බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කවදාවත් පොලිසියේ කට්ටිය එක්ක වාද කරන්න යන්න නරකයි ..... යටහත් පහත්ව කතා කරනවට උන් කැමති .... එක නිසා බබා වගේ කතා කරන්න ඕනේ ....වැරැද්ද පිළිගන්න බයවෙන්න එපා ..... හැබැයි හොදින් කතා කරපන්..... ඕනෑම දෙයක් ශේප් කරගන්න පුළුවන්

    කටුනායක highway එකේ රතු ලයිට් එක තියෙද්දී දාලත් ලයිසන් එක බේරාගෙන ආපු එකෙක් මම මලක් වගේ

    මට පෑලියගොඩ කොට්ටසේ බාර Traffic OIC කියපු කතාවක් තමා ඔය පාරේ හිටන් ඉන්න පොලිසියේ එකෙක්ට ප්ලේන්ටියක් අරන් දෙන එක පිනක් කියලා...... හොදින් කතා කරපන් උබට ඕනෙම දෙයක් විසද ගන්න පුළුවන් කිව්වා

    :frown: පොලිස්........!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අහපං කෝ එහෙනං බිව්වා සහ පොළෝසිය රස කතාවක්!!!!!

    එස්අයි-සර් කෙහෙටද යන්නේ..?
    මම - ගෙදර බං! (නස්පුක් මරගාතේ ඈ!)
    එස්අයි- සර් බීල ද?
    මම- ඔව් බං! ක්ලාස්මේට් කෙනෙක් ගේ වෙඩින් එක, බීල ඉන්නේ හොදට ම!
    පොර ආයෙ හොදට බැලුවා කාර් පාස් එක. ඩොක්ටර් කියල ගහල තියනව නේ ඉතිං.
    එස් අයි - සර් යන්න පුළුවන් ද?
    මම- පුළුවන් අවුලක් නෑ!
    පොර ආයෙ හොදට බැලුවා කාර් පාස් එක.
    අස් අයි - හා සර් එහෙනං පරිස්සමෙන් යන්න!

    මම මාරු!:rofl::rofl::rofl::rofl:


    :shocked: අපෝ ඕක අහලම ඈති වෙලා අපිට.... වෙන රස කතාවක් කියන්නකෝ මාමි...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :dull: :dull:
    මේක එකසිය අසූ හත් වතාවකට වතාවකට වඩා අහලා තියේ. දැං කියයි දැං කියයි කියලා බලන් හිටියේ.. :D

    :rofl: සිංහල පංතිය අද මෙතැන් සිට...... :baffled: :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: සිංහල පංතිය අද මෙතැන් සිට...... :baffled: :baffled:

    523831_357188261016190_1452208275_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මෙහ්.. අර එක හාදයෙක් සිගරට් බීපු කථාව කියාපංකෝ ශොප් එක ඇතුලේ... :rofl:
    ඒ සිගරට් වල නිකොටින් නෑ ලු නෙව.. :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කතාව කියවන ඔබ අහයි මේක ඇත්තට ම වෙච්ච දෙයක්ද කියලා..ඔව් මේක ඇත්ත ම කතාවක්. මේක කියන්න කළින් මේ කතාවේ පසුබිම ගැන පොඩියක් කියන්න වෙනවා. නැත්නම් වැඩේ ටිකක් අවුල්.

    පීඨයේ පොදු දෙයක් තමයි වසර අවසාන විභාග කාරිය ඉවර වුනා ම ‍ඒ බැච් එකේ කොල්ලෝ ටික අක්ඛාස භෝගයට සෙට්වීම. මෙතන දී අපි සාමාන්‍යයෙන් (ඒ කියන්නේ කණ සාක්කුවට වැටෙන්න) සුරයන් ගේ පානය පරිභෝජනය කරනවා. මේ කතාවේ කතානායකයා ගේ නම මම නොකියා ඉන්නම්.(නමුත් පොර කුමා ඉද්දමල්ලෙන ගේ මොකක්දෝ එකක්ට ගිහින් ගත්ත සහතිකේ රාමු කරල බෝඩිමේ ගහ ගෙන ඉන්න බුවෙක් බව කියන්න ම ඕනෑය. අනික මේ යෝදය එදා ම තමා මේ රහමෙර වල රහ බලල තියෙන්නේ. අහෝ දුකකි!!:baffled:):baffled::dull: අනික් හාදයා ගේ නම සුනිල්. අපේ කණ්ඩායමේ සාමාජිකයන්ට වඩා වසර 4ක් විතර වැඩිමල් නිසා අපි හැමෝම සුනිල්ට කතා කලේ සුනිල් අය්යා කියලා.

    ඔන්න පළමු වසර විභාගය අවසානයි. අම්මෝ දැනිච්ච සැනසිල්ල. අපේ කොල්ලෝ සෙට් එකේ 15ක් විතර මහවැලි නදිය ඉවුරට පොඩි සෙටමෝල් එකකට සෙට්වුණා. පොඩියට මද පවනක් දැනෙන කොට ඉතින් අමරදේවලා, කපුගේලා, ජෝතිලා, භාතිලා ඉතින් ඉවරයි...!! හැබැයි අපේ කතානායකයා මේ වෙන කොටත් අවුට් යන මට්ටමට දාලා. ඔය අල්ල පනල්ලේ සුනිල් අයිය සුළු දිය බරක් නිදහස් කර ගන්න පොඩ්ඩකට පැත්තකට ගිහිල්ලා අපි දැක්කේ නැතුව ම.

    දැන් ඔන් අපි ජෝති ව මරණවා.....!!!

    සුනිලවලා.......සළු පිළි පටලා.............
    සුනිලවලා.......සළු පිළි පටලා.............

    “අඩෝ මේ ඌට උඹල අපහාස කරන්ඩ එපා හරිද?” හිටි ගමන් අපේ කතා නායකයා බමණ මතින් කැරකැවි කැවී දාපි ගෝරනාඩුවක්.....අපි උඩ ගියා.....මොකක්ද ‍යකෝ මේ වෙන්නේ...???:shocked::shocked:

    “මොකද බං? උඹට වැඩි ද? නැත්නම් මදි ද?” මෙහෙම ඇහුවේ මගේ ආදරණීය නාවික හමුදාවේ දැනට ඉහල ම තනතුරක් හොබවන සහෝදරයෙක්.

    “ උඹල ඌට අපහාස කරන්නේ, අඩෝ උඹල කරල තියෙනවා ඌට වඩා කැ*කං හරිද? අනික මෙතන නැති එවුන්ට අපහාස කරන්න තොපිට ලැජ්ජ නැද්ද ප***නේ? මහත්මා ගති ඇතුව හැසිරියව් ප**. එන්නේ හු***ලා දොස්තරලා වෙන්න. ඇයි මොකද ඌ දකුණේ නිසා ද? අඩෝ ඌ තංගල්ලේ , මම බෙලිඅත්තේ හරිද? උඹල කොළඹ එවුන්ට එහෙම දකුණේ උන් ට අපහාස කරන්න දෙන්න බෑ හරිද?”:growl::growl:

    අම්මට සිරි!! දැං ඉෂූ එකත් වෙනස් වේගෙන එන්නේ. හොදට ගහල මූ එනවා අපිට මහත්තුරු වෙන හැටි කියල දෙන්න. මටත් දැං මළ සීමාව පැනගෙන එන්නේ. ඇයි යකෝ මගෙත් මුල් ගම දකුණේ මූට හැදිච්ච ලෙඩක්...:frown::frown:

    “මොකක්ද කැ* **** කියන්නේ කාටද යකෝ අපි අපහාස කලේ?” අපේ හාදයෙක් නැගිටල අල්ල ගත්තා අපේ මෑන් ගේ බෙල්ලෙන්....!! දැන් ඉතින් ආතල් කැඩෙන්නයි යන්නේ....!!:eek::eek::shocked:

    “ඇයි යකෝ ‍තොපි දැන් කිව්වේ සුනිල-වලා කියලා.......ඌ වලෙක් ද..? ඌට සළු පිළි පටල ගෙන ඉන්නේ නැතුව හෙළුවෙන් ඉන්න කියල ද තොපි කියන්නේ...යකෝ තොපියි හෙළුවෙන් ඉන්න ඕන කරන අවජාතක වැඩ වලට...!!!!”:rofl::rofl::P:P

    ඔන්න බීමෙහි රග......!!!!!

    ---------------------කලින් දැමූ එකකින් උපුටා ගන්නා ලද්දක් බව කරුණාවෙන් සළකන්න----------------------------
     
    Status
    Not open for further replies.