ලොකු ලොකු කිවිද මෙහි ඇවිදින් නම .......රන්දා....
සුපසිඳු කිවින් බැහැරට ගොස් සිටි ...........වේලේ
දුටුවෙමි නවමු කිවිඳුන් හතරක් ..............නූලේ
නොදිටිමි සරස්වතියගෙ එළිසම .............සේලේ
බදිනෙමි මෙයින් ඇගෙ ගෙල කව් රස ........මාලේ
සුනන්ද,තුසිත්,සුමුදුල තුන් ...............කට්ටුවක්
දුටුවා සංකපාලත් දැමු ..................වෙට්ටුවක්
නම ගිය කවින් හට මෙහි උන් ............මට්ටුවක්
හදනට එපා නැත ගානක් ................තුට්ටුවක්
සතුටින් කවි මඩුව වෙත ගන්නෙමි ............වැද්ද
ගලවා ගනු දුටිමි කවුරුත් ඇඳි ...............රෙද්ද
ඇදගෙන යමවු නූලකි සිව් පද ................විද්ද
නවතමි සාතන්ගේ දැන් රණ බෙර .............සද්ද
[
පොඩි පොඩි අපිට මොනවා කිව්වද ..........මන්දා.....
ඇති හැකි ලෙසින් එළිවැට කරමින් ..........බන්දා....
සරසවි දේවි සිඹිමින් ඇගෙ පා ..............වැන්දා.....
වෙට්ටුව මට්ටුවට තුට්ටුව පමණ ...............දැන...
ඔය කොයි කෙරුමගෙත් වැඩ ඇත ඇදින......ගෙන....
මට තග දැමූවත් ඔබ ලොක්කෙක් .............ලෙසින....
කොක්කක් හිතන් නෑ මා නම් කිසිම .........දින....
එළකිරි පුරවරය ලංකා .................පරසිද්ද....
දින දින නිති පතා අපි මෙහි ..........වල් වැද්ද..
හසරැල් නගා සතුටින් දාගෙන .........සද්ද....
රිසි සේ කවි කියමු අපි දැං කවුරුත් .......නැද්ද ?









