සිරියානු ප්රශ්නය ගැන නොසෑහෙන්න TV/Radio වල යනවා ඇහිලා ඇති
මේක දුරදිග ගියොත් 3 වන ලෝක යුද්ධය දක්වාත් ඇදෙයි කියල කියනවා
ඉතිං ඇමරිකාව, රුසියාව, කුර්දිවරු, සිරියානු කැරලිකරුවන්, ISIS, ඉරානය,
සවුදි අරාබිය...ගැන අහලා සඳ මෝල් වෙලා ඉන්න අයට තමයි මේ සිඟිති
thread එක දාලා තියෙන්නෙ
මුං කොහොමද මේකට පැටලුනේ ? කවුරු කාත් එක්කද සටන් කරන්නේ ?
ඕක හරිම සංකිර්ණ කතන්දරයක්.... ඉතිං මේ අවුල ඉතාම සරලව කියල දෙන්න ගන්නා ඉතාම
අහිංසක ලාමක උත්සහයක් තමයි මේ
මේ ප්රශ්නෙදි අර කියපු බබාලා ටික මම team දෙකකට බෙදන්නේ මෙන්න මේ විදිහට
ශියා සහ සුන්නි... මතක තියාගන්න මේක තව බෙදන්න පුළුවන් ක්රම ඕනෑ තරම්
2 බැරිනං 10 කට උනත් ඉතාම පහසුවෙන් බෙදිය හැකි
සුන්නි - මේ අයගෙ මූලස්ථානය තමයි සවුදි අරාබිය. ලෝකෙ වැඩිපුරම ඉන්නේ
මේ අය. ලංකාවේ මුස්ලිම්වරුත් වැඩිහරියක් සුන්නි ම තමයි
ශියා - ලෝකයේ ප්රභලම ශියා රට තමයි ඉරානය කියන්නේ
මුං දෙගොල්ලො බද්ධ වෛරයි !
ඕං දැන් එනවා අපේ කථා නායකයා.. සිරියාව. සිරියාවේ නායකයා බෂාර් අල්
අසාද් කියන්නේ ශියා මුස්ලිම් කෙනෙක්. මේ නිසා ශියා රටක් වන ඉරානය
කැමති අසාද් බලයේ ඉන්නවා දකින්න තමයි
ඒත් සිරියාවේ සුන්නි මුස්ලිම් මිනිස්සු ත් ඉන්නවා. මේගොල්ලො ශියා ජාතික
අසාද් ට කැමති නැත.
ඉතිං කාලයක් යද්දි සිරියාවට නියඟයක් ඇවිල්ලා සිරියානු කැරලිකාරයෝ ශියා
රජයට විරුද්ධව කැරලි ගහන තැනට වැඩේ දිග්ගැස්සුනා (ඕනෙ නං සම්පූර්ණ කතාව
හොයාගෙන කියවන්න )
සිරියානු කැරලිකරුවන් ශියා සුන්නි බෙදයක් නැතුව අසාද් ට එරෙහිව සටන්
කළා කියල තමයි කියන්නේ.
නමුත් දැනට මම ඒක සුන්නි පැත්තේ දාලා තියෙනවා ලේසියට.
ඕං දැන් එනවා සද්දන්තයෝ දෙන්නා ...ඇමරිකාවයි රුසියාවයි
සෝවියට් රුසියාව කාලේ මැදපෙරදිග රටවල් වැඩි හරියක් හිටියේ රුසියාව
එක්ක. ඒත් සෝවියට් දේශය බිඳ වැටෙන්න ගත්තා. ඇමරිකාව සපෝට් කරපු
ඊශ්රායලයෙන් හොඳ හැටි මේ රටවල් කෑවා ඒ නිසා මේ රටවල් රුසියාවෙන්
ඈත්වෙන්න ගත්තා.
ඉතිං සවුදි අරාබිය ඇතුලු ගොඩක් රටවල් ඇමරිකාව එක්ක සෙට් වෙද්දි. රුසියාවට ඉතුරු වුණේ සිරියාව විතරයි.
ඒ කියන්නෙ සිරියාවෙ ශියා මුස්ලිම් නායකයා අසාද්, සෙට් වුණේ රුසියාවත්
එක්ක
දැන් තේරෙනවනෙ කතන්දරේ ? මේ පිල් බෙදීම නිසා
බශාර් අල් අසාද් ට ඉරානයේ සහ රුසියාවේ support එක නිකම්ම ලැබෙන්න
ගත්තා.
ඒත් සවුදිය කැමති වුණේ නැහැ ශියා රජයක් සිරියාවෙ තියෙන එකට.
ඇමරිකාව කැමති නෑ රුසියානු හිතවාදි රජයක් සිරියාවෙ තියෙන එකට. මේ ශියා
ජාතික නායකයව බලයෙන් පහ කරන්න ඇමරිකාව සවුදියට උදව් කළා
ඇමරිකාව කියන්නේ 'කලදුටුකල වල ඉහගන්න' expert කට්ටියක්. මුං මොකද කළේ.. ?
සිරියානු කැරැල්ලක් ආපු හැටියෙම පට ගාලා කැරලිකාරයොන්ට ආයුධ දීල,
පුහුණු කරලා අසාද් ට ගහන්න හරවලා යැව්වා
හැබැයි පුතෝ මේ plan එක ආපස්සට පත්තු උනා !
අර සිරියානු කැරලි කාරයො දෙකට කැඩිලා අවුරුදු දෙකකට පස්සේ අමුතුම
තාලයේ යක්ෂයෙන් එළියට එනවා... ඔව් ISIS කියන්නේ ඒ අයට තමයි
සිරියානු කැරලිකාරයො වගේ නෙවෙයි.. මේ අය සුන්නි ආගමට බරයි ඒ එක්කම
බටහිර රටවල්(ඇමරිකාව) එක්කත් තරහයි.
ඉතිං පින්තූරෙත් එක්ක බැලුවහම තේරෙනව ඇති නේ ? ISIS කට්ටිය අසාද්
එක්කත්, සිරියානු කැරලිකාරයො එක්කත්, ඇමරිකාව එක්කත් රුසියාව එක්කත්, ඉරානය එක්කත් තරහයි
මේ යක්කු තරහ නැත්තේ සවුදියත් එක්ක විතරයි.
සවුදිය තමයි දැන් මුංට ආධාර දෙන්නෙත්
ඉතිං ඇමරිකාවෙ ආයුධ සහ training එක්ක මේ අය හිතාගන්න බැරි තර්ජනයක් එල්ල කරනවා.
හැබැයි ඉතිං ඇමරිකාවෙ වැඩේ ගැස්සිලා ISIS ආවත්, ඇමරිකාව කරන්නෙ පැත්තකට වෙලා
බලං ඉන්න එක තමයි. ඒ මොකෝ ?
මොකද ISIS එක්කයි, අසාද් එක්කයි එක පාර ගුටි ඇනගන්නවට වඩා ලේසියි,
උං දෙන්න මරාගෙන ඉවර උනහම තමන්ගේ සිරියන් කැරලිකරුවො ලව්වා
ඉතුරුවෙලා ඉන්න (අසාද් හෝ ISIS) ලට ගස්සවන එක.
හැබැයි රුසියාවට නං එහෙම පැත්තකට වෙලා බලාගෙන ඉන්න බෑ ! ඇයි ?
කලිනුත් කිව්වා වගේ රුසියාවට මැදපෙරදිග ඉන්න තමන්ගේ එකම හිතවතා සිරියාව විතරයි. ඒ නිසා අසාද් වැටිලා ඉන්න කරදරෙන් බේරෙන්න රුසියාව
මෑතකදි මැදිහත් වෙන්න පටන් ගත්තා
(සිරියාව, රුසියාවේ යාළුවෙක් නිසා තමයි ඊශ්රායලය golan heights වගේ පූංචි කෑල්ලක් විතරක්
අල්ලගෙන නිකං ඉන්නේ.)
දැන් තේරෙනව නේද ඇයි ඇමරිකාව පැත්තකට වෙලා බලාගෙන ඉන්නෙත්
ඇයි රුසියාව ලහි ලහියේ ISIS ලට නෙලන්නෙත් කියලා ?
වැදගත්ම පාඩම තමයි
ඇමරිකාව සවුදියට සපෝට් කරන්නෙත්, රුසියාව ISIS ලට ගහන්නෙත්
තම තමන්ගේ වාසියට මිසක් සිරියානු මිනිස්සු ගැන තියෙන love එකට නෙවෙයි
කියන එක.
සිරියාවේ ඉන්න අහිංසක මිනිස්සු ගැන කිසිම කෙනෙක්..... කිසිම කෙනෙක් ට
වැදගත් නැත !
ඔය facebook වල පුටින් ගෙ profile pics දාගෙන අදහන අයට කියන්න
තියෙන්නෙ අනේ අපොයි කියල තමයි
ඉතිං සරලව කිව්වොත් කතාව ඕක තමයි. ඕකට තුර්කිය, කුර්දිවරුන්, ඊශ්රායල,
ජෝර්දානය, ඉරාකය විතරක් නෙවෙයි යුක්රේනය පවා සෙට් වෙනවා
ඔය ඔක්කොම දාලා කතාව කියන්න ගියොත් හොද්ද බොර වෙනවා. දැනට ඔය මඳෑ !

Last edited: