කාලෙ_හොදයි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිතේ තියෙන සේරම දුක් ලියලා තව වැඩිත් කරලා....
    කෙල්ලො දෙතුන් දෙනෙක් දිහා ඉන්නවා හොර ඇහැක් දාලා...
    ජීවිතයේ සහකාරිය අසුරු සැනින් හොයමි කියලා....
    ආදරයක් හෙව්වැහැකිද බුකිය පැත්තෙ රවුම් ගහලා...

    රටේ තියෙන කෙප්ප ටිකක් ලස්සනටම රෝල් කරලා...
    ඔම්ලට් එක වගේ දාපු වෝල් පොස්ට් ලයික් කරලා...
    මහතුන්ගේ වැසිකිලියට ගියා වගේ මේවා දැකලා...
    කෙල්ලො බලයි කියලා තාම ඉන්නවා නිදි නැතිව රැකලා...

    හතු පිපෙනවා වගේ ඇහෙන බූට් සින්දු ෆොටෝ කරලා....
    දුක දැනෙනා හිතට තරම් රත්තරනේ කියලා දාලා.....
    එහෙං මෙහෙං අහුලගත්ත වචන ටිකක් එකතු කරලා....
    දැම්මා කියලා කෙල්ලො එයිද නුඹ නාඩං සුදෝ කියලා...

    බූට් එකක් කාපු ගමං පණ දාගෙන බුකියෙ අඩලා....
    පීක් hours Off Peak වැඩි වෙනසක් නෑනෙ කියලා...
    කාඩ් දමං ෆෝන් එකට යාළුවන්ට කෝල් කරලා.....
    වෙන කෙල්ලෙක් හොයා ගන්නෙ ගිය කෑල්ල එපා කියලා...

    ඇහෙන තරම් දුක් සුසුමන් මේ ටිකේම අහලා අහලා.....
    හදවත් ටික නැතිද සැකයි මේ තරමට සුසුම් හෙලලා....
    ඒ මදිවට ලෝකෙ තියන ජරාම ටෙලි නැටුම් බලලා....
    ඒ විදිහට ඇක්ට් කරන්නෙ බලාගෙනයි මල්ලි ඔහෙලා...

    ඉශිතා රමන් සප්නා සුරජ් ඉන්දියාවෙ මගුල් දැකලා...
    මේ කෙල්ලෝ දාන පාට් නොබලා ඉමු ඇහැක් ඇරලා...
    ඕවා මොටද අපෙ එවුන්ට ගනිං කඩ්ඩ පොලිශ් කරලා...
    ඔළුව හොදයි නං ගහපං බබරෙ වැල්ලෙ යයි කැරකිලා....

    සරාගිකයි විරාජිතයි ඇ‍හැට කනට පෙනෙයි කියලා....
    කෙල්ලංගේ ගනං බලලා එපා වෙලා පිකප් බැහැලා...
    පැත්ත ගහලා ඉන්න අයියා මල්ලි වරෙං මේක බලලා....
    ගනං ටිකක් අප් කරමුද අපෙ වංසෙත් උසස් කියලා...

    කෙල්ලො තුනට එක කොල්ලයි ලංකාවේ බැලුවා මැනලා...
    බිල්ලා වගේ යන්නෙ නැතුව යමං කොන්ද කෙලිං කරලා...
    බල්ලො වගේ යන එවුන්ට හතේ හතම ඉතුරු කරලා....
    කෙල්ලො වැටෙයි කාලෙ හොදයි හිතමු ටිකක් වෙනස් කරලා...
    කෙල්ලො වැටෙයි කාලෙ හොදයි හිතමු ටිකක් වෙනස් කරලා... :cool:


    Freeman_3.jpg

     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    කෙල්ලො වැටෙයි කාලෙ හොදයි හිතමු ටිකක් වෙනස් කරලා... ::shocked::lol::)