ලෙන්ගතුකම වැඩි හින්දයි
උදේ හවා ඔබ සිහි වෙන්නේ
නොදැක ඉන්න බැරි හින්දයි
නෙතු අද්දර කඳුළු පිරෙන්නේ
අනන්තයට සිත දිව්වත්
ඔබ ළඟමයි සිත නවතින්නේ
උන්මාදව ඔබෙ නාමය
මගේ තොල් අග ඇයි මිමිනෙන්නේ



දෙතොල් සලා මුදු සිනහ නඟන්නෙමු~
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු..
හදවත් ගැහෙනා රිද්මය අතරේ~
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු..
![]()
දෑස පියාගත් කල මට
මැවෙන්නේ ඔබේ රුව
ඇත කදුකරෙන් එන නළ
ගෙනෙන්නෙ ඔබේ හඩ
කුමරියේ අමතක නොවේ
ලස්සන රුවේ
සිත සැනසුවේ
වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්...
සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක්...
අපේම ලෝකයක්...