Uba Parliment eke Katha Balanne nadda? Owa Ohommama Kiyanne JVP eke inna Manthree la 3,4 Dena Witharai,Anith Un Katha karanne naha Owa gana.
ah Buddhika Pathirana Anduwe Unata Mihihath Budget eke smahara dewal gana Parliemt eke Prashna Karaa.. Ko ban Aththatma Wimal,Moko Une minihata
තවත් ගැබුරට ඇත්ත ඕනෙද ඉදපන්

සැප්තැම්බර් 21 දා ඉදිරිපත් කල මෙම යෝජනා මාලාව, විධායක ජනාධිපති ක්‍රමය මුලුමනින්ම අහෝසි කිරීම, යම් කෙනෙකුගේ ජාතිය, ආගම හෝ වෙනත් කරුනක් නිසා වෙනස්කම් කිරීම සම්පුර්නයෙන් ම තහනම් කිරීම සහ වෙනස්කම් කිරීමට විරුද්ධ කොමිසමක් සහ සත්‍යය හා සංහිඳියා කොමිසමක් පත් කිරීම ඇතුලු යෝජනා 20 කින් සමන්විත වෙයි. ජවිපෙ ඉදිරිපත් කර ඇති යෝජනා සියල්ල ම පාහේ පසුගිය ජනාධිපතිවරනයේ දී මෛතී‍්‍රපාල සිරිසේනත් මහ මැතිවරනයේ දී “යහපාලනය” සඳහා එක්සත් ජාතික පෙරමුනත් දුන් පොරොන්දුවලට ඇතුලත් විය. ජවිපෙහි උදව්ව ද ඇතිව බලයට පැමිනි සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව දැනටමත් එම පොරොන්දු බිඳ දමා ඇත.
යෝජනා මාලාව පිලිබඳව සැප්තැම්බර් 25 දා පැවති ජවිපෙ සම්මන්ත්රනයේ දී රාජපක්ෂ පරාජය කිරීම “ජයග‍්‍ර‍්‍රහනයක්” ලෙස හුවා දැක්වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක “ඒ කි‍්‍රයාවලිය තුල තමන්ගේ කාර්යභාරය ඉෂ්ඨ කල” බව ද කීවේය. “සමහරු කියනව එය වැරැද්දක් කියල. මා හිතන්නේ ඒක වැරැද්දක් නෙමෙයි. ජනවාරි 8 වෙනිදා අපේ කොටස නියෝජනය වුනේ එයින් අපට පාලකයන්ගෙන් ලබා ගත හැකි ප්‍රමානය ගැන අවබෝධයක් ඇතිවයි.... දැන් සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අතර එකිනෙකාගේ බලය තහවුරු කර ගැනීමේ බල කේන්ද්‍ර දෙකක් තියෙනවා. ප්රතිසංස්කරන ටිකක් දිනා ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවක්” බව ඔහු ප්‍රකාශ කලේ ය.
ජනවාරි 8 දා ලංකාවේ සිදුවූ පාලන තන්ත්ර මාරුව මොන ම අර්ථයකින් වත් වැඩකරන ජනතාවගේ ජයග්රහනයක් නොවේ. එය චීනය ආර්ථික හා යුදමය වශයෙන් වටලෑමේ එක්සත් ජනපද මූලෝපායේ කොටසක් ලෙස, චීනය මත වඩවඩා වාරු වෙමින් සිටි රාජපක්ෂ තන්ත්රය පෙරලා දැමීම සඳහා වොෂින්ටනය විසින් දැනුවත්ව සුදානම් කෙරුන දේශපාලන කුමන්ත්රනයක ප්රතිඵලයකි. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව දැන් විවෘතව ම පෙල ගැසෙමින් සිටින්නේ එක්සත් ජනපදයේ මේ භූ-දේශපාලනික වුමනාවන් සමග ය.
දිසානායකගේ ඉහත ප්‍රකාශයෙන් ජවිපෙ දේශපාලනයේ අන්ත අවස්ථාවාදී ස්වභාවය වඩාත් තියුනු ආකාරයෙන් ප්‍රකාශයට පත්වෙයි. මහජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය සහ සමාජමය අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අඛන්ඩ දේශපාලන අරගලයක් දියත් කිරීමට එරෙහිව ඔහු යෝජනා කරන්නේ ධනපති කන්ඩායම්වල බල පොරයෙන් ප්‍රයෝජන ගනිමින් ප්රතිසංස්කරන ටිකක් දිනා ගැනීමට බැගෑපත්ව හෙට්ටු කිරීමයි
ලොල් සහගතයි මෙතන නම් ජවිපෙ මෙම “ඉතා හොඳ අවස්ථාව” යොදා ගෙන ඇත්තේ වැහැරී යන සිය දේශපාලන සහ සමාජ පදනම් තර කර ගැනීමට මෙන් ම මහ ජනතාව තුල ධනපති රාජ්‍යය කෙරෙහි මිථ්‍යාවන් වගා කිරීමට යි. ධනපති පන්තියේ කොටසකගේත්, නාගරික සහ ගම්බද සුලු ධනේශ්වරයේ සහයෝගය ඇතිව අගෝස්තු මහ මැතිවරනයේ දී අවම වසයෙන් පාර්ලිමේන්තු ආසන 15 ක් දිනා ගැනීමටත්, ප්‍රධාන විපක්ෂය බවට පත්වීමටත් ජවිපෙ අපේක්ෂා කලේ ය. ඉදිරි අවුරුදු පහ තුල, එනම් 2020 දී, රාජ්‍ය බලය ගැනීමේ එල්ලය ඇතිව තම පක්ෂය කටයුතු කරන බව ද මහ මැතිවරන උද්ඝෝෂනය තුල දී ජවිපෙ නායකයෝ ප්‍රකාශ කලහ. 2010 මහ මැතිවරනයට වඩා ආසන කිහිපයක් දිනා ගැනීමට හැකි වූ නමුත් අපේක්ෂිත ආකාරයේ ජයග්රහනයක් නො ලැබීම නිසා ජවිපෙ නායකයෝ කම්පනයටත් වික්ෂෝපයටත් පත් වූහ.
ඇමතිවරු සංඛ්‍යාව 30 ඉක්මවා වැඩි කිරීම ඇතුලුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සලසා ඇති ප්‍රතිපාදන අහෝසි කරන ලෙස ද ජවිපෙ තම යෝජනා මාලාවෙන් ඉල්ලා ඇත. මෙම සංශෝධනය කෙටුම්පත් කිරීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දී එය සම්මත කිරීමට දායක වූ ජවිපෙ දැන් ඒ ගැන කරන විවේචන අමුලික වංචාවකි. ජාතික විධායක සභාවට සහභාගි වෙමින් සිරිසේන - වික්‍රමසිංහ අන්තර් කාලීන අන්ඩුවේ කොටස්කරුවෙකුව සිටි ජවිපෙ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාති වූවේ “දැනට කර ගන්නන පුලුවන් ටිකවත් කරගන්න ඕන” කුජීත තර්කය ඉදිරිපත් කරමිනි. ලැජ්ජයි විමල් හොදයි තව

සිරිසේන සහ එජාපය විසින් 19 වැනි සංශෝධනය ගෙන ආවේ ප්රජාතන්ත්රවාදී යහ පාලනයක් ස්ථාපිත කිරීමට නොව, ධනපති පාලක පන්තියේ දේශපාලන අර්බුදය සමනය කරගෙන අධිරාජ්‍යවාදී බලයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ අවශ්‍යතාවලට ගැලපෙන ආර්ථික දේශපාලන පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට උචිත ආකාරයට ධනපති රාජ්‍යය යලි සකසා ගැනීම උදෙසා ය.
ධනපති දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය වී ඇති ජවිපෙ, මහා ව්‍යාපාරිකය සහ ඉහල මධ්‍යම පන්තිය තුල දේශපාලන පදනමක් දිනා ගැනීම අතිශයින් ම වැදගත් කොට සලකයි. ඒ සමගම සිංහල ස්වෝත්තමවාදී ඡන්දදායකය තමා වටා රැලි කර තබා ගැනීම සඳහා ප්‍රධාන ධනපති පක්ෂ දෙක (ශී‍්‍රලනිප-එජාප) සමග තරගයේ දී ඉන්දියානු විරෝධයක් අවුලුවා ගැනීම ද ජවිපෙට අවශ්‍යය.
යෝජනාවලියට අඩංගු රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වැටුප් ඉල්ලීම් හා නිදහස් අධ්‍යාපනය ට දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 ක් වෙන් කිරීම පිලිබඳ යෝජනා මගින් වත්මන් ආන්ඩුව කෙරෙහි කම්කරු පන්තිය තුල වැඩෙන අසතුට සහ කෝපය ගසාකෑමට ජවිපෙ අපේක්ෂා කරයි. තීව්ර වන ලෝක ආර්ථික අර්බුදය මධ්‍යයේ ශී‍්‍ර ලංකාවේ නය ගැතිකම ඉහල යාමේත් අපනයන අදායම පසුගිය මාස 20 තුල එක දිගටම කඩා වැටීමේත් තතු තුල මෙම ඉල්ලීම් ඉටු කිරීමට ධනපති ආන්ඩුව හෝ මහා ව්‍යාපාරිකය කිසිසේත්ම සුදානම් නැත. ආන්ඩුව රුපියල් 10,000 ක මාසික දීමනාවක් රජයේ සේවකයන් ට ලබා දුන්නේ ඡන්දය ගසා කෑමේ තුරුම්පුවක් ලෙසය.
සැප්තැම්බර් මාසයේ මුලික වැටුපට එය එකතු කරන බවට මහ මැතිවරනයේ දී ආන්ඩුව දුන් පොරොන්දුව නොවැම්බර් මාසයේ අයවැය දක්වා කල් තබා ඇත. ආන්ඩුව ඉල්ලූ ඩොලර් බිලියන 4 ක නය මුදල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප්‍රතික්ෂේප කිරීමේදී එම වැටුප් දීමනාව ප්‍රධාන හේතුවක් විය.
පුද්ගලික අංශයේ වැටුප් සම්බන්ධයෙන් ජවිපෙ ගෙනඑන යෝජනාවන් එලෙසම වංචනිකය. වතු සමාගම් සහ සෙසු පුද්ගලික කර්මාන්තකරුවන් දැනටමත් ආන්ඩුව විසින් යෝජිත වැටුප් ඉල්ලීම් එකහෙලා ප්‍රතික්ෂේප කර ඇත.
ජවිපෙ මෙය නොදන්නවා නොවේ. එහි ව්‍යායාමය වැඩකරන ජනතාව දේශපාලනිකව නොමග යවා ධනපති ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට හා එක්සත් ජනපද යුද සැලසුම් වලට ඔවුන් යටත් කිරීම ය.
2008 න් ඇරැඹුනු ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය දැන් ධනේශ්වර පද්ධතියේ ගෝලීය බිඳ වැටීමක් දක්වා වර්ධනය වෙමින් පවත්නා තතු තුල කවර හෝ රටක මහජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය හා සමාජ අයිතීන් ප්රතිසංස්කරන ඉල්ලීම මගින් තහවුරු කල නොහැකි ය. ඊට විපරීතව, ගැඹුරු වී ඇති අර්බුදය මධ්‍යයේ අන්තර් අධිරාජ්‍යවාදී ප්රතිමල්ලවතා උග්‍ර කෙරී තෙවන ලෝක යුද්ධයක් දෙසට වන ධාවනය වේගවත් කෙරී ඇත. රටක් රටක් පාසා පාලක පන්තීහු මහජනතාව මෙතෙක් භුක්ති විඳි යම් අයිතියක් වෙතොත් ඒ සියල්ලම අහෝසි කිරීමේ සමාජ ප්රතිවිප්ලවයේ න්‍යාය පත්‍රය කි‍්‍රයාවට නංවමින් සිටිති. ශී‍්‍ර ලංකාව මෙහි ව්‍යාතිරේඛයක් නොවේ.




