විශාරද ගුණදාස කපුගේ..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    විශාරද ගුණදාස කපුගේ..

    සුපිරි තරුවක් නොවුනට, අලුත්ම අලුත් වාහනේකින් බැස්සෙ නැති උනාට, මේ මිනිස්සු මනුස්සකම අතින් හරිම පෝසත්..

    අලුතෙහ් භිහිවෙන සුපිරි තරු එක්ක චුට්ටක් සන්සන්දනය කරල බලන්න මේ මිනිස්සු එක්ක යන්තම
    හරි සම කරන්න පුලුවන්ද කියලා... තරුවකට වැඩි එළියක් දීපු මේ වගේ මිනිස්සු ගැන මතකය අමතක වෙන්න නොදී ටිකක් දිග කතාවක් උනත් වෙලා තියෙනවනම් ඉවර වෙනකන් කියවල බලන්න..


    rth.jpg




    මම උසස් පෙළ පංතියේ ඉගෙන ගන්න කාලේ ගුවන් විදුලියේ ‘‘යෞවන සමාජය’’ කියලා වැඩසටහනක් තිබුණා. ඒකට මම ලියනවා ඒ දවස්වල. ඒක එතකොට නිෂ්පාදනය කළේ ලූෂන් බුලත්සිංහල. මම ඒකට යවපු ගීතයක් කපුගේ ගායනා කළා සජීවීව සර්පිනාවත් වාදනය කරමින්. මම මේ කියන්නේ 1975 අවුරුද්දේ. ඒක තමයි මම මගේ ජීවිතේ ලියපු පළමුවෙනි ගීතය. එතකොට මම කපුගේවත් ලූෂන්වත් අඳුරන්නේ නෑ. ඒ කාලේ ඉරිදා ? ලූෂන්ම ඉදිරිපත් කරපු තවත් වැඩසටහනක් තිබුණා ‘‘සඳැල්ල’’ කියලා. ඒකෙත් දවසක් කපුගේ මම ලියපු කවියක් කියෙව්වා. ඔය සිද්ධි දෙක තමයි කපුගේගෙයි මගෙයි සම්බන්ධයේ මුල.

    ඔහොම කාලය ගෙවිලා ගිහින් මම දුෂ්කර පළාතකට ගුරු සේවයට යනවා. ඒ යන්නේ මොනරාගලට. කපුගේත් රජරට සේවයට මාරුවෙලා යනවා. ඔය අතරේ රජරට සේවයට සම්බන්ධවෙලා ඉඳපු අය එකතුවෙලා ‘‘කාලයේ රාවය’’ කියලා ප‍්‍රසංගයක් කරන්න සූදානම් වුණා. ඒ 1981 අවුරුද්දේ. ඒකට මුල්වුණේ කපුගේ, නන්දන මාරසිංහ, සුනිල් විජේසිරිවර්ධන, වින්සන්ට් කුරුඹාපිටිය විජයානන්ද ජයවීර වගේ අය. මාත් ඒකට ගීත කීපයක් යැව්වා. ඒකට ගීත එවන්න කියලා ඉල්ලලා තිබුණා. ඒකෙ ගීත තෝරාගන්න විශේෂ වැඩමුළුවක් තිබිලා මමත් ඒකට සහභාගි වුණා. අනුරාධපුර ලංකා බැංකු ශ‍්‍රවණාගාරයේ තමයි වැඩමුළුව තිබුණේ. නම් නැතුව ගීත ටික විතරක් තෝරන්න සූදානම් කරලා තිබුණේ. බිම පැදුරු දාලා ගීත ගොඩගහලා තිබුණෙ. ඒකට ගීත ගැන කතා කරන්න මහාචාර්ය සුචරිත ගම්ලත් එක්ක තිලක් ජයරත්නත් ඇවිත් හිටියා. මෙතනදි තමයි මට පළමුවෙනි වතාවට කපුගේ මුණගැහෙන්නේ. ‘‘කාලයේ රාවය’’ ප‍්‍රසංගය එකක් දෙකක් කරලා නැවතුණා. ඒක දිගට ගියේ නෑ. මම ලියපු සිංදු කීපයකුත් ඒකට තේරුණා. ‘‘නින්ද නැති රැුයේ’’, ‘‘මගෙ බිසවුණේ අසාපන්’’ ‘‘වීදියේ බුදුහිමි’’ කියන ගීත තමයි ඒකට තේරුණේ. පස්සේ කපුගේ කරපු ‘‘මාවතේ ගීතය’’ කැසට් එකටත් ඔය සිංදු ටික ඇතුළත් වුණා. ඒ කැසට් එක නිෂ්පාදනය කළේ සිංග්ලංකා ආයතනය. එතකොට සිංග් ලංකා එක තිබුණෙ නුගේගොඩ පාගොඩ පාරේ. කැසට් එකේ සල්ලි ගන්න කපුගේයි මමයි ගියා සිංග් ලංකා එකට. මට සිංදු තුනට හම්බවුණේ රුපියල් හත්සිය පනහයි. කපුගේට කැසට් එකටම රුපියල් තිස්දාහක් විතර හම්බවුණා. ඒකත් අරගෙන කපුගේ මාවත් අඬගහගෙන ඉස්සෙල්ලාම ගියේ රාජගිරියේ කපුගේ දන්න කෙනෙකුගෙ ගෙදර. එයා 80 වැඩ වර්ජනේට අහුවෙලා රස්සාව නැති වෙච්ච කපුගේගෙ මිත‍්‍රයෙක්. එයාගෙ නම් දැන් මට මතකෙට එන්නේ නෑ. එයාගෙ ගේ කැඩිලා බිත්තිත් ගරා වැටිලා ඉටි රෙදි වහලෙට දාලා තිබුණෙ. ළමයි දෙන්නෙකුත් ඉන්නවා. අර කැසට් එකට හම්බවෙච්ච රුපියල් තිස්දාහෙන් රුපියල් විසිදාහක් අර මිත‍්‍රයට දුන්නා ගේ හදාගනින් කියලා. ඒ කාලේ රුපියල් විසිදාහක් කියන්නේ ලොකු ගාණක්. මගේ පඩියත් එතකොට රුපියල් තුන්සිය පනහක් විතර ඇති. ඊට පස්සෙ අපි නුගේගොඩට ඇවිත් රෙස්ටුරන්ට් එකක පොඩි බිලකුත් ගෙවලා තමයි ගියේ. කපුගේ ඒ වගේ යාළුවන්ට උදවු කරපු මනුස්සයෙක්.
    කපුගේයි මමයි සහභාගී වෙච්ච පළමුවෙනි රූපවාහිනී සාකච්ඡුාව ‘‘රසකළස’’ කියලා සුනිල් ආරියරත්න තමයි කළේ. ඊට පස්සෙ දිගටම අපි ගොඩක් වැඩ කළා. රටේ නොයෙක් තැන්වලට ගියා. හරිම අපූරු අමතක නොවන ගනුදෙනුවක් තමයි අපි දෙන්නට තිබුණේ.

    1994 මම කොළඹ රස්සාවකට ආවම ඉස්සෙල්ලාම නවතින්නේ කපුගේලගෙ ගෙදර. එතකොට කපුගේ හිටියෙ උඩහමුල්ලෙ සමගි මාවතේ. අපි අන්තිමට කළේ ‘‘ඉරබටු තරුව’’ ගීත එකතුව. ඒකෙ ඔක්කොම ගීත ලිව්වෙ මම. ඒ එක්කම ඒ නමින්ම මගේ ගීත පොතත් පළ කළා. මේ කාලේ වෙනකොට මම නැවතිලා හිටියේ නාවින්නේ ආයුර්වේදෙ ගෙදරක උඩ තට්ටුවෙ. ‘‘ඉරබටු තරුව’’ කැසට් එකේ සිංදු හදන්න අපි නිතරම එතන තමයි එකතු වෙන්නේ. සමහරදාට දිවුල්ගනේලගෙ ගෙදර හමුවෙනවා. එතකොට දිවුල්ගනේ හිටියෙ පන්නිපිටියෙ පැලැන්වත්ත පාරේ ගෙදර.

    කපුගේ අපේ පවුලෙ හිතවතෙක් විදියට තමයි සමීපතාව තිබුණේ. අපි කපුගේලගෙ ගෙදර යනවා. කපුගේ අපේ ගෙදර එනවා. කපුගේ අපිට වඩා උසයිනේ. ඒක නිසා ගාල්ලෙ කොටුවෙ අපේ ගෙදර කපුගේ ආවම නිදාගන්න වෙනම ඇඳක් මම ගෙනත් තියලා තිබුණා. අපි නිදාගන්න සයිස් එකේ ඇඳක කපුගේට නිදාගන්න බෑ දිග මදිනේ.

    කපුගේ යාළුවන්ට උදවු කිරීම ගැන තවත් සිද්ධියක් මට මතක් වෙනවා. කපුගේ සන්ෆලවර් එක්ක සිංදු කියලා ටිකක් වැඩිපුර සල්ලි හම්බවුණු වෙලාවෙ ඒකෙනුත් ලොකු ගාණක් ගිහින් තියෙන්නේ සුගතපාල ද සිල්වගේ ව්‍යායාම් උපකරණයක් ගන්න. කපුගේ මට ඔය කතාව කිව්වෙත් නෑ. සුගත් අයියාමයි මට ඒක කිව්වෙ. තව සුගත් අයියගෙ උසට කණ්ණාඩියකුත් අරගෙන දීලා තියෙනවා කපුගේ. ඔය වගේ සිදුවීම් හරියට තියෙනවා. අපි දන්න එකක් දෙකක් විතරයි ඔය. නොදන්න ඒවා ඕන තරම් ඇති. තව සිද්ධියක් මට අපේ මිත‍්‍රයෙක් කිව්වා. අපි ඔය කළු රංජිත් කියලා කියන මිත‍්‍රයා තමයි මේ කතාව කිව්වෙ. පපුවෙ සිදුරක් තියෙන ළමයෙකුගේ ඔපරේෂන් එකකට සල්ලි එකතු කරපු වෙලාවක කපුගේලගෙ ගෙදරටත් ඒ කට්ටිය ගියාම කපුගේ ළඟ සල්ලි තිබිලා නැතුව කොහේ හරි තියලා තිබුණු කැටයක් කඩලා රුපියල් තුන්දාහක් විතර එකතු කරලා දීලා තියෙනවා. ඒ වගේ පුදුම චරිතයක් තමයි කපුගේ.

    අපි එක එක වැඩවලට රටේ හැම තැනම වගේ ගියා. ඒ ගියපු ගමන්වලදී වෙච්ච දේවල් නම් ඕන තරම් තියෙනවා. සමහර ඒවා හිනා යන දේවල්. එක සැරයක් ගාල්ලෙ වංචාවල පැත්තේ කට්ටියක් එකතුවෙලා සංවිධානය කළා මගේ සිංදු ගැන කතා කරන්න වැඩසටහනක් ඒක තිබුණෙ ගාල්ලෙ නගර ශාලාවෙ. ප‍්‍රධාන දේශනය කළේ සුනිල් ආරියරත්න. කපුගේට සිංදු කියන්නයි තිබුණේ. කපුගේ එදා සිංදු කියනවට වඩා කළේ කතා කරන එක. කපුගේගෙ කතාව වැඩිවෙන්න හේතුව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සුනිල් ආරියරත්නගෙ කතාව ආවම සුනිල් කිව්වෙ අද මට කරන්න තිබුණු කතාව කපුගේ කරපු නිසා මම සිංදු කියන්නම් කියලා.

    තවසැරයක් ඕපාත පැත්තෙ ඉස්කෝලෙක ප‍්‍රසංගයක් තිබිලා අපි ගියා. ඒක සාම්ප‍්‍රදායික සංගීත ප‍්‍රසංගයක්ම නෙවෙයි. මම සිංදු ගැන කතා කරනවා. කපුගේ සිංදු කියනවා. ඔහොම තමයි වැඬේ ගියේ. ෂෝ දෙකක් තිබුණා. පළමුවෙනි ෂෝ එකේදී කපුගේ ගොඩක්ම සිංදු කියන්න පුළුවන් සීමාවෙ හිටියෙ නෑ. ඒක නිසා මම වැඩිපුර කතා කළා. පළමුවෙනි ෂෝ එක ඉවරවෙලා දවල්ට කන්න කලින් ඒ කිට්ටුව තිබුණු ඇළකට ගියා නාන්න. ඒක සිංහරාජ ඉඳලා එන ලොකු ඇළක්. කපුගේ තුවායකුත් ඇඳගෙන නාන්න බැස්සා. වටේම කට්ටිය කපුගේ බලන්න ඇළ ගාවට ආවා. කපුගේ සන්තෝසෙටත් එක්ක වැඩිපුර පානය කළා. මේක නවත්තගන්න ඕන නිසා කපුගේ දාගන්න දාගන්න කෝප්පෙ මම බිව්වා.

    කොහොම හරි අපි කට්ටිය නාලා ඇවිත් දවල්ට කාලා එහෙම ඊළඟ ෂෝ එක කරන්න ගියා. ෂෝ එක පටන් අරන් යද්දි මට තේරුණා උදේ ෂෝ එකේදි කපුගේට වෙච්ච දේ හවස මට වෙලා කියලා. බලනකොට කපුගේ බේරගන්න කියලා කපුගේ වක්කරපු ඒවා බීපු මම සීමාව ඉක්මවලා ගිහින්. කපුගේට ප‍්‍රශ්නයක් නෑ කපුගේ උදේට වඩා හොඳට සිංදු කියනවා. කතා කරන්න ගියාම මටම තේරුණා මම කියන්නේ එතෙන්ට ගැළපෙන ඒවා නෙවෙයි කියලා. ඒත් අවුලක් නැතුව ෂෝ එක කළා. ඔය වගේ කතන්දර තොගයක් තියෙනවා.

    එක සැරයක් අපි ගියා අපේ හිතවතෙක් වන තිඹිරියාගම බණ්ඩාරලගෙ ගමේ ඉස්කෝලෙක තිබුණු උත්සවේකට. කපුගේයි මමයි සුනිල් මාධවයි තුන්දෙනා තමයි ගියේ. අපි ? නැවතුණේ තිඹිරිලගෙ මහ ගෙදර. ඒ දවස්වල කපුගේ වෛද්‍ය උපදෙස් මත මද්‍යසාර නවත්තලා තිබුණේ. ඒ වෙනුවට බෝතලේක මෝල්ටඞ් මිල්ක් එකක් අරගෙන ගියා. එදා සිද්ධවුණු ලස්සනම වැඬේ තමයි අපිට කපුගේට වගේ වෛද්‍ය උපදෙස් හම්බවෙලා තිබුණෙ නැති නිසා අපි කපුගේට සිංදු කියන්න නොදී අපි කපුගේට වඩා සිංදු කියපු එක. එදා ගායකයො වුණේ සුනිලූයි මමයි.

    මම කපුගේට සිංදු හතළිස් දෙකක් ලියලා තියෙනවා. මං හිතන්නේ මං තමයි කපුගේට වැඩිම සිංදු ප‍්‍රමාණයක් ලියලා තියෙන්නේ. කපුගේ මහ ගොඩක් සිංදු කියලත් නෑනේ. මගේ තැටිගත වෙච්ච පළමුවෙනි ගීතය ‘‘නෙතුපියන් පියා’’ කියලා බණ්ඩාර අතාවුද ගායනා කරපු සිංදුව කපුගේ නිෂ්පාදනය කරපු නව පද මාලා වැඩසටහනට යවපු එකක්. ඒකත් විශේෂයක්.

    කපුගේ ‘කම්පන’ ප‍්‍රසංගය කරන කොටත් ඒකෙ ගොඩක් සිංදු ලිව්වෙ මම. ‘‘බිම්බරක් සෙනඟ’’ වගේ සිංදු සමාජගත වෙන්නෙම කම්පන ප‍්‍රසංගය හරහානේ. භීෂණ කාලේ රඹුකන හාමුදුරුවො තමයි ගංගාරාමෙ පංසලේ නවත්තගෙන කපුගේගෙ කම්පන ප‍්‍රසංගය කරන්න ගොඩක් උදවු කළේ. පළමුවෙනි කම්පන ප‍්‍රසංගය කරලා ඉවරවුණාට පස්සෙ සිද්ධාර්ථ හාමුදුරුවොයි කපුගෙයි කට්ටියම කතරගම ගියා. ඒ යන අතරෙ ගාලූ කොටුවෙ අපේ ගෙදරටත් ආවා. ඒ එනකොට කපුගේ ටේබල් ෆෑන් එකක් ගෙනත් දුන්නා. මොකද අපේ ගෙදර ඇතුළෙ ටිකක් රස්නෙයි. කුස්සියෙ උයනකොට ගේ ඇතුළෙ දුම් පිරෙනවා. ඕක මතක තිබිලා තමයි කපුගේ ෆෑන් එකක් ගෙනාවෙ.

    යාළුවෙක් විදියට කපුගේ හරිම පුදුම ගතිගුණ තිබුණු කෙනෙක්. කපුගේ කොච්චර බිව්වත් අපි බොනවට කැමති නෑ. හැම තිස්සෙම කියන්නේ ‘‘බොන්න එපා රත්නෙ වැඩිය’’ කියලම තමයි එයා බිව්වට අපි බොනවට කැමැත්තක් තිබුණෙ නෑ.

    යාළුවන්ගෙ දුක සැප නිතරම හොයපු කෙනෙක් කපුගේ. මොකක් හරි ප‍්‍රශ්නයක් ඇතිවුණාම සල්ලි එහෙම තියෙනවද කියලා අහලා අතේ තියෙන තරමක් දෙනවා. කපුගේ හැම කෙනාටම ඔය වගේ උදවු කරලා තියෙනවා. පුදුම මනුස්සකම් තිබිච්ච මිනිහෙක්.

    හැමදේටම වඩා කපුගේ හොඳට කියවපු කෙනෙක්. බොරුවට පොතපත අතගාපු මිනිහෙක් නෙවෙයි කපුගේ. එයා ළඟ හොඳ පොත් එකතුවකුත් තිබුණා. සෝවියට් සාහිත්‍යයට එහෙම මුළු හිතින්ම ආදරය කළා. ඒ පොත්වල තිබුණු දේවල් ප‍්‍රායෝගිකව ජීවිතේට අල්ල ගත්තා. අපිට එකතුවෙලා නිර්මාණය කරන්න ඒ බැඳීමත් හේතුවුණා. මමත් සෝවියට් සාහිත්‍යයට ඇලූම් කරපු කෙනෙක්. තමන්ගෙ ගීතවලත් සාහිත්‍ය පැත්ත ගැන කපුගේ අවධානය යොමුකළා. අපි ඉරබටු තරුව කැසට් එකේ සිංදු හදද්දි මේ වගේ සංවාද ගොඩක් කළා. අපි සාකච්ඡුා කරලා තමයි ඒ සිංදු හැදුවෙ.

    ‘‘පුරහඳට පේන්නට පංසලේ’’ කියන සිංදුවෙ සංගීතය හදද්දි අපි ඒකට පාවිච්චි කරන සංගීත භාණ්ඩ මොනවද කියලා කතාබහ කරලා තමයි යොදා ගත්තේ. මගේ සිංදුවල තියෙන ජනශ‍්‍රැති ආශ‍්‍රිත සිදුවීම් මම කපුගේට පැහැදිලි කරලා දෙනවා. ‘‘බෝදිලිමා අඬන්නේ’’ සිංදුව එහෙම අපි කතා කරපු සිංදුවක්. ඊට පස්සේ කපුගේ ඒකට ගැළපෙන විදියට තමයි සංගීතය එකතු කරන්නේ. ‘‘බිම්බරක් සෙනඟ’’ සිංදුවෙ සංගීතය නිර්මාණය කරලත් කපුගේ මට කතා කරලා ඇහුවා ඒ ගැන. මමත් යම් යම් යෝජනා කළා. පහත රට යක් බෙරය පාවිච්චි කළොත් හොඳයි කියලා මම කිව්වෙ.

    කපුගේ සමාජවාදී අදහස් දරපු කෙනෙක්. කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංගමයටත් සම්බන්ධවෙලා හිටියා. මට මතක විදියට ජේ.වී.පී. දේශපාලනයටත් සමීපව කටයුතු කළා. ඔවුන්ගේ වේදිකාවලත් නැග්ගා. කපුගේට තමන්ගෙම දැක්මක් තිබුණා. එයාගෙ නිර්මාණවලිනුත් එළියට ආවෙ එයාගෙ හිතේ තිබුණු මානව පේ‍්‍රමය තමයි. ඒක බොරුවට කරපු මවාපෑමක් වුණේ නැති නිසා තමයි අදත් කපුගේ ගැන මිනිස්සු කතා කරන්නේ.

    අපි දෙන්න කරපු සිංදුවලින් අපි දෙන්නම වැඩිපුර විශේෂත්වයක් දක්වපු සිංදු විදියට ‘‘බිම්බරක් සෙනඟ’’ ‘‘නින්ද නැති රැුයේ’’ ‘‘මගෙ බිසවුණේ අසාපන්’’ වගේ සිංදු කැපී පේනවා. අනෙක් සිංදුත් ඒවගේම තමයි අන්තිමට අපි කරපු ‘‘සිංහල සිංදු කියන’’ ඒකෙ අදහස කපුගේ මට දීපු එකක්. අනූගණන්වල මුල හරියේ තමයි කපුගේ මේ ඔත්තුව මට දෙන්නේ. ‘සිව්දෙස’ කියලා සඟරාවක් දයාසේන ගුණසිංහ මහත්තයා කළා. කපුගේ මට කිව්වා ‘සිව්දෙස’ සඟරාවෙ තියෙනවා නඬේසන්ලගෙ විනිතලගෙ කතාව. ඒ එක්කම කිව්වා ඒක කියවලා සිංදුවකුත් ලියලා ඕන කියලා. ඒ කතා කියවලා තමයි ‘සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී....’ කියන සිංදුව මගේ අතින් ලියවුණේ. කපුගේ ඒ ලිපිය ගැන ඔත්තුව නොදෙන්න ඒ සිංදුව ලියවෙන එකක් නෑ.

    ඒ වගේම තමයි මම වෙන ගායක ගායිකාවන්ට ලියපු ගීත රාශියක් කපුගේ සංගීතවත් කළා. දිවුල්ගනේට ලියපු සිංදු කීපයක්ම කපුගේ හැදුවෙ. දවසක් ගුවන් විදුලියේ සිංදුවක් පටිගත කරලා යන අතරේ කොරිඩෝවෙදි මට කුළෑටි කොල්ලෙක් ඇවිත් එයා සිංදු කියනවා කියලා මගෙන් සිංදුවක් ඉල්ලූවා. මම කිව්වා දැන්නම් ළඟ නෑ කියලා. එයා කිව්වා කපුගේ අඳුරනවා කියලත්. මම කිව්වා එහෙනම් මම ලියපු සිංදුවක් කපුගේ ළඟ තියෙනවා ඉල්ලලා බලන්න කියලා. ඒක එයා ඉල්ලගෙන කිව්වා. ඒ තමයි ‘‘කිරුළ මුතුලිහී’’ කියන සිංදුව. ගායකයා තමයි ජානක වික‍්‍රමසිංහ. ඊට පස්සෙ මම ලියපු ‘‘සඳ කිඳුරා මිය ගියා’’ සිංදුවත් ජානකට මියුසික් කරලා දුන්නෙ කපුගේ.

    කපුගේ මට වඩා අවුරුදු අටයි වැඩිමල්. මම ළඟින්ම ඉඳපු නිසා මම දැකලා තියෙනවා කපුගේට මිනිස්සුන්ගෙ තිබුණු ආදරය. ජෝතිපාලට තිබුණා වගේ එකක් තමයි ඒකත්. ජෝතිටත් වඩා ටිකක් සාහිත්‍ය කලාව පිළිබඳ උනන්දුවුණු විශාල පිරිසක් කපුගේ වටේ හිටියා. තාමත් කපුගේ ගැන මොකක් හරි තිබුණාම මිනිස්සු හොයාගෙන එන්නේ ඒකයි. තාම මිනිස්සු කපුගේ හොයනවා. අපිත් පිටරට එහෙම ගියාම මිනිස්සු කපුගේ ගැන අහනවා. ඒ කාලේ තොරතුරු දැනගන්නත් ඒ අය කැමතියි. ඒකෙන් පේනවා කපුගේ කොච්චර දුරට මිනිස්සු එක්ක හිටියද කියලා.

    කපුගේ මට අන්තිමට හම්බවෙන්නේ 2003 මාර්තු 12 වෙනිදා මාතර මඟුල් ගෙදරක යන්න ආපු ගමනෙදි. මම එතකොට කොළඹ වැඩ කරනවා. එදා සිකුරාදා දවසක්. මම සතියේ දවස් පහ වැඩ කරලා සිකුරාදා ගාල්ලෙ ගෙදර යනවා. එදත් මම යනකොට කපුගේ අපේ ගෙදර ඇවිල්ලා හිටියා. මම යනකොට කපුගේ නිදි. හේමමාලිට කියලා කෑමත් හදාගෙන කාලා කපුගේ නිදාගෙන හිටියේ. කැකුළු බතුයි හාල්මැස්සොයි පරිප්පු පොල් සම්බලූයි තමයි අපේ ගෙදර ආවම හදවා ගන්නේ. මග එනකොටම හේමමාලිට කෝල් කරලා කියනවා උයන්න කියලා. කපුගේ ඇවිත් හිටියේ මාතර මඟුල් ගෙදරක යන්න. මානවසිංහ මහත්තයගෙ ළඟම ඥාතියෙකුගෙ මඟුල් ගෙයක් ඒක. කපුගේ මානවසිංහ පවුල එක්ක ගොඩක් සමීපයිනේ. කපුගේගෙ විවාහය සිද්ධවුණෙත් මානවසිංහ මහත්තයලගෙ බොරලැස්ගමුව ගෙදරදිනේ. උදේ අවදිවෙලා කපුගෙයි මමයි දෙන්නම ඒ මඟුල් ගෙදර ගියා. මටත් කියලා තිබුණෙ මඟුල. අපි දෙන්න එකට යමු කියලා කතාවෙලා හිටියෙ. කපුගේ මඟුල් ගෙදර සිංදු එහෙමත් කියලා කලින් ගියා. මම පහුවෙනිදා තමයි ගාල්ලෙ ආවෙ. ඒ මාසෙම 26 වෙනිදා මට මතකයි මම ගෙදර එන අතර මඟ කළුතර හරියෙදි කපුගේ මට කෝල් කළා. එදත් සිකුරාදා දවසක්. කපුගේ කතා කරලා කිව්වා ‘‘රත්නේ මම අද ?ට මැදපෙරදිග ෂෝ එකකට යනවා’’ කියලා. එනකොට මොනවද අරගෙන එන්න ඕන කියලත් ඇහුවා. ඒක තමයි මට කපුගේ කතා කරපු අන්තිම දවස. ඊට පස්සෙ අපේ‍්‍රල් තුන්වෙනිදා අපි මාතලේ සාහිත්‍ය උත්සවේකට ගිහින් ඉන්න අතරෙ තමයි අපිට කපුගේ නැතිවෙච්ච ආරංචිය ආවෙ. මම ඒ උත්සවේ කතා කරනකොටම තමයි කෙනෙක් ඇවිල්ලා මට කිව්වෙ මේ ආරංචිය අපි ඒ වැඩෙත් ඉක්මනට ඉවර කරලා කොළඹ ආවා. අපි කෙළින්ම ආවෙ තලපත්පිටියෙ කපුගේ හදපු අලූත් ගෙදරට. සාලෙ මැද්දෙ මගෙ ප‍්‍රාණ සම මිත‍්‍රයා හිටියා. ඒක බලන්න අමාරු දර්ශනයක්. ඒක මම දකින්න හිටපු දෙයක් නෙවෙයි. මට තාම දවසකට එක සැරයක් හරි කපුගේ මතක් වෙනවා.


    සම්පුර්ණයෙන්ම ලංකාදීපෙ තිබුණ ලිපියකිනුයි උපුට ගත්තේ.. ඒ නිසා මට රෙප් නොදුන්නට කමක් නෑ... සම්පූර්ණ ස්තූතිය හිමි විය යුත්තේ මේක පළ කරපු අයටයි.. අද කාලෙ ගීතයක මුල් ගායකවවත් හරි හැටි නොහඳුනන සමහර තරු අතරේ මේ මිනිස්සු රත්තරං...


    සමහර විට රී පොස්ට් ද දන්නෙත් නෑ..


     
    Last edited:

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සුපිරි තරුවක් නොවුනට, අලුත්ම අලුත් වාහනේකින් බැස්සෙ නැති උනාට, මේ මිනිස්සු මනුස්සකම අතින් හරිම පෝසත්..

    :yes::yes::yes:
     

    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    ගංජා ගහු එක තමා අවුල

    මොකක්ද යකෝ එකේ තියෙන අවුල?? ගංජා පොඩ්ඩක් ගහල බලපන් උබට තේරෙයි, ගංජා ගහන ඔක්කොම මිනිස්සු පහත් කරන්න එපා..
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    රත්න ශ්‍රී, කපුගේ කියන්නේ ලංකාවේ හිටපු මාරම සුසංයෝගයක්.
    ප්‍රේමකීර්ති, වික්ටර් වගේ.
    මම රත්න ශ්‍රී සර්ගේ දේශන දෙක තුනක් අහලා තියෙනවා.
    කපුගේ සමග වූනු සිද්දි, ගීත විචාර..... ඒවානම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.
    කපුගේ මාස්ටර්ගේ වැඩක් නැහැ කියන්න කිසිම සින්දුවක් නැහැ.
    හැම සින්දුවකම පුදුම තෙර්මු තියෙන්නේ, ඒ වගේමයි සංගීත රසය.
    මේ දෙන්න සෑහෙන්න ලොකු සේවයක් කළා ලංකාවේ සංගීතයට.

    අහ්, තව එකක්. පහුගිය කාලේ රත්නශ්‍රී මහත්තයාගේ නෝනා නැති උනා...
    තමන් ගොඩාක් ආදරෙන් හිටපු බිරිඳගේ වියෝව ගැන මෙතුමා කලේ කවි පොතක් ලියපු එක.
    මට පොතේ නම නම් මතක නැහැ.
    (දැන් ඉන්න උන් වගේ දුක විකුණන් කන්න නෙමේ, මේ කාලේ කව්ද කවි පොත් ගන්නේ.)

    කලාකාරයෙක් කියලා කට ඇරලා කියන්න පුළුවන් මේ වගේ අයගෙන් පස්සේ ලංකාවට බුදුසරණයි තමයි.
    මේ කාලෙට හොඳටම ගැලපෙන කපුගේ මහත්තයාගේ සින්දුවකින්ම ඉවර කරන්නම්.


     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රත්න ශ්‍රී, කපුගේ කියන්නේ ලංකාවේ හිටපු මාරම සුසංයෝගයක්.
    ප්‍රේමකීර්ති, වික්ටර් වගේ.
    මම රත්න ශ්‍රී සර්ගේ දේශන දෙක තුනක් අහලා තියෙනවා.
    කපුගේ සමග උණු සිද්දි, ගීත විචාර.....


    මගේ ගාවත් ගුණදාස කපුගේ මහත්තයගේ සින්දු සෙට් එකක්ම තියෙනවා... කොච්චර ඉඩ මදි උනත් ඒවනම් මකන්න හිතෙන්නේ නෑ... ඒ වගේම හැම සින්දුවකටම මොකක් හරි ලොකු තේරුමක් තියෙනවා... අද කාලේ වගේ හොටු පෙරාගෙන නාහෙන් අඬ අඬ අයියෝ එයා ගියා කියනවට වැඩිය ලස්සන වචන හැම සින්දුවකම තියෙනවා...

    අනික මේ ගායකයෝ වගේම සංගීත රචකයෝත් සල්ලි පස්සෙම දුවපු මිනිස්සු නෙමෙයි... බොහොම සරල මිනිස්සු..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගංජා ගහු එක තමා අවුල




    නම දාල රෙප් කපන්න අමතක උනා..


    හිතක් පපුවක් නැති කතා කියන්න එපා බං කියල රෙප් කැපුවේ මං
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්න ශ්‍රී, කපුගේ කියන්නේ ලංකාවේ හිටපු මාරම සුසංයෝගයක්.
    ප්‍රේමකීර්ති, වික්ටර් වගේ.
    මම රත්න ශ්‍රී සර්ගේ දේශන දෙක තුනක් අහලා තියෙනවා.
    කපුගේ සමග උණු සිද්දි, ගීත විචාර..... ඒවානම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.
    කපුගේ මාස්ටර්ගේ වැඩක් නැහැ කියන්න කිසිම සින්දුවක් නැහැ.
    හැම සින්දුවකම පුදුම තෙර්මු තියෙන්නේ, ඒ වගේමයි සංගීත රසය.
    මේ දෙන්න සෑහෙන්න ලොකු සේවයක් කළා ලංකාවේ සංගීතයට.

    අහ්, තව එකක්. පහුගිය කාලේ රත්නශ්‍රී මහත්තයාගේ නෝනා නැති උනා...
    තමන් ගොඩාක් ආදරෙන් හිටපු බිරිඳගේ වියෝව ගැන මෙතුමා කලේ කවි පොතක් ලියපු එක.
    මට පොතේ නම නම් මතක නැහැ.
    (දැන් ඉන්න උන් වගේ දුක විකුණන් කන්න නෙමේ, මේ කාලේ කව්ද කවි පොත් ගන්නේ.)

    කලාකාරයෙක් කියලා කට ඇරලා කියන්න පුළුවන් මේ වගේ අයගෙන් පස්සේ ලංකාවට බුදුසරණයි තමයි.
    මේ කාලෙට හොඳටම ගැලපෙන කපුගේ මහත්තයාගේ සින්දුවකින්ම ඉවර කරන්නම්.







    11.gif
    11.gif
    +++
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කපුගෙ වාගෙ තවත් ගොඩක් කලාත්මක අදහස් තියන කලාකරුවො ඉන්නවා අතහිත තමයි නැත්තෙ :(
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,655
    7,861
    113
    මෙන්න මෙතන...
    සුපිරි තරුවක් නොවුනට, අලුත්ම අලුත් වාහනේකින් බැස්සෙ නැති උනාට, මේ මිනිස්සු මනුස්සකම අතින් හරිම පෝසත්..:yes::yes::yes::yes::yes: