මධුර_ඩික්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉලෙක්‌ට්‍රොනික මාධ්‍ය තුළින්
    ඉංග්‍රීසි සිංහලට සමීප කළ මධුර



    madhura.jpg


    තොරතුරු තාක්‍ෂණික ඉංජිනේරුවරයකු වන මධුර කුලතුංග මෙරට පරිගණක භාවිත කරන්නන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් මධුර ඉංගී්‍රසි සිංහල ඉලෙක්‌ට්‍රොනික ශබ්ද කෝෂයේ නිර්මාතෘවරයා ය.

    කිසිදු රටකට නොදෙවැනි ඉලෙක්‌ට්‍රොනික ශබ්ද කෝෂයක්‌ නිර්මාණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන මධුර සිය නිර්මාණය පිළිබඳවත් වැඩි දියුණු කළ එහි වර්තමාන උපාංගයන් පිළිබඳවත් දිවයින සමග කළ කතාබහකි මේ.

    කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනයන හදාල මධුර ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකි. මයික්‍රොසෙෆ්ට්‌ සහතික ලත් පද්ධති ඉංජිනේරු සුදුසුකම් සපුරා ඇති ඔහු මෘදුකාංග සහ වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ විශේෂඥයෙකි.

    ඉලෙක්‌ට්‍රොනික ශබ්දකෝෂයක්‌ නිර්මාණය කළ ලංකාවේ පළමුවැනියා ඔබ?

    අන්තර් ජාලය හරහා (ඔන් ලයින් වර්ෂන්) සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයක්‌ මුලින්ම හැදුවෙ මම.

    මෙහෙම දෙයක්‌ කරන්න ඔබට හිතුනෙ ඇයි?

    9, 10 වගේ පන්තිවල ඉගෙනගන්න කාලෙ මගෙ ඉංග්‍රීසි දැනුම ඉතාම දුර්වලයි. අපොස සාපෙ පන්තියෙදි මගෙ යාළුවො ගාව තිබුණ ඉංග්‍රීසි - ඉංග්‍රීසි ඉලෙක්‌ට්‍රොනික ශබ්දකෝෂ. අපට තේරුම දැනගන්න අවශ්‍ය ඉංග්‍රීසි වචනය එයට ටයිප් කළාම ඒ වචනයට සමාන තේරුම් දෙන ඉංග්‍රීසි වචන එයින් බලාගන්න පුළුවන්. ඒ සමාන තේරුම් දෙන වචනවල තේරුම වත් මට තේරුණේ නෑ. මම යාළුවන්ගෙන් ඇහුව මේවයෙ තේරුම සිංහලෙන් දෙන මේවගෙ ඩික්‌ෂනරි නැද්ද කියල. කට්‌ටියම මට හිනාවුණා. නමුත් එහෙම එකක්‌ තිබුණ නම් මට ඉංග්‍රීසි ඉගෙනගන්න ලේසියි නේද කියල ඒ වෙලාවෙ මට හිතුණ.

    අපේ අම්ම තාත්ත මධ්‍යම පාන්තිකයො. යාළුවො ගාව තිබුණ ඉංග්‍රීසි ඉංග්‍රීසි ඉලෙක්‌ට්‍රොනික ඩික්‌ෂනරියක්‌ ඒ කාලෙ රුපියල් තුන්දාස්‌ ගාණක්‌ වුණා. ඒකක්‌වත් මිලදී ගන්න බැරිවුණු මට පරිගණකයක්‌ කියන එක ලොකු හීනයක්‌ වුණා. කොහොමහරි අපොස සමත් වෙලා උසස්‌ පෙළ පන්තියෙදි රේඩියෝ ක්‌ලබ් එකේ හිටපු සමහර යාළුවන්ට පරිගණක තිබුණා. පරිගණකයක්‌ ගැන මූලික දැනුම මම එකතු කරගත්තෙ ඔවුන්ගෙන්. ඉන්ටනෙට්‌ ගැනවත් ප්‍රොaග්‍රෑම් ගැන නම් මෙලෝ දෙයක්‌ දන්නෙ නෑ. යාළුවොත් එක්‌ක ඉන්ටනෙට්‌ කැපේ එකකට ගිහින් ඉන්ටනෙට්‌ බලමු මුල්ම දවසෙත් මම ඔවුන්ගෙන් ඇහුවෙ ඉංග්‍රීසි වචනෙකට සිංහල තේරුම් ගන්න විදිහක්‌ නැද්ද කියලයි. එහෙම එකක්‌ ඕන නම් උඹට තමයි හදන්න වෙන්නෙ කියල යාළුවො මට හිනා වුණා. එහෙම හිනාවුණේ මට එහෙම එකක්‌ කරන්න පුළුවන් කියල හිතලවත්, මට සමච්චල් කරන්න වත් නෙමෙයි. ඉන්ටනෙට්‌ එකේ එහෙම ඒව නෑ කියල පෙන්වන්නයි.

    පාසල් අවදියෙන් පස්‌සෙ සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්‌ ඉලෙක්‌ට්‍රොනික පාඨමාලාවකට සහ මහරගම තරුණ සේවා සභාවේ පරිගණක ඩිප්ලෝමා පාඨමාලාවට සම්බන්ධ වුණාට පස්‌සෙ ඉංග්‍රීසි සිංහල ඉලෙක්‌ට්‍රොනික ශබ්දකෝෂයක්‌ හදන්න ඕන කියල යටි හිතේ තිබුණු අදහස ක්‍රියාත්මක කරන්න ඕන කියල හිතුණ. නමුත් ඒ සඳහා අවශ්‍ය ප්‍රායෝගික හෝ න්‍යායික දැනුම ගන්න තැනක්‌ නෑ. පරිගණක ඩිප්ලෝමා පාඨමාලාවෙදි හඳුනාගත් කොරියානු සර් කෙනෙක්‌ ගෙන් ප්‍රොaග්‍රැමින් ගැන සෑහෙන දැනුමක්‌ ලබාගත්ත. මේ වනවිට මගෙ පියා විශ්‍රාම ගිහින්. ඔහු ඔහුගෙ විශ්‍රාම පාරිතෝෂිකයෙන් මට පරිගණකයකුත් අරන් දීල ඇබකස්‌ ආයතනයේ පූර්ණකාලීන පරිගණක පාඨමාලාවකට මාව සම්බන්ධ කළා. සිංහලෙන් පළවුණු පරිගණක සඟරා පමණක්‌ කියවපු මම ප්‍රොaග්‍රැමින් පිළිබඳ ඉංග්‍රීසියෙන් ලියූ පොත්පත් මිලට අරගෙන කියෙව්වා. මලලසේකර වැනි සිංහල ශබ්දකෝෂ පෙරළ පෙරළ ඒ ඉංග්‍රීසි පොත්වල තියෙන අමාරු වචන තේරුම් ගත්ත. ප්‍රොaග්‍රැමින් ගැන මම එකතු කරගත් දැනුම තුළින් අර මට අමාරු ඉංග්‍රීසිවචන ටයිප් කළාම මලලසේකර ඩික්‌ෂනරියේ තියෙන සිංහල තේරුම පෙන්වන විදිහේ ප්‍රොaග්‍රෑම් එකක්‌ මම ලිව්වා. ඒක කළේ මට පහසුවෙන් අර ඉංග්‍රීසි පොත තේරුම් ගන්න මිසක්‌ ඉංග්‍රීසි සිංහල ඉලෙක්‌ට්‍රොනික ශබ්දකෝෂයක්‌ හදන අරමුණින් නෙමෙයි. නමුත් පස්‌සෙ මට හිතුණ මුළු මලලසේකර ඩික්‌ෂනරියම මේකට ඇතුල් කරන්න පුළුවන් නේද කියල. ඊට අමතරව මලලසේකර ඩික්‌ෂනරියෙ නැති වෙනත් වචනත් ඇතුළත් කරල මධුර ඉංග්‍රීsසි සිංහල ඉලෙක්‌ට්‍රොනික ශබ්දකෝෂය මම හැදුවා.

    ලෝකයේ වෙනත් රටවල භාවිත කරන ඉලෙක්‌ට්‍රොනික ශබ්දකෝෂවලට නොදෙවැනි තත්ත්වයට ඔබ මේ ශබ්දකෝෂය නිර්මාණය කර තිබෙනවා. නමුත් ඔබ මෙය අන්තර්ජාලයට නිකුත් කර තිබෙන්නෙ නොමිලේ?

    ඇත්තටම මට ඕන වුණේ මම මෙහෙම දෙයක්‌ කළා කියල යාළුවො අතරෙ ජනප්‍රිය වෙන්න. 2002 නොවැම්බර් 23 වැනිදා මධුර ඩික්‌ෂනරියේ මුල්ම සීඩී තැටිය මගෙ හොඳම යාළුවට පිරිනමල නුගේගොඩ පිළියන්දල යාළුවො ගණනාවකට මේ සීඩී එක මම දීල දන්න අයට මේක කොපි කරල දෙන්න කිව්ව. ඒ කාලෙ අද වගේ බ්‍රොaඩ්බෑන්ඩ් ඉන්ටනෙට්‌ පහසුකම් නෑ. ඉන්ටනෙට්‌ එකින් මෙහෙම දෙයක්‌ බෙදනව කියල හිතන්නවත් බෑ. නිකං බෙදපු සීඩී එක ගැන වැඩි දෙනෙකුගෙ අවධානයක්‌ යොමු වුණේ නෑ. ඒ නිසා මම මේ මෘදුකාංගය හදන්න අවශ්‍ය සීඩී මම මිලයට ගත්ත බම්බලපිටියෙ යුනිටි ප්ලාසාහි පරිගණක කඩේට මම මේ හදපු ඩික්‌ෂනරියේ සීඩී එකක්‌ දුන්න. අලංකාර කවරයක්‌ සහිත විස්‌තර පත්‍රිsකාවකුත් සමග රුපියල් දෙසීයකට මම එය ඔවුන්ට දීල රුපියල් තුන්සියයකට විකුණන්න කියලත් මම කිව්ව. ඔවුන් සීඩී දෙකක්‌ ගත්ත. තවත් සාප්පුවක්‌ තව සීඩී දෙකක්‌ ගත්ත. මේ සීඩී සල්ලි දීල ගත්ත අය එය කොපි කර කර හුඟ දෙනකුට දීල තිබුණ.

    පසුව ඔබ මෙය අන්තර්ජාලයට නිකුත් කළාට පස්‌සෙ ලැබුණු ප්‍රතිචාර කොහොමද?

    විශාල ලෙස ජනප්‍රිය වුණා. ඉංග්‍රීසි ඉගෙනගන්න බොහෝ දෙනෙකුට මෙය නැතිවම බැරි තත්ත්වයට පත්වුණා. මා බලාපොරොත්තු වුණ විදිහටම මෙය රටපුරා ජනප්‍රිය වුණා වගෙම මේ ඩික්‌ෂනරිය නිර්මාණය කිරීම තුළින් මයික්‍රොසොප්ට්‌ සර්ටිෆයිඩ් සිස්‌aටම් ඉන්ජිනියර් සහතිකය ලබාගන්නත් මට හැකිවුණා. මේ නිර්මාණය පිළිබඳ විවිධ මාධ්‍ය තුළින් පළවූ වාර්තා නිසා මූලික උපාධියක්‌ නැති කෙනෙකුට වෘත්තීය සුදුසුකම් මත මාර්ස්‌ටර්ස්‌ උපාධිය ලබාගන්නත් මට හැකිවුණා.

    වචන කොපමණ ප්‍රමාණයක්‌ මේ ශබ්දකෝෂයට ඇතුළත් කර තිබෙනවද?

    දෙලක්‌ෂ තිස්‌දහසක්‌ පමණ.

    සිංහල වචනයක ඉංග්‍රීසි තේරුම සහ ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම ලබාදීමට අමතරව මෙම ශබ්දකෝෂයේ ඇති වෙනත් උපාංග මොනවද?

    පරිගණකයට ඉන්ස්‌ටෝල් කරගන්නෙ නැතිව ඔන්ලයින් තුළින් මේ ශබ්දකෝෂය පරිහරණය කිරීමට දැන් පුළුවන්. නිවැරදිව අකුරු නොදන්නා වචනයක සොයාගැනීම, වචනයක මුල් හා අවසාන අකුරු ලබාදුන් පසු භාෂාවේ එලෙස අවසන් වන සියලු වචන ලබාගැනීමේ පහසුකම වැනි නව උපාංග රාශියකුත් මෙම ඉලෙක්‌ට්‍රොනික ශබ්දකෝෂයේ තිබෙනවා.

    සාකච්ඡා සටහන
    පාලිත සේනානායක


    sdivaina_logo.gif
     
    • Like
    Reactions: Sry.com

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මමත් තවම use කරනවා. english - english dictionary වලට වැඩිය ලේසි පාවිච්චි කරන්න. මේක සිංහල Unicode වලට support කරන විදිහට හැදුවනම් පට්ට. තව android IOS වගේ ඒවටත් design කෙරුවනම් සුපිරි. හැබැයි මේ යකා මේක හදපු දවසේ ඉදන් තවම එක update එකක් වත් කරලා නැහැ. අමු කම්මැලියෙක් වගේ.:angry:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    මදුර ඉස්සර එලකිරි එකෙ ඇක්ටිව් මෙම්බර් කෙනෙක්. එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාලද කොහෙද ඉස්සල්ලම ඔය ඩික්ශනරිය රිලීස් කලේ මට මතක හැටියට. දැන් නං දකින්නත් නෑ මිනිහව.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මමත් තවම use කරනවා. english - english dictionary වලට වැඩිය ලේසි පාවිච්චි කරන්න. මේක සිංහල Unicode වලට support කරන විදිහට හැදුවනම් පට්ට. තව android IOS වගේ ඒවටත් design කෙරුවනම් සුපිරි. හැබැයි මේ යකා මේක හදපු දවසේ ඉදන් තවම එක update එකක් වත් කරලා නැහැ. අමු කම්මැලියෙක් වගේ.:angry:
    :angry: yeah yeah..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මදුර ඉස්සර එලකිරි එකෙ ඇක්ටිව් මෙම්බර් කෙනෙක්. එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාලද කොහෙද ඉස්සල්ලම ඔය ඩික්ශනරිය රිලීස් කලේ මට මතක හැටියට. දැන් නං දකින්නත් නෑ මිනිහව.

    මමත් මුලින්ම එලකිරියෙ රෙජිස්ටර් වුනේ ඕක ඩවුන්ලෝඩ් කරන්න 2008දි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ නම් සෑහෙන වටින වැඩක් කරල තියෙන්නෙ බං..
    හැබැයි අප්ඩේට් කරන්නෙ නැති එක තමා අවුල..
    මම නම් ඔන්ලයින් ඩික්ෂනරිය යූස් කරන්නෙ..