සොවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය - 6

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    සොවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය - 6

    සොවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය - 6

    සිල් රැකීමද? ව්‍රත රැකීමද?

    සීලබ්බතපරාමාස සංයෝජනය
    තේරුම් ගැනීමට උත්සාහ කරමු

    රත්මලාන ධර්ම පර්යේෂණාලයේ
    හෑගොඩ විපස්‌සී හිමි

    සෝවාන් වීමේදී නැතිවෙන සක්‌කාය දිට්‌ඨිය සහ විචිකිච්ඡාව යන සංයෝජන පිළිබඳව අපි පසුගිය සතිවල සාකච්ඡා කළෙමු. සෝවාන් වීමේදී නැතිවෙන තෙවැනි සංයෝජනය සීලබ්බතපරාමාසයි. අද අප ධර්ම සංවාදයට බඳුන් කරනුයේ මෙම කාරණයයි.

    පසුගිය සතියේ ලිපියකින් විචිකිච්ඡාව නමැති සංයෝජනය පිළිබඳව අපි සාකච්ඡා කළෙමු. සූත්‍ර පිටකයේ සඳහන් පරිදි එහි අටවැදෑරුම් අවස්‌ථාවන් පිළිබඳව අප පෙන්වා දුන්නා. සමහරවිට එම අටවැදෑරුම් අවස්‌ථාව පිළිබඳව විචිකිච්ඡාවක්‌ ඇතිවිය හැකියි.

    එය සිදු විය හැක්‌කේ මෙහෙමයි.

    යම්කිසි ස්‌වාමීන් වහන්සේ නමක්‌ හෝ වෙනත් දේශකයෙක්‌ බුදුරජාණන් වහන්සේ ගැන, බුද්ධත්වය ගැන, දහම ගැන, සූත්‍රයන් පිළිබඳව ව්‍යක්‌ත (ගැඹුරු, සාරධර්ම) දේශනයක්‌ පවත්වනවා කියා මොහොතකට කල්පනා කරමු. එවිට එම දේශනාව අසන ශ්‍රාවකයා කල්පනා කරනවා. ධර්මය පිළිබඳව කලින් දැරූ මතය නොවෙයි දැන් තියෙන්නේ කියා. එවිට සැකයක්‌ ඇතිවිය හැකියි. එයත් විචිකිච්ඡාවයි.

    කෙනෙක්‌ හිතන්න පුළුවන් මම හරිම ශ්‍රද්ධාවන්තයි. බුදුරජාණන් වහන්සේ හෝ උන්වහන්සේ දේශනා කළ ධර්මය හෝ උන්වහන්සේ දේශනා කළ සූත්‍ර පිළිබඳව කිසිම සැකයක්‌ නැහැ කියා දැඩි තීන්දුවක ඉන්න පුළුවන්. එවැනි දැඩි තීන්දුවක සිටි අයෙක්‌ ගැඹුරු ව්‍යක්‌ත ධර්ම දේශනාවක්‌ ශ්‍රවණය කළ අවස්‌ථාවක ඔහු වෙනස්‌ වෙන්න පුළුවන්. ඔහු සෝවාන් නොවූ පුද්ගලයකු බවයි ඉන් පැහැදිලි වන්නේ.

    දැන් අප සීලබ්බත පරාමාස යන සංයෝජනය පිළිබඳව විමසා බලමු.

    සීලබ්බතපරාමාස යන්න විවිධ සූත්‍රවල සඳහන් වෙනවා. සීලබ්බතපරාමාස යනුවෙන් අදහස්‌ කෙරෙනුයේ ශීල සහ ව්‍රතයන්හි ඇලීමයි. නිවන් මාර්ගය පිළිබඳ නිශ්චිත නිගමනයක්‌, අරමුණක්‌ නැති අයෙක්‌ විසින් විවිධ ආගමික සම්ප්‍රදායන් අනුව ශීල සහ ව්‍රත පිළිගැනීම පිළිබඳව සිතීම සීලබ්බතපරාමාස යනුවෙන් අදහස්‌ කෙරේ. අප බෝසතාණන් වහන්සේ උත්පත්තිය ලැබූ සමකාලීන සමාජයේ ගෝව්‍රත, සුනකව්‍රත ආදී වශයෙන් ශීලය ව්‍රතයන් බවට පත්කරගත් කොටස්‌ සිටියා.

    සීලබ්බතපරාමාස යන මෙම සංයෝජනය පිළිබඳ විභංගප්පකරණයේ මෙසේ සඳහන් වෙනවා.

    තත්ථ කතමො සීලබ්බතපරාමාසෝ. ඉතෝ බහිද්ධා සමණ බ්‍රාහ්මණානං සීලේන සුද්ධිවතේන සුද්ධි සීලබ්බතේන සුද්ධිති යා ඒවරූපං දිට්‌ඨි දිට්‌ඨිගතං... විපරියේ සාගාහො අයං වුච්චති සීලබ්බතපරාමාසෝ.

    මහණ බමුණන් ශීලයෙන් ශුද්ධිය, වෙනවා. ව්‍රතයෙන් ශුද්ධිය වෙනවා, ඒ වගේම ශීල ව්‍රතයෙන් ශුද්ධිය වෙනවා යෑයි ආදී වශයෙන් දෘෂ්ටි ලෙස ගැනීම සීලබ්බතපරාමාස යනුවෙන් අදහස්‌ කෙරේ.

    බුදුරජාණන් වහන්සේ ශීලය වශයෙන් දේශනා කළේ කයෙන් සහ වචනයෙන් සංවර වීමයි. එනම් කයෙන් සහ වචනයෙන් කෙරෙන වැරදිවලින් වැළකිලා ජීවත්වීම සීලය ලෙසයි, බුදුදහමේ සඳහන් වෙන්නේ.

    බුදුරජාණන් වහන්සේගේ කාලයේදී විවිධ පුද්ගලයන් තම තමන්ගේ දෘෂ්ටි ගතිකව ජීවත් වෙමින් ශීල ව්‍රත අනුගමනය කළා. (ව්‍රත යන්නෙන් පිළිපැදීම, පිළිගැනීම යන්න අදහස්‌ කෙරේ) මේ අය කල්පනා කළා ශුද්ධිය නැතිනම් පිරිසිදු භාවය ඇතිවන්නේ කෙසේද කියා. කෙළෙස්‌ නැසිය හැකි යෑයි සිතමින් ඔවුන් ඒ සඳහා විවිධ ව්‍රත අනුගමනය කළා.

    මේ සම්බන්ධව හොඳ දේශනාවක්‌ මඡ්Cධිම නිකායේ කුක්‌කුරවනිය සූත්‍රයේදී දැකගත හැකියි.

    එදවස බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කෝලියයන්ගේ බලිද්දි කියන නියම් ගමේයි. එම අවස්‌ථාවේදී පුණ්‌න සහ සේනිය කියලා දෙදෙනෙක්‌ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියා.

    එසේ පැමිණි පුණ්‌න බුදුරජාණන් වහන්සේට වැඳ නමස්‌කාර කර එකත්පස්‌ව හිඳගත්තේය. නමුත් සේනිය නමැත්තා බුදුරජාණන් වහන්සේ සමඟ පිළිසඳරේ යෙදීමෙන් අනතුරුව සුනඛයෝ මෙන් වකුටුවී (කක්‌කුරොව පලිකුඡ්ජිත්වා) බුදුරජාණන් වහන්සේ ඉදිරියේ එකත්aපස්‌ව සිටියා.

    එම අවස්‌ථාවේදී ගෝව්‍රත දරන පුණ්‌න බුදුරජාණන්වහන්සේ අමතා මෙසේ ප්‍රකාශ කරනවා.

    "ගෞතමයන් වහන්ස, සේනිය සුනඛ ව්‍රතය රකිනවා. (බල්ලෙක්‌ විදිහට හැසිරෙනවා) එය ඉතා දුෂ්කර කාර්යයක්‌. මෙයාට කෑමට බීමට යමක්‌ දුන් විට බිම දමලා බල්ලෙක්‌ විදිහටම තමයි කන්නේ. බොන්නේ."

    "අයං භන්තේ අෙච්ලෝ සේනියෝ කුක්‌කුරවතිකෙ දුක්‌කරකාරකෝ. ඡමානික්‌�ත්තං දීඝරත්තං සමන්තං සමාදිත්තං තස්‌ස කා ගති? කො අභිසම්පරායොති.

    මෙහි තේරුම මෙසේයි. ස්‌වාමීනි, මේ සුනඛ ව්‍රත රකින සේනිය මහත් දුෂ්කර ව්‍රත රකින්නෙකි. ඔහු අනුභව කරන්නේ බිම දමන ලද දෙය පමණකි. බොහෝ කාලයක්‌ මේ සුනඛ ව්‍රතය රකියි. මොහුගේ පරලොව ශක්‌තිය කුමක්‌ විය හැකිද?

    එවිට බුදුරජාණන් වහන්සේ පුණ්‌න අමතා දේශනා කරනවා, ඒ ගැන කිසිවක්‌ අහන්න එපා කියලා.

    නමුත් දිගින් දිගටම පුණ්‌න ඒ ප්‍රශ්නයම ඇසුවා.

    එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙක්‌ සුනඛ ව්‍රතය රකීද? එය සමාදන් වෙත්ද ඔහුට පරලොවදීත් සිදුවනුයේ ඒ දෙයමයි කියා.

    "ඒ කියන්නේ බල්ලෝ වගේම උප්පත්තිය ලබනවා."

    "එවිට සේනිය නමැත්තා හඬන්නට පටන් ගත්තා.

    ඔය වැනි තත්ත්වයක්‌ නිසයි මම එය ප්‍රශ්නය අහන්න එපා, කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ විට "නැහැ... නැහැ ස්‌වාමීනි මම ඇඬුවේ පරලොවදී බල්ලෙක්‌ වෙලා ඉපදීම ගැන දුකෙන් නොවෙයි. දැනුදු මට තියෙන්නේ බලු ගතියි. දැන් ජීවත් වන්නේත් එලෙස නිසා බව තේරුම් යැම නිසා යෑයි සේනිය උත්තර දෙනවා.

    සේනිය නමැත්තා හිතුවේ බල්ලාගේ ජීවිතය සරල බව පමණයි. එනිසා ඔවුන් කල්පනා කළා බල්ලෙක්‌ ලෙස ජීවත්වීමෙන් නිවන් දකින්න පුළුවන් වෙයි කියලා.

    පුණ්‌න ජීවත්වුණේ හරකෙක්‌ විදිහට. තවත් සමහරු එළුවන් විදිහට හැසිරුණා. මේ අය හිතුවේ එලෙස ජීවත්වීමෙන් ශුද්ධිය සෙවිය හැකි බවයි.

    නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ කෙනෙක්‌ සෝවාන් වීමේදී මෙම මිථ්‍යා ව්‍රත නැතිවන බවයි.

    තවත් අපූර්ව සූත්‍රයක්‌ ලෙස මඡ්Cධිම නිකායේ මහාසීහනාද සූත්‍රය හඳුන්වා දිය හැකියි. මේ ආත්මයේදීම ශුද්ධිය ලැබිය හැකි වත් පිළිවෙත් කාරණා මෙහි ඇතුළත්.

    බුද්ධත්වයට පෙර අප මහ බෝසතාණන් වහන්සේ මෙම අන්‍ය ආගමිකයෝ කියන විවිධ ව්‍රත අත්දැකීමෙන්ම විඳ ආත්ම විමුක්‌තිය ලැබිය හැකිදැයි සොයා බැලුවා. නමුත් ඉන් ඵලක්‌ වුණේ නැති නිසා ඒ දේවල් ප්‍රතික්‌ෂේප කර මධ්‍යම ප්‍රතිපදාවට පත්වුණා.

    බුදුරජාණන් වහන්සේ මහාසීහනාද සූත්‍රයේදී සැරියුත් මහරහතන් වහන්සේ අමතා මෙසේ දේශනා කර තිබෙනවා.

    සාරිපුත්‍රය, මම තවුස්‌ ඇත්තන් අතර උතුම් කොට තවුස්‌ ජීවිතය ගතකළා. රළු පිළිවෙත් ඇති අය අතරේ රළු පිළිවෙත් උතුම් කොට සලකා ඊට අනුව ක්‍රියා කළා. පාපය පිළිකුල් කරන්නන් අතරේ පාපය පිළිකුල් කිරීම උතුම් කොට සලකා ක්‍රියා කළා. ඒ වගේම උතුම් විවේකය ඇත්තන් අතරේ උතුම් විවේකය අගය කොටම ක්‍රියා කළා."

    මෙයට එම කාලයේදී කියුවේ චතුරංග සමන්නාගත ශීලය කියලයි. පසුකාලීනව මේ දේවල් ප්‍රතික්‌ෂේප වුණා.

    බෝසතාණන් වහන්සේ එම කාලයේ ක්‍රියා කළ ආකාරය වැඩිදුරටත් මෙසේද දක්‌වා තිබෙනවා.

    "මම ඒ කාලයේදී නග්න වුණා. අත ලෙවකනවා. මළපහකොට අත පිසදමනවා. සෝදන්නේ නැහැ. දානයට ආරාධනා ලැබුණත් එය පිළිගන්නේ නැහැ. ගැබිනියන් දෙන දේවල් පිළිගන්නේ නැහැ. කිරි දොවන්නියන් දෙන දේවල් පිළිගන්නේ නැහැ. පුරුෂයා වෙත ගිය අය පිළිගන්නේ නැහැ..." මේ යනාදී වශයෙන් දේශනා කරනවා.

    ඒ වගේම ඇතැම් තැනක... ආහාරේත ශුද්ධි.... යනුවෙන් යම් යම් පිරිස්‌ ආහාර ගැනීමෙන් ශුද්ධිය ලබන බව ප්‍රකාශ කර තිබුණා. එයත් මම අත්හදා බැලුවා.

    කෙසේද එම ආහාර ලබා ගන්තේ.

    පිඬු පිණිස එක්‌ ගෙදරකට යනවා. එක ගෙදරකින් යෑපෙනවා. ගෙවල් දෙකකට යනවා. එහි පිඬු දෙකක්‌ ගන්නවා.... මේ ආදී වශයෙන් ආහාර ලබාගෙන ශුද්ධිය සෙවීමට අප මහ බෝසතාණෝ උත්සාහ කළහ.

    දවසකට අමු පළා කෑම....... ඌරුවැල්....... මැලියම් වර්ග.... සහල් කුඩු මේ ආදී දේවල් ද බෝසතාණෝaa ආහාරයට ගනු ලැබුවා. එලෙස ජීවත් වී කෙළෙස්‌ නැසිය හැකි දැයි බමුණෙක්‌ කී නිසා අත්හදා බැලූහ.

    කුණු වැහිරුනු, මිනී ඔතපු වස්‌ත්‍ර, පාංශුකූල වස්‌ත්‍ර, හඳුන්දිවි සම, පතුරුවලින් සකස්‌ කළ වස්‌ත්‍ර, කුසතණ වැහැරිලි, කම්බිලි හැඳ දුෂ්කර ජීවිතයක්‌ ගත කළ හැකි බවට සමකාලීන ආගමික සමාජයේ තිබූ දේ ද බුදුරජාණන් වහන්සේ අත්හදා බැලූහ.

    ඒ වගේම...... හිසකෙස්‌ රැවුල් ඉගිලීම, ආසන නොමැතිව උඩුකුරුව සැතපීම, උක්‌කුථික වීර්යයෙන් සිටීම. කටු ඇතිරිල්ලේ සක්‌මන් කිරීම, දවසකට තෙවරක්‌ දියට බැස පව් සෝදා හැරීම, මහා ගින්නෙන් පව් තැවීම, වැනි ඉතා කටුක ජීවිත ගණනකින් විමුක්‌තිය සෙවිය හැකි දැයි අප මහා බෝසතාණෝ කල්පනා කළහ.

    සමහර ඒවා පිළිපැදීමට ගොස්‌ අළු දුහුල් බැඳී බෝසතාණන්a වහන්සේගේ ශරීරයේ සම ගැලවී යන තත්ත්වයට පත් වූ බවද මෙම සූත්‍රයෙහි සඳහන් වෙනවා. එම රූක්‍ෂ ප්‍රතිපදාව නිසා තමාගේ ශරීරයෙහි බැඳුණු, ගැලවීමට පවා හැකි තරම් අළුදූලි කිසිවකුට ගලවන්න හෝ ඉඩ නුදුන් බවත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කර තිබෙනවා.

    "මම කොතරම් පවට පිළිකුල් කළ ද කියතොත් ජලයෙහි සිටින කුඩා සතෙකු හෝ නොමැරෙන සේ ක්‍රියා කළා. එම සතුන් කෙරේ දයාවෙන් ක්‍රියා කළා. මම මහ වනයෙහි වසද්දී ගොපල්ලෙකු හෝ වෙනත් අයකු දුටු විට ඔවුන්ට නොපෙනෙන සේ ඈතට ගියා. මට ඔවුන් නොපෙනෙත්වා යන අදහසින් ක්‍රියා කළා. පරම විවේකය උතුම් කොට සලකා ක්‍රියා කළා. ඒ වගේම.... මම වසු පැටවුන්ගේ ගොම අනුභව කළා. මගේ මළ මුත්‍ර අනුභව කළා. මේ මාගේ මහා පතට භෝජනයයි. එනම් ප්‍රකෘති මිනිසුන් අනුභව නොකරන දේවල් අනුභව කිරීමයි."

    මහාවිකට භෝජනය ගැන සීහනාද සූත්‍රයෙහි සඳහන් වන්නේ මේ අයුරිනි.

    "සාරිපුත්ත සකං මුත්තකරීසං අපරියාදිණ්‌ණං හෝති සකං යේව සුදං
    මුත්තකරීසං ආහාරේමිං ඉදංසු මේ සාරිපුත්ත මහාවිකට භෝජනස්‌මිං හෝති"

    ඒ වගේම මහා බිහිසුණු වන ලැහැබකට වැද නවම්, මැදින් දෙමාසය අතර තදින් හිම වැටෙන අටවැනි දවසේත්, හේමන්ත සෘතුවේ තද සීතල රාත්‍රියේ එළිමහනේ වාසය කළා.

    සොහොනෙහි මිනීඇට කොට්‌ටය ලෙස පාවිච්චි කළා. ගොපලු දරුවන් පැමිණ සිරුරට කෙළ ගසද්දී... මුත්‍රා කරද්දී, පස්‌a විසුරුවද්aදී කන් සිදුරුවලට ඉරටු කෑලිවලින් අනිද්දීත්...... මම ඔවුන් කෙරේ පවිටු සිතක්‌ ඇති කර ගත්තේ නැහැ. මේ මාගේ පරම උපේක්‍ෂාව යෑයි එහි සඳහන් වෙනවා.

    ආහාරයෙන් ශුද්ධිය ලැබෙතැයි ඇතැම් මහණ බමුණන් කී නිසා දෙබර සුqණු කෑමටත්, දෙබර යුෂ බීමටත් .....නන්වැදෑරුම් දෙබරවලින් කළ ආහාර අනුභව කිරීමටත් පෙළැඹුණා. මම එක දෙබර ගෙඩියක්‌ පමණක්‌ ආහාරයට ගත්තේa.

    ශරීරය කෙට්‌ටු වුණා. මාගේ ශරීරයේ කොඳුඇට පෙළ උස්‌පහත් වුණා. ඉලඇට උඩු යටි වී නැමී ගියා. දෑස්‌ ගිලී ගියා. හිසෙහි සිවිය ගැලවී ගියා. උදරයේ සිවිය පිටකටුවට ඇලී ගියා. ශරීරයේ ලොම් ගිලිහී ගියා.... මෙලෙස බුදුරජාණන් වහන්සේ ආහාර නොගැනීම නිසා සිදුවූ ආදීනව මේ සූත්‍රයේදී පෙන්වාදී තිබෙනවා.

    ආහාරයෙන් ශුද්ධිය ඇතිවෙතැයි සිතන ඇතැම් අය සහල්, සහල් සුණු ආදී කෑමට ගත්තා. මමත් ඒ දේවල් අනුභව කළා.........

    භවයෙන් භවයට සාංසාරික වශයෙන් ශුද්ධිය ඇතිවෙන බව බමුණන් ප්‍රකාශ කර තිබුණා. මමත් ඒ කියන සියලු භවයන්වල හට ගත්තා. එහෙත් ආත්ම ශුද්ධිය එයිනුත් ලැබුණේ නැහැ...... යනුවෙන් බුදුරජාණන් වහන්සේ මහා සීහනාද සූත්‍රයේදී පෙන්වාදී තිබෙනවා.

    මෙම සූත්‍රයෙන් පැහැදිලි වෙනවා ව්‍රත අනුගමනය කළේ මොන ආකාරයෙන්ද කියලා.

    ව්‍රත සමාදන්වෙලා නිවන් දැකිය හැකි බවට සමකාලීන ආගමික පූජකයන් කී නිසා අප බෝසතාණන් වහන්සේ එය අකුරටම අනුගමනය කර බැලුවා. නමුත් නිවන, ශුද්ධිය හෝ විමුක්‌තිය ලබා ගැනීමට නොහැකි වුණා.

    අද නූතනයේදීත් සිදුවෙලා තියෙන්නේ මේ විපත්තියයි. අද ඇතැමෙක්‌ හිතනවා දිනපතා මල්වට්‌ටි ගණන් පූජා කළ පමණින් සෝවාන් වෙන්න පුළුවන් කියා. ඒ වගේම තවත් සමහරු බෞද්ධ කොඩි, චෛත්‍ය වටේ ඔතනවා. සිල් රෙදි ඇඳගෙන සාධුකාර දිදී මල් පහන් පූජා කරනවා. සෝවාන් විය හැකි යෑයි සිතා. මේවා බොහෝ විට ක්‍රියාත්මක වන්නේ ව්‍රත ලෙසයි.

    ඉතාම අල්පේච්ඡ සරල ජීවිතයක්‌ ගත කර සෝවාන් විය හැකි යෑයි සිතා මාළිගා වගේ නිවෙස්‌ තියෙන සමහරු නිවසේ පුංචි තැනෙක ලීකෝටු හතරක්‌ සිටුවා. උඩට පිදුරු දමා, හතර වටේ වැරහැලි රෙදිකඩ එල්ලා, බොහෝ දුෂ්කර ජීවිතයක්‌ ගත කරනවා. ඔවුන් සිතනවා එසේ ගත කිරීමෙන් ශුද්ධිය ලැබෙයි කියා. ඒ වගේම කොයි වේලාවෙත් තොල් මතුරනවා. ඉන් ශුද්ධිය ලැබෙයි කියා ඔවුන් සිතනවා.

    එපමණක්‌ නොව ඇතැම් විට සමහර ගිහියන් දවල් 12.00 න් පසුව ආහාර නොගෙන ජීවත් වෙනවා. ඔවුන් කල්පනා කරන්නේ ආහාරයේත් ශුද්ධිය ලැබෙයි කියායි. ඔවුනට ශුද්ධිය ලැබීම කෙසේ වෙතත් කායිකව මෙන්ම මානසිකව ශක්‌තිය පිරිහීමයි පමණයි මින් සිදුවන්නේ. මනසේ ශක්‌තිය පිරිහෙන විට විවිධ දර්ශන පෙනෙන්න පටන් ගන්නවා. එම විප්‍රකාර දර්ශන දැක තමන් සෝවාන් වී ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.

    අපි මෙහිදී ශීලය යන්න මඳක්‌ කතා කිරීම වැදගත්. ශීලය යනු කයින්, වචනයෙන් සංවර වීමයි. සොරකම් නොකිරීම, ප්‍රාණඝාතය නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම, මත්පැන් නොබීම වැනි දේ රකිමින් කයින් වචනයෙන් සංවර වන්නේ නම් එතැන පවතින්නේ ශීලයයි.

    දිනපතා සිල් රකිමින් සිල්වතකු ලෙස ජීවත්වීමටයි අපි කල්පනා කළ යුත්තේ. නමුත් පොහොය දවසේa සිල් සමාදන් වීමේ වෙනසක්‌ද තිබෙනවා. පෝයදාට අපි සුදු සිල් රෙදි ඇඳගෙන අෂ්ටාංග ශීලය සමාදන් වෙනවා. එදා දවසේ සරල ජීවිතයකට හැඩ ගැසෙනවා. අෂ්ටාංග ශීලය සමාදන්වූවන් සන්ධ්‍යාවේ හෝ පසුදා සිල් පවාරණය වීමක්‌ සිදු කෙරෙනවා. අෂ්ටාංග ශීලය පවාරණය වූවත් අනතුරුව පස්‌පව්වලට පෙළැඹීමක්‌ නැතිව පංචශීලය රැකීමයි. බෞද්ධයාගේ පිළිවෙත වන්නේ, වැරැදිවලින් වැළකී ජීවත්වීම තමයි ශීලය කියන්නේ. පොහෝදා සිල් අරගෙන ඉන් පසුව සිතින් කයින් සංවරව ජීවත් වන්නේ. නැතිනම් එතැන ශීලයක්‌ නැහැ. බොහෝ අය හිතන්නේ ශීලයත් ජීවිතයත් දෙකක්‌ කියලයි. එහෙම දෙයක්‌ නැහැ. ශීලයත් ජීවිතයත් එකක්‌ කරගෙන ජීවත් වීමයි අවශ්‍ය වන්නේ.

    ශීලය ව්‍රතයක්‌ කර නොගෙන (සීලබ්බතාපරාමාංස යන සංයෝජනයෙන් ඈත් වී) සිල්වතකු ලෙස ජිවිතය හැඩගස්‌වා ගැනීමෙන් පමණයි අපට සෝවාන් මාර්ග ඵල ලාභී තත්ත්වයට පත්විය හැක්‌කේ.


    මතුසම්බන්ධයි

    උපුටා ගැනීම
    දිවයින සමාධි අතිරේකය
    අනිත් අයටත් බලන්න BUMP එකක් දාගෙනම යන්න

    සොවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය -1 -http://www.elakiri.com/forum/showthread.php?t=1704329
    සොවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය -2 http://www.elakiri.com/forum/showthread.php?t=1704464
    සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය -3 http://www.elakiri.com/forum/showthread.php?t=1704668
    සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය-4 http://www.elakiri.com/forum/showthread.php?t=1704803
    සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය-5 http://www.elakiri.com/forum/showthread.php?t=1705706
     
    • Like
    Reactions: blow j and phj

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sowan wenna buddagama dana ganna onada? dewal walata thiana asawan adu karamin yanakota ibema sowan wenne nadda
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    naha, nirwanaya awabodha karanna one

    ඕකාතර දෙන්න එපා බන්. මෙතන මේ අනික් එවුන්ව අවුස්සල ආතල් ගන්න ආපු එකෙක් ඔය. ළඟදීම ට උත්ban වෙනව.
     

    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    ඕකාතර දෙන්න එපා බන්. මෙතන මේ අනික් එවුන්ව අවුස්සල ආතල් ගන්න ආපු එකෙක් ඔය. ළඟදීම ට උත්ban වෙනව.



    api hethuwadiyo. uba wage yamek kiw paliyata bara ganne na :yes:
     

    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    poddak pahadili karanawada punuruppattiya kiyanne mokakda kiyala, mata hitenne oya kohe hari patalawagena:yes::yes:



    :lol::lol::lol: dan ubalamane punuruthpathiyak gana katha karanne? niwan dakeemai, pin paw ganai, karmayai, apayai, divya lokayai kiyala okkoma patalawa gena inne ubalamane

    mama ahanne ai oya ekak wath scientifically prove karala natthe?