ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදියට Elakiri Comic Battle Arena II එක අද අරගෙන ආවා. ගියපාර Battle එක දැක්ක අය නම් මේක වෙන්නේ කොහොමද කියලා හොදට දන්නවා. අලුතෙන් ආපු කට්ටිය පහල ලින්ක් එකෙන් පලවෙනි ත්රෙඩ් එකට ගිහින් බලලා ආවා නම් මේක ගැන දල අදහසක් ගන්න පුලුවන් වෙයි. 

ගියපාර අපේ තරගෙට ආවේ MARVEL Universe එකෙන් Hulk සහ DC Universe එකෙන් Doomsday. බහුතරයගේ චන්දයෙන් තරගය දිනුවේ HULK
ගියපාට නූලෙන් ගොඩක් අය Battle කිහිපයක්ම Suggest කරලා තිබුනා. ඒ Battle වලින් එකක් තමයි අද ගේන්නේ.
BATTLE OF SPPEDSTERS
FLASH Vs. QUICKSILVER
FLASH Vs. QUICKSILVER
තරගේ පටන් ගන්න කලින් දෙන්නා ගැනම පොඩ්ඩක් විස්තර කරන්නම්
Flash - Barry Allen
DC Universe එකේ ඉන්න වේගවත්ම චරිතය. Justice League එකේ ප්රධාන සාමාජිකයෙක්. Healing Factor එකක් තියනවා. Hand 2 Hand fight වලට දක්ශයෙක්. ඒ වගේම සැබෑ ජීවිතයේදි පොලිසියේ පරීක්ශකයෙක්.
විශේශ හැකියාව - කාල තරණය, Speed Force එකට ඇතුලු වීමේ හැකියාව
දුර්වලතා - අවි ආයුධ හා මැජික් ප්රහාර මගින් හානියන් සිදුකල හැකි වීම
Quicksilver - Pietro Django Maximoff
Marvel Universe එකේ ඉන්න වේගවත්ම චරිතයක්. X-Man ලගේ සාමාජිකයෙක් වන අතර Avengers, Zodiac වැනි කණ්ඩායම් හා එක්ව වැඩ කරලා තියනවා. Knights of Wundagore හී නායකයා. Hand 2 Hand fight වලට දක්ශයෙක්. Magneto ගේ පුතෙක් වගේම Scarlet Witch ගේ සහෝදරයා.
විශේශ හැකියාව - Mutants ලගේ නැති වූ බලය නැවතත් ලබාදීමේ හැකියාව
දුර්වලතා - කාල තරණය කිරීමේදී ශරීරය දුර්වල වීම
( Flashes ලා හා Quicksilver ලා කිහිප දෙනෙක්ම කොමික් වල ඉන්නවා. ඒ හින්දා මම මේකට ගන්නේ Barry Allen Flash හා X-Men එකේ Quicksilver කියන දෙන්නව. ඒ හින්දා පටලවා ගන්න එපා )
තරගයේ ස්වභාවය
No Preparation Time
No Special Weapons
Both Players can't Travel TIME
Battle Arena - Earth







