Syrian Crisis eka gana Saralava saha Sundarava !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිරියානු ප්‍රශ්නය ගැන නොසෑහෙන්න TV/Radio වල යනවා ඇහිලා ඇති
    මේක දුරදිග ගියොත් 3 වන ලෝක යුද්ධය දක්වාත් ඇදෙයි කියල කියනවා

    ඉතිං ඇමරිකාව, රුසියාව, කුර්දිවරු, සිරියානු කැරලිකරුවන්, ISIS, ඉරානය,
    සවුදි අරාබිය...ගැන අහලා සඳ මෝල් වෙලා ඉන්න අයට තමයි මේ සිඟිති
    thread එක දාලා තියෙන්නෙ

    මුං කොහොමද මේකට පැටලුනේ ? කවුරු කාත් එක්කද සටන් කරන්නේ ?
    ඕක හරිම සංකිර්ණ කතන්දරයක්.... ඉතිං මේ අවුල ඉතාම සරලව කියල දෙන්න ගන්නා ඉතාම
    අහිංසක ලාමක උත්සහයක් තමයි මේ

    මේ ප්‍රශ්නෙදි අර කියපු බබාලා ටික මම team දෙකකට බෙදන්නේ මෙන්න මේ විදිහට

    ශියා සහ සුන්නි... මතක තියාගන්න මේක තව බෙදන්න පුළුවන් ක්‍රම ඕනෑ තරම්
    2 බැරිනං 10 කට උනත් ඉතාම පහසුවෙන් බෙදිය හැකි


    yt8iuf7r20hzw6nzg.jpg


    සුන්නි - මේ අයගෙ මූලස්ථානය තමයි සවුදි අරාබිය. ලෝකෙ වැඩිපුරම ඉන්නේ
    මේ අය. ලංකාවේ මුස්ලිම්වරුත් වැඩිහරියක් සුන්නි ම තමයි

    ශියා - ලෝකයේ ප්‍රභලම ශියා රට තමයි ඉරානය කියන්නේ

    මුං දෙගොල්ලො බද්ධ වෛරයි !

    ඕං දැන් එනවා අපේ කථා නායකයා.. සිරියාව. සිරියාවේ නායකයා බෂාර් අල්
    අසාද් කියන්නේ ශියා මුස්ලිම් කෙනෙක්. මේ නිසා ශියා රටක් වන ඉරානය
    කැමති අසාද් බලයේ ඉන්නවා දකින්න තමයි

    ඒත් සිරියාවේ සුන්නි මුස්ලිම් මිනිස්සු ත් ඉන්නවා. මේගොල්ලො ශියා ජාතික
    අසාද් ට කැමති නැත.

    ඉතිං කාලයක් යද්දි සිරියාවට නියඟයක් ඇවිල්ලා සිරියානු කැරලිකාරයෝ ශියා
    රජයට විරුද්ධව කැරලි ගහන තැනට වැඩේ දිග්ගැස්සුනා (ඕනෙ නං සම්පූර්ණ කතාව
    හොයාගෙන කියවන්න )


    fwsk96invh9ssehzg.jpg

    සිරියානු කැරලිකරුවන් ශියා සුන්නි බෙදයක් නැතුව අසාද් ට එරෙහිව සටන්
    කළා කියල තමයි කියන්නේ.
    නමුත් දැනට මම ඒක සුන්නි පැත්තේ දාලා තියෙනවා ලේසියට.

    ඕං දැන් එනවා සද්දන්තයෝ දෙන්නා ...ඇමරිකාවයි රුසියාවයි

    සෝවියට් රුසියාව කාලේ මැදපෙරදිග රටවල් වැඩි හරියක් හිටියේ රුසියාව
    එක්ක. ඒත් සෝවියට් දේශය බිඳ වැටෙන්න ගත්තා. ඇමරිකාව සපෝට් කරපු
    ඊශ්‍රායලයෙන් හොඳ හැටි මේ රටවල් කෑවා ඒ නිසා මේ රටවල් රුසියාවෙන්
    ඈත්වෙන්න ගත්තා.

    ඉතිං සවුදි අරාබිය ඇතුලු ගොඩක් රටවල් ඇමරිකාව එක්ක සෙට් වෙද්දි. රුසියාවට ඉතුරු වුණේ සිරියාව විතරයි.

    ඒ කියන්නෙ සිරියාවෙ ශියා මුස්ලිම් නායකයා අසාද්, සෙට් වුණේ රුසියාවත්
    එක්ක

    lytaa60y5qe2c7czg.jpg


    දැන් තේරෙනවනෙ කතන්දරේ ? මේ පිල් බෙදීම නිසා
    බශාර් අල් අසාද් ට ඉරානයේ සහ රුසියාවේ support එක නිකම්ම ලැබෙන්න
    ගත්තා.

    ඒත් සවුදිය කැමති වුණේ නැහැ ශියා රජයක් සිරියාවෙ තියෙන එකට.
    ඇමරිකාව කැමති නෑ රුසියානු හිතවාදි රජයක් සිරියාවෙ තියෙන එකට. මේ ශියා
    ජාතික නායකයව බලයෙන් පහ කරන්න ඇමරිකාව සවුදියට උදව් කළා

    ඇමරිකාව කියන්නේ 'කලදුටුකල වල ඉහගන්න' expert කට්ටියක්. මුං මොකද කළේ.. ?
    සිරියානු කැරැල්ලක් ආපු හැටියෙම පට ගාලා කැරලිකාරයොන්ට ආයුධ දීල,
    පුහුණු කරලා අසාද් ට ගහන්න හරවලා යැව්වා

    හැබැයි පුතෝ මේ plan එක ආපස්සට පත්තු උනා !

    අර සිරියානු කැරලි කාරයො දෙකට කැඩිලා අවුරුදු දෙකකට පස්සේ අමුතුම
    තාලයේ යක්ෂයෙන් එළියට එනවා... ඔව් ISIS කියන්නේ ඒ අයට තමයි

    සිරියානු කැරලිකාරයො වගේ නෙවෙයි.. මේ අය සුන්නි ආගමට බරයි ඒ එක්කම
    බටහිර රටවල්(ඇමරිකාව) එක්කත් තරහයි.

    ඉතිං පින්තූරෙත් එක්ක බැලුවහම තේරෙනව ඇති නේ ? ISIS කට්ටිය අසාද්
    එක්කත්, සිරියානු කැරලිකාරයො එක්කත්, ඇමරිකාව එක්කත් රුසියාව එක්කත්, ඉරානය එක්කත් තරහයි

    5yy3sw2mnjw7kr3zg.jpg


    මේ යක්කු තරහ නැත්තේ සවුදියත් එක්ක විතරයි.

    සවුදිය තමයි දැන් මුංට ආධාර දෙන්නෙත්

    ඉතිං ඇමරිකාවෙ ආයුධ සහ training එක්ක මේ අය හිතාගන්න බැරි තර්ජනයක් එල්ල කරනවා.

    හැබැයි ඉතිං ඇමරිකාවෙ වැඩේ ගැස්සිලා ISIS ආවත්, ඇමරිකාව කරන්නෙ පැත්තකට වෙලා
    බලං ඉන්න එක තමයි. ඒ මොකෝ ?

    මොකද ISIS එක්කයි, අසාද් එක්කයි එක පාර ගුටි ඇනගන්නවට වඩා ලේසියි,
    උං දෙන්න මරාගෙන ඉවර උනහම තමන්ගේ සිරියන් කැරලිකරුවො ලව්වා
    ඉතුරුවෙලා ඉන්න (අසාද් හෝ ISIS) ලට ගස්සවන එක.

    හැබැයි රුසියාවට නං එහෙම පැත්තකට වෙලා බලාගෙන ඉන්න බෑ ! ඇයි ?

    කලිනුත් කිව්වා වගේ රුසියාවට මැදපෙරදිග ඉන්න තමන්ගේ එකම හිතවතා සිරියාව විතරයි. ඒ නිසා අසාද් වැටිලා ඉන්න කරදරෙන් බේරෙන්න රුසියාව
    මෑතකදි මැදිහත් වෙන්න පටන් ගත්තා

    (සිරියාව, රුසියාවේ යාළුවෙක් නිසා තමයි ඊශ්‍රායලය golan heights වගේ පූංචි කෑල්ලක් විතරක්
    අල්ලගෙන නිකං ඉන්නේ.)

    දැන් තේරෙනව නේද ඇයි ඇමරිකාව පැත්තකට වෙලා බලාගෙන ඉන්නෙත්
    ඇයි රුසියාව ලහි ලහියේ ISIS ලට නෙලන්නෙත් කියලා ?


    වැදගත්ම පාඩම තමයි
    ඇමරිකාව සවුදියට සපෝට් කරන්නෙත්, රුසියාව ISIS ලට ගහන්නෙත්
    තම තමන්ගේ වාසියට මිසක් සිරියානු මිනිස්සු ගැන තියෙන love එකට නෙවෙයි
    කියන එක.

    සිරියාවේ ඉන්න අහිංසක මිනිස්සු ගැන කිසිම කෙනෙක්..... කිසිම කෙනෙක් ට
    වැදගත් නැත !

    ඔය facebook වල පුටින් ගෙ profile pics දාගෙන අදහන අයට කියන්න
    තියෙන්නෙ අනේ අපොයි කියල තමයි



    ඉතිං සරලව කිව්වොත් කතාව ඕක තමයි. ඕකට තුර්කිය, කුර්දිවරුන්, ඊශ්‍රායල,
    ජෝර්දානය, ඉරාකය විතරක් නෙවෙයි යුක්‍රේනය පවා සෙට් වෙනවා

    ඔය ඔක්කොම දාලා කතාව කියන්න ගියොත් හොද්ද බොර වෙනවා. දැනට ඔය මඳෑ !



     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura


    ඔය facebook වල පුටින් ගෙ profile pics දාගෙන අදහන අයට කියන්න
    තියෙන්නෙ අනේ අපොයි කියල තමයි




    :lol::lol:


    දෙයියා ඇවිත්.;)
    මෙහෙම දාපු එක නම් හොඳයි හුඟක් උන්ට මේකේ අගක් මුලක් තේරෙන්නේ නෑනේ.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    සිරියාව, රුසියාවේ යාළුවෙක් නිසා තමයි ඊශ්‍රායලය golan heights වගේ පූංචි කෑල්ලක් විතරක්
    අල්ලගෙන නිකං ඉන්නේ.


    මේක තේරුනේ නෑ?
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    මේක තේරුනේ නෑ?

    ඊශ්‍රායල තමන්ට ග්අහපු හැම රටකින්ම ලොකු ලොකු කුට්ටි අල්ලගත්තා නෙ ? (6 Day, Yom Kippur)

    ඒත් සිරියාවේ අල්ලගත්තෙ Golan Heights කියන පුංචි කොටස විතරනේ ?

    එහෙම කළේ සිරියාවෙන් ලොකු කෑලි අල්ලන්න ගියොත් රුසියාව ඇවිස්සෙන නිසා.
     
    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Macho Dan Irida lankadeepe Diyataha paththareth Israel Godanagapu heti mula indan article ekak yanawa.

    lipiya kiyawanna kalin comment kara
    +++++++++++
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ela kathaawa A-Z theruna.

    Rusiyawa SAmastha muslimunta gahanawa neme eka kotasakata witharak gahanawa unge meda peradiga balaya araksha karaganna.:):):):):)
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඊශ්‍රායල තමන්ට ග්අහපු හැම රටකින්ම ලොකු ලොකු කුට්ටි අල්ලගත්තා නෙ ? (6 Day, Yom Kippur)

    ඒත් සිරියාවේ අල්ලගත්තෙ Golan Heights කියන පුංචි කොටස විතරනේ ?

    එහෙම කළේ සිරියාවෙන් ලොකු කෑලි අල්ලන්න ගියොත් රුසියාව ඇවිස්සෙන නිසා.

    USA Army/Navy camp ekak gahanda ne මධයධරණි මුහුදේ වලි කන්නේ
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    USA Army/Navy camp ekak gahanda ne මධයධරණි මුහුදේ වලි කන්නේ

    රුසියාව දඟලන්නේ උන්ට සිරියාවේ(මධ්‍යධරණී මුහුදේ) තියෙන එකම නාවික හමුදා කඳවුර රැක ගන්න.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Macho Dan Irida lankadeepe Diyataha paththareth Israel Godanagapu heti mula indan article ekak yanawa.

    lipiya kiyawanna kalin comment kara
    +++++++++++

    මං කලින් සතියෙ එහෙම එකක් දැක්කෙ නං නැහැ හැබැයි :no:


    Rusiyawa SAmastha ....karaganna.:):):):):)

    පුළුවං නං සිංහල වචන සිංහලෙන් type කරපන්. නැත්නං කඩ්ඩෙන් කඩ්ඩ ලියපං :)

    USA Army/Navy camp ekak gahanda ne මධයධරණි මුහුදේ වලි කන්නේ

    මං හිතන්නෙ හර්ශ දීලා තියෙන උත්තරේ හරි. හැබැයි ඒ ගැන මං ගැඹුරට හෙව්වෙ නං නැහැ
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මං කලින් සතියෙ එහෙම එකක් දැක්කෙ නං නැහැ හැබැයි :no:
    පුළුවං නං සිංහල වචන සිංහලෙන් type කරපන්. නැත්නං කඩ්ඩෙන් කඩ්ඩ ලියපං :)
    මං හිතන්නෙ හර්ශ දීලා තියෙන උත්තරේ හරි. හැබැයි ඒ ගැන මං ගැඹුරට හෙව්වෙ නං නැහැ

    Macho 2015-10-25 diyatha paththare ඉස්ලාම් ත්‍රස්තවාදයේ සුල මුල / ව්‍යාප්ත වූ හැටි kiyala wage lipiya thiyenne.israel army eke lassana kello dennekge photo ekakuth thibba.:):)

    :(:(:(:(:(OK


    kotasak hari iwara unoth loku deyak....:lol:

    sampurnen iwara wena ekak ne ban.russiyawa kohen hari nawaththayi.kiyala hithenawa.:baffled::baffled::baffled:
    iwarayak wenna oya sunni vs shia hena yuddayak yanna ona.:baffled::baffled:
    wena eka ratakwath atha daana hoda ne.:frown:

    eth wena rataawal keeyaka un innawada?:growl::growl:

    impossible wage thma.:(:(