එළකිරි භූත කොටුව.........

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේකත් උනේ යාලුවෙක්ට :baffled: :baffled:
දැනට අවුරුදු එකොලහකට විතර කලින් :dull: :dull:
මුට ඉඩමක් සෙට් වුනා ගෙයක් එක්ක ඒ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් ඉඩම් විකිණෙන ගානට වඩා අඩුවට ලාබයිනෙ කියල ගත්ත :dull: :dull:
ඌ රස්සාව කලෙත් ඒ පැත්තෙ ගෙදර යන්නෙ බොහෝ විට මාසෙකට සැරයක් වගේ :dull: :dull:
මූ ගේ අරගෙන ටික දවසක් ඔහොම ඉන්නවලු :dull: :dull:
නිදාගෙන ඉන්නකොට හරියටම පාන්දර 1.30 වදිද්දි (ගෙදර පරණ වයින් කරන ඔරලෝසුවක් තිබ්බ පැය බාගෙන් පැය බාගෙට වදින) වහලෙට මොකක් හරි වැටෙනවලු :eek: :eek:
වැඩේ කියන්නෙ හැමදාම 1.30 වෙලාව වදිනව ඇහෙන්න මුට 1.28 ට විතර ඉබේම නැගිට්ටෙනවලු :shocked: :shocked:
දවසක් දෙකක් වුනාට මූ ඕක ඒ හැටි ගනං අරගෙන නෑ ඒත් මූ දැන් ඒ ගෙදරට ඇවිල්ල සතියක්ම වගේ වෙන්න එනව ඒ ගතවුනු හැමදාකම ඕක වුනාලු :shocked: :shocked:
ඒ වුනාට උදේට එලියට බැහැල බලනකොට වහලෙට වැටුන කිසිම දෙයක් නෑලු :no: :no:
මූ අන්තිමට මේක මොන මල වදයක්ද කියල අර ඔරලෝසුවෙ බට්ටව නවත්තල :dull: :dull:
උගෙ කාමරේ උදේට නැගිටින්න එලාම් එක තියන පොඩි ඔරලෝසුවක් තිබිල එදාත් උට 1.28 විතර අර වගේම ඉබේම නැටිට්ටවුනාලු :dull: :dull:
1.30 වුනා විතරයි මූ පාන්දර 5.30 ට තියල තිබ්බ එලාම් එක 1.30 ට වදින්න පටං අරං :shocked: :shocked:
මූ ටිකක් භය වෙලා එලාම් එක ඕෆ් කල්ල ලයිට් එක දාල වතුර එකක් බොන්න කුස්සියට යනකොට අර බට්ට නවත්තපු ඔරලෝසුවෙ බට්ට ආපහු වැඩලු :shocked: :shocked:
මූ කිව්වෙ නම් බට්ට ආපහු වැනෙන්න පටං අරං තියෙන්නෙත් 1.30 ට කියල මොකද ඌ බට්ට නවත්තනකොට තිබ්බ වෙලාවෙ ඉඳල ගෙට යද්දි විනාඩියක් දෙකක් වගේ ගිහිං තිබිල තියෙන්නෙ ඒ කියන්නෙ 1.30 ට අර එලාම් එක වදිද්දිම ආපහු බට්ට වැනෙන්න පටං අරං ඉබේටම :shocked: :shocked:
ඒක දැක්ක විතරයි මුට වතුර එපා වෙන්නම භය වෙලා කාමරේට දුවල දොර ලොක් කරගෙන ලයිට් එක දාං එලි වෙනකංම ඇහැරං ඉඳල :shocked: :shocked:
පහුවෙනිද තමා අපිත් එක්ක සිද්ධිය කිව්වෙ :dull: :dull:
ඊට පස්සෙ උටම ඒ ගෙදරදිම තව සිද්ධි ටිකක් වුනා ඒක පස්සෙ දාන්නං කොටන්න කම්මැලියි :no: :no:
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක

    ඔරලෝසු දෙක සර්විස් කරා නං හරි :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔරලෝසු දෙක සර්විස් කරා නං හරි :)

    දැන් එහෙම වෙන්නෑ මේක ගොඩක් කාලෙකට කලින් වෙච්චි එකක් :dull: :dull:
    අනික උඹ ඕක මට කියන්නෙ උට කියපං මට නෙමේ වුනේ යාලුවෙක්ට :baffled: :baffled:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,437
    7,118
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    පිටරටක ගියොත් ලන්කාවේ උන්ව Trust කරන්න එපා.
    අපේ උන් 99% ක්ම හරි Selfish, කිසිම එකමුතු කමක් නෑ.

    මම මේ අත්දෑකීමෙන් කියන්නේ................

    Anyway thanks for sharing your story with us bro.
    rep+

    අනිවා එකනම් 100%ක් ඇත්ත.හරියටම ලංකාවේ මිනිස්සු කව්ද කියල දැනගන්න පුළුවන් පිටරට ආවහම.:growl::growl:අනිත් රටවල උන් උන්ගේ උන්ට ෆුල් සපෝට් එක දෙනවා . ඒකට අපේ රටේ උන් ලංකාවේ එකාටම තමයි පු* අරින්නේ.:angry::angry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    elakiri. ithuru tikath daapan kolla.

    මේකත් උනේ යාලුවෙක්ට :baffled: :baffled:
    දැනට අවුරුදු එකොලහකට විතර කලින් :dull: :dull:
    මුට ඉඩමක් සෙට් වුනා ගෙයක් එක්ක ඒ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් ඉඩම් විකිණෙන ගානට වඩා අඩුවට ලාබයිනෙ කියල ගත්ත :dull: :dull:
    ඌ රස්සාව කලෙත් ඒ පැත්තෙ ගෙදර යන්නෙ බොහෝ විට මාසෙකට සැරයක් වගේ :dull: :dull:
    මූ ගේ අරගෙන ටික දවසක් ඔහොම ඉන්නවලු :dull: :dull:
    නිදාගෙන ඉන්නකොට හරියටම පාන්දර 1.30 වදිද්දි (ගෙදර පරණ වයින් කරන ඔරලෝසුවක් තිබ්බ පැය බාගෙන් පැය බාගෙට වදින) වහලෙට මොකක් හරි වැටෙනවලු :eek: :eek:
    වැඩේ කියන්නෙ හැමදාම 1.30 වෙලාව වදිනව ඇහෙන්න මුට 1.28 ට විතර ඉබේම නැගිට්ටෙනවලු :shocked: :shocked:
    දවසක් දෙකක් වුනාට මූ ඕක ඒ හැටි ගනං අරගෙන නෑ ඒත් මූ දැන් ඒ ගෙදරට ඇවිල්ල සතියක්ම වගේ වෙන්න එනව ඒ ගතවුනු හැමදාකම ඕක වුනාලු :shocked: :shocked:
    ඒ වුනාට උදේට එලියට බැහැල බලනකොට වහලෙට වැටුන කිසිම දෙයක් නෑලු :no: :no:
    මූ අන්තිමට මේක මොන මල වදයක්ද කියල අර ඔරලෝසුවෙ බට්ටව නවත්තල :dull: :dull:
    උගෙ කාමරේ උදේට නැගිටින්න එලාම් එක තියන පොඩි ඔරලෝසුවක් තිබිල එදාත් උට 1.28 විතර අර වගේම ඉබේම නැටිට්ටවුනාලු :dull: :dull:
    1.30 වුනා විතරයි මූ පාන්දර 5.30 ට තියල තිබ්බ එලාම් එක 1.30 ට වදින්න පටං අරං :shocked: :shocked:
    මූ ටිකක් භය වෙලා එලාම් එක ඕෆ් කල්ල ලයිට් එක දාල වතුර එකක් බොන්න කුස්සියට යනකොට අර බට්ට නවත්තපු ඔරලෝසුවෙ බට්ට ආපහු වැඩලු :shocked: :shocked:
    මූ කිව්වෙ නම් බට්ට ආපහු වැනෙන්න පටං අරං තියෙන්නෙත් 1.30 ට කියල මොකද ඌ බට්ට නවත්තනකොට තිබ්බ වෙලාවෙ ඉඳල ගෙට යද්දි විනාඩියක් දෙකක් වගේ ගිහිං තිබිල තියෙන්නෙ ඒ කියන්නෙ 1.30 ට අර එලාම් එක වදිද්දිම ආපහු බට්ට වැනෙන්න පටං අරං ඉබේටම :shocked: :shocked:
    ඒක දැක්ක විතරයි මුට වතුර එපා වෙන්නම භය වෙලා කාමරේට දුවල දොර ලොක් කරගෙන ලයිට් එක දාං එලි වෙනකංම ඇහැරං ඉඳල :shocked: :shocked:
    පහුවෙනිද තමා අපිත් එක්ක සිද්ධිය කිව්වෙ :dull: :dull:
    ඊට පස්සෙ උටම ඒ ගෙදරදිම තව සිද්ධි ටිකක් වුනා ඒක පස්සෙ දාන්නං කොටන්න කම්මැලියි :no: :no:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    empty-pockets.jpeg

    මේක කෙලින්ම බූත කතාවක් නොවෙයි.. ඒත් මම මේක මෙතන දාන්නෙ අපි මරණින් මතු බූතයෝ නොවී ඉන්නෙ කොහොමද කියල මතක් කරන්නයි.

    පහුගිය සෙනසුරාදා උදේ මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට කාන්තාවක්, බන්දේසියක් මත තැබූ චීවරයක් අරගෙන ඉන්නවා මම දැක්කා. සතිඅන්තය නිසා දළදාවහන්සේ වන්දනා කරන්නට සෙනග ගොඩක් ඇවිත් හිටියා.
    මේ කාන්තාව සෙනග අතර යමින් "අනේ මේ චීවරයට අත ගහන්න.. මගේ තාත්තට පින් දෙන්න.. එයාට දුකින් මිදේවා කියල ලක්ශයක් මිනිසුන් ට කියල අතගහන්න ඕනි මේ චීවරය" කිය කියා හැමෝටම ඒ චීවරය අතගහන්න කියල ආරාධනා කලා.. ආයාචනයක් වගේ..

    මෙතන වෙලා තියන දේ හිතා ගන්න පුළුවන් නේද ?

    මේ කාන්තාවගෙ මියගිය තාත්තා දැන් ඉන්නෙ දුගතියක. සමහර විට එයා පෙරේතයෙක් වෙලා ආපහු ඉන්න ගෙදරටම ඇවිත් ඇති. ගේ ගඳ ගහනවා ඇති, බත් එකේ වැලි ඇති, වහලට ගල් ගහනවා ඇති. එහෙම නැතිනම් පවුලෙ කෙනෙකුගෙ ඇඟට ඇතුල් වෙලා ඇති. ලෙඩ කරල ඇති. .. බන්ධනය කරල ගඟේ මූදේ නොදා මේ පෙරේතයා යවන්න තියන ධාර්මික ක්‍රමය තමයි පින් අනුමෝදන් කරලා සුගතියකට යවන එක. මේ කාන්තාව කරන්නෙ සැදැහැවතුන් ලක්ෂයකගෙන් පින් අනුමෝදන් කරවලා තාත්තට පෙරේත බවින් මිදෙන්න උදව් කරවන එකයි.

    බලන්න මොනතරන් අවාසනාවන්ත මිනිහෙක්ද ඒ තාත්තා ? ජීවත්ව හිටපු කාලෙ පින් කලේ නෑ.. ආතල් එකේ ඉන්න ඇති.. සමහර විට මම පවු කරන්නෙ නෑ- ඒ නිසා පින් කරන්නත් ඕනි නෑ කියල ද්‍රිෂ්ඨියක ඉන්න ඇති.. එහෙම නැති නම් වයසට ගිහිල්ලම පින් කරනවා කියල ඉන්න ඇති.. අන්තිමට උනේ වයසට ගියා.. පින් කරන්න අතපය මනස වාරු නෑ.. නිකම්ම මැරිල ගිහිල්ලා පෙරේතයෙක් උනා.

    අනේ යාළුවනේ.. උඹලා ගැන දයාබරවමයි මේ කියන්නෙ.. පින කරන්න කල්දම දමා ඉන්න එපා. උඹලට මේ මනුස්සබව ලැබුනෙ, කාල-ඇඳල ඉන්නෙ, පෙර සසරේ කල පින් නිසා.. දැන් ඒ පින් Account එක ටික ටික ඉවර වෙනවා.. නැවත Account එකට deposit කලේ නැති නම්.. මේ කාන්තාවගෙ තාත්තා වගේ උඹලටත් වෙන්නෙ උඹලගෙ දරුවන් ට කියල පින් හම්බ කර ගන්නයි.
    ඒත් මේ කාන්තාව ඉතා ධාර්මිකයි ඇය ආදරෙන් තම තාත්තා වෙනුවෙන් මහන්සේ වෙනවා.. ඒත් අනාගතයෙ ඉපදෙන උඹලගෙ දරුවො ? උන් උඹලව බන්ධනය කරල , වීදුරු බෝතලයකට දාල,
    කොන්ක්‍රීට් කුට්ටියක හිර කරල මුහුදට දාවි.. කල්ප ගානක් උඹලා පෙරේත.. ඊට පස්සෙ තිරිසන්....
    හිතන්න.. අප්‍රමාදී වෙන්න. ඔබේ ආරක්ෂාව ඔබ සලසාගන්න.. දරුවන්ට කියල පින් ඉල්ලන හිඟන පෙරේතයෙක් වෙන්න එපා
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,968
    9,494
    113
    එක තැනක නෑ
    චගු;19151745 said:

    Thanks machan share karagaththata :) ++
    theruwan saranai :)
     
    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    ඔන්න ගොඩ කාලයකට පස්සේ කථාවක් ලියන්න යන්නේ යාලුවෙකුගේ ඉල්ලීමක් නිසා..මේ කථාවේ සත්‍ය අසත්‍යාතාවය හොයන එක පැත්තකට තියලා කථාව රසවිදින්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. මේ සිදුවීම උනේ දැනට අවුරුදු ගානකට කලින්. නෙහෙනම් අවසරයි !!!!!
    එදා ගොඩක්ම පෑවිල්ල තිබුනු දවසක්.. අව්ව තදේටම තිබුනා..ගේ අතුලේ ඉන්න බැහැ එච්චරටම රස්නෙයි. ඉතින් පොඩ්ඩක් එලියේ හුළං වදින්න ගහක් යටට වෙලා වඩිවෙලා ඉන්න කොට, ඈත ඉදන් කවුද අපේ පැත්තට එනවා දැක්කා. ලගට එනකොටයි හරියට අදුර ගත්තේ ඒ වෙද ආතා කියලා. වෙද ආතා කියන්නේ ගමේ කාගේත ආදරය වගේම බොහෝම ගෞරවයට පාත්‍ර උන කෙනෙක්. ඒ වගේම දක්ෂ වෙදමහත්තයෙක්, මන්ත්‍රකර්ම වලටත් බොහෝම දක්ෂයෙක්....
    .....".....ළමයෝ කෝ සීයා නැද්ද....
    ..."...ඉන්නවා සීයේ.. වාඩිවෙන්න මං කථා කරන්නම්...."....
    මම සියට පණිවිඩේ දීලා සියගේ පස්සෙන්ම වෙද ආතා ලගට ආවා. වැඩිහියන් කථා කරන තැන පොඩි අය ඉන්න හොද නැති නිසා ටිකක් මග ඇරලා පැත්තකට වෙලා රබර් ඇහැ දාන් බලන් හිටියා. වෙද සීයා බෑග් එකට අත දාලා මොකක්ඩ කුප්පියක් අරන් සීයගේ අතට දෙනවා මම දැක්කා...වෙද සීයා වැඩි වෙලාවක් ඉන්නේ නැතුව ඉක්මනට ගියා. මාත් සීයගේ පස්සෙන්ම කැරකුනා මොකක්ද මෙතන වෙන්නේ කියලා අයිඩියා එකක් ගන්න. ඒත් කිසිම දෙයක් මට හොයා ගන්න බැරි උනා. මෙහෙම දවස් දෙකක් ගෙවිලා ගියා. මගේ මතකය හැටියට ඒ දවස පෝය ලබන්න දවස් තුනක් හෝ පහක් කලින් වගේ, එදා බ්‍රහස්ප්‍රතින්දා දවසක්..සීයා වෙනදටත් කලින්ම උදේ වැඩ ටික ඉවර වෙලා හන්සි පුටුවට වෙලා කල්පනා කර කර හිටියේ. මාත් ඒ පැත්තට ගියා පොඩි වැටක් දාන්න සීයත් එක්ක.
    ....."....ආ උඹ නැගිට්ටද?.... උදේට කන්න කලින් පොඩි වැඩක් තියෙනවා කරන්න.. සදුන් කිරි පැන් කලයක් මන් ලෑස්ති කරලා තියෙනවා. අතුලෙන් ඒක අරන් කිලිහරනයට මතුරලා ඉහලා දාපං....මං යනවා පොඩ්ඩක් එළියට උඹ ගෙදරින් එළියට යනවා නෙමේ. මං එනකල් ඉඩමේ සීමාවෙන් යන්න නැතුව හිටපන්........"..........
    සීයා ගෙදරින් එළියට යනකල් ඉදලා ම/න් මට භාරදුන්න වැඩේ අකුරටම ඉටුකලා.. සීයා ආපහු ගෙදර එනකොට දවල් එකත් පහු වෙලා. ඒ අවේත් නිකන් නෙමේ, අත් දෙකේම ලොකු බෑග් දෙකක් අරන්...පස්සේ සියා පුටුවේ වාඩි වෙලා මටත් වාඩි වෙන්න කිව්වා. ඒ කියපු හැටියටම මං දන්නවා මොකක් උනත් ලොකු අවවාදයක් වගේම වටිනා දෙයක් කියන්න හදන්නේ කියලා. මාත් ඉතින් ඒකට ලෑසිතිවෙලාම වාඩි උනා...
    ...."....පුතේ හෙට අපිට කරන්න පොඩි වැඩක් තියෙනවා. උඹටයි මටයි. මේකට උඹ පොඩි වැඩියි කියලත් හිතෙන්වා. මේක ටිකක් අවදානමකුත් තියෙන වැඩක්. මට වෙන කෙනෙක් අරන් ගිහින් මේ වැඩේ කලොත් හැමෝම මේක ගැන දැනගන්නවා.මේක රහසක් විදිහටත් තියෙන්න ඕන දෙයක්. උඹට පාඩමේ තියෙන ආරක්ෂාවල් ඇති උඹේ ආරක්ෂාවට, උඹ වැඩි පදගහන්නේ නැතුව මං කියන විදිහට ඉන්න ඕන..තේරුනාද...?...."......
    .......".....හරි සීයේ. සීයා ලග ඉන්නවානම් මං මොකද බය වෙන්නේ........"......
    මං එහෙම කිව්වා ගමන් සීයා ඇස් කරකවලා මන් දිහා බැලුවා. ඒ බැල්මේ තිබුනේ උඹ මාව මුරුංගා අත්තේ තියන්වා වගේ හැගීමක්. ඒත් මං ඒක හිතට එකගව අවංකවම කිව්ව දෙයක්. මොකද සීයා එක්ක මේ වගේ වැඩ වලට මං කලින් ගිහින් තියෙන අත්දැකීම් එක්කයි ඔහුගේ දැනුම ගැනත් මට සැකයක් තිබුනේ නැති නිසා.
    ..............."...........ඒත් පුතේ මෙතනදී උඹේ ආරක්ෂාව උඹටම තමයි බලා ගන්න වෙන්නේ..මං නිකමට හරි ජීවමේදී නැගිට්ටොත් ගුරුකම අහෝසි වෙනවා.උඹට තියෙන්නේ මං කියන විදිහට මගේ ලගට වෙලා ඉන්න එක විතරයි........"...................
    සීයා එහෙම කියාගෙන නැගිටලා යන්න ගියා. මං මලු දෙක අතුලේ මොනවහ්ඩ තියෙන්නේ කියලා බලන්න ඇදලා බැලුවා..පළතුරු, කැවිලි, සම්බ්‍රනී, දුම්මල, වැනි දෑ වලින් මල්ල පිරිලා තිබුනේ. බඩු දැක්කම තමයි තේරුනේ වැඩේ පොඩි දෙයක් නෙමේ කියලා. හවස් වරුවේ සීයා පන්සල පැත්තට ගිහින් එන්නම් කියලා ගියා. ඊට පස්සේ මේ ගැන කථාවක් ඇති උනෙත් නැහැ. රෑ සියා සීයාගේ පරණ පොත් ටිකක් පෙරලලා මන්ත්‍ර කීපයක් නැවත් මතක් කරගන්නවා වගේ දෙයක් කලා. ඒදා වැඩිය රෑ වෙන්නේ නැතුව මං නිද ගත්තා.
    පහුදා මං නැගිටිනකොට සීයා ගෙදර හිටියේ නැහැ. සියා අවේ ටිකක් දවල් වෙන්න වගේ. මං ආපු ගමන් අහුවේ කෝහෙද ගියේ කියලා.
    ......".....මං ගියා පන්සලට, ලොකු හාමුදුරුවෝ හම්බවෙන්න. උන්වහන්සේ අවසර දුන්නා........"........
    මුලක්, මැදක්, ඇගක් තේරුම් ගන්න බැරිව හිටියේ මං.
    ....."......ඒ මොකටද...?......".........
    සියා ටික උත්තර නොදීම කාමරෙට ගියා. ටික වෙලාවකින් අවේ පරණ පොතක් අරගෙන..
    ....".....මෙහෙට වඩිවියන්කෝ..මට තියෙන ලොකු කථාවක් කියන්න.. අද අපිකරන්න යන වැඩේ බොහෝම වැදගත් වැඩක්. මං මේක මීට කලින් තනියම එකපාරයි කරලා තියෙන්නේ. හැබයි මගේ ගුරුන්නන්සේ දෙපාරක්ම කරලා තියෙනවා, ඒ දෙපාරම මං අතුදව්වට ලග ඉදලත් තියෙනවා. ඒ හින්දා මට විශ්වාසයි මට මේක තනියම කරන්න පුලුවන් කියලා........".........
    සියා තනියම කරන්න යන වැඩේ මොකක් උනත් ලොකු විශ්වාසයකින් වැඩේට අතගහන්න යන්නේ කියලා මට තේරුනා. විශ්වාසය කියන දේ මේ ගුප්ත විද්‍යාවට අවශ්‍යම දෙයක්.
    ......".....හරි සීයේ. මං සියා කයන දෙයක් කරන්නම්, ඒත් දැන් හාමුදුරුවන් හම්බෙන්න ගියේ ඇයි.?.....".......
    ........"........ හාමුදුරුවන් හම්බෙන්න ගියේ බං අවසරය ගන්න, බෝමැඩ ඉදන් තමයි මේ වැඩේ කරන්නේ. රෑ 9 පස්සේ පන්සලට එන්න කිව්වා.මං හාමුදුරුවන්ට විස්තරේ කිව්වා. උන්වහන්සේ මේ ගැන කාටවත් කියන්න යන්නේ නැහැ..........".........
    ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් හා සීයා අතර තිබුනේ බොහෝම සමීප ඇසුරක් තිබුනේ.
    ......"......ඇත්තටම මොකක්ද සීයේ අපිකරන්න යන්නේ.......".....
    වේලාව බලලා මන් ප්‍රශ්නය දැම්මා ඉස්සරහට. අපායට යන්න උනත් දැනන් ඉන්න එක වටිනවනේ කියලා...සීයා කථා නොකර කාමරයට ගියෙන් පොඩි තෙල් කුප්පියක් අරන් ආවා..
    ........"......පුතේ උඹ දන්නවද මේ මොකක්ද කියලා.....මේ තමයි @#$# කියන තෙල (තෙලේ නම මතක නැහැ, grin emoticon ඒ නිසා ඒ ගැන අහන්න එපා මගෙන්) මන් හිතන් ඉන්නේ මේක ජීවම් කරලා තියා ගන්න.........."...........
    තෙල් කුප්පිය අතට අරන් බලන්නත් බය හිතුනා. හැබැයි ලා නිල් පාටට හරි කොල පාටට හුරු වර්ණයක් තමයි මට පේන්න තිබුනේ..ඒදා වෙද සියා මේක තමයි රහසින් සියට දීලා තියෙන්නේ.
    ......".....ඕකෙන් මොකක්ද සීයේ වෙන්නේ.........."....
    ......"........ මේක බොහෝම බලසම්පන්නයි පුතේ. සර්වජන වශීයට කියාපුම දෙය.දන්නවද මේක දිශ්ටි කරන්න ඕන කාටද කියලා........."..........
    .........".......නෑ සීයේ....................".........
    .........".......මේ සම්බුද්ධ සාසනය භාර වූ ලෝකපාලක විශ්ණු දෙවිහාමුදුරුවන්ට........."............
    සියා එහෙම කියද්දී තමයි මේකේ තියෙන බරපතල කම මට තේරුනේ.ගොඩක්ම භය දැනුනේ මං විතරක් අද අවතේව වැඩ වලට ඉන්න එක ගැනයි. පොඩ්ඩක් වැරදුනෝත් මං කියලා මොනවා කරන්නද? ඒ කාලයේදී මා දන්නා දැනුමෙන් වැරැද්දක් උනෝත් නිවරදි කරගන්න මට හැකියාවක් තියේවිද...? ඔය වගේ ප්‍රශ්ව ගොඩාක් හිතට ආවේ.
    හවස හතරට පමණ අපි පන්සලට ගියා බඩු ටිකත් උස්සන්..ගිහින් බණ මඩුවේ තැනක් ඒවා තියලා හිටියා.පස්සේ රෑ 7 විතර වෙනකල් ටිකක් ඉදලා යහන් හදන්න ගත්තා...එදා රෑ අටට විතර වෙනකොට පන්සලේ කවුරුත් හිටියේ නැහැ. පන්සලේ හමුදුරුවොයි, අබිත්තයයි, මමයි සීයයි විතරයි ඉතුරු උනේ.
    ........".......පුතේ දැන්නම් පන්සලේ කවුරුවත් නැහැ වගේ....."....
    ......."........ඕව් සීයේ......."..........
    අපෙ හිමින් බෝ මැඩට ගියා..ගිහින් ආසනය එතන තියලා වැඩේට අව්ශ්‍ය විදිහට ලෑස්ති උනා. මෙහෙමයි ඒ ගැනත් පැහැදිලි කරන්නම්කෝ. කට්ටිය දැකලා තියෙනවා නේද බොහෝ වෙලාවට බෝධිය වටේ ප්‍රාකාරයක් තියෙන්වා.. බෝ මැඩදී මතුරන්වා කියන්නේ අර ප්‍රාකාරයට ඇතුලෙන් ඉදන් මතුරනවා කියන එක. මෙතනදී තව ගොඩක් දේවල් තියෙන්වා කියන්න.සමහර ඒවානම් ගුරු රහස්.
    ........".........පුතේ දැන් හොදට මේ දේ මතක තියා ගන්න. මන් පහන් 8ක් පත්තු කරනවා ප්‍රකාරය වටේ. මොනොම හේතුවක් නිසා ඒ සීමාවෙන් එලියට යන්න බැහැ. හොදට මතක තියා ගන්න. අපි දෙන්නා විතරයි පන්සලේ ඇහැරන් ඉන්නේ. හාමුදුරුවන් හෙට උදේ වෙනකල් මේ සීමාවට එන්නේ නැහැ. මේ සීමාව ඇතුලට ඉන්නකල් අපිට මුකුත් වෙන්නේ නැහැ.......ඒ නිසා මං ලගින්ම ඉන්න.........."........
    සීයාගේ අවවදයෙන් මට ටිකක් බයත් හිතුනා.ඒත් කියන විදිහට හිටියනම් ප්‍රශ්නයක් නැහැනේ කියලා හිත හදාගත්ත..ආසනය මත අර වෙද සීයා දුන්න තෙල් කුප්පිය තැබුවා. දෙපාරක් විතර පුජා බඩු හරිද කියලා බලනවා වගේ එකින් එක පරික්ශා කලා. මගේ අතර තෙල් බෝතලයක් දිලා බෝ ප්‍රකාරයේ අට දිසාවට පහන් පත්තු කරන ලෙසටත් එළිවෙනකල් ඒ පහන් නිවෙන්න දෙන්න එපා කියලා. මං හිතන්නේ ඒ තෙල් වලට මතුරලා තිබුනේ. මං හිතන්නේ රෑ 9 විතර තමයි පහන් පත්තු කරලා වැඩේ පටන් ගත්තේ. මටත් මේ ගැන උනන්දුවක් තිබුනු නිසාඅ ලගටම වෙලා මම හිටියා. කියන මන්ත්‍ර ස්ත්‍රොත්‍ර ගැන මම අවදානයෙන් හිටියේ. සාමාන්‍ය ක්‍රමයට පටන් අරගෙන සර්ව දේව දිෂ්ටියෙන් මතුරන්න ගත්තා. පසුව ස්ත්‍රොත්‍ර ඒක් දෙවියෙන් පමණක් මූලික කරන එක දිගටම කියන්න ගත්තා. ඒතකොට මං තේරුම් ගත්තා මේ වැඩේ කවුරු ප්‍රදාන කරන් කරන්න යන ගුරුකමක්ද කියලා....ඒකම රිද්මයකට කියන් ගිය මන්ත්‍ර වලත් වේගය කෙමින් කෙමින් වේගය වැඩි උනා.......
    ............."...................ඕං හ්‍රීං පූරණ ඒං ආරූඩ ධරණේ තහංචි විද්‍රාසනේ රාමස්වාමිනේ ආවීනේ වාමිනේ වේලාමනේ කදිරමනේ මාමුන දිෂ්ටියට එනේන් ආරූඪ ශ්ක්‍ය කුල දිෂ්ටි වාරුං වාරුං වාරාඩි ගිඩි ගිඩි මෙත්තා වානේ එං ඒං නමස්කාර නමෝ නමහං..............."..............
    එක දිගටම මතුරනවා. වේලාවත් රෑ 12 පහුවෙලා තිබුනේ මට හිතෙන විදිහට ඒ වෙනකල් කිසිම වෙනසක් තිබුනේ නැහැ. මාන් නැගිටලා වටේ පහන් වලට තෙල් ටිකක් දන්න කියලා ගියා. මට අහුනා කවුරුහරි පන්සලේ විහාර ගෙයි පැත්තෙන් කථා කරන්වා වගේ. හරියට දෙන්නෙක් කථා කරනවා වගේ. මන් ටිකක් ඒ ගැන අවදානයෙන් ඉදන් ආපහු සියා මතුරන තැනට ලංවෙලා හිටියා. සීයට මෙලෝගානක් නැහැ. ඒක දිගටම ඇස් දෙක වහන් මතුරනවා. මෙහෙම ටික වෙලාවක් යද්දී මට මිනිස්සු ගොඩක් බෝධිය වටේ ඉන්නවා වගේ දැනෙන්න ගත්තා. පහන් එලියත් හදේ ඉළියත් ඈතින් තිබෙන එළියත් ඇරෙන්න කිසිම ආලෝකයක් තිබුනේ නැහැ. ඒත් මේ වෙලාවේ පන්සලේ කොහෙන්ද මිනිස්සු. නැත්නම් පන්සලේ ඉදන් මෙහෙම වැඩක් කරනවා කියලා දැනගෙන ගමේ මිනිස්සු වත් අවිල්ලද?...මම අයේත් සීයා දිහා බැලුවා. සීයට ගානක් වත් නැහැ එක දිගටම මතුරන්වා....හැබයි කවුරුවත් මම දැක්කේ නැහැ. මට අහුනේ සද්දේ විතරයි.මෙහෙම ටික වෙලාවක් ගියා. බෝධිය වැට අයිනට වෙන්න ගිහින් ටිකක් රබර් ඇහැදාලා බැලුවා. සද්දේ විතරයි, කවුරුත් නැහැ. ඒක පාරටම ඈතින් කවුද එනවා වගේ දැක්කා. අවාස ගේ පැත්තේ ඉදන් එනනේ. තනියම නෙමේ දෙන්නෙක් එන්නේ. අදුරගන්න ටිකක් අමාරු උනා යම් සීමාවකට එනකල්. අප්පට සිරි..ලොකු හාමුදුරුවොයි, පොඩි හාමුදුරුවොයි, අතේ උණුවතුර බෝතලයක් අරන් මට අදුරගන්න පුලුවන්, ඒ කියන්නේ පේන මානයේ ඉන්නවා. මං ටික වෙලාවක් ඒ පැත්ත බලන් හිටියා. හැබයි එක සීමාවක නතර වෙලයි හිටියේ. ඒතනින් එහාට අවේ නැහැ. සම්හර විට අපිට තේ ටිකක් හදන් අවිල්ලද දන්නේ නැහැනේ. මන් සීයා ලගට ලං වුනේ සංඥාවක් දිලා හාමුදුරුවෝ ඉන්න පැත්තට යන්න. මං සීයා ලගට ලංවෙන ක්ට සීයා ඔලුව උස්සලා මං දිහා බැලුවා. ඔලුව දෙපැත්තට වැනුවා. මට සංඥා කලා ලගින් වාඩි වෙලා ඉන්න කියලා. මාත් සීයා ලගින් වාඩි උනා.....
    ..........."..................රෙගු කර්තනේ නීලද්දර සු මිද්ධවා වම්මර වකුන්තවා සනීය සනීය මේ ගුර්තවා මදන ගෝපාලනේ වදනා රූසිලනේ කුංජරම් මෙත්ත පුඩි පංච කම් නත්තවා අලුල් උලිත්තවා අල්ල රම් බත්තිනා ජානෙයි දක්ෂිණාවාගුල් පක්ෂනේ යෙළු සූරියල් නීබු.......................".............
    ජීවම වෙනස් කලා සීයා. මෙහෙම මිනිත්තු 45 විතර එක දිගටම මතුරගෙන යද්දී හරි අමුතු දෙයක් උනා. පැෂ් ලයිට් එකක් පත්තු උනා වගේ බෝ ගහ මුදුනෙන් ලයිට් එකකින් එන එළියක් වගේ අලෝකයක් ආවා. හරියටම ලයිට් එකක් දැම්මා වගේ තමයි. මට එතකොටයි කල්පනාවට ආවේ හාමුදුරුවෝ හිටන් ඉදලා බැරිම තැන ලයිට් එක දලා මේ පැත්තට එන්න හදනවද දන්නේ නැහැ කියලා. ඒත් බෝ ගහ මුදුනේ ලයිට් එකක් තියෙන කථාවක් මම දැනැන් හිටියේ නැහැ. ඒක වෙන්නත් බැරි දෙයක්. මන් වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා පොඩ්ඩක් එහට ගියා. මං දැකපු දේ නිසා මටම මගේ ඇස් අදහා ගන්න බැරි උනා. ලොකු හාමුදුරුවොයි පොඩි හාමුදුරුවොයි තව ලොකු පිරිසක් එක්ක මං දිහා බලන් ඉන්නවා මට අදුරගන්න පුලුවන් මට්ටමේ. මං දිහා මලං ඉදලා උණුවතුර බෝතලය දික් කලා. මගේ හිතට නුපුරුදු ගතියක් ආවා. මේ දකින දේ වෙන්න පුලුවන්ද? කවුද මේ ඉන්න අනික් මිනිස්සු, එක්කෙනෙක්ගේ වත් මූන පේන්නේ නැහැ. පේනවානම් අදුරගන්න තිබුනා. ඇයි කවුරුත් ලගට එන්නේ නැත්තේ. මේක මායවක්ද? ඔය වගේ සිතුවිලි මගේ හිතට ආවේ. ඇත්තම කියනවානම් උතුර දකුණ මාරු වෙලා හිටියේ. මේක මායාවක් වෙන්න ඕන. මේ වගේ අවස්ථාවක කරන්න ඕන දෙවල් මම හොදට දැනගෙන හිටියේ. මොකද මන්ත්‍ර සාස්ත්‍රය මම ඉගන ගන්න නිසා. ශිව සැරයක් මතුරුවානම් හරි කියන එක ඔලුවට ආවට ඒකෙන් සමහර විට සීයා සිදුකරන කාර්යයේ බල බිදෙන්න පුලුවන්. ඒ නිසා ඒ අදහස මම අයින් කර ගත්තා. හාමුදුරුවෝ මට මොනවද මට කිව්වා. ඒත් පැහැදිලිව අහුන් නැහැ මට. මං "මොකක්ද හමුදුරුවනේ" කියා අහුවට හාමුදුරුවෝ මට ඒකට උත්තර දුන්නේ නැහැ.
    ............මතු සම්බන්දයි..............

    Original Author: Dumith
     
    acgd80

    Member
    Sep 10, 2015
    8
    1
    0
    Sri Lanka
    C360_2015-11-05-09-06-11-013.jpg

    මෙම පිංතූරය සත්‍යයම පිංතූරයක් අපේ නෑදෑ වෙන අයියා කෙනෙත් අපේ ගෙදරදී පොඩි එකාව ඔඩොකුක්වේ තියාගෙන
    ගත්ත පිංතූරයක්. අර පිටිපස්සෙන් සාරියක් ඇදගෙන ඉන්නේ කවුද කියන එක තමා ප්‍රශ්නේ. පෝටෝ එක ගනිද්දී එතන කවුරුවත් හිටියේ නෑ. එයා බයවෙලා කතා කරපුවාම මමත් එතනට ගියා. එත් ගෙදර තියා වත්තේවත් කවුරුවත් හිටියේ නෑ. මේක වුනේ ඊයේ උදේ ඊයේ රෑ ගෙදර පිරිතුත් කිවුවා.

    මට සැකයක් තිබුනා ගෙදර ගැන. එක එක දේවල් පෙරලෙන සද්ද ගෙදර තනියම ඉන්න අයට ඇහෙන්නේ දැන් අවුරුදු දෙක තුනක ඉදන් එත් ගිහින් බලපුවාම මොනවත් පෙරලිලා නෑ. ඒ වගේම හවස 6.30 වගේ හෙන කුනු ගදක් එක පාරට ඇවිත් නැති වෙනවා.

    දැන් මට තියන ප්‍රශ්නේ ඊලගට මොකද කරන්නනේ කියන එක. පුලුවන් අය ඉන්නවනම් උපදෙයක් අදහසක් දේන්න
     
    acgd80

    Member
    Sep 10, 2015
    8
    1
    0
    Sri Lanka
    ආපේ ගෙදර

    view

    https://drive.google.com/file/d/0B4a5kP-FKMpTYjFSVHlWbll5T3M/view?usp=sharing
    පිංතූරේ වැටෙන්නේ නැති නිසා ලිංක් එක දැම්මා