The Oldest Breadfruit Tree in Sri Lanka

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    අපේ පැරණිම දෙල් ගස

    දෙල් ගැන අපි අසා ඇත්තෙමු. යමක් වැරදීගෙන එන විට අපේ ඇත්තන් කියන්නේ වැඩේ දෙල් වෙන්නයි යන්නේ කියාය. මෙය දෙල් ගැන සඳහන් ප්රකට කියමනකි. අප මේ කියන්නට යන්නේ ගාලු කොටුවේ පිහිටි ඓතිහාසික දෙල් ගහ ගැනය. ගම් දෙල්, වල් දෙල්, බැදි දෙල් හා රට දෙල් යනුවෙන් දෙල් වර්ග කිහිපයකි. මෙරටට හඳුන්වා දුන් රට දෙල් ගසේ මව් ශාකය ගාල්ල කොටුවේ වරාය නිවාඩු නිකේතනය අසල පිහිටි මෙම දෙල් ගස බවද පැවසේ.


    4(727).jpg


    දෙල් ගසේ ඵලය තරමක් උෂ්ණාධිකය. තම්බා මෙන්ම ව්යංජනයක් ලෙසද දෙල් ඉතාමත් ප්රණීතය. නමුත් මේ උෂ්ණාධික බව නිසාම සිරුරේ ශක්තිය හීන වන බව කියැවේ. ලන්දේසිකාරයන් ඕලන්දයේ සිට ලංකාවට දෙල් ගෙන එනු ලැබුවේ සිංහලයන්ගේ ශක්තිය හීන කර කුසීත ජාතියක් කිරීමට බව අපේ ඇත්තෝ පවසති. නමුත් අපේ ඇත්තෝ බල මාළුවල උෂ්ණාධික බව බාල කරන්නට බල මාළු සමග පොල් කෑමට පුරුදු වී සිටියහ. එසේම ඔවුන් ලන්දේසින්ගේ දෙල් කෑමටත් පොල් භාවිත කළ බැවින් ලන්දේසීන්ගේ උපාය අසාර්ථක වූවා යැයි අදටත් ගාල්ලේ ගැමියෝ පවසති. ලංකාවේ පැරණිතම රට දෙල් ගස මෙය බවටද මතයක් පවතී.

    2(1991).jpg


    ශ්‍රී ලංකා රාජකිය ආසියාතික සංගමයේ හිටපු භාණ්ඩාගාරික නීතිඥ හේමන්ත සිටුගේ මහතා මේ පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය.
    "දේවපතිරාජ ඇමතිවරයාගේ කාලයේ කොස්ගොඩ මහා දෙල් වනයක් තිබිලා තියෙනවා. පූජාවලියේ 15 වැනි පරිච්ඡේදයේ ඒ බව සඳහන් වෙනවා. ඒ කාලයේ කොස්, ගම් දෙල්, බැදි දෙල් තිබුණා. නමුත් රට දෙල් ගැන සඳහනක් නැහැ. ඒ නිසා රට දෙල් අපේ රටට හඳුන්වා දුන් ශාකයක් බවට විවාදයක් නැහැ. පෘතුගීසි හා ලන්දේසි පාලන කාලවලදී තමයි මේ රට දෙල් ගස හඳුන්වා දෙන්න ඇත්තේ. මගේ මතය නම් මෙය ලන්දේසීන්ගේ පාලන කාලයේදී හඳුන්වා දෙන්න ඇති කියලයි. ලන්දේසීන්ගේ කාලයේදී වහල්ලුන්ට කෑමට දෙන කෑමක් හැටියට රට දෙල් හඳුන්වා දුන් බවටත් මතයක් තියෙනවා.


    3(1255).jpg


    ගාලු ඉතිහාසය පොත ලියපු විලියම් සිල්වා මාත් සමග කියල තියෙනවා ලන්දේසීන්ගේ පාලන කාලයේදී බලකොටුවල ගොඩනැගිලි ඉදි කරන්න කොස් ගස් කපලා දැව වශයෙන් ගත්තලු. කොස් කියන්නේ අපේ බත් ගස. කොස් ගස් කැපීම නිසා ආහාර අහේනියක් ඇති වුණාලු. ඉන්පසු ලන්දේසීන් විසින් ඉන්දුනීසියාවේ බතාවියෙන් ගෙනැවිත් මෙරටට රට දෙල් හඳුන්වා දුන්නා කියලා තමයි ඔහු කියන්නේ.
    කපිතාන් විලියම් බ්ල්යි බවුන්ට් කියන නෞකාව යාත්රාකරගෙන එමින් සිටියදී පැසිපික් සාගරයේදී කැරැල්ලක් ඇතිවෙලා නැව මුහුදුබත් වෙලා තියෙනවා. නැවේ තිබූ දෙල් පැළයක අංකුරයකින් මෙම දෙල් ගස හටගත් බවටත් මතයක් තියෙනවා. 70 ගණන්වල මේ දෙල් ගස මැරෙන්න ගිහින් තියෙනවා. පේරාදෙණිය විශ්ව විද්යාලයෙන් තමයි ඒ අවස්ථාවේ මේ දෙල් ගස බේරාගෙන තියෙන්නේ" යැයි හේමන්ත සිටුගේ මහතා මේ දෙල් ගස පිළිබඳ විස්තර දක්වමින් පැවසුවේය.


    1(2515).jpg
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ස්තුත්යි අපිත් එක්ක බෙදාගත්තට
    දෙල් බැදලා ගොඩක් රසයි
    කිරට උයල දෙල්
    කරවල තෙල් දාල කනකොට
     
    • Like
    Reactions: mayuri.

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ස්තුත්යි අපිත් එක්ක බෙදාගත්තට
    දෙල් බැදලා ගොඩක් රසයි
    කිරට උයල දෙල්
    කරවල තෙල් දාල කනකොට

    අයියෝ!!! මතක් කරන්න එපා දෙල් බැදලා කන එක. දැන් ඉතින් අනිවාර්යයෙන්ම හදන්න වෙනවා රස මතක් උනාම
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔය දෙල් එහෙම නැත්තන් "බ්‍රෙඩ් ෆ්රුට්" හොයාගත්තේ මැඩගස්කරේ කියලා තමයි කියන්නේ. ඒ කාලේ නැව් වලින් ඔහෙට ගොඩ බාපු මිනිස්සු මේ දුපත් වල හිටපු ගෝත්‍රික මිනිස්සු මේ දෙල් ගෙඩියම ගිණි ගොඩකට දාලා පුච්චලා තමයි ඉස්සර කාලා තියෙන්නේ. ඊට පස්සේ මේ දෙල් ලෝකේ වටේ ගියා. ඒ එක්කම අපේ ලංකාවටත් ආවා. දෙල් දෙල් දෙල් :D