ සාක්ෂි කියලා තිබුනේ සම්පූර්ණයෙන් කුණුහරුප. අඩු තරමින් ඒවා ග්‍රාම්‍ය සමාජයක මිස සාමාන්‍ය පහල සමාජයක ව්‍යවහාරයේවත් පවතින වචන නෙමෙයි. කවුරු හරි අතින් දූෂණය වෙලා පොලිසියට ගිය මොන කාන්තාවද කුණුහරුප කිය කියා කට උත්තර ලබා දෙන්නේ....
මෙතන තියෙන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි, කොයි වෙලාවෙත් "ඔවු සර් - නෑ සර්" ග ගා ඉන්න පොලිස් නිලධාරින්ගේ මානසික ව්‍යාකූලතාවය. ඔවුන් තරම් පීඩනයකින් ඉන්න පිරිසක් තවත් නෑ. හන්දි ගානේ කකුල් කඩෙත්තුව හැදෙනකම් පාරේ හිටගෙන ඉඳලා පොලිසියට ආවම, එය අගය කරනවා වෙනුවට ඉහල නිලධාරින්ගේ දෝෂ දර්ශණයට ලක්වන පුංචි පොලිස්කාරයාගේ ජවනිකාව තමයි ඕක. එක්තරා කාලෙකට ඉස්සර කොටුව පොලිසියේ OIC කෙනෙක්, වයසක පොලිස් නිලධාරියෙකුට බිම දාගෙන ගහනවා මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.
ධර්ම චක්‍රය හිසේ ගහගෙන හිටියට පොලිසියේ අඳුරු තත්ත්වය මේක නම් අපට බලාපොරොත්තු විය හැකි සාධාරණය කුමක්ද?