මේ දවස් වල සමහර අය ෆේස් බුකියේ ප්‍රොෆයිල් එකට ප්‍රංශ කොඩිය දාගෙන ඉන්නවා. මේක ලංකාවේ විතරක් නොවෙයි ලෝකේ සියලුම රටවල ෆේස් බුක් සාමාජිකයින් බොහොමයක් මේ කොඩිය තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එක ලෙස වෙනස් කොට ගෙන තියනවා. නමුත් ලංකාවේ සමහර පිරිස් මෙය විවේචනයට ලක් කරනවා. මෙන්න මේකට හේතුව.
මේකයි මෙතන තියන වෙනස. කට්ටිය හෝ පටේට එක එක දේවල් කියලා විවිධ විවේචනය කරනවා.
ලංකාවේ මිනිස්සු මැරෙනකොට කවුරුවත් ප්‍රේ ෆොර් ලංකා කියල කිවුවේ නැහැ. එක ඇත්ත. නමුත් මොකද එකට හේතුව ලංකාව යුද්ධයක් පැවතුන රටක්. නිතර නිතරම බෝම්බ පිපුරුනා . මිනිස්සු මැරුණා. ඉතින් එක කාටවත් ගානක් නැහැ. මේක සාමාන්‍ය තත්වයක් බවට පත්වුනා. ඒ වෙලාවට අනේ අපොයි කියල ඉන්නවා . දවස් දෙක තුනක් යනකොට ඒක අමතක වෙනවා. අර කතාවට කියන්නනේ නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියලා.
නමුත් ප්‍රංශය කියන රට ගොඩක් සාමකාමී වාතාවරණයක් තිබ්බ රටක්. එහෙම තත්වයක පැවතුන රටක එක සැරේටම බෝම්බයක් පිපිරිලා ජිවිත විනාශයක් වෙනකොට එතන ලෝකයේම අවධානය යොමු වෙනවා. මිනිස්සු තුල විශාල කම්පනයක් දුකක් මතුවෙනවා. එතුලින් තමයි ඔය Pray for France කියන දේ මතුවුනේ.
වෙනවට කියනවා නොවෙයි උදාහරණයකට අපි හිතමු ලංකාවේ බෝම්බයක් පිරිලා හෙට අනිද්දා මිනිස්සු මැරුණා කියලා. එතකොටත් ලෝකේ මිනිස්සු කියයි ප්‍රේ ෆොර් ශ්‍රී ලංකා කියලා. දැන් ලංකාවේ බෝම්බයක් පිපුරුණා කියන්නේ සාමාන්‍ය තත්වයක් නොවෙයි.
කොහොම උනත් මරුනේ අහිංසක මිනිස්සු. අපි කරන්න ඕනේ ඉස්ලාම් අන්තවාදය විනාශ කරලා දන්නා ලෝකේ සියලුම රටවල් එකට එකතු වීම. එහෙම නැතුව මරුන මිනිස්සුන්ට ප්‍රේ කරන්න එපා කියනවනම් ඌ උගේ හිතේ කිසිම තෙතමනයක් නැති සක්කිලියෙක්.
Last edited:
නිතරම යුද්ද තියෙන රටවල අයගෙ වේදනාව අඩු ඇති සමහර විට
