බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    පී සී එක හදා ගත්තද බං

    මොකෝ වෙලා තිබ්බේ
    Thank you soo much for asked machan...! really appreciate it..:love:;)

    eye PC eka aran gihin honda hulan paarak alluwa... Power supply ekath mas karala hondata hulan paarak allluwa...

    okkoma kaali galoola aaye assemble kala pihidala... :yes:

    danata nam awulak na wagee.... eth kela weida danne na... :dull:

    (ඒක නමේ රෝද මාරු කරන පැච් දාන පොට් එකට කියන නම මොකද්ද බන්? මට වචනේ ආවේ නෑනේ කටට.. :baffled:)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Thank you soo much for asked machan...! really appreciate it..:love:;)

    eye PC eka aran gihin honda hulan paarak alluwa... Power supply ekath mas karala hondata hulan paarak allluwa...

    okkoma kaali galoola aaye assemble kala pihidala... :yes:

    danata nam awulak na wagee.... eth kela weida danne na... :dull:

    (ඒක නමේ රෝද මාරු කරන පැච් දාන පොට් එකට කියන නම මොකද්ද බන්? මට වචනේ ආවේ නෑනේ කටට.. :baffled:)



    ටයර් කඩේට කියන නමද :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    11224261_394309630769101_3001442614438578236_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl::rofl:

    කිසිවෙක් මේ කතාව මාමාට ආදේශ නොකරාවි කියා ප්‍රාර්ථනා කරනවා

    :frown: මට කොහොමත් අදාල නෑ..... :no: අපි බොන්නේ නෑ.... හොද ලමයි අපි.... :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න ඉතින් තව කතාවක් දාන්නම්......

    මේ සීන් එක උනේ අපේ යාලුවෙක් අයි ටී ඩිග්‍රි එකක් කරන්න ඉන්ඩියා යැමේ ප්‍රීතිය නිමිත්තෙන් පැවැත්වු අක්සබෝග (වචනේ හරිද මන්දා) යේ දීයි.....


    අක්ඛාසභෝගය
    :dull::dull::dull:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    The Station – Dehiwala ( ද ස්ටේශන් )

    The Station – Dehiwala ( ද ස්ටේශන් )





    අගනුවරට කිට්‍ටුවෙන් සියලු දේ කැමට බීමට එකම වහලක් යටින් ගන්න පුලුවන් හොඳම තැනක් තමයි දෙහිවල ද ස්ටේශන්. ඉර බැහැගෙන යන හැන්දෑවක මුහුදු වෙරල අයිනේ ඉදන් රසවත් බීර වීදුරුවක් බොන්න , නැත්නම් රසවත් සී ෆුඩ් පිඟානක රස බලන්න කොලඹ සුන්දරත්වය විඳින්න එන්නම ඕනි තැනක් තමයි ද ස්ටේශන් කියන්නේ.

    station2.jpg


    මෙහි වටපිටාව අතිශය සුන්දරයි. ඒ දෙහිවල මුහුදු වෙරල නිසාවෙන්. එකපසෙකින් දුම්රිය මාර්ගයත් අනික් පසින් මුහුදු වෙරලත් මනස්කාන්තයි.මෙහි ඇතුලත ත් ඉඳගෙන කෑම කන්න පුලුවන්. ඒ වගේම හෝටලෙන් එලියේ ඉඳනුත් කෑම ගන්න පුලුවන් විදියට හට් සවි කරලා තියනවා. ඒ වගේමයි සවස් යාමය වෙනකොට මුහුදු වෙරල අයිනෙත් මේස පු‍ටු ඇසිරෙනවා. එතන නම් කදිමයි.ඒ වගේම මෙහි අට්ටාලයක් ටිහ්බෙනවා. එහි ඉඩකඩ සීමිත උනත් එහි උනත් ඔබට ඉක්මනින් ආවොත් මේසයක් පු‍ටුවක් වෙන් කරගන්න පුලුවන්.


    හැමදාමත් සවසට සංගීත කන්ඩායමක් මෙහි සංගීතය සපයනවා. සියලු දෙයින් සම්පූර්න නිසාවෙන් මෙහි පොඩ්ඩක් සෙනග නම් වැඩියි. සවස් වෙන විට ටිකක් කලබල කාරී ඇතුල. ඒසී සහිතවත් ඉන්න පුලුවන්. ඒවගේමයි දුම් පානය කරන අයට වෙනම තැනක් මෙහි තිබෙනවා.
    බඩජාරි මෙනුපත


    station3.jpg



    මෙහි කැමට නම් ජාති බොහොමයි. ඔබ මෙහි ආවොත් අනිවා මුහුදු කෑම රස බලන්න. එය ලොකු අත්දැකීමක්.
    හොට් බටර් mushroom, Sea food fried rice, එක්ක Black pepper prawns සහ Mullet.එකක් කාලා බලන්න. නියම සංයෝගයක්.හොට් බටර් මශෲම් ප්ලේට් එකක් 375ක් වෙනවා. ඔබ නිර්මාංශික නම් එය ඉතා රසවත් කැමට හොඳ ආහරයක්. ඒ වගේමයි සී ෆුඩ් රයිස් එක 550ක් වෙනවා. පෝශන් එකක් ඇති වෙන්නම තියනවා.මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකත් ඒ ගනන්.බ්ලැක් පෙපර් ප්‍රෝන් එකක් 750ක්. මේ දීසියත් ඉතාම රසවත් . අපි ඔවුන්ට ලකුනු කැම වලට දහයෙන් නවයක්ම දෙනව. ඒ තරමට ඔවුන්ගේ කෑම් රසවත්. සියලු කෑම වලට ලුනු දෙහි රස හොඳින් පදමට එක් වෙලා.


    station1.jpg



    මෙහි ඇවිත් රස විඳින්න අපෙන් ඔබට යෝජනා ලෙස හොට් බටර් කට්ල් ‍ෆිශ් හරි හොට් බටර් චිකන් උනත් මරු. සැලකිය යුතු ප්‍රමානයක් ගෙවන මිලට ලැබෙනවා..
    තවත් බොහෝ කැම වර්ග මෙහි ඇතුලත්. සැලඩ් වර්ග සුප් වර්ග කකුලුවන් විවිද රසයෙන්,ඉස්සෝ දැල්ලෝ, පෝක් බීෆ් ඕනි එකක්.



    මෙහි බීම වර්ගත් විවිද වර්ග වලින් ගන්න පුලුවන්. සොෆ්ට් ඩ්‍රින්ක්ස් වගේම හාඩ් ඩ්‍රින්ක්ස්.එකම දේ මෙහි කෑම බීම සියල්ලටම සර්විස් චාජ් පවා ඇඩ් වෙනවා. එතකොට මෙහි මිලත් සමග සමස්ත බිල නම් පොඩ්ඩක් මුදලින් වැඩියි.ඒත් ගෙවන මිලට මතකයේ හිටින දවසක් මෙහි ගතකිරීඑමට පුලුවන් බව නම් සහතිකයි
    සේවාව


    station4.jpg



    මෙහි ඉන්න වේටර් වරු සුහදශීලියි. ඔවුන් ඉතාම කඩිසරයි. හැමවෙලේම එහෙට මෙහෙට දුවමින් තමන්ගේ වැඩ කටයුත්තේ නිරත වෙලා ඉන්නවා. ඒත් කොහොම උනත් ඔවුන් ඔබට කෑම මේසයට ගේන්න නම් ටිකක් වෙලා ගනීවි. සමහර විට ඒ කාලය විනාඩි 25ක් වෙන්නත් පුලුවන්. ඒ කාලය ඔබට අවට සුන්දරත්වය විඳින්න හරි යාලුවෙක් එක්ක දිගු කතාබහක=ට මුල පුරන්න පුලුවන්.කාර්‍ය බහුල වෙලාවකට විශේශයෙන් සවස් වරුවට මෙහි කෑම ,කැම මේසයට එන වේලාව නම් ටිකක් වැඩියි.මීට අමතරම අනික් දේ හොඳයි. සේවාවට සේවා ගාස්තුත් එකතු වෙනකොට සම්පූරන බිල නම් ටිකක් වැඩි වේවි


    මෙතනට එනවා නම් කොලඹ ඉඳන් ගාලු පාරේ ඇවිත් හරියටම රොක්සි සිනමා හල එහෙම පහු කරන් විලියම් හංඳියට එන්න ඕනි.එතන හඳියෙන් දකුනු අතට වාසල පාරේ කෙලවරටම මුහුද පැත්තට ගිහාම තමයි මේ අවන්හල හම්බෙන්නේ.
    මෙහි පවුලේ අය සමග නම් අපි ඒතරම් නිර්දේශ කරන්නේ නෑ. හොඳම දේ යාලුවෝ සෙට් එකක් එක්ක එන්න. වටපිටාවේ දකින්න කරන්න දේවල් බොහොමයි





     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    The Pub – Kandy නුවර ඇවිත් බීර වීදුරුවක් තොලගාන්න කිය&#353

    The Pub – Kandy නුවර ඇවිත් බීර වීදුරුවක් තොලගාන්න කියාපු – ද පබ් අවන්හල



    thepub1.jpg


    මහනුවර නගරයේ පිහිටි ද පබ් අවන්හල කෑම වගේම බීම සපයන ජනප්‍රිය අවන් හලක්. නගරය මැද ඉපැරනි ගොඩනැගිල්ලක ඉඳන් බීර වීදුරුවක් තොල ගාන්න වගේම රසට ආහාර වේලක් ගන්න හොඳ තැනක් තමයි පබ් එක කියන්නේ..
    පිහිටීම.


    thepubz.jpg





    දලඳා වීදියේ බේක් හවුස් එක තියන ගොඩනැගිල්ලේ උඩු මහලක තමයි මෙය පිහිටන්නේ.. ආහාර ගැනීමට තැනක් බැල්කනියක් සහ බාර් එකකින් මෙය සමන්විතයි.මෙම ගොඩනැගිල්ල අවුරුදු සිය ගනනකට එහා ඉදි කල ගොඩනැගිල්ලක්.එහි ඉතිහාසය බ්‍රිතාන්‍ය කොලෝනියල් යුගයට දිව යනවා..හොඳින් පිරිසිදුව අවන් හල පවත්වාගන යනවා. මෙහි ඉතිරි පසින් ඇති පඩි පෙල හරහා පලමු මහලට පිවිසීමෙන් අවන් හලට ගොඩ වෙන්න පුලුවන්. මේස පු‍ටු එතරම් සැපක් නෑ.. ඒත් පිලිවෙලයි.. නුවරට ආවේනික කැටයම් සහ ගෘහ නිර්මාන සුලුවෙන් මෙහි දැකගන්නත් පුලුවන්.. බාර් එක කිට්‍ටුව වෙනම බිත්ති මත පැමිනි අය දක්වපු අදහස් ලියා තිබෙනවා. ඔබටත් මෙහි ආවොත් සටහනක් තබා යන්න පුලුවන්. මෙහි ගොඩක් ම එන්නේ පිටරට අය. සවස පහෙන් පස්සේ නම් මෙතන ඉතා කාර්‍ය බහුලයි


    සීතල නුවර ඇඟ උනුසුම් කරගන්න බීර වීදුරුවක් බොනවා නම් මෙහි බැල්කනිය පන්කාදුයි.එහි කුඩා මේසය වටා වියූ පු‍ටුවක් මත ඉඳන් වීදිය දිහා බලමින් හෝ පොඩි කතා බහකට එතන පංකාදුයි..
    බඩජාරි මෙනු පත


    thepubb.jpg



    මෙහි හොඳ මෙනු එකක් තිබෙනවා.. ස්ටාටර් වල ඉඳන් රයිස් වර්ග බයිට් කොක්ටේල් සහ බියර් සහ සැර බීම වෙනකන් කෑම සහ බීම ඔබට ඕඩර් කරන්න පුලුවන්.මෙතන් විදේශිකයන් ගොඩක් එන නිසා ඒ අයට හරියන කැම වර්ගත් ගොඩක් තියනවා. පෙලක් නම් නම් අපිට ටිකක් නුහුරුයි.
    අපි කැමට ගත්තේ ‍ෆිශ් අල් ඕලි fish al orly එකක්. මේක විදේශිකයන් ගේ ප්‍රියතම කැම එකක් . වෙනසකටත් එක්ක අපිත් උත්සහ කලා.ක්‍රීම් ගතියට තැවරූ මාලු පෙති ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සමග තම්බපු කැරට් බෝන්චි එහි ඇතුලත්.මාලු කැල්ල හොඳින් ඉඟුරු සුදුලූනු සහ ලුනු රසයෙන් හොඳට පදම් වෙලා තිබුනා. එය ලාක්ශනික කැම රසයට ගොඩක් සමානයි.


    thepub.jpg



    අපි මෙහි ෆ්‍රයිඩ් රයිස් එකකුත් රස බෙලුවා. එලවලු ෆ්‍රයිඩ් රයිස් එක රසයි.ලොකු පෝශන් එකක් ඔබට ලැබේවි.බැදපු අල ගෝවා සලාදයක් සහ තම්බාපු එලවලුත් එක්ක විගහට එයත් මේසයට ආවා.එකත් හොඳ මට්ටමේ තියනවා. ලොකු පෝශන් එකකකුත් ඔබට ලැබෙනවා. එය පොඩි බඩජාරි දෙන්නෙක්ට ප්‍රමානවත්.ඒ වගේමයි ස්පැගටි එකත් ඔබ මෙහි ආවොත් ට්‍රයි කරන්න. මේ ඉහත සියල්ලට අපට 3400ක් වගේ මිලක් නියම උනා. ටිකක් විතර වැඩියිද මන්දා.. ඒතරම් අවුලකුත් නෑ..


    thepub2.jpg



    කැමට වඩා බීමට මෙතන අනර්හයි. මිතුරෙකු සමග දොඩමලු වෙන ගමන් බීර් කෝප්පයකින් ඇඟ උනුසුම් කරගන්න හොඳ තැනක් තමයි ද පබ් කියන්නේ. සවස පහෙන් පස්සෙ තමයි බාර් එක අරින්නේ. එවේලෙන් පස්සේ ටිකක් මෙතන කාර්‍ය බහුල වෙනවා. කාල්ස්බර්ග් ,ලයන් බියර් වගේ හුරු නම් වලින් වගේම විදෙශීය බීම වර්ග වලිනුත් ඔබට බීම වර්ග ගන්න පුලුවන්.. බීර එකක් එක්ක කජු බයිට් එක ඉස්තරම්.


    හොඳ කොක්ටල් වීදුරුවකට උනත් මෙතන ඉස්තරම්. විවිද වර්ගයේ නැවුම් යුශ ,හරියට පලතුරු කෙලින්ම ඔබේ බඳුනට මිරිකුවා වගේ.මිල නම් ටිකක් විතර වැඩී.ඒත් ඔබ පසු තැවෙන එකක් නෑ.
    සේවාව.


    මෙහි සේවාව මධ්‍යස්ත මට්ටමේ පවතිනවා. වැඩකරන අයත් හොඳයි. සිනා මුසු මුහුනින් සිටින මිත්‍රශීලී අය වගේම පාඩුවේ තමුන්ගේ වැඩේ කරන යන පිරිසකුත් ඉන්නවා. කෑම උනත් මේසෙට එන්න ඒ හැටි වෙලාවක් යන්නේ නෑ


    මෙතනට එනවා නම් දලදා වීදියේ එන්න ඕනි.නුවර ප්‍රදාන ඔරලෝසු කනුව පැත්තේ ඉඳන් එනවා නම් ස්වර්නමහල් එක එහෙම පහු කරපු ගමන් බේක් හවුස් එක තියන ගොඩනැගිල්ලේ උඩ තට්‍ටුවේ.හොයා ගන්න එක අපහසු නෑ.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    The Station – Dehiwala ( ද ස්ටේශන් )





    අගනුවරට කිට්‍ටුවෙන් සියලු දේ කැමට බීමට එකම වහලක් යටින් ගන්න පුලුවන් හොඳම තැනක් තමයි දෙහිවල ද ස්ටේශන්. ඉර බැහැගෙන යන හැන්දෑවක මුහුදු වෙරල අයිනේ ඉදන් රසවත් බීර වීදුරුවක් බොන්න , නැත්නම් රසවත් සී ෆුඩ් පිඟානක රස බලන්න කොලඹ සුන්දරත්වය විඳින්න එන්නම ඕනි තැනක් තමයි ද ස්ටේශන් කියන්නේ.

    station2.jpg









    පට්ට ප්ලේස් එකක් වගේ :eek:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලංකාවේ පට්ට කෑම බිම සපයන අවන්හල් ගැන සදහන් වෙන සයිට් ඊකක් ලැබුණා

    බලපන් මේ ලින්ක් එකෙන්




    http://badajari.com/
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    The Pub – Kandy නුවර ඇවිත් බීර වීදුරුවක් තොලගාන්න කියාපු – ද පබ් අවන්හල



    thepub1.jpg





    මෙච්චර සුපිරි නැතත් මීට සමාන තැනක් තියනවා කුරුණෑගලත්..

    පින්තූර හොයාගන්න පුළුවන් උනොත් දාන්නම්
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    මෙච්චර සුපිරි නැතත් මීට සමාන තැනක් තියනවා කුරුණෑගලත්..

    පින්තූර හොයාගන්න පුළුවන් උනොත් දාන්නම්

    Kurunegala thiyanawa neda Ran Ketha da mokadda kilaya thanak. badagamuwata poddak meha
     
    Status
    Not open for further replies.