ඇල්කට්‍රාස්-Prison Break-මෙහෙයුම

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඇල්කට්‍රාස්-Prison Break-මෙහෙයුම


    ගොඩ දෙනෙකේ අහලා ෆිල්ම් වල දැකලා ඇතිනේ ඇමරිකාවේ, සැන්ෆ්රන්සිකෝ වල තියන ඇල්කට්‍රාස් එහෙම නැත්තන් ද රොක් (The Rock) කියන සුපිරි හිර ගෙදර. මුළු ලෝකෙම ඒ කාලේ තිබුණ උපරිම ආරක්‍ෂිත බන්ධනාගාරයක් තමයි මේ ඇල්ක්ට්‍රාස් කියන්නේ. මේකට හෙල්කට්‍රාස් කියලත් මේකේ හිටපු රැඳවියන් නම දාලා තිබුණා. මේ බන්ධනාගාරේ විශේෂත්වේ වන්නේ මේ බන්ධනාගරේ හදලා තිබුණේ සැන්ෆ්‍රැන්සිස්කෝ බේ කියන වටේම මුහුදෙන් නිර්මාණය උන ස්වභාවික විශාල මුහුදු බොක්කක ඇතුලේ පිහිටලා තිබුණු අක්කර 47 ප්‍රමාණයකින් යුතු දූපතක්. මේ දූපතට නම පටබැඳුනේ එවකට මේ දුපතේ ලැගලා හිටපු විශාල පෙලිකන් වර්ගයේ පක්ෂීන් හේතුවෙන්. දූපතට නම වැටෙන්නේ ස්පාන්‍ය භාෂාවෙන් පෙලිකන් පක්ෂීන්ට ඇල්කට්‍රාස් කියන නමින්.

    alcatraz.jpg

    ඇල්කට්‍රාස් දූපත

    alloc2.jpg


    1846 මේ දූපතේ ප්‍රධිපාගාරයක් ඉදිකෙරුණා. පසුව ඇමරිකානු ඩොලර් 5000 ගෙවා මේ දූපත ආරක්ෂක අංශ වලට පවරා ගන්න අතර එයින් පස්සේ මේ දූපත ඇමරිකානු හමුදාවේ බලකොටුවක් උනා. 1861 මේ දූපත යුධ සිරකරුවන් සඳහා පාවිච්චි කරා.

    1933 ඇමරිකාවේ බන්ධනාගාරය දෙපාර්තමේන්තුව යටතට පත් වෙන අතරම මේ බලකොටුව ඉතා ශක්ති සම්පන්න ලෙස නිර්මාණය කරනවා. ඒ කරන්නේ එවකට ඇමරිකාවේ අනික් සිර මැදිරි වල හිටපු නම ගිය අපරාධකරුවන් මේ බන්ධනාගාරයට මාරු කරන අදහසින්. ඒ හේතුවෙන් මේ දූපතට වැඩි ආරක්ෂාවක් එක්කම නිර්මාණය කෙරුනා. එවකට තිබුණ දරුණුම බන්ධනාගාරය ලෙස තමයි ඇල්කට්‍රාස් හැඳින්වුණේ. නම ගිය අපරදකරුවන් අතර ඇල් කපොන්, ජෝජ් කෙලි, රොබර්ට් ස්ට්‍රවුඩ්, හෙන්රි යන් වගේ අයත් තව දරුණු අපරාධකරුවනුත් මේ සුපිරි හිරගෙදර සිරකොට හිටියා. මේ හිරගෙදරින් කාටවත් පැනලා යන්න බැරි වෙන විදියට තමයි නිර්මාණය කරලා තිබුනේ. ඒ හේතුව නිසාම ඇල්කට්‍රාස් බන්ධානගරයට තිබුණේ හැමෝම ලොකු බයක්.

    Prison Break මෙහෙයුම

    කාටවත් පැනලා යන්න බැරි මේ හිරගෙදරින් 1962 නම ගිය සිරකරුවන් 3 දෙනෙක් හොර රහසේම පැනලා ගියා. මේ පැනලා ගියේ ෆ්‍රෑන්ක් මොරිස් හා අන්ග්ලින් සහෝදරයින් දෙදෙනායි. මේ තුන්දෙනාම නම ගිය බැංකු මංකොල්ල කරුවන්. අල්ලගත්තට පස්සේ තුන්දෙනාම ගෙනල්ල රඳවලා තැබුවේ මේ ඇල්කට්‍රාස් වලයි.

    article-2157056-1388916E000005DC-509_634x286.jpg

    අන්ග්ලින් සහෝදරවරු හා ෆ්‍රෑන්ක් මොරිස්

    කියන විදියට මෙයාලා මේ මෙහෙයුම සංවිධානය කරන්නේ 1961 දෙසැම්බර් මාසෙදි. පැනලා යන්න මේ තුන්දෙනා එක්කම ඇලන් වෙස්ට් නම් අපරාධකරුත් හවුල් වෙනවා. මේ හතර දෙනාගෙන් ගොඩක්ම දැනුම තිබුණේ ෆ්‍රෑන්ක් මොරිස්ට නිසා ඔහු තමයි මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න මුල පිරුවේ. ඉතුරු වෙච්ච පොඩි කියත් පටි ආදරයෙන් මේ මෙහෙයුමට ඔවුන්ට අදහස ලැබෙනවා. කුස්සියෙන් හෙමිට පන්නන හැඳි එකතු කරලා හදාගත්තු ආම්පන්න වලින් ඔවුන් සිටි එක එක කුටි වල තිබුණු වා කවුළුව අතරින් රිංගලා යාමට පහසු වෙන අයුරින් ඒ වා කවුළු ලොකු කරා.

    gty_alcatraz_escape_kb_130320_blog.jpg


    AlcatrazCorrectional.jpg

    විශාල කෙරුණු වා කවුළු

    මේ වා කවුළු වලට පිටතින් තිබුණේ අතහැර දැමුණු පටු කොරිඩෝවක්. මාස හයක දුක් කම්කටලු මැද මේ වා කවුළු වලින් රිංගා මොවුන්ට් සිරගෙදර වහලය උඩට යන්න පුළුවන් උනා. ඒ වහලය උඩ කාටවත් නොපෙනෙන ස්ථානයක මොවුන් පොඩි වැඩපොළක් දමා ඔවුන් බොහොම අමාරුවෙන් එකතු කරගත්තු වැහි කබා 50ක් ආදාරයෙන් අඩි 14ක් දිග රබර් බෝට්ටුවක් සදාගත්තා.

    image_large

    මෙහෙයුමට ඔවුන් යොදා ගත් උපකරණ

    මේ බෝට්ටුව සඳහා හුළං පිරවීමට මොවුන් යොදා ගත්තේ තවත් සිරකරුවකුගේ අකෝඩියන් එකක්. මේ බෝට්ටුව සඳහා මෙයාලා එකතු කරපු වැහි කබා එකකට එකතු කරලා වතුර යන්නේ නැති වෙන්න රත් කරලා එකලස් කරේ අධි වාෂ්ප පිට කරන පයිපයකට මේ වැහි කබා වල කොටස් රත් කිරීමෙන්. හැම දේම සූක්ෂම අයුරින් සංවිධානය කරලා ඔවුන් මේ හිරගෙදරින් පැනලා යන්න යොදා ගත්තේ 1962 ජුනි 11 වෙනිදා රාත්‍රියයි.

    කතා කරගත් පරිදි හතර දෙනාම එදා රෑ වැඩේට බැස්සා. විශාල කරගත් වා කවුළු අතරින් රිංගාගත් ෆ්‍රෑන්ක් හා අන්ග්ලන් සහෝදරයින් දෙදෙනා ලේසියෙන්ම සිරගෙදර වහලය වෙත ගියා. නමුත් ඇලන් වෙස්ට් හට ඔහුට වා කවුළුව අතරින් පැනගන්න බැරි වෙනවා. ඒ නිසාම ඔහු මේ සිර මැදිරියෙන් පැනලා යන අදහස අතහැර දමනවා. මොවුන් පැන යන්න කලින් එකතු කරපු ටොයිලට් පේපර් හා සබන් මිශ්‍රණයක් සදා ඔළුබක්කෝ හදනවා. ඒවා පාට කරලා ඔවුන්ගේම ගැලවෙන හිසකෙස් වලින් ඒ ඔළුබක්කෝ හදා ඒ ඔළුබක්කෝ ඔවුන්ගේ ඇඳවල් වල ඔවුන් පැනලා ගියා කියලා හැඟවෙන්නේ නැති වෙන්න තියලා යනවා.

    _79608886_dummy-heads-used-in-escape-plan.jpg

    ඔළුබක්කෝ

    _79608888_decoy-in-jail-cell-bed.jpg


    වහලේ උඩ පයිපයක් දිගේ ඉඳලා අඩි 50ක් පහළට බහින මේ තුන්දෙනා හිරගෙදර තවත් අඩි 12ක් උස වැටවල් දෙකක් නැගලා ඇල්කට්‍රාස් දූපතේ වෙරළට පැමිණ රැගෙන ආපු ඔවුන් සාදපු රබර් බෝට්ටුවට හුළං ගසාගෙන කාටත් හොර රහසේම පැනලා යනවා.

    escape-from-alcatraz3.jpg

    සොයාගත් වැහි කබා බෝට්ටුව

    මෙවුන් තුන්දෙනා පැනලා ගියා කියලා දැනගන්නේ පහුවෙනිදා උදේ සිරකරුවන් ගණන් කිරීමේදී. කාටවත් හිතාගන්න බැරි වෙන්න මෙයාලා පැනලා ගියපු නිසා හැමෝම හිතුවේ මෙයාලා තුන්දෙනා දුපතේ ඉඳලා ගොඩබිමට පීනන්න ඇති කියලයි. ඒත් හැමෝම හිතුවා එයාලා ඒ පීනන අතරේ වතුරේ සීතලටයි දියවැල් වලටයි අහුවෙලා මැරෙන්න ඇති කියලා. FBI මගින් මේ පැනයාමේ සිද්දිය අවුරුදු 17ක් තිස්සේ හෙව්ව අතර ඔවුන් මේ පරීක්ෂණ 1979 දෙසැම්බර් 31 වෙනිදා වසා දැමුවා. ඒ මේ පැනලා ගිය කිසිම කෙනෙක් ගැන හෝඩුවාවක් ලැබුනේ නැති නිසා.

    2D5A060400000578-3270269-This_picture_supposedly_shows_John_and_Clarence_Anglin_two_bank_-a-61_1444711887575.jpg

    මේ ලඟදි අන්ග්ලින් පවුලේ උදවිය එරට මාෂල් වරයකුට 1975 දී බ්‍රසීලයේදී ගත්තු පින්තූරයක අන්ග්ලන් සහෝදරවරු දෙදෙනාගේ පින්තූරයක් ඉදිරිපත් කරා. මේ පින්තූරය වසර 50කට වැඩි මිත්‍යාවක් සතයක් බවට කියා තහවුරු උනා. ඒ මොවුන් ඇත්තටම ඇල්කට්‍රාස් දූපතේ ඉඳලා නිර්පද්‍රිතව පැනගිය බවට. දැනට මොවුන් ජීවත් වී සිටියේ නම් ඔවූන් වයස 84-85 අතරේ වෙනවා.

    ඇල්කට්‍රාස් සිර ගෙදර කරගෙන යාමට අධික මුදලක් යෑම නිසා මේ සිරගෙදර 1963 මාර්තු 21 වෙනිදා වසා දැමෙනවා. දැනට මේ සිරගෙදර සංචාරක අංගයක් ලෙස යොදා ගැනෙනවා.

    ඇල්කට්‍රාස් හිරගෙදරක් හැටියට විවුර්ත කරපු දා පටන් මේ සිරගෙදරින් පැනයාමට තැත් කිරීම් 14ක් වාර්තා උනා. ඒ අවස්ථා හැම එකේම ඔවුවන්ව නැවත අල්ලා ගැනුණු අතර තවත් සමහරක් වෙඩි වැදී මියගියා. මේ දූපතෙන් සාර්ථකව පැනගියේ ෆ්‍රෑන්ක් මොරිස් හා අන්ග්ලින් සහෝදරයන් දෙදෙනා පමණයි.

    මේ පැනයාම හොලිවුඩ් වල ගොඩක් චිත්‍ර පටි වලටත් නැගුනා. ඒ අතරින් වඩාත්ම ප්‍රසිද්ද කිල්න්ට් ඊස්ට්වුඩ් රඟපාන එස්කේප් ෆ්‍රොම් ඇල්ක්ට්‍රාස් නම් චිත්‍රපටියයි.

    791e82024e409e1219dbe114341c000d.jpg


    ත්‍රෙඩ් එකටම මේක අදාලයි. මේ වාර්තා වැඩසටහන අලුත්ම තොරතුරු ගැන පෙන්නන එකක්.

     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Prison Break stories වලට මම පට්ට අසයි :cool:
    Shawshank Redemption එකේ සීන් එකත් ඇත්ත එකක් ලු නේ
    එළකිරි පොස්ට් එකක් ,මුවි එක හොදයි ද බන් Download වෙන්න දැම්ම :rolleyes:
    Rep added ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පට්ට ලිපියක්..:love:

    මේ චිත්‍රපටියෙ සිංහල උපසිරැසි නැද්ද..? බලන්න ආසාවක් ආවා.. ප්‍රිසන් බ්‍රේක් නම් බැලුවා ඉවර වෙනකම්ම.. ආයෙ වතාවක් බලන්න ඕනි..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Prison Break stories වලට මම පට්ට අසයි :cool:
    Shawshank Redemption එකේ සීන් එකත් ඇත්ත එකක් ලු නේ
    එළකිරි පොස්ට් එකක් ,මුවි එක හොදයි ද බන් Download වෙන්න දැම්ම :rolleyes:
    Rep added ;)
    සිංහල උපසිරැසි නැද්ද..? ෆිල්ම් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දියන්කො මටත්..:sorry:
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    Prison Break stories වලට මම පට්ට අසයි :cool:
    Shawshank Redemption එකේ සීන් එකත් ඇත්ත එකක් ලු නේ
    එළකිරි පොස්ට් එකක් ,මුවි එක හොදයි ද බන් Download වෙන්න දැම්ම :rolleyes:
    Rep added ;)

    math me wage film walata patta asai bn
    thawa monawada bn me wage film tiyenne...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මම ඔකේ documentary කීපයක් බැලුව. පැනල ගිහිපු දවසේ රැ, ඒ අවට මුහුදේ පොඩි නැවක්/බෝට්ටුවක් නතර කරලා තිබුනලු. ලයිට් නිවළලු තිබ්බේ. ටික වෙලාවකින් ලයිට් දමල බෝට්ටුව අතට ගියාලු. එක සැකයක් තමයි මේ ගොල්ලෝ raft එකෙන් ගිහිල්ල ඊට පස්සේ බෝට්ටුව හරහා පැනල ගිය කියල.

    ඔය වගේ නීති විරෝදී හුගක් දෙනෙක් යන්නේ බ්‍රසිල් වලට. එහෙ හැංගිලා ජීවත් වෙන්න ලෙසිලු. මේගොල්ලෝ ලග බ්‍රසිල් magazine/maps වගයක් තිබිල පස්සේ හම්බයුන.