වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්ත එහෙම වුනාව විකුණන්න හිත හදාගන්න අමාරුයි තමයි. මගේ බයික් රාජයා ඔයිට ටිකක් වැඩිවෙන්න මට කරදර දීලා තියෙනවා. ඒත් විකුණන්නෙ නෑ.

    මගේ තිබ්බ කාර් එකත් මොන ලෙඩ දුන්නත් කවදාවත් මග හිටලා නෑ... :)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    12072731_1690168794554020_7392899550366035145_n.jpg

    යකෝ . . . . ජපානෙවත් නැතුව අැති මෙච්චර GTR
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    කොච්ච බදු ගැහුවත් ගෙන්වන්න ඕන එකා ගෙන්වනවා නේ බං :(

    අපි කවද v6 පදින්නද? (Leyland කිව්වොත් මරනවා :growl:)
    btw, v6 කිව්වම මතක් උනේ, අර Holden statesman එක යහතින් සිටීද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    කටු වගේ සීන් දෙක තුනක් තියනවා ලියනවා ලියනවා කියලා හිටියට ලියන්න උනේ නැහැ දැන් මේ ලියන්න කියල ගත්තා අද ලිවුවේ නැත්තං ලියන්න වෙන්නේ නැති තරමට වැඩ තියනවා කරන්න. වැඩ කිවුවට වැඩම නෙමෙයි බුක්ෆෙයා ගිගින් ගත්තා පොත් තොගෙයක් අවුරුද්ක් විතර කියවන්න වෙයි වගේ. කොම්පියුටර් අතෑරලා මේ දවස් වල හැම ෆ්‍රී වෙලවකම කියවනවා කියවනවා කියවනවා.

    කටුව
    ====
    අපේ ගෙදර ගමං බිමං වලට මහා භාරතේ හදපු බානඩෙයක් ගෙනත් තියනවා. ඒ කිවුවෙ ත්‍රීවීල් එකක් තියනවා ගෙදර ගමං බිමං කිවුවට ගොයං කපන දවසට එහෙම වී අදිනවා වී කොටන්නත් එකෙ දාගෙන යනවා වෙන වැඩක් තිවුනොතින් සිමෙන්ති පෝර එහෙමත් ඕකෙ දාගෙන තමයි අදින්නේ මොකද අපේ ගෙදරට ලගටම ලොකු වාහනයක් ගන්න බැරි කමක් තියනවා පාරෙ තියන පොඩි පාලමක් නිසා. මේක එලියට ගන්නේ මම ගෙදර ඉදියොත් විතරයි තාත්තා මේක එලවන්නේ නැහැ. ගෙදර තව අත් ට්‍රැක්ටරයක් තියනවා තාත්තා කොහේ හරි වැඩකට ගියොතින් ඕකෙ හරි නැත්තං බයිසිකලේ හරි තමයි යන්නේ. මම මේ සැරේ ගෙදර ගියා ගොයම් කපන්න. එදා උදෙ මම වැඩ කරන අයට කන්න උදේ වෑදං එහෙම පටවගෙන ගැලුමක තිවුන පෙට්‍රල් ටිකකුත් හලාගෙන යන්න කියලා හැදුවා. ටිකක් අමාරුවෙන් තමයි ස්ටාට් වුනේ. මේවයේ කෝලඩ් ස්ටාට් එකට චෝක් එක කියලා එකක් තියනවා නේ ගොඩ දවසකින් ස්ටාට් කරපු එකේ වෙන්න ඇති කියලා ඕකත් ඇදල ගැරෙජ් එකෙන් පාරට දාගත්ත විතරයි මේක නතර වුනා ආයෙ ස්ටාට් වෙන්නේම නෑ. වෙලාවට මේ පොඩි පාර අපේ ගෙදරට විතරක් එන්න තියන එකක් නිසා කලබලේකුත් නැතුව කොරන්න තියන සේරම දේවල්කරලා බැලුවා ඒත් නෝ ස්ටාට්. දැං මෝටරේ ගහල ගහලා බැටරියත් බැහැගෙන යනවා කියලා තේරෙනවා. ඒ පාර කික් එක ඇදල ඇදල බැලුවා ඒත් හ්ම් නෑ. මට කික් එක ඇදලා කොච්චර් එපා වුනාද කිවුවොතින් මම බැහැලා එලියේ ඉදගෙන කික් එක අදිනවා නංගිට ඇකස්ලේටරේ අල්ලගෙන ඉන්න කියලා. දැං මට සුවර් කොතන හරි ලොකු අවුලක් තමයි කියලා. මුලින්ම මේ හුචක්කු වල වෙන දේ තමයි කූඹි එහෙම එයා ක්ලීනරේ අස්සෙ කූඩු හදන එක ඒක නිසා ඒක බැලුවා. මේක තියෙන්නේ පස්සේ සීට් එකට පිටිපස්සෙන් සීට් එක උඩට ඉස්සුවම එයා ඉන්ටේක් එක තියනවා. මෙන්න බොලේ එයා ක්ලීනර් එකේ ඉන්ටේක් එක ඇතුලෙ කොස් කොල විමානෙයක් තියනවා. දකිනකොටම මට තේරුනා මීයෙක් මේක අස්සෙ පදිංචි වෙලා කියලා. කෝකටත් කියලා පරිස්සමට කෝටුවක් දාලා අදිනකොට ඉදපු මීයා පැනල ගියා. දැං කොල රොඩු සේරම අයින් කරා එයා ඉන්ටේක් එක පැත්තේ තියන ඒවා. පස්සෙ කොයි එකටත් කියලා එයා ක්ලීනර් එකත් ගැලවලා බැලුවා බලනකොට තමයි සැබෑ තත්වෙ වැටහුනේ. මීයා ඒක ඇතුලෙ තියන ස්පොන්ච් එක කාලා ඒක කූඩුවක් කරගෙන ඒක ඇතුලේ පැටවු දාල. මී මැස්සොන්ට වඩා පොඩ්ඩක් ලොකු පැටවු රෝස පාටට ඉන්නවා. ඒක ඇතුලේ තියන ස්පොන්ච් එක කාල නිසා කාබරේටරෙට යන බටේ ඇතුලටත් මී පැටවු ගිහින් දැං තමයි මාව රත් වුනේ මුන් දැන් කාබරේටරේත් හිරවෙලා එනජිම ඇතුලටත් ගිහින් ඇති කියලා. කොයි එකටත් කියලා සේරම ගැලෙවුවා කාබරෙටරේ ඇතුලෙ එකෙක් හිටියා ඒකට එන බටේ ඇතුලෙත් එකකේ හිටියා ඒක ඇතුලෙ තියන තෙල් සහ ඔයිල් හිනදා ඒ මී පැටවු මැරිලා තිවුනේ . පස්සෙ කාබරෙටර් එහෙම සේරම සුද්ද කරලා ආපහු තිවුන විදියට හයි කරලා ස්ටාට් කරන්න හැදුවා. බට් නෝ ස්ටාට් දැං මට හිතා ගන්න බෑ මොකද කියලා කොයි එකටත් කියලා ප්ලග් එක ගලවලා බැලුවා. බලනකොට තමයි තවත් රත් වුනේ මී පැටියෙක් එයා ඉන්ටේක් එකෙන් එනජිම ඇතුලට ඇදිලා ගිහින් ස්ටාටර් මෝටරේ ගහද්ද් ඇතුලෙදි කුඩු වෙලා ප්ලග් එක පුරාම පොඩි පොඩි කෑලි. අනිත් එක ඒව පිච්චිලා ගිහින් කුන කරවල වගේ ගදකුත් එනවා. ඒ පාර ප්ලග් එක ගලවලා ස්ටාටර් මෝටරේ ගහලා බැලුවා තියන කෑලි එලියට එයිද කියලා(මේක කරන්න මතක් වුනේ හොන්ඩා මහේශ් කියලා තිවුනා නේ වතුර ගිහින් එනජිම නතර වුනොත් මෙහෙම කරන්න කියලා) පේන විදියට නං මොනවත් ආවේ නැහැ. ඒ පාර අලුත් ප්ලග් එකකුත් ගෙනත් දාල බැලුවා එතකොට ස්ටාට් වුනා කොයි එකටත් කියලා විනාඩි 30 ක් විතර තියලා බැලුවා අවුලක් නැතුව දුවනවා. එදා බොහොම අමාරුවෙන් හදා ගෙන යන්න හදනකොට අදිනවා අඩුයි තවත් හදන්න වෙලාවකුත් නැති නිසා එහෙමම ගිහින් එදා වැඩ ටික කරගත්තා.
    ආපහු කෙල වුනේ මේ සතියෙ ගෙදර ගියාට පස්සේ. පොඩි ගමනක් ගියා කන්දක් තියන පැත්තක. අදින්නේම නැහැ මම දන්නවා මේ වෙලා තියෙන්නෙ මම ගලවපු වෙලාවේ කාබරෙටරේ ටියුනින් වෙනස් වෙලා කියලා. ඒ පාර ඒ ගමන්ම මීයො කාපු ඒයා ක්ලීනර් එකත් දාලා ආපහු ටියුන් කරගත්තා ඊට පස්සේ සේරම ලෙඩ නිවාරනයි. ඒත් මට සැකයක් තියනවා සිලින්ඩරේ ඇතුලට මී පැටවු සහ කුණු ඇදිලා ගියපු නිසා පිස්ටන්/බෝර්/පිස්ටන් රිංග්ස් වලට කෙල වෙලාද කියලා. මොනා කරන්නද දැනට නං එහෙම ගතියක් දැනෙන්නේ නැහැ

    මේක දාන්න බොහොම කල් ඉදන් පොඩ්ඩ පොඩ්ඩ කොට කොටා හිටියා අද තමයි ඉවර කරලා දැම්මේ

    මේකට අමතරව කාර් එකේ ප්ලග් හතර මාරු කරලා ටියුනප් එකක් කරගන්න කියලා හිටියා, මේසැරේ සර්විස් එකට ගියපු වෙලාවේ බ්‍රේක් පෑඩ් චෙක් කරා ඒවා දාන්න වෙලා තියෙන්නේ ස්ටැෆඩ් එකෙන් දැම්මොත් 35ට ආසන්න ගානක් යනවා කොහොමත් ඔකයි ප්ලග්නුයි දාල ටියුනප් එකත් කරන්න 55ක් 60ක් විතර යයි මේ මාසේ අනතිමට කරගන්න කියලා ඉන්නේ.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මේක ටිකක් වැඩී වගේ ගාන.. මැස්ඩා 6 එකක් මම හිතන්නේ 55 කට වගේ ගන්න පුලුවන්...

    ගාන නම් හරියටම දන්නේ නැහැ. නමුත් 50 අවට වෙන්න ඕනේ. අනික 6 එකට වඩා 3 එක ලංකාවට ගැලපෙනවා මම හිතන්නේ.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Yeah i'm gonna definitely do a test drive and i don't actually care about the 2nd hand market, since this is the petrol version with 1.6 cc engine do you have any idea about full consumption ? as far as i know this one doesn't come with skyactiv technology right ? :baffled:

    If this is the petrol version I think your in luck. And of course the price is high (taxes). And yes it comes with Skyactive so the fuel should be better than the normal. Mine does around 12 city and 15 out. So this should do better... Check the car computer. While having a lot of fun (hope you get this) it has dropped to 9. But never below that.
     

    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    මේ කටුව ටිකක් විතර දිග කේස් එකක්.නිධාන කතාවකුත් එක්කමයි කියන්න වෙන්නේ.සිද්දිය වෙලා නම් දැන් මාස 9 ක් වගේ වෙනවා.

    Hureee kalekin katuwak dalaaaa :rofl::rofl::rofl::rofl::rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කටු වගේ සීන් දෙක තුනක් තියනවා ලියනවා ලියනවා කියලා හිටියට ලියන්න උනේ නැහැ දැන් මේ ලියන්න කියල ගත්තා අද ලිවුවේ නැත්තං ලියන්න වෙන්නේ නැති තරමට වැඩ තියනවා කරන්න. වැඩ කිවුවට වැඩම නෙමෙයි බුක්ෆෙයා ගිගින් ගත්තා පොත් තොගෙයක් අවුරුද්ක් විතර කියවන්න වෙයි වගේ. කොම්පියුටර් අතෑරලා මේ දවස් වල හැම ෆ්‍රී වෙලවකම කියවනවා කියවනවා කියවනවා.


    අපෝ හද්ද චාටර් කට්ටක්නේ උඹට සෙට් වෙලා තියෙන්නෙ... :baffled::baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගාන නම් හරියටම දන්නේ නැහැ. නමුත් 50 අවට වෙන්න ඕනේ. අනික 6 එකට වඩා 3 එක ලංකාවට ගැලපෙනවා මම හිතන්නේ.

    ඒ වුනාට මට නම් 6 එක සුපිරි බං.. අනිත් එක පෙට්‍රල් හොඳට කරනවා කියලා එකෙක් කිව්වා.. :)
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    මේක නම් කට්ටක් නෙමෙයි. ත්‍රෙඩ් එකට අදාල නොවුනාට අවුලක් නැතුව ඇති මම හිත්නනෙ.
    කොහොමත් කටු වලින්නෙ ගොඩක් දේවල් දැනකියා ගන්නෙ.

    දන්න එකෙක් කියහල්ලකෝ බයික් එකේ චේන් අයින් කරලා තියනකොට,
    බයික් එක ස්ටාර්ට් වුනත් ගියර් එකට දැම්ම ගමන් ස්පොකට් එක කැරකෙනව වෙනුවට
    එන්ජින් එක නවතින්නෙ ඇයි කියල.
     
    Status
    Not open for further replies.