දෙව්රංගි ට............
ජීවිතය ගැන යළි යළිත් විමසා මනුසත්කම් හදෙහි වඩවන්නට දිරි දෙන,
ආත්මරසායන කවි වල රචිකාව වූ,
එළකිරියෙහි මට වීරවරියක් වූ,
ආත්මය දවාලන තරම් කටුක කදුළ තුලින් වුව ද
ජීවිතයේ මග-නොමග දක්වන කවි වදන් ගෙන එන,
දෙව්රංගී සොයුරිය වෙත,
ශිර්ෂ ප්රණාමක ස්තූතිය සමග......................
කවිකම් කියා දෙන කිවිවරිය....
හදවතේ රිදුම් දෙන කෙළවර ම
සොයා ගොස් එහි රැදී කොනිත්තන,
කිවි වදන් ලියන පෑන් තුඩ අගින්
ජීවිතයෙ මග-නොමග කියා දෙන
හදවතේ ඉම රැදෙන යතිවරිය....
චමත්කාර යයි දකින දේ යට
රැදි කදුළ පෙන්වනා මුනිවරිය,
ඇස අගට කදුළු ගෙන,
ඒ කදුළු පිස දමන සුරවමිය...
දැවෙන ගිනි හද රැදෙන
කවි වදන් මත ගෙනෙන කින්නරිය,
ජීවිතය මෙය යයි කියා දෙන,
කවි ලියා-හද රැදෙන සොහොවුරිය......
සුන් වූ පැතුම් හද දවන සද,
දැවෙන හද සනසනා
කවි වදන් තෙපලනා
අස්වැසිල්ලක් ලෙසට උනනා කදුළු කැට
නෙත අගට ගෙන එනා කිවිවරිය...
කදුළු ගග නිසා වත්,
සෝදා යන්නට නොදී මනුසත් දම්,
මනුදුල්-මිහිදුල් පද ලියන,
තැවුල් හද සනසනා
කිවිවරිය........
අන්තර්ජාලයේ දී දුටු නෙත අගට කදුළු ගෙනන කවි බොහොමයක කතර්ෘවරිය වූ,හදවතේ රිදුම් දෙන කෙළවර ම
සොයා ගොස් එහි රැදී කොනිත්තන,
කිවි වදන් ලියන පෑන් තුඩ අගින්
ජීවිතයෙ මග-නොමග කියා දෙන
හදවතේ ඉම රැදෙන යතිවරිය....
චමත්කාර යයි දකින දේ යට
රැදි කදුළ පෙන්වනා මුනිවරිය,
ඇස අගට කදුළු ගෙන,
ඒ කදුළු පිස දමන සුරවමිය...
දැවෙන ගිනි හද රැදෙන
කවි වදන් මත ගෙනෙන කින්නරිය,
ජීවිතය මෙය යයි කියා දෙන,
කවි ලියා-හද රැදෙන සොහොවුරිය......
සුන් වූ පැතුම් හද දවන සද,
දැවෙන හද සනසනා
කවි වදන් තෙපලනා
අස්වැසිල්ලක් ලෙසට උනනා කදුළු කැට
නෙත අගට ගෙන එනා කිවිවරිය...
කදුළු ගග නිසා වත්,
සෝදා යන්නට නොදී මනුසත් දම්,
මනුදුල්-මිහිදුල් පද ලියන,
තැවුල් හද සනසනා
කිවිවරිය........
ජීවිතය ගැන යළි යළිත් විමසා මනුසත්කම් හදෙහි වඩවන්නට දිරි දෙන,
ආත්මරසායන කවි වල රචිකාව වූ,
එළකිරියෙහි මට වීරවරියක් වූ,
ආත්මය දවාලන තරම් කටුක කදුළ තුලින් වුව ද
ජීවිතයේ මග-නොමග දක්වන කවි වදන් ගෙන එන,
දෙව්රංගී සොයුරිය වෙත,
ශිර්ෂ ප්රණාමක ස්තූතිය සමග......................


+





