අම්මෝ දැන් තමා ඔක්කොම කියවලා ඉවර වුනේ, අපේ සෙට් එකේ අතල් නං තියෙනවා අම්බානෙක පොඩ්ඩ පොඩ්ඩ දාන්නම්,
මේකනං වුනේ නුවරඑළියේ අපේ office එකෙන් annual යන ට්‍රිප් එකේදී, කොහොම හරි පාන්දරම කොලබින් කට්ටිය පිටවෙලා පුස්සැල්ලාව එහෙම පහුවෙද්දී කට්ටියට හොදට අරක්කු තිබහ උච්ච වෙනවා එක ඉතින් අපේ එවුන්ගේ පුරුද්ද (වැඩි දුරක් වාහනෙක යන්න බැ අමුවෙන්) වැන් එක එහෙම නවත්තලා තේ වත්තක් අස්සට රිංගලා කට්ටිය ගෙනාපු බෝතල් ටිකත් කඩාගෙන හොද පදමට ගැසුවා, අපේ සෙට් එකට අලුත් පොරක් සෙට් වුනා ට්‍රිප යන්න (office එකට අලුතෙන් ආපු) පොරගේ මුනත් තහඩුවේ හැටියට හොදට කන බොන මනුස්සයෙක් වගේ පෙනුම ඉතින් මු ගසනවා හෝ ගාලා, කොහොම හරි රෑට ගහන්න ගෙනාපු බෝතල් ටිකත් දැනටම ඉවරයී, එක බෝතලයි ඉතුරු, එකත් අරන් කට්ටිය අපහු වැන් එකට නැග්ගා නුවරඑළිය බලා පිටත් වෙන්න, කොහොම හරි සින්දු ටිකක් කියාගෙන කදු ටික නැගගෙන ඔන්න අව අපේ නවාතැනට, අපේ එකෙක් දැම්ම TV එක, හොදට ගසලා හිටපු නිසා කට්ටියත් ට්ව එකේ යන මොකද්ද ලබ්බක් බලන්න ගත්තා, මෙන්න අර අලුතෙන් office එකට ආපු බුවා එනවා ඉතුරු බෝතලෙත් කිහිල්ලේ ගහගෙන අඩෝ අපි ට්‍රිප් එක ආවේ බිලා ආතල් එකක් ගන්න ඔය tv එක off කරලා ගහපල්ලා කියලා බෝතලේ තිබ්බ මේසේ උඩ, අපේ එවුන්ට හොදට වැදිලා හිටපු නිසා ඔක්කොටොම බෝතලේ දැන් වහ කදුරු වගේ කව්රුත් නෙවේ එක දිහා බලන්නේ, අරු දැන් කෑ ගහනවා අඩෝ හොර කොටන්න බැ ගහපල්ලා කැ* බල්ලෝ කිය කිය අමතනවා ජාතකේ, මායි තව එකෙකුයි දාගත්තා දැන් බාගයක් ඉවරයි දැන් අපටත් හොද පදම්, දැන් අරු අනිත් එවුන්ට බනිනවා හෝ ගාලා ආතල් ගන්න ආවා නං අතල් ගනින් tv බලන්නද යකෝ අවේ කතන්දර ගොඩයි, දැන් මුට වැදිලා නසරානි වෙන්න, අනිත් එවුන් නෙවේ tv එක off කරන්නේ, අරුට මළ පැන්නා ගියා tv එක ලගට මු ගත්තා කියහන්කෝ ට්ව එක උස්සලා මේක තමා හෙනෙට හිටියේ කියලා මු මේක ගහන්න හදනවා පොලේ, කොහොම හරි කට්ටිය පැනලා TV එක තියලා මුව පැත්තට කරලා වාඩි කළා, මෙන්න මේ යෝදයා ඉතුරු බෝතල් බාගේ අරන් ගහනවා එක කටේ තියන් අපිත් ඉතින් හිතුවා මේක ගසපුහම කොල්ලා down වෙඉ කියලා මු දැන් යේ tv එක ගහන්න හදනවා පොලේ, බුවාව අල්ලන්න එන එවුන්ට ගහනවා හෙන සීන්, බොහොම අමාරුවෙන් රූම් එකට දාලා ඇදෙ බුදි කරවලා දොර ලොක් කරලා අපි අවා මෙන්න මු නැගිටලා දොර කඩන්න හදනවා, අයෙ ගිහින් දොර ඇරලා මුව නිදි කරවලා අපි එලියට ආවා, ටික වෙලාවක් ගියා අපිට මුත් එක්ක පොර බදලම වෙරිත් බැස්සා, මෙන්න මු ටික වෙලාවකින් හු තියනවා මුලු town එකටම ඇහෙන්න, අපිත් දුවගෙන ගියා මුට හොල්මනක්වත් වැහිලද කියලා බලන්න මු හොදට නිදි නින්දෙන් හු කියනවා හෝ ගාලා, කොහොම හරි උදේ වෙනකන් මු හු කිය කිය හිටියේ, එදා ඉදන් මාසයක් විතර යනකන් කොල්ලා බිව්වේ නන් නැ...........
මුම දුන්න තව ආතල් ගොඩක් තියෙනවා ඉස්සරහට දාන්නම්..........