ඕකේස්.එනි ප්ලෑන් ශෙඩූල් ඩූ යූ හෑව්?
කෑමට මොනාද හොද තැන්
මෙහෙම කරපං. යනකොට උඹලා අවිස්සාවේල්ලට දාලා හැටන් පැත්තේන් පලයල්ලා. ඒ යන ගමන් ඩෙවෝන්, ක්ලෙයාර්ස් ඇලි ඩ්හෙකත් බලාගෙන යන්න පුළුවන් නේ. ටිකක් උදේම පිටත් වෙයල්ලා. 4ටවත්. උදේ කෑමට Zesta Tea Cup ඒකේ නතර කරහල්ලා. ගනන් පොඩ්ඩ්ඩක් වැඩි උනාට කෑම සුපිරි. ෆ්‍රෙශ් ස්ට්‍රොබෙරි ජූස් එකක් තියේ ඒක අනිවා බීපං. ඊට පස්සේ හැටන් හරහා නුවරඑළිය පාරෙන් යනකොට Black Forest වලින් තමයි හැරෙන්න තියෙන්නෙ අඹේවෙලට. කෙලින්ම ඒ පාරෙන් පලයල්ලා ලෝකාන්තේ. වෙලාව හ්අරියට මැනේජ් කරගෙන ගියොත් 2 වගේ වෙනකොට හෝර්ටන් තැන්න බලලත් එන්න පුළුවන්. පට්ටිපොල ඉස්ටේසම ගාව තියෙනවා දවල් කෑම කන්න. එතනින් කාලා එන ගමන් අඹේවෙල ෆාර්ම් එකට පලයල්ලා. වෙලා තිබුනොත් හයිලන්ඩ් එකටත්.
ඒවා බලලා ඒවායෙන් කාලා බීලා කෙලින්ම උඹලා නවතින තැනට වරෙල්ලා. වොශ් එකක් දාගෙන කෙලින්ම ග්‍රෙගරියට. හවස 4-5-6 තමා පට්ට. වෙන මොකුත් ඔනේ නෑ. වාඩි වෙලා හිටියත් සනීපයි. උණු උණු ෆ්රයිස් ටිකක් කකා ඉන්න තියෙන්නේ. පට්ට නිදහස් බං. නුවරඑළිය ටවුන් එක 7-8 වෙද්දි වහනවා. ඒ නිසා බොතල් මෙහෙන් ගෙනියපල්ලා. එහෙන් ගන්න එපා. එහෙන් ගන්නවා නම් කාර්ගීල්ස් එකේන් විතරක් ගනිල්ලා. ඊට පස්සේ ගානකට බීලා නිදා ගනිල්ලා. දෙවෙනි දවසේ උඹල්ට Options දෙකක් තියෙනවා. එකක් උදේම නැගිටින්න. අනිත් එක අහවල් එකට එලිය වැටෙනකන් නිදා ගන්න. මම නම් තෝර ගන්නේ පළවෙනි එක. කොච්චර බීවත් උදේම නැගිටලා එලියට බහින්න ඕනේ. 7 වෙනකොට පලයං පිදුරුතලාගල පහල කෑම්ප් එක ගාවට. 7.30ට වගේ උඩය යන්න දෙනවා. සමිට් එක ගාවටම යන්න නම් Airforce contact එකක් හදා ගනිල්ලා. උසම තැන තියෙන්නේ කෑම්ප් එක ඇතුලේ උඩ. පිදුරුතලාගල යනවා නම් උදේම යන්න ඕනේ. නැත්තම් වැඩක් නෑ. ඊට පස්සේ උදේට කාලා සඳ තැන්නට පලයං. ඒකේ ට්‍රැක්ටර් ටුවර් එකක් තියෙන්නේ. ඒක තමා පට්ටම ප්ලේස් එක. ඊට පස්සේ ශේප් එකේ දවල්ට කාලා එහෙම ගම්පොල පාරෙන් නුවර වරෙල්ලා. එන ගමන් මාලිගාවත් වැඳගෙන ගම්පහ වරෙන්.
කෑම කඩ ගැන වෙනම කියන්නම්.