UNP karayo warew

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Uba Parliment eke Katha Balanne nadda? Owa Ohommama Kiyanne JVP eke inna Manthree la 3,4 Dena Witharai,Anith Un Katha karanne naha Owa gana.

    ah Buddhika Pathirana Anduwe Unata Mihihath Budget eke smahara dewal gana Parliemt eke Prashna Karaa.. Ko ban Aththatma Wimal,Moko Une minihata

    තවත් ගැබුරට ඇත්ත ඕනෙද ඉදපන් :yes:


    සැප්තැම්බර් 21 දා ඉදිරිපත් කල මෙම යෝජනා මාලාව, විධායක ජනාධිපති ක‍්‍රමය මුලුමනින්ම අහෝසි කිරීම, යම් කෙනෙකුගේ ජාතිය, ආගම හෝ වෙනත් කරුනක් නිසා වෙනස්කම් කිරීම සම්පුර්නයෙන් ම තහනම් කිරීම සහ වෙනස්කම් කිරීමට විරුද්ධ කොමිසමක් සහ සත්‍යය හා සංහිඳියා කොමිසමක් පත් කිරීම ඇතුලු යෝජනා 20 කින් සමන්විත වෙයි. ජවිපෙ ඉදිරිපත් කර ඇති යෝජනා සියල්ල ම පාහේ පසුගිය ජනාධිපතිවරනයේ දී මෛතී‍්‍රපාල සිරිසේනත් මහ මැතිවරනයේ දී “යහපාලනය” සඳහා එක්සත් ජාතික පෙරමුනත් දුන් පොරොන්දුවලට ඇතුලත් විය. ජවිපෙහි උදව්ව ද ඇතිව බලයට පැමිනි සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව දැනටමත් එම පොරොන්දු බිඳ දමා ඇත.

    යෝජනා මාලාව පිලිබඳව සැප්තැම්බර් 25 දා පැවති ජවිපෙ සම්මන්ත‍්‍රනයේ දී රාජපක්ෂ පරාජය කිරීම “ජයග‍්‍ර‍්‍රහනයක්” ලෙස හුවා දැක්වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක “ඒ කි‍්‍රයාවලිය තුල තමන්ගේ කාර්යභාරය ඉෂ්ඨ කල” බව ද කීවේය. “සමහරු කියනව එය වැරැද්දක් කියල. මා හිතන්නේ ඒක වැරැද්දක් නෙමෙයි. ජනවාරි 8 වෙනිදා අපේ කොටස නියෝජනය වුනේ එයින් අපට පාලකයන්ගෙන් ලබා ගත හැකි ප‍්‍රමානය ගැන අවබෝධයක් ඇතිවයි.... දැන් සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා අතර එකිනෙකාගේ බලය තහවුරු කර ගැනීමේ බල කේන්ද්‍ර දෙකක් තියෙනවා. ප‍්‍රතිසංස්කරන ටිකක් දිනා ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවක්” බව ඔහු ප‍්‍රකාශ කලේ ය.

    ජනවාරි 8 දා ලංකාවේ සිදුවූ පාලන තන්ත‍්‍ර මාරුව මොන ම අර්ථයකින් වත් වැඩකරන ජනතාවගේ ජයග‍්‍රහනයක් නොවේ. එය චීනය ආර්ථික හා යුදමය වශයෙන් වටලෑමේ එක්සත් ජනපද මූලෝපායේ කොටසක් ලෙස, චීනය මත වඩවඩා වාරු වෙමින් සිටි රාජපක්ෂ තන්ත‍්‍රය පෙරලා දැමීම සඳහා වොෂින්ටනය විසින් දැනුවත්ව සුදානම් කෙරුන දේශපාලන කුමන්ත‍්‍රනයක ප‍්‍රතිඵලයකි. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව දැන් විවෘතව ම පෙල ගැසෙමින් සිටින්නේ එක්සත් ජනපදයේ මේ භූ-දේශපාලනික වුමනාවන් සමග ය.

    දිසානායකගේ ඉහත ප‍්‍රකාශයෙන් ජවිපෙ දේශපාලනයේ අන්ත අවස්ථාවාදී ස්වභාවය වඩාත් තියුනු ආකාරයෙන් ප‍්‍රකාශයට පත්වෙයි. මහජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය සහ සමාජමය අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අඛන්ඩ දේශපාලන අරගලයක් දියත් කිරීමට එරෙහිව ඔහු යෝජනා කරන්නේ ධනපති කන්ඩායම්වල බල පොරයෙන් ප‍්‍රයෝජන ගනිමින් ප‍්‍රතිසංස්කරන ටිකක් දිනා ගැනීමට බැගෑපත්ව හෙට්ටු කිරීමයි :lol: ලොල් සහගතයි මෙතන නම්


    ජවිපෙ මෙම “ඉතා හොඳ අවස්ථාව” යොදා ගෙන ඇත්තේ වැහැරී යන සිය දේශපාලන සහ සමාජ පදනම් තර කර ගැනීමට මෙන් ම මහ ජනතාව තුල ධනපති රාජ්‍යය කෙරෙහි මිථ්‍යාවන් වගා කිරීමට යි. ධනපති පන්තියේ කොටසකගේත්, නාගරික සහ ගම්බද සුලු ධනේශ්වරයේ සහයෝගය ඇතිව අගෝස්තු මහ මැතිවරනයේ දී අවම වසයෙන් පාර්ලිමේන්තු ආසන 15 ක් දිනා ගැනීමටත්, ප‍්‍රධාන විපක්ෂය බවට පත්වීමටත් ජවිපෙ අපේක්ෂා කලේ ය. ඉදිරි අවුරුදු පහ තුල, එනම් 2020 දී, රාජ්‍ය බලය ගැනීමේ එල්ලය ඇතිව තම පක්ෂය කටයුතු කරන බව ද මහ මැතිවරන උද්ඝෝෂනය තුල දී ජවිපෙ නායකයෝ ප‍්‍රකාශ කලහ. 2010 මහ මැතිවරනයට වඩා ආසන කිහිපයක් දිනා ගැනීමට හැකි වූ නමුත් අපේක්ෂිත ආකාරයේ ජයග‍්‍රහනයක් නො ලැබීම නිසා ජවිපෙ නායකයෝ කම්පනයටත් වික්ෂෝපයටත් පත් වූහ.

    ඇමතිවරු සංඛ්‍යාව 30 ඉක්මවා වැඩි කිරීම ඇතුලුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සලසා ඇති ප‍්‍රතිපාදන අහෝසි කරන ලෙස ද ජවිපෙ තම යෝජනා මාලාවෙන් ඉල්ලා ඇත. මෙම සංශෝධනය කෙටුම්පත් කිරීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දී එය සම්මත කිරීමට දායක වූ ජවිපෙ දැන් ඒ ගැන කරන විවේචන අමුලික වංචාවකි. ජාතික විධායක සභාවට සහභාගි වෙමින් සිරිසේන - වික‍්‍රමසිංහ අන්තර් කාලීන අන්ඩුවේ කොටස්කරුවෙකුව සිටි ජවිපෙ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාති වූවේ “දැනට කර ගන්නන පුලුවන් ටිකවත් කරගන්න ඕන” කුජීත තර්කය ඉදිරිපත් කරමිනි. ලැජ්ජයි විමල් හොදයි තව :lol:



    සිරිසේන සහ එජාපය විසින් 19 වැනි සංශෝධනය ගෙන ආවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහ පාලනයක් ස්ථාපිත කිරීමට නොව, ධනපති පාලක පන්තියේ දේශපාලන අර්බුදය සමනය කරගෙන අධිරාජ්‍යවාදී බලයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවලට ගැලපෙන ආර්ථික දේශපාලන පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට උචිත ආකාරයට ධනපති රාජ්‍යය යලි සකසා ගැනීම උදෙසා ය.

    ධනපති දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය වී ඇති ජවිපෙ, මහා ව්‍යාපාරිකය සහ ඉහල මධ්‍යම පන්තිය තුල දේශපාලන පදනමක් දිනා ගැනීම අතිශයින් ම වැදගත් කොට සලකයි. ඒ සමගම සිංහල ස්වෝත්තමවාදී ඡන්දදායකය තමා වටා රැලි කර තබා ගැනීම සඳහා ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක (ශී‍්‍රලනිප-එජාප) සමග තරගයේ දී ඉන්දියානු විරෝධයක් අවුලුවා ගැනීම ද ජවිපෙට අවශ්‍යය.

    යෝජනාවලියට අඩංගු රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වැටුප් ඉල්ලීම් හා නිදහස් අධ්‍යාපනය ට දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 ක් වෙන් කිරීම පිලිබඳ යෝජනා මගින් වත්මන් ආන්ඩුව කෙරෙහි කම්කරු පන්තිය තුල වැඩෙන අසතුට සහ කෝපය ගසාකෑමට ජවිපෙ අපේක්ෂා කරයි. තීව‍්‍ර වන ලෝක ආර්ථික අර්බුදය මධ්‍යයේ ශී‍්‍ර ලංකාවේ නය ගැතිකම ඉහල යාමේත් අපනයන අදායම පසුගිය මාස 20 තුල එක දිගටම කඩා වැටීමේත් තතු තුල මෙම ඉල්ලීම් ඉටු කිරීමට ධනපති ආන්ඩුව හෝ මහා ව්‍යාපාරිකය කිසිසේත්ම සුදානම් නැත. ආන්ඩුව රුපියල් 10,000 ක මාසික දීමනාවක් රජයේ සේවකයන් ට ලබා දුන්නේ ඡන්දය ගසා කෑමේ තුරුම්පුවක් ලෙසය.

    සැප්තැම්බර් මාසයේ මුලික වැටුපට එය එකතු කරන බවට මහ මැතිවරනයේ දී ආන්ඩුව දුන් පොරොන්දුව නොවැම්බර් මාසයේ අයවැය දක්වා කල් තබා ඇත. ආන්ඩුව ඉල්ලූ ඩොලර් බිලියන 4 ක නය මුදල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප‍්‍රතික්ෂේප කිරීමේදී එම වැටුප් දීමනාව ප‍්‍රධාන හේතුවක් විය.

    පුද්ගලික අංශයේ වැටුප් සම්බන්ධයෙන් ජවිපෙ ගෙනඑන යෝජනාවන් එලෙසම වංචනිකය. වතු සමාගම් සහ සෙසු පුද්ගලික කර්මාන්තකරුවන් දැනටමත් ආන්ඩුව විසින් යෝජිත වැටුප් ඉල්ලීම් එකහෙලා ප‍්‍රතික්ෂේප කර ඇත.

    ජවිපෙ මෙය නොදන්නවා නොවේ. එහි ව්‍යායාමය වැඩකරන ජනතාව දේශපාලනිකව නොමග යවා ධනපති ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට හා එක්සත් ජනපද යුද සැලසුම් වලට ඔවුන් යටත් කිරීම ය.

    2008 න් ඇරැඹුනු ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය දැන් ධනේශ්වර පද්ධතියේ ගෝලීය බිඳ වැටීමක් දක්වා වර්ධනය වෙමින් පවත්නා තතු තුල කවර හෝ රටක මහජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය හා සමාජ අයිතීන් ප‍්‍රතිසංස්කරන ඉල්ලීම මගින් තහවුරු කල නොහැකි ය. ඊට විපරීතව, ගැඹුරු වී ඇති අර්බුදය මධ්‍යයේ අන්තර් අධිරාජ්‍යවාදී ප‍්‍රතිමල්ලවතා උග‍්‍ර කෙරී තෙවන ලෝක යුද්ධයක් දෙසට වන ධාවනය වේගවත් කෙරී ඇත. රටක් රටක් පාසා පාලක පන්තීහු මහජනතාව මෙතෙක් භුක්ති විඳි යම් අයිතියක් වෙතොත් ඒ සියල්ලම අහෝසි කිරීමේ සමාජ ප‍්‍රතිවිප්ලවයේ න්‍යාය පත‍්‍රය කි‍්‍රයාවට නංවමින් සිටිති. ශී‍්‍ර ලංකාව මෙහි ව්‍යාතිරේඛයක් නොවේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Machan Uba Hari detai, waradi Detai Dekatama Ubema Mathe Elligena inna epa, Un UNP ekata Sup eka Denawanan Ochchara Budget eka analyse karala Parliement eke Criticize karanna one naha ne. Kelinma Gihin Amathi Pattamak ganna Tibbane ban Nidahas Pakshe Godak ewn Kara wage. Anika Uba Ranilge Mandire Security da Raata raata Un Yanawa Kiyanne?
    ඇමති පට්ටන් මොකටද බන් ජෙප්පන්ට කුමාර දිසානයකගෙ රවිගෙ රනිල්ගෙ යාලු කම් රටම දන්නව උබ මේ රටේ නෙමේද මචො.. සිරිසේන ගෙන්ඩ කවුද සප් කරෙ ජෙප්පො... ගිය චන්දෙදි මොකද උන් කියුවෙ ??????????? රනිල්ව දිනවන්ඩ කියල.. එහෙම උනම ගෙනව අන්ඩුවට උන්ම බැනපුව හිරිගිත නැද්ද???
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    යකො ඇවන්ගාඩ් කියන්නෙ ලoකාවෙ හොද වියාපාරක් සිoහල මිනිහෙක් කරපු රස්සා 6000 ගනක් දීල, මනුස්සයො ඇවන්ගාඩ් එක වට්ටන්ඩ නෙමෙ තියෙන්නෙ එක ගොඩ දාන්ඩ... තියෙන දේශපාලන තරහට එකට කෙලොල පවුල් 6000ක් ගානකට කෙලොල,සිoහල මිනිහෙක්ගෙ අති සාර්තක වියාපරයක් නැතිබන්ග කරලද බන් දුශනේ නැති කරන්නෙ.ජෙප්පො පටන් ගත්තෙම ජාතික සම්පත් වලට ගිනි තියල..උන්ට කොහෙද රටක් ජාතික්..

    මොකෙක් කරත් කමක් නැහැ. ලාභය 100% රජයට ලැබෙන්න ඕනේ. මේකේ උනේ ලාබය නිස්සන්ක හරහා කොටසක් ගෝඨාගේ සාක්කුවට. රජයට ගෙව්වේ පොඩි ගානක් විතරයි. අපි රාජපක්සලට ඡන්දෙ දුන්නා. ඒක එතනින් ඉවරයි. අපේ ඇඟේ ලේවලට උන්ගේ ලේ කලවම් කරගත්තේ නැහැ. උබලා ඡන්දෙත් දීලා උන්ගේ ලේත් කලවම් කරගෙන. ඒකනේ කකියන්න ගන්නේ.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අමෙරිකවේ සවාරි අරන් ගිය නිසා ඇවන්ගාඩ් රකින එවුන්ට විරුද්ධ වෙන එක නරක දෙයක්ද? අනික ජෙප්පො විතරක්ද මේකට විරුද්ද? unp ඇමතිවරු slfp ඇමතීවරු ගොඩාක් ඉන්නවා.

    ඒ හැමෝටම බොක්කෙන්ම රෙස්පෙක්ට් කරනවා :yes:

    උබලට කම්කරුවෝ පෙන්නේ නැද්ද / ෆැක්ටරි වලින් පොලවට එකතු වෙන වස පෙන්නේ නැද්ද /වතු කම්කරුවෝ පෙන්නේ නැද්ද කප්පාදුකිරීම් පෙන්නේ නැද්ද

    හැම වෙලාවෙම දෙකට නැවිලා අවන්ගාර්ඩ් විතරද පෙන්නේ :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඇමති පට්ටන් මොකටද බන් ජෙප්පන්ට කුමාර දිසානයකගෙ රවිගෙ රනිල්ගෙ යාලු කම් රටම දන්නව උබ මේ රටේ නෙමේද මචො.. සිරිසේන ගෙන්ඩ කවුද සප් කරෙ ජෙප්පො... ගිය චන්දෙදි මොකද උන් කියුවෙ ??????????? රනිල්ව දිනවන්ඩ කියල.. එහෙම උනම ගෙනව අන්ඩුවට උන්ම බැනපුව හිරිගිත නැද්ද???

    ජවිපෙ කිව්වේ මොකක්ද කියලා මෙක අහුවොත් තේරෙයි
    https://www.facebook.com/anurakumara/videos/492907827530336/
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    සොහොන;19409479 said:
    උබලට කම්කරුවෝ පෙන්නේ නැද්ද / ෆැක්ටරි වලින් පොලවට එකතු වෙන වස පෙන්නේ නැද්ද /වතු කම්කරුවෝ පෙන්නේ නැද්ද කප්පාදුකිරීම් පෙන්නේ නැද්ද

    හැම වෙලාවෙම දෙකට නැවිලා අවන්ගාර්ඩ් විතරද පෙන්නේ :lol:

    උබට ඔය ඔක්කෝම පේනවා ඇවන්ගාඩ් පෙන්නේහ් නැහ් නෙහ් :love::D:D
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    සොහොන;19409463 said:
    තවත් ගැබුරට ඇත්ත ඕනෙද ඉදපන් :yes:


    සැප්තැම්බර් 21 දා ඉදිරිපත් කල මෙම යෝජනා මාලාව, විධායක ජනාධිපති ක‍්‍රමය මුලුමනින්ම අහෝසි කිරීම, යම් කෙනෙකුගේ ජාතිය, ආගම හෝ වෙනත් කරුනක් නිසා වෙනස්කම් කිරීම සම්පුර්නයෙන් ම තහනම් කිරීම සහ වෙනස්කම් කිරීමට විරුද්ධ කොමිසමක් සහ සත්‍යය හා සංහිඳියා කොමිසමක් පත් කිරීම ඇතුලු යෝජනා 20 කින් සමන්විත වෙයි. ජවිපෙ ඉදිරිපත් කර ඇති යෝජනා සියල්ල ම පාහේ පසුගිය ජනාධිපතිවරනයේ දී මෛතී‍්‍රපාල සිරිසේනත් මහ මැතිවරනයේ දී “යහපාලනය” සඳහා එක්සත් ජාතික පෙරමුනත් දුන් පොරොන්දුවලට ඇතුලත් විය. ජවිපෙහි උදව්ව ද ඇතිව බලයට පැමිනි සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව දැනටමත් එම පොරොන්දු බිඳ දමා ඇත.
    ETC..................

    :lol::lol::lol: දැන් මේකට කොහෙන්ද හිනා වෙන්න .ඕනේ කියල මට තේරෙන්නේ නෑ .. තාමත් කියන්නේ විදේශ කුමන්ත්‍රණ කියලද... අනේමන්ද.. උබේ මතේ හරි මචන්... දැන් සතුටුයි?????
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    යකෝ මන් මේ ත්‍රෙඩ් එක දම්මේ යූඇන්පී කාරයින්ට. මුන් කොහේ ගිහින්ද. නොදක්කා වගේ මාරු වෙන සීන් එකක් නේ වෙන්නේ :lol::lol::lol:
     

    waligamaya

    Well-known member
  • යකො ඇවන්ගාඩ් කියන්නෙ ලoකාවෙ හොද වියාපාරක් සිoහල මිනිහෙක් කරපු රස්සා 6000 ගනක් දීල, මනුස්සයො ඇවන්ගාඩ් එක වට්ටන්ඩ නෙමෙ තියෙන්නෙ එක ගොඩ දාන්ඩ... තියෙන දේශපාලන තරහට එකට කෙලොල පවුල් 6000ක් ගානකට කෙලොල,සිoහල මිනිහෙක්ගෙ අති සාර්තක වියාපරයක් නැතිබන්ග කරලද බන් දුශනේ නැති කරන්නෙ.ජෙප්පො පටන් ගත්තෙම ජාතික සම්පත් වලට ගිනි තියල..උන්ට කොහෙද රටක් ජාතික්..

    සිංහලු 6000ක් වැඩ කලද බන්, මාරයිනේ. මම නම් ගල්ලෙන් opl වලින් යන සිංහල සිමශ්ල්ලා දැකලම නැ ඉන්නේ ඉන්දියන් කාරයොයි යුරෝපියන් උනුයි තමයි.:lol::lol::lol:
     

    waligamaya

    Well-known member
  • යකෝ මන් මේ ත්‍රෙඩ් එක දම්මේ යූඇන්පී කාරයින්ට. මුන් කොහේ ගිහින්ද. නොදක්කා වගේ මාරු වෙන සීන් එකක් නේ වෙන්නේ :lol::lol::lol:


    උන්ට වඩා රිදිලා තියෙන්නේ වීරවංස වාදීන්ට වගේ:rolleyes::rolleyes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    යකෝ මන් මේ ත්‍රෙඩ් එක දම්මේ යූඇන්පී කාරයින්ට. මුන් කොහේ ගිහින්ද. නොදක්කා වගේ මාරු වෙන සීන් එකක් නේ වෙන්නේ :lol::lol::lol:
    හූඇන්පී කාරයෝ කියලා ජාතියක් හිටියා ඩයිනෝසරයන්ගේ කාලෙ. දැන් තියෙන්නෙ උන්ගේ පොසිල විතරයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෙක් කරත් කමක් නැහැ. ලාභය 100% රජයට ලැබෙන්න ඕනේ. මේකේ උනේ ලාබය නිස්සන්ක හරහා කොටසක් ගෝඨාගේ සාක්කුවට. රජයට ගෙව්වේ පොඩි ගානක් විතරයි. අපි රාජපක්සලට ඡන්දෙ දුන්නා. ඒක එතනින් ඉවරයි. අපේ ඇඟේ ලේවලට උන්ගේ ලේ කලවම් කරගත්තේ නැහැ. උබලා ඡන්දෙත් දීලා උන්ගේ ලේත් කලවම් කරගෙන. ඒකනේ කකියන්න ගන්නේ.
    එහෙමද එතකොට දැන් අරක්ශක ලේකම් කියන්නෙ මොකො ඇවන්ගාඩ් නාවික හමුදාවට කරන්ඩ බැ ඉල්ලුම නැති වෙනව ඉක්මනට වෙන පුද්ගලික අශයේ ඉල්ලුම් කරුවෙක්ට දෙනව කියල. එතකොට පුතේ සිරිසේන-රනිල් ඩබලගෙ අරක්ශක ලේකම් ඔක වික්කම ආදායම 200% ක් ආණ්ඩුවට හම්බෙනවද ??? :angry::angry:
    කකියනව කියුවෙ ඉන්දියාවෙ රාජෙක්ට ඇවන්ගාඩ් විකුනන එකේ සතුටටද??? සිoහල මිනිහගෙ වියාපාරෙ අවනිතියෙන් පවරගෙන ඉන්දියාවෙ බල්ලෙක්ට විකුනුවාම දූශනේ නැති වෙනවද???? ඔය ටොයි තියරිය පොඩ්ඩක් කියල දිපන්කො...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබට ඔය ඔක්කෝම පේනවා ඇවන්ගාඩ් පෙන්නේහ් නැහ් නෙහ් :love::D:D

    :love: ඇයි මේවා දාගන්නේ ලජ්ජා හිතුනද :lol:

    ඇවන්ට් ගාඩ් සෝලිය ආන්ඩුවට අර්බුදයක් නිර්මානය කරයි

    ඇවන්ට් ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව පිලිබඳ සිද්ධිය මේ වනවිට ආන්ඩුව අලලාගත් සෝලියක් බවට පත්ව තිබේ. පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ මෙන්ම වත්මන් සිරිසේන - වික‍්‍රමසිංහ ආන්ඩුවේ ද කුනු වීම මෙම සෝලිය තුලින් එලිමහනට පැමින තිබේ.
    පසුගිය ජනවාරි 8 දින පැවති ජනාධිපතිවරනයෙන් පසුව පිහිටවූ මෛත‍්‍රීපාල සිරිසේනගේ හා රනිල් වික‍්‍රමසිංහගේ අන්තර්වාර තාවකාලික ආන්ඩුව විසින් පසුගිය ආන්ඩුවේ දූෂන හෙලිදරව් කිරීම සම්බන්ධයෙන් ගත් මූලික ප‍්‍රයත්නයක් ලෙස මෙම අවි ගබඩාව පිලිබඳ සිද්ධිය මුලින්ම උලුප්පා පෙන්වනු ලැබිනි. අගෝස්තු 17 පාර්ලිමේන්තු මහ මැතිවරන උද්ඝෝෂනය තුලදී, පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ දූෂන සම්බන්ධිතව මෙම සිද්ධිය යහමින් යොදා ගැනිනි. මහා පරිමාන වංචා දූෂන විමර්ෂනය කිරීමේ කමිටුව මෙම දූෂනය පිලිබඳව දිගටම පරීක්ෂන ගෙන යන බව මාධ්‍යයන්ට ප‍්‍රකාශ කල අතර හිටපු ප‍්‍රබල ආරක්ෂක ලේකම් හා හිටපු ජනාධිපති රාජපක්ෂගේ සොහොයුරු ගෝඨාබය රාජපක්ෂ ද පරීක්ෂනය සඳහා කිහිප වතාවක් එම කමිටුව වෙත කැඳවනු ලැබිනි.

    ඇවන්ට් ගාඩ් සමාගමෙහි පසුබිම වන්නේ ලාංකීය මුහුදු තීරයේ හා ජාත්‍යන්තර මුහුදේ ලංකාවේ ලියාපදිංචි සමාගමකට අයත් නැව් ලෙස අවි ගබඩා සහිත නැව් කිහිපයක් පවත්වා ගෙන යමින් එම අවි ගබඩා සහිත නෞකා ඉන්දු උප මහාද්වීපය හා රතු මුහුද අවට මුහුදේ ගමන් කරන වානිජ නැව් වල ආරක්ෂාව සඳහා කුලියට යොදවමින් හා වෙනත් එලිදරව් නොකෙරෙනු ආකාර වලින් ලාභ ලැබීමට එම සමාගමට ඉඩ ලබා දීමයි. මෙම සමාගම සතුව MV මහනුවර, (ශ‍්‍රී ලංකා මුහුද අවට) හා MV ඇවන්ට් ගාඩ් (රතු මුහුද) යනාදී පාවෙන අවි ගබඩා සහිත නැව් තිබේ. සමාගමේ හය දහසක පමන සේවකයන්ගෙන් විශාල පිරිසක් විශ‍්‍රාමික නාවික භටයන් බව පැවසේ.

    ඇවන්ට් ගාඩ් පුද්ගලික සමාගමක් වන අතර එහි සභාපති නිශ්ශංක සේනාධිපති නම් විශ‍්‍රාමික යුද හමුදා මේජර් වරයෙකි. මෙම සමාගම ගිනි අවි හා අනෙකුත් ආයුධ ලබා ගෙන ඇත්තේ “රක්නා අරක්ෂක ලංකා” නමැති පූර්න අයිතිය ශ‍්‍රී ලංකා නාවික හමුදාව සතු යැයි පැවසෙන සමාගමක් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුමක් මගිනි

    අනතුරුව එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවී බිහි කල සිරිසේන - වික‍්‍රමසිංහ ආන්ඩුවේ හිටපු නීතිය හා සාමය පිලිබඳ ඇමති තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී පසුගිය නොවැම්බර් 5 ප‍්‍රකාශයට පත් කලේ ඇවන්ට් ගාඩ් සමාගම සම්පූර්නයෙන්ම නීත්‍යානුකූල බවත් ලකුනු දමා ගැනීම සඳහා පොලිසිය විසින් පුම්බන ලද වාර්තාවක් ඉදිරිපත් කලත් රජයේ නීතිපතිට අනුව නඩු පැවරීම සඳහා සුදුසු සාක්ෂි මෙම සමාගමට එරෙහිව නොමැති බවත්ය. අධිකරන ඇමති විජේදාස රාජපක්ෂ ද මීට සමාන අදහස් මාධ්‍යයට පැවසීය.

    මීට එරෙහිව ආන්ඩුවේ තවත් ප‍්‍රබල කැබිනට් ඇමති කන්ඩායමක් වන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න හා මෙගාපොලිස් පිලිබඳ ඇමති චම්පික රනවක විසින් සිදුව ඇති දූෂනය දිගටම විභාග කල යුතු බවට අවධාරනය කරනු ලැබූ අතර තිලක් මාරපන හට සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදු විය. ඇමති ධුරයට පත්වීමට පෙර ඔහු ඇවන්ට් ගාඩ් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වීය. තමා කැබිනට් මන්ඩලය තුල සිටීමෙන් පරීක්ෂනයන්ට බාධා විය හැකි යැයි ඇමතිවරුන් සිතන නිසා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වන බව ඔහු මාධ්‍යයට පැවසුව ද ආන්ඩුව තුල පැන නැගී ඇති ආතතිය එමගින් ඉස්මතු විය.

    ඇවන්ට් ගාඩ් සමාගමේ අයිතිකරුවන් විශාල වශයෙන් මුදල් වීසිකර ඇති බවත් පසුගිය මහ මැතිවරනයේදී වත්මන් ආන්ඩුවේ නොයෙකුත් මැති ඇමතීන්ට විශාල මුදල් කන්දරාවන් වියදම් කර ඇති බවත් දැන් කුප‍්‍රකට ය. මෙම සමාගම ලංකාවේ පමනක් නොව මාල දිවයින වැනි අවට රට වල ආන්ඩු වල ඇමතීන්ට ද ගෙවීම් කර ඇති බවට ද වාර්තා විය.

    කුස ගින්න නිවා ගැනීමට කරන සුලු සොරකමක් පවා සිපිරි ගෙහි වසර ගනනක් සිරගත කිරීමට හේතු වන පසුබිමක මෙම ප‍්‍රකෝටි ගනනක මුදල් කොල්ලයට සම්බන්ධ බවට එලිදරව් වූවන් ඉහත ආන්ඩුව තුල මෙන්ම මෙම ආන්ඩුව තුල ද යහතින් වැජඹෙති. ඇවන්ට් ගාඩ් සමාගමට එරෙහි පරීක්ෂන යට ගැසීමට මෙම කොටස් උත්සාහ ගෙන ඇති බව පෙනේ.

    ඉල්ලා අස්වීමට පෙර මාරපන පාර්ලිමේන්තුවේදී පැවසූවේ “මාගේ සේවා දායකයා (ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති) මා හට එලිදරව් කල කරුනු මා මෙම සභාවට එලිදරව් කලහොත් මෙහි සිටින බොහෝ දෙනා ලජ්ජාවට පත්වනු ඇති” බවයි. ආන්ඩුව මෙන් ම මාරපන ද හොරුන් එලිදරව් නො කිරීමේ ලැජ්ජාව විඳ දරා ගැනීමට සූදානම් ය.
    නය කන්දකට යටවී සිටින සිරිසේන - වික‍්‍රමසිංහ ආන්ඩුව ද මෙම ලාභදායී ව්‍යාපාරයෙන් උපරිම වාසි ගන්නේ කෙසේද යන්න කෙරෙහි අවධානය යොමු කර ඇති බව පැහැදිලිය.

    2000 දශකයේ මැද භාගයේ සිට ශ‍්‍රී ලංකාව හා නැගෙනහිර අප‍්‍රිකාව අවට විශාල වශයෙන් වානිජ නාවික ගමනාගමනය කෙරෙන ඉන්දියානු සාගර කලාපයේ මුහුදු කොල්ල කෑම් ඉහල යෑම මෙවන් ආරක්ෂක සේවාවන් සඳහා පසුබිම සැපයීය. ජාත්‍යන්තර වානිජ මන්ඩලයේ වානිජ අපරාධ සේවයට අනුව 2014 දී මුහුදු කොල්ල කෑම් හා එවන් උත්සාහයන් 231ක් වාරතා වී ඇති අතර ඉන්දු උප මහාද්වීප සාගර කලාපය, රතු මුහුද හා අප‍්‍රිකාව අවට මෙවන් ප‍්‍රහාර පිලිබඳව කුප‍්‍රකටය. දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේන්, කොමරෝස් දූපත්, ඩ්ජිබෞටි වැනි රට වලට අයත් සමාගම් මගින් මෙවන් පාවෙන අවි ගබඩා 20ක පමන සංඛ්‍යාවක් මෙම මුහුදු තීරයේ පවත්වා ගෙන යන බව වාර්තාවේ.

    එසේ වුවද මෙවන් පාවෙන අවි ගබඩා ජාත්‍යන්තර මුහුදේ පවත්වා ගෙන යාම පිලිබඳව පවතින නීතිමය පසුබිම ජාත්‍යන්තර මුහුදු නීතියට අනුව පැහැදිලි කෙරී නොමැත. මෑතදී මේ පිලිබඳව අධ්‍යයනයක් කල ඔමේගා රිසර්ච් ෆවුන්ඬේෂන් ආයතනය පවසන්නේ මෙවන් “පාවෙන අවි ගබඩා” පිලිබඳ ජාතික හෝ ජාත්‍යන්තර රෙගුලාසි නොමැති බැවින් ඒවා නීති සම්පාදනයන්ට අභියෝගයක් වී ඇති බවයි.

    මෙහි අර්ථය නම් මේ අන්දමේ ජාවාරමක් සිදු කිරීමට අවශ්‍ය නෛතික රාමුවක් ලංකාව තුල නොතිබුන ද ලංකාවේ නීතිය හෝ ජාත්‍යන්තර නීතිය නොතකා මෙම අතිශය ලාබදායී ව්‍යාපාරය කරගෙන ගොස් ඇති බවයි.
    ශ‍්‍රී ලංකා නාවික හමුදාව 2009 සිට 2012 සිට දක්වා මෙම ව්‍යාපාරයේ සෘජුව නියැලී ඇති අතර එසමයේ වසරකට රුපියල් බිලියන 1.2 ක ආදායමක් ලැබූ බව වාර්තා වී තිබේ. අනතුරුව ඇවන්ට් ගාඩ් සමාගමට මෙම සුපිරි ලාභදායී ව්‍යාපාරය ලබා දී ඇත්තේ ටෙන්ඩර් පටිපාටියකින් නොවේ. ඇවන්ට් ගාඩ් සේවකයන්ට අනුව 2012 සිට 2014 දක්වා මෙම සමාගම රුපියල් බිලියන 9කට අධික මුදලක් උපයා ඇත.

    පාර්ලිමේන්තුව තුල කල කතාවන් ගෙන් පසුව ජනාධිපති සිරිසේන පසුගිය නොවැම්බර් 9 දා ඇවන්ට් ගාඩ් සමාගම පිලිබඳව විශේෂ කැබිනට් මන්ඩල සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මෙම සමාගම සතු ආයුධ ශ‍්‍රී ලංකා නාවික හමුදාවට අත්පත් කර ගැනීමට තීන්දු කර ඇත. මෙම රැස්වීමේදී තීන්දු කර ඇත්තේ මෙම ව්‍යාපාරය තරඟකාරී පටිපාටියක් මත පදනම්ව ආරක්ෂක සමාගම් කිහිපයකට ලබා දිය යුතු අතර ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් පමනක් මුදල් අය කර ඒවාට ආයුධ සපයා දිය යුතු බවයි.

    මීට අමතරව ඇවන්ට් ගාඩ් සමාගම සතුව තිබෙන MV ඇවන්ට් ගාඩ් නැවේ තිබී නාවික හමුදාව විසින් ලංකාවේ ලියාපදිංචි නොමැති බව පැවසෙන 816 ක් පමන නොයෙකුත් වර්ගයේ රයිෆල් ප‍්‍රමානයක් ද 202,674ක ජීව උන්ඩ ප‍්‍රමානයක් ද සොයා ගෙන තිබේ. මුහුන බේරා ගැනීමක් ලෙස මේ පිලිබඳව විශේෂ පරීක්ෂනයක් කිරීමට ජනාධිපති සිරිසේන රහස් පොලීසියට නියෝග කර තිබේ.

    සුඩානයේ සිට ගාල්ල වරාය දක්වා පැමින ඇති මෙම ඇවන්ට් ගාඩ් නෞකාව එතුල ඇත්තේ ආරක්ෂකයන් (මාෂල්) සතු ගිනි අවි තුනක් පමනක් බවට වරාය බලධාරීන්ට ප‍්‍රකාශ කර තිබුන ද ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ බලය යොදා කල මෙහෙයුමේ දී මෙම විශාල අවි තොගය හමුවී තිබේ.

    මෙම සෝලිය මැදි කරගෙන මැති ඇමතියන් දූෂන විරෝධීන් ලෙස පෙනී සිටිමින් කරන ප‍්‍රකාශ ද ජන මාධ්‍ය ඒ අතට මේ අතට පෙරලමින් කරන ප‍්‍රචාර ද යොදා ගෙන ඇත්තේ ආන්ඩුවත් ධනපති පන්ති පාලනයත් කෙරෙහි කම්කරුවන්, දුගීන් හා තරුනයන් අතර වැඩෙන විරෝධය පීලි පැන්නවීමට හා ජීවිත හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මැඩීමට එල්ල වන ප‍්‍රහාර ආවරනය කිරීමට යි.


    දූෂනයෙන් තොර ආන්ඩු හා ධනපති ක‍්‍රමය පිරිසිදු කර තබා ගැනීම පිලිබඳව විවිධ මාදිලියේ ලිපි ලියන්නන් මහ ජනයා නොමග යවති. සිරිසේන- වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමේ ප‍්‍රතිගාමී ඇමරිකානු අධිරාජ්‍ය ගැති ව්‍යාපාරය ආවරනය කර ගැනීමට යහමින් යොදා ගන්නා ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවෙන් පෙන්නුම් කෙරුනු තුච්ඡම ගනයේ දූෂන කි‍්‍රයාවන් ය. එම ප‍්‍රචාරයේ මූලිකත්වය ගත් ව්‍යාජ වම්මුන්ගේ සංවිධාන හා සමාජ සාධාරනත්වය සඳහා ජාතික ව්‍යාපාරය වැනි කන්ඩායම් දූෂිතයන් නොරකින ලෙසට කන්නලව් කරන්නේ තමන්ගේ ද ධනපති පාලකයන්ගේ ද හෙලුව වසා ගැනීම යි.

    දූෂනය හා මංකොල්ලය කුනුවන මට්ටමකින් ප‍්‍රකාශනයට පත්වීම ධනපති ක‍්‍රමයේ වත්මන් පරිවර්තනය හා අර්බුදය සමග බැඳී ඇත. නිෂ්පාදනයට කිසිසේත් ම සම්බන්ධ නැති පරපුටු මූල්‍ය කතිපයාධිකාරයක් වඩවඩා හීන වන ලාභ අනුපාතයෙන් වැඩි කොටස ඩැහැ ගැනීම සඳහා අන්ත කොල්ලකාරී කි‍්‍රයාවල නිරත වී සිටියි. මෙය මහ ඉහලින් ප‍්‍රදර්ශනය වී ඇත්තේ ඇමරිකාව ඇතුලු මහ ධනපති රටවලය.

    ධනපති දූෂනය හෙලිදරව් කිරීමට ධනපති උසාවියම යොදා ගත හැකිය යන්න තවත් මිත්‍යාවකි. ධනපති ක‍්‍රමයේ උග‍්‍රවන අර්බුදය හමුවේ ධනපති නීතිය හා උසාවි ද දූෂනය එලිදරව් කිරීමට නොව පාලක පන්තියේ දූෂන මහා ව්‍යාපාරික අවශ්‍යතා මත ආවරනය කරන අතරේ වැඩ කරන ජනයා මත රුදුරු මර්දනය ගෙන ඒමේ ධනපති රාජ්‍ය උපකරන ලෙස ඉස්මතුවේ. ධනපති රාජ්‍යය මෙහෙයවන ආන්ඩු දූෂනයන් කරන්නේ ධනපති නීතියට හසුවන අයුරින් නොව අවශ්‍ය නීති උපදෙස් මත හා අවශ්‍ය නීති සම්පාදනය කර ගනිමිනි. මෙහිදී කම්කරු පීඩිත ජනයා මතකයට නගා ගත යුත්තේ “නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ” යන පැරනි කියමනයි.

    ධනේශ්වර පන්ති පාලනයේ කුනුවීම පුද්ගලයන් පිලිබඳ ප‍්‍රශ්නයක් නොවේ. එහි උල්පත අර්බුද ග‍්‍රස්ත ධනපති ක‍්‍රමයයි. එකම විසඳුම වන්නේ ලාභය සඳහා නොව බහුතර ජනයාගේ අවශ්‍යතා අනුව නිෂ්පාදනය තාක්ෂනිකව සැලසුම් ගත කෙරෙන සමාජවාදය ස්ථාපිත කිරීමයි.
     
    • Like
    Reactions: erozan

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උන්ට වඩා රිදිලා තියෙන්නේ වීරවංස වාදීන්ට වගේ:rolleyes::rolleyes:

    :P:P

    mdco-25a-img.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහලු 6000ක් වැඩ කලද බන්, මාරයිනේ. මම නම් ගල්ලෙන් opl වලින් යන සිංහල සිමශ්ල්ලා දැකලම නැ ඉන්නේ ඉන්දියන් කාරයොයි යුරෝපියන් උනුයි තමයි.:lol::lol::lol:
    ඔව් .සිරිසේන ඔක ඉන්දියාවට විකුනනකොටත් ඔහොමම හිනා වෙයන්.:P:angry: